එහෙට මෙහෙට පැනීම වයඹින් ඇරඹේ
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අඩු පෙරළියත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ කුරුණියගල දිස්ත්රික් එජාප පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. නාවින්න මහතා පෙරේදා එ.ජා.ප ජනපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා හමුවී නැවත එජාපයට සහයෝගය පළ කිරීමට එක් විය.
මැතිවරණ සමය ප්රකාශයට පත්වීමත් සමඟ පුත්තලම දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයකු එක්සත් ජාතික පෙරමුණ හා එක්වීමටත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රාදේශීය දේශපාලකයකු පොදුජන පෙරමුණ පක්ෂය හා එක්වීමටත් තීරණය කර ඇත.
හිටපු නියෝජ්ය ඇමැතිවරයකුම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හලාවත ආසනයේ සංවිධායකරයා ලෙස කටයුතු කරන නියෝමාල් පෙරේරා මහතා එක්සත් ජාතික පෙරමුණ පක්ෂය හා එක්වීමට තීරණය කර ඇති ප්රබලයාය.
2000 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂශයෙන් පුත්තලම දිස්ත්රික්යට තරග කර ජයග්රහණය කළ නියෝමාල් පෙරේරා මහතා නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගොස් මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වීමත් සමඟ විදේශ කටයුතු නියෝජ්ය ඇමතිවරයා ලෙස පත් විය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු පෙරමුණ පක්ෂයෙන් තරග කළ නියෝමාල් පෙරේරා මහතා පරාජයට පත් විය. එතැන් සිට ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හලාවත ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටියේය,
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්රේමදාස මහතා ජයග්රහණය කරවීම සඳහා තමන් එක්සත් ජාතික පෙරමුණෂය හා එක්වන බව නියෝමාල් පෙරේරා මහතා පවසා ඇත. මේ සම්බන්ධයෙන් පාක්ෂිකයන් දැනුවත් කිරීම් රැස්විමක් අද (30) හලාවත පීහිටි ඒ මහතාගේ නිවසේදී පැවැත්වීමට නියමිතයි.මේ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් හලාවත නගර සභාවට තරග කර තේරී පත්වී සිටින නීතිඥ හිලරී ප්රසන්න මහතා පොදුජන පෙරමුණ පක්ෂය හා එක්වීමට තීරණය කර ඇත.
පොදු පෙරමුණ පක්ෂයෙන් හලාවත නගර සභාවට මුද්රීම් තරග කරගත් හිලරී මහතා එම සභාවේ සභාපති ධුරයද කළක් දරන ලදී. පසුගිය පාර්ලමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ තරග කර පරාජයට පත් වූ ඒ මහතා පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළේය. එම මැතිවරණයේදී තම කොට්ඨාසය ජයග්රහණය කිරීමට හිලරි ප්රසන්න මහතා සමත් විය.
කෙසේ වෙතත් ඉදිරී ජනාධීපතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්රහණය කිරීම් සඳහා කටයුතු කරන බව හෙතෙම තම හිතවතුන් සමඟ පවසා ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 22 වැනිදා හලාවතට පැමිණි අවස්ථාවේදී ඒ මහතාව හමුවීමට හිලරි ප්රසන්න මහතා ගොස් ඇත. මේ අතර ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරී ජනාධිපතිවරණයට තමාඳ ඉරීපත්වන බව හිටපු කැබිනට් ඇමැතිවරයකු වන මියිරෝයි ප්රනාන්දු පැවැසීය. 75 වැනි වියේ පසුවන මියිරෝයි ප්රනාන්දු මහතා කැබිනට් ඇමැතිවරයකු ලෙස මෙම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ පක්ෂයේ
නාත්තන්ඩිය සමන්ප්රිය ජයශාන්ත

පුත්තලම දිස්ත්රික් නායකයා ලෙසද කටයුතු කළ අයෙකි. මේ අතර මියිරෝයි ප්රනාන්දු මහතා දැරූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ද පක්ෂ නායකත්වය කටයුතු කර ඇත,මිල්රෝයි මහතාගේ පුතකු වන රුස්ටින් ප්රනාන්දු මහතා මේ වන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පුන්තලම දිස්ත්රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරමින් සිටී.
නාත්තන්ඩිය සමන්ප්රිය ජයශාන්ත