Showing posts with label Weatherg5. Show all posts
Showing posts with label Weatherg5. Show all posts

Wednesday, March 4, 2020

උෂ්ණාධික තත්ත්වය තවත් දින කිහිපයකින් ලංකාවටම දැනේවි



මේ වනවිට බටහිර ප්‍රදේශයන්ට බරව පවතින උෂ්ණාධික තත්ත්වය තවත් දින කිහිපයකින් සමස්ත ලංකාවටම දැනෙන්නට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය පැවසූවාය. 

ඒ මහත්මිය මේ බව පැවසූයේ යළි කාලගුණය හා අධික උෂ්ණත්වය ආශ්‍රිත ගැටලු වළක්වා ගැනීම පිළිබඳව ඊයේ (03දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එසේම ශ්‍රී ලංකාවට බලපා ඇති උෂ්ණාධික කාලය වැඩි වීම වසරින් වසර ඉහළ යන තත්ත්වයක් පවතින බවත්, පාසල්වල බිග් මැව් වැනි ක්‍රීඩා තරඟ තවදුරටත් මෙම කාලය තුළ පැවැත්වීම පිළිබඳ කතිකාවක් ඇතිවිය යුතු
බවත් ඇය මෙහිදී සඳහන් කළාය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය,

"කාලගුණ නිවේදනයක් නිකුත් කරද්දී අපි අවදානම් දිස්ත්‍රික්ක පිළිබඳව තබන සටහන දවසින් දවස වෙනස් වෙන්නට පුළුවන්. අපි දැන් ඊසාන දිග මෝසමේ අගයි ඉන්නේ. ඊසාන මෝසම රටෙන් ඉවත්වන විට උෂ්ණත්වය වැඩි වෙන තත්ත්වයක් තිබෙනවා. ඒ අනුව දැනට බටහිර පැත්තට බරව දැනෙත උෂ්ණත්වය තවත් දින කිහිපයකින් ලංකාව පුරාවටම දැන්නෙන්නට පටන්ගනීවි. 

ඒ වගේම කියන්න අවශ්‍යයි අපේ රටට මේ උෂ්ණ අධික කාලය වැඩිවෙන ස්වභාවය වසරින් වසර වැඩි වෙන පැත්තට තමයි බරව පවතින්නේ. අපි හැම වෙලාවෙම මේ තත්වය අනාගතයේ වැඩි වෙයි කියලයි කටයුතු කළ යුතු වන්නේ. ඒ නිසා අපි පාසල් ක්‍රියාකාරකම් දෙස බලන විට පාසල්වල බිග් මැච් පවත්වන්නේ මාර්තු මාසයේයි.

මේ කාලයේ සූර්යයා අපේ රටට මුදුන් වෙන්න ආසන්න කාලය වගේම අපේ රටට නිශ්චිත සුළං ප්‍රවාහයක් නොමැති කාලයයි. වැසි ඇතිවුණත් තාවකාලික සහනයක් ලැබෙන්නට පුළුවන් නමුත් වැසි නොමැති කාලයක එළිමහනේ කය වෙහෙසන මෙවැනි ක්‍රීඩාවන් පිළිබඳව යම් තීරණයක් ගත යුතුයි.” යැයි සඳහන් කළාය.

- නිදර්ශනී පතිරණ -