Showing posts with label local G 7. Show all posts
Showing posts with label local G 7. Show all posts

Friday, June 12, 2020

බේත් ගන්න යද්දී වෑන් මාරයාට මවත්-පුතත් බිලිවෙති.


 කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ උඩුකුඹුර ප්‍රදේශයේදී පෙරේදා 10 දා රාත්‍රි පදික මාරුවකින් කාන්තාවක් සිය දරු දෙදෙනා සමඟ ප්‍රතිකාර ලබා ගැනීමට ගමන් කරමින් සිටියදී කොළඹ සිට
පේරාදෙණිය දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටී මව සහ වැඩිමහල් පුතා මියගොස් අත දරුවකු බරපතළ තුවාල ලබා කැගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.
 මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෙළුන්දෙණිය, ඔත්නාපිටිය, ලූල්පොළ පදිංචිව සිටි ඩයනා වෙරෝනිකා
තෝමස් නමැති 27 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වයස අවුරුදු 11 ක් වූ අන්දරවාස් පටබැඳිගේ ආකේෂ් ගුණවර්ධන දරුවා බව පොලිසිය කියයි.
 අනතුරින් මවගේ තුරුලේ සිටි අවුරුද්දකුත් මාස හතරක් වූ කුඩා පිරිමි දරුවා ඇයගෙන් ගිලිහී මාර්ගය අයිනට විසිවී තුවාල ලබා කෑ ගසමින් සිටියදී ප්‍රදේශවාසීන් වරකාපොළ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
මියගොස් ඇති කාත්තාවගේ සැමියා මීගමුව ප්‍රදේශයේ රැකියාවක් කරන අතර මොවුන් මීගමුව ප්‍රදේශයේ සිට මීට මාස කිහිපයකට ඉහතදී නළුන්දෙණිය ප්‍රදේශයේ කුලියට ලබාගත් නිවෙසක පදිංචියට පැමිණ ඇති බවද පොලිසිය කියයි.
 සිද්ධිය වූ පෙරේදා 10 දා කාන්තාවගේ සැමියා මීගමුවේ රැකියාවට ගොස් තිබුණු අතර ඇය
නිවසේ සිට ඇත්තේ දරුවන් හා ඇගේ මව සමගය. පෙරේදා දරුවෙකුට ඇතිවූ අසනීප තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා උඩුකුඹුර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත දරු දෙදෙනා සමග රාත්‍රි 8 ට පැමිණ ඇති බව ද පොලිසිය කියයි. මොවුන් මුඛආවරණ පළඳා නොසිටීම හේතුවෙන් මවෙද්‍යවරයා මුඛආවරණ පළඳවාගෙන එන ලෙස දන්වා තිබුණි.
පසුව විරුද්ධ දෙස තිබූ ඔසුසල වෙත ගොස් මුඛ ආවරණ පළඳවාගෙන පදික මාරුවේ අත දරුවා වඩාගෙන සෙසු දරුවා අතින් අල්ලාගෙන ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි.
පේරාදෙණිය ප්‍රදේශයේ සිට පිය පුතු දෙදෙනකු වෑන් රථයකින් කොළඹ රෝහලක දරුවකුගේ සැත්කමකින් පසු ආපසු
පේරාදෙණිය නිවස දක්වා ගමන් කරමින් සිටියදී උඩුකුඹුර පදික මාරුවේ ගමන් කරමින් සිටි මව සහ දරු දෙදෙනා යට කරගෙන
වෑන් රථය නොනවත්වා කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී තිබූ බව  පොලිසිය කියයි.
වෑන් රථයේ රියදුරු වන පේරාදෙණිය ඒ දඬුවාව ලිපිනයේ පදිංචි 62 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියකු ඔහුගේ පුත්‍රයා වන 33 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පිය පුතු දෙදෙනා ඊයේ 11 දා වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මියගිය මවගේ හා දරුවාගේ හදිසි මරණ පරික්ෂණ ඊයේ 10 දා වරකාපොළ හදිසි මරණ පරික්ෂක විමලසිරි රාජපක්ෂ මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි.

කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී. එස් මාවඩවිලගේ, වරකාපොළ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ධර්මරත්න, කෑගල්ල අපරධ ස්ථාන පරිණ බලධාරිහු වැඩිදුරටත් පරික්ෂණ පවත්වති.

(කෑගල අධිකරණ චමින්ද වැවතැන්න වරකාපොළ රුවන්
පතිරණ හා කෑගල ජයරත්න විල්ලර)

Tuesday, May 19, 2020

ස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ස්විච්ඡයක ආකෘතියක් නිපදවූ සරසවි සිසුවා

ස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ස්විච්ඡයක ක්‍රියාකාරී ආකෘතියක් නිර්මාණය කිරීමට මාතර අකුරැස්ස ප්‍රදේශයේ තරුණයෙක් සමත් වී තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ  පරිගණක අංශයේ ඉගෙනුම ලබන නිපුන හසංක ගමගේ මෙම නිර්මාණය සිදු  කොට ඇත.
මේ වන විට පැතිර යන කෝවිඩි 19 වෛරසය පාලනය කිරීමේ අරමුණින් මාර්ග සංඥා කණුවල පදික මාරු අසල සවිකර ඇති බොත්තම්, ‍දොර සීනු ස්චිච්ඡ, වීථි ලාම්පු ස්චිච්ඡ, විදුලි සෝපාන ස්චිච්ඡ, ආදී පොදුවේ සමූහයක් විසින් ක්‍රියාත්මක කරන ඕනෑම උපකරණයක් සදහා මෙය භාවිත කළ හැකි බව හෙතෙම පවසා සිටියි.

මෙය ස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි වීම හේතුවෙන් පුද්ගලයන් අතර විෂබීජ පැතිරීම මෙන්ම තෙත් සහිත දෑත් මගින් ස්පර්ශ කිරීමෙන්  සිදු වන අනතුරු වළක්වා ගැනීමටද මෙමගින් හැකියාව ලැබෙයි. සිය නිර්මාණය පිළිබඳ අදහස්  දැක්වූ නිපුන හසංක සිසුවා - මෙසේ පැවසීය,
" අධෝරක්ත කිරණ සංවේදක භාවිතයෙන් මෙය නිර්මාණය කර ඇති අතර අධෝරක්ත සංවේදකයේ සිට සෙන්ටිමීටර 2 - 4 ක් ආසන්නයට අල්ල යොමු කළ විට එය සංවේදනයක් ලෙස පරිපථය හඳුනා ගනී. ඉන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බව භාවිත කරන්නාහට ඒත්තු ගැන්වීම සදහා යොදා ඇති ප්‍රදර්ශක බල්බ එකින් එක ක්‍රමයෙන් දැල්වීම මගින් දැනුම් දෙනවා. සියලුම බල්බ දැවෙන තුරු අත්ල ස්චිච්ඡ,
දෙසට යොමා ගෙන සිටින්නේ නම් එය තත්පරයකට වඩා අඩු කාලයකදී ක්‍රියාත්මක වනවා. පරිශීලකයා අත්ල ඉවත්කර ගත්නා තුරු ප්‍රදර්ශක බල්බ නොකඩවා දැල්වීම සිදු වෙනවා. වැරැදි ලෙස අහඹු වස්තුවක් සංවේදකය තෘප්ත කළහොත් ඒවා වැරැදි සංවේදක ලෙස හඳුනා ගැනීම වැලැක්වීමට උපකරණය ක්‍රියාත්මක කිරීමටත් අක්‍රිය කිරීමටත් කුඩා කාල පමාවක් යොදා තිබෙනවා.” යැයිද පවසා සිටියේය.

අනීෂා මානගේ