Showing posts with label BUSSINESS. G3. Show all posts
Showing posts with label BUSSINESS. G3. Show all posts

Friday, February 15, 2019

විවාහ කතක් ළඳ නිදිගත් 18 හැවිරිදි කුඩ්ඩා මාට්ටු



පදියතලාව සරණගම නව ගම්මාන ප්‍රදේශයේදී පෙරේදා (13දා) අලුයම 3.30ට පමණ විවාහක කාන්තාවක් හා දරුවකු පමණක් නිදා සිටි නිවෙසකට ඇතුළු වී ඔවුන් නිදා සිටි ඇඳේ පසෙක නිරුවතින් නිදා සිටි දහඅට හැවිරිදි තරුණයකු පෙරේදා (13දා)  දහවල් පදියතලාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (14දා) දහවල් දෙහිඅත්තකණ්ඩිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.  සිද්ධියට මුහුණ පෑ කාත්තාව හමුදා
සෙබළකුගේ බිරියකි. පසුගිය 13 වැනිදා අලුයම 3.30ට පමණ තම ඇදෙහි කිසිවකු නිදා සිටින බවට ඇයට දැනී සැකකරුගෙන් තමා කවුදැයි ප්‍රශ්න කිරීමේදී ඇදෙන් බැසගත් තරුණයා ඉදිරි දොර විවෘත කරගෙන මේ බව කාටවත් නොකියන ලෙස ඉල්ලමින් පිටව ගොස් ඇත.

සාලයේ විදුලි අලෝකයෙන් තරුණයා හඳුනා ගැනීමට කාත්තාවට හැකිව ඇත. 119 ඇමතුමකින් ඇය මේ බව පොලිසියට දැනුම් දී සැකකාර තරුණයා පිළිබඳව විස්තර පවසා ඇත. ඒ අනුව පදියතලාව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ගංජා උරන අයකු බව පවසන පොලීසිය සිද්ධිය වන අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවටද අනුමාන කරයි.  දෙහිඅත්තකණ්ඩිය ඇඟිලි සටහන් නිලධාරින් (Soco) ගෙන්වා ස්ථානීය පරීක්‍ෂණයක්ද පවත්වා ඇත. සැකකරු ඒ අවස්ථාවේ නිදා සිටි ස්ථානයේ තිබී කෙස්ගස් කිහිපයක් සොයාගෙන ඇති අතර ඒවා ඩී.එන්.ඒ. (DNA)පරීක්‍ෂණයකට යවා ඇත. පදියතලාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ආරියවංශ මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. රත්නායක මහතා ඉදිරී පරීක්‍ෂණ පවත්වයි.

-චන්දන කුමාර-

Friday, March 2, 2018

වාහන මිළ යළිත් ඉහළ යන ලකුණු...

             පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන ලද 2018 වසර සඳහා වන අයවැය යෝජනා වලට අනුව බොහෝ වාහන මාදිලි වල මිල ගණන් සංශෝධනයට ලක්විය. අයවැයෙන් පසු සිදු වූ එම මිල ඉහළ පහළ යෑම් වලින් අනතුරුව කලක් ගතවනතුරු රථ වාහන මිල ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය විය. කෙසේ වෙතත් කිසිවකු නොසිතු අයුරින් වාහන මිල යළි ඉහළ ගොස් ඇති බවට වන පුවතක් මේ දිනවල පැතිර යමින් පවතියි. මේ පිළිබඳ සැබෑ තත්වය කෙබඳුද යන්න දැන ගැනීම සඳහා ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා....
2018 වසර සඳහා වන අය වැය යෝජනා වලින් සිදු වූ මිල සංශෝධනයන්ගෙන් අනතුරුව කලක් ගතවනතුරු රථවාහන මිල ස්ථාවරව පවතී යැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් හදිසියේම වාහන මිල යළිත් ඉහළ යන බවට ප්‍රචාරයක් මේ දිනවල පැතිර යනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කෙබඳුද?
           වාහන මිලෙහි ඉහළ යාමක් සිදුවන බවට පැතිර යන පුවත සත්‍යයක්. දැනට පවතින තත්වය අනුව එන්ජින් ධාරිතාවය අඩු වාහනයක් රුපියල් ලක්ෂයකින් පමණක් ද, විශාල ප්‍රමාණයේ වාහනයක් රුපියල් ලක්ෂ 1 1/2 කින් 2කින් පමණත් ඉහළ යාමේ ඉඩකඩක් තිබෙනවා. උදාහරණයක් ලෙස සඳහන් කළොත් මේ දිනවල ඉතා ජනප්‍රිය සුසුකි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂයකින් පමණත් ටොයෝටා විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ එක හමාරකින් දෙකකින් පමණත් මිල ඉහළ යාමක් සිදුවේවි.   

          හදිසියේම මෙවැනි වෙනසක් රථවාහන වෙළෙඳපොළේ සිදුවීමට හේතුව කුමක්ද?
          එයට එක් හේතුවක් තමයි මේ වනවිට රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය. දැනට සතියක දෙකක පමණ කාලයක් තුළ ඩොලරයේ අගය 5කින් 6කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා. පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා මුදල් අමාත්‍යාංශයට ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට නොහැකි වී තිබෙනවා. තවත් පැත්තකින් ගත්තොත් මේ වනවිට ඇමෙරිකාවේ මතු වී තිබෙන ගැටලුකාරි තත්වයක් මත ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් අගය 5කින් 6කින් පමණ ශක්තිමත් වී තිබෙනවා. මේ සිදුවීම් දෙකම එක්කාසු වූ විට ජපන් යෙන් එකක අගයේ 10ක පමණ අව ප්‍රමාණයක් පෙන්නුම් කරනවා. කොහොම නමුත් දැන් වාහන බදු ගණනය කරනු ලබන්නේ ඒකක බද්දක් වශයෙන් නිසා 5ක මිල ඉහළ යාමක් විදියට තමයි මෙකී තත්ත්වය ආනයනය කරනු ලබන වාහන සඳහා බලපාන්නේ.

මේ කියන මිල ඉහළ යාම ඉක්මනින්ම වාහන වෙළෙඳපොළට දැක්විද?
          ඔව්. මොකද බොහෝවිට අලුතින් ආනයනය කරනු ලබන වාහන තමයි මේ දිනවල වැඩිපුර අලෙවි කෙරෙන්නේ. මේ නිසා මෙම මිල ඉහළ යාම දැනටමත් වාහන වෙළෙඳපොළට බලපා තිබෙන බව කිව යුතුයි.

         2018 වසර සඳහා වන අයවැය යෝජනා වලට අනුව බොහෝ වාහන මාදිලිවල මිල ගණන් පහළ ගියා. ඒ හේතුවෙන් පසුගිය කාලයේ වාහන අලෙවියේ වර්ධනයක් සිදුවුණාද?
        අයවැයෙන් පසුව සමස්තයක් ලෙස ගතහොත් තවමත් වාහන අලෙවියෙහි විශාල වෙනසක් සිදුවී තිබෙන බවක් පේන්නට නැහැ. සිදුවී තිබෙන්නේ වාහන අලෙවි වන වෙළෙඳ රටාවෙහි වෙනසක් පමණයි. අයවැයෙන් සිදු වූ බදු සංශෝධනත් සමග එන්ජින් ධාරිතාවය 1000 ට අඩු වැගන් ආර් වැනි මෝටර් රථවල අලෙවියේ වර්ධනයක් පෙන්නුම් කරනවා. කුඩා ප්‍රමාණයේ වාහන වෙනුවෙන් ප්‍රමිතියෙන් අඩු ඉන්දියානු මෝටර් රථ සඳහා මීට පෙර පැවැති වෙළෙඳ ඒකාධිකාරය අහෝසි වී. තිබිම ඉතා හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම අයවැයෙන් මිල ඉහළ ගිය එන්ජින් ධාරිතාවය 1500ත් ට වැඩි හයිබ්‍රිඩ් වාහන අලෙවිය නම් ඉතා අවම මට්ටමකයි තිබෙන්නේ. වාහන මිල ඉහළ යාම හැරුණු විට තවත් බරපතළ ගැටලුවක් අද රථවාහන කර්මාන්තයට බලපා තිබෙනවා. ඒ තමයි වාහන වෙළෙඳපොළට පිවිස සිටින වංචනික පුද්ගලයන් පාරිභෝගිකයන් රවටමින් සිදුකරනු ලබන අයථා කටයුතු. මේ තත්වය අද වනවිට රථවාහන කර්මාන්තයට ඉතා අහිතකර විදිට බලපාලයි තිබෙන්නේ.

 මොනවගේ ආකාරයෙන් ද මෙවැනි වංචනික ක්‍රියා සිදුවෙන්නේ? එවැනි වංචනිකයන්ට හසුනොවීමට පාරිභෝගිකයන් ගත යුතු ක්‍රියාමාර්ග විදිහට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මොනවාද?
        වාහන වෙළෙඳපොළේ වැඩිපුර අලෙවි වන වාහන වෙළෙඳපොළේ සාමාන්‍යයෙන් පවතින මිලටත් වඩා අඩු මිලකට අලෙවි කරන්න වාහන වෙළෙඳුන් කිසිවිටෙකත් පෙළඹෙන්නේ නැහැ. නමුත් මේ කාලයේ සුලබව දකින්නට ලැබෙන දෙයක් තමයි පවතින මිලට වඩා අඩුවෙන් වාහන අලෙවි කරන බවට වෙබ් අඩවි සහ පුවත්පත් හරහා දැන්වීම් පළ කර තිබීම. මෙවැනි අවස්ථාවලින් 95ක් පමණම පාරිභෝගිකයන් රැවටීමට වංචනිකයන් පිරිසක් කරනු ලබන ප්‍රචාර බව කිව යුතුයි. ඒ වගේම තවත් සමහර වංචනික පුද්ගලයන් අඩු මිලට වාහන ලබාදෙන බව පවසා පාරිභෝගිකයන්ගෙන් අත්තිකාරම් මුදල් රැගෙන පලා යනවා. තවත් සමහරු අඩු මිලට වාහන පිටරටින් ගෙන්වාදෙන බව පවසා අත්තිකාරම් මුදල් එකතු කරගන්නවා. නමුත් අවසානයේ මෙරටට වාහන ගෙවූ පසු විවිධ හේතු ඉදිරිපත් කර පාරිභෝගිකයන් අසරණ කොට සාමාන්‍ය මිලටත් වැඩි මුදලක් ඔවුන්ගෙන් ලබාගන්නවා. මෙවැනි වංචනික ක්‍රියා දිගින් දිගටම සිදුවීම පාරිභෝගිකයන්ට වගේම වාහන ආනයනකරුවන්ටත් හානිදායකයි. මේ නිසා ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළා. විශ්වාසනීය වාහන වෙළෙඳුන් හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට සහය වනු පිණිස ඔවුන්ට සංගමය විසින් අනුමත කරන ලද නාම පුවරුවක් ලබාදීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සාමාජික අංක සහිත මෙම පුවරු වාහන ප්‍රදර්ශනාගාර ඉදිරිපස සවිකර තිබේදැයි පරික්ෂා කිරීමෙන් පාරිභෝගිකයන්ට විශ්වසනීයව ගනුදෙනු කළ හැකි වාහන අලෙවිකරුවන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.

Wednesday, February 21, 2018

E A P ව්‍යාපාර සමූහය දෙස් විදෙස් ආයෝජකයින් අතර අර්බුදයක...



     මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති EAP  සමූහයේ වත්කම් විදේශීය ආයෝජක‍යෙකුට විකිණීමේ මහා පරිමාණ ගණුදෙනුව සැඟවුණු ගැණුම්කරුවකුට හිමිවන අත යට ගනුදෙනුවක් විය හැකි බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙකී ගණුදෙනුව මේ වන විට ශ්‍රී ලාංකේය ව්‍යාපාරික දැවැන්තයන් අතර ප්‍රශ්නයකට තුඩු දෙමින් තිබේ. සිංගප්පූරුවේ ස්ථාපිත Straits Grid Ltd නම් සමාගම සහ ගනුදෙනුවට මැදිහත් වු බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කරන මැල්සියානු ව්‍යාපාරික සුදීප ජයරාම් විසින් අදාළ වත්කම් සඳහා ඉදිපත් කරන ලද මිල වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60කි. ඔහු කටුනායක ගුවන්තොටුපොළෙන් ඇමෙරිකානු ඩොලර් 50,000ක් සඟවාගෙන තිබියදී හෙළි වී ඇත.
                    ආරංචි මාර්ග දක්වන අන්දමට මෙම ගණුදෙනු පසුබිමේ සිටින සැබෑ ගැණුම්කරු වන්නේ බ්‍රිතාන්‍යයේ ස්ථාපිත ලයිකා ගෘප් (Lyca Group) සමාගමයි. ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රකෝටිපතියකු වන අලිරාජා සුබාස්කරන් එම සමාගමේ හිමිකරු වන අතර ප්‍රංශයේ සිදු වූ කළු සල්ලි ජාවාරමකට සම්බන්ධතාවක් කියැවෙන බැවින් ඔහුගේ වටපිටාවද මතභේදාත්මකය.
                    මේ වන විට මහ බැංකුව යටතේ පාලනය වන එදිරිසිංහ පවුලේ සමාගම්ද ඇතුළු වත්කම් සඳහා මෙරට සමාගමක් වන ශ්‍රී ක්‍රිෂ්ණ ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ලංසුවක් ඉදිරිපත් කර තිබේ. මෙසේ විකිණීමට සූදානම් වන්නේ ස්වර්ණමහල්, ෆයිනෑනෑන්ෂල් සර්විසස්, ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනය ද ඇතුළත් වන EAP බ්‍රෝඩ්කාස්ටින්, සිනමා ශාලා ඇතුළත්ව EAP Films, සෆායර් හෝටලය සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් යන සමාගම් වලට අයත් වන ඒවා ය. එකී වත්කම් සඳහා මිලි ගණන් ඉදිරිපත් කළ මෙරට ව්‍යාපාරිකයා තමන් ඉදිරිපත් කළ මිල පිළිබඳව මහ බැංකුවේ නිළධාරින් විනිවිද භාවය සහ යහපාලනයේ අර්ථ ප්‍රකාරව විනිදභාවයකින් සැලකිල්ලක් දක්වා ඇති බවට මහ බැකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත පැමිණිල්ලක් කර ඇත.
                   තම සමාගම නිවැරැදි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර ඇති අතර ගිවිසුමක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව ද එමඟින් පෙන්වා දී තිබේ. එසේම තනි පුද්ගලයකු වන විදේශීය ගැනුම්කරු සමඟ ගනුදෙනු කිරීම ගැනද මහ බැංකුවට චෝදනා නඟා තිබේ.| ස්වර්ණමහල් ෆයිනෑන්ස් හි කොටස් ඊයේත් කොටස් වෙළෙඳපොළේ සංසරණය වූ අතර සාකච්ඡා තවදුරටත් පවතින බවත්, මහ බැංකුවේ අනුමැතිය තවමත් ලැබී නැති බවත් එම සමාගම පැවැසීය. ලයිකා සමාගමට කොටස් විකිණීමක් ඊයේ සිදුවූ බවට කියැවෙන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් එම ප්‍රතිචාරය ලැබිණි. ලයිකා සමාගම වරක් අන්තර්ජාල සේවා සපයන්නකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස්කරුවකු වූ Sky Network හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමඟ එක් විය.
                    විදෙස් ලංසුකරු මේ වන විටත් සිය ක්‍රියාදාමය අරඹා EAP සමාගම වෙත රුපියල් මිලියන 400ක ණය පහසුකම් ලබාදී ඇති බව මහ බැංකුව කියයි. මෙම ගනුදෙනුව හරහා ඉතා අනගි රූපවාහිනී සහ ගුවන්විදුලි තරංග විදේශිකයකු අතට පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතනයන්හි දැඩි අවධානය යොමු වී ඇති බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ඉල්ලා ඇති සංඛ්‍යාත ඔවුන් වෙත ලබා නොදී ඇති පසුබිමක් තුළ මෙම ගනුදෙනුව සිදුවෙයි. ආයෝජන මණ්ඩලයේ තීරණ අනුව මාධ්‍ය සමාගම්වල කොටස්වලින් 40%කට වැඩි ප්‍රමාණයක් හිමිකර ගැනීමට විදේශිකයන්ට අවස්ථාව නොලැබේ.