Showing posts with label crime. G2. Show all posts
Showing posts with label crime. G2. Show all posts

Wednesday, September 11, 2019

මත්පැන් බී පාසල් සිසුන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට



මත්පැන් පානය කර පාසල් සිසුවියන් ප්‍රවාහනය කිරීම සඳහා නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය ඉදරිපිට සූදානමින් සිටි රියඳුරන් දෙදෙනෙකු ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි.   එක් වෑන් රථයක එම අවස්ථාවේ සිසුවියන් දොළොස් දෙනෙකු පමණ සිටි බවත්, අනෙක් වෑන් රථයේ බාලිකා විද්‍යාලයක සිසුවියන් දස දෙනෙකු පමණ සිටි බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා වයස අවුරුදු 57 හා 44 පසුවන පුද්ගලයන් බව පොලීසිය පැවසීය.
 පාසල් වෑන් රථ රියදුරන් මත් පැන් පානය කර සිටින බවට කොහුවල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ.ටී. මධුසංක මහතාට ලද රහසිගත තොරතුරක් අනුව මෙම සෝදිසි කිරීම සිදුකළ බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් එක් රියදුරෙකු නුගේගොඩ සිට පාදුක්ක කරා පාසල් තුනක දැරියන් පිළියන්දල ප්‍රදේශයට රැගෙන යෑම සඳහා යන අතර, අනෙක් රියදුරු පාසල් තුනක දැරියන් පිළියන්දල ප‍්‍රදේශයට රැගෙන යෑම සඳහා වගකීම් භාර ගත් අයෙකු බව පොලීසිය පවසයි.

 සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත කොහුවල පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විතාරණ ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

                                                                                                               -බිමල් ශ්‍යාමන්-