Showing posts with label local . g5. Show all posts
Showing posts with label local . g5. Show all posts

Friday, March 5, 2021

දොලොස් දාහක් එක්ක මුදල් පසුම්බිය අහුලා අයිතිකරුටම බාරදීලා

ලංගම බස් රථයක කොන්දොස්තරවරයකුගේ නැතිවූ මුදල් පසුම්බිය අහලා නැවත ඔහුට බාරදුන්නව හැවිරිදි පාසල් සිසුවකුගේ ආදර්ශවත් ක්‍රියාවක් ගැන පුවතක් බලපිටියෙන් වාර්තාවේ.මෙම සිසුවා බලපිටිය රේවත ජාතික පාසලේ 4 සී වසරේ ඉගෙනුම ලබන පී. තෙනුල් දෙවියන්ද උබේවික්‍රමය.ඉකුත් දිනක අම්බලන්ගොඩ ලංගම ඩිපෝවේ බස් රථයක කොන්දොස්වරයකු ලෙස සේවය කරන බලපිටිය පාතමුල් පදිංචි සනත් කුමාර මහතා සේවය නිමවි සිය නිවෙසට ගිය පසු කලිසම් සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය නොමැති බව දැන දැඩි අපහසුතාවට පත්වූයේ තම බැංකු කාඩිපත්, ජාතික හැඳුනුත, රියදුරු බලපත්‍රය හා යතුරුපැදියේ බලපත්‍රය, රක්ෂණ බලපත්‍රය ඇතුළු වටිනා ලියකියවිලි රැසක් එහි තිබූ නිසාවෙනි. සිය මුදල් පසුම්බිය නැති වී පැය භාගයක් යන්නටත් මත්තෙන් තිබූ පරිදිම යළි මුදල් පසුම්බිය ඔහුගේ අතට පත්විණ.මේ ගැන සනත් කුමාර මහතා එය සොයා දුන් දරුවා ගැන සිය ප්‍රශංසාව පළ කරමින් මෙසේ කීය.මුදල් පසුම්බිය නැතිවෙලා කියලා දැන ගත්තේ ගෙදර ආවට පස්සේ. අනික පර්ස් එකේ කොපමණ සල්ලි තිබුණද කියල මතක තිබුණේ නැහැ. මම අපහසුතාවට පත්වුණේ එහි තිබූ වටිනා ලියකියවිලි නිසයි.

විනාඩි කිහිපයක් ගතවෙනකොට මගේ අයියා දුරකතන පණිවුඩයක් දීලා මට කිව්වා ඔයාගේ පර්ස් එක විජේසිරි කඩේ දිලිප් අයියාගේ පුතා ඇහිඳලා තියෙනවා කියලා. මම කඩේ ගිහින් ඒ දරුවා පර්ස් එක දුන්නම මට හිතාගන්න බැරිවුණා. එහි සියලු ලියකියවිලි සුරක්ෂිතව තිබුණා. තෙනුල් දරුවා තම පියාට කියා තිබුණා තාත්තේ පර්ස් එක අයිති මාමා හොයාගෙන ගිහින් ඒක දීලා එමු කියලා. ඒ අනුවයි අයියාගේ දුරකතන අංකය හොයාගෙන ඒ ගැන දැනුම්දීලා තිබුණේ. පර්ස් එකේ රුපියල් දොලොස් දහස් හාරසියක මුදලකුත් තිබුණා. ඇත්තටම මේ වගේ ආදර්ශවත් දරුවන් ගමට රටට වගේම හදපු වඩපු මවුපියන්ටත් වාසනාවක්. මම දරුවාට එහිදී පොඩි තෑග්ගක් දුන්නත් දරුවා එය බාර ගත්තේ නැහැ.

(අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා)

මෙරට 60%ක් බෝ නොවන රෝග වලින් පෙලෙනවා

මෙරට ජනගහනයෙන් 60%ක් බෝ නොවන රෝග වන දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් රෝග හා පිළිකාව වැනි රෝගවලින් පීඩා විඳින බවත්, පුද්ගලයන් අවුරුදු 35ට පෙර ප්‍රාථමික සත්කාර සේවය පවතින දිවයින්නේ සෑම රෝහලකට පැමිණ පරීක්ෂා කිරීම තුළින් ඒවාට ප්‍රතිකාර ලබා ජීවත්වීමේ වයස දීර්ඝ කරගැන්මට හැකියාව  (අවු. 70-80ත් අතර) ලැබෙන බව ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ, පෙරේදා (03දා) උණවටුන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවැති දකුණු පළාත් ප්‍රාථමික රෝහල්වල වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා "මේ රටේ ප්‍රජාව ගත්හට මෙතෙක් කල් රටේ ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශය ක්‍රියාත්මක වූණා. බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් නතරකර නවතම ක්‍රමයක්ලෙස තෝරාගත් රෝහල් 250ක පමණ ප්‍රාථමික සත්කාර සේවාවෙන් අපි බලාපොරොත්තු වනුයේ අවුරුදු 35ට අඩු ජනතාව රෝගවලින් වලක්වා ගැනීම සහ මෙම ප්‍රාථමික රෝහල වෛද්‍යවරු මගින් බෝ නොවන රෝග පිළිබඳව පරීක්ෂණයක් සිදුකර ගතහොත් ඒ අයගේ මරණය සිදුනොවී අවම වශයෙන් අවු.70-80 අතර පැවත්වීමට හැකියාව ලැබෙනවා.අද ලංකාවේ ජනතාව 60%ක් පමණ බෝ නොවන රෝග දියවැඩියා, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් පිළිකාව වැනි රෝගවලින් පෙළෙනවා. පුද්ගලයන් අවුරුදු 35ට පෙර ප්‍රාථමික සත්කාර සේවය පවතින දිවයිනේ සෑම රෝහලකට පැමිණ පරීක්ෂා කිරීම තුළින් ඒවාට ප්‍රතිකාර ලබා ජීවත්වීමේ වයස දීර්ඝ කරගැනීමට හැකියාව (අවු. 70-80ත් අතර) ලැබෙනවා.ප්‍රාථමික සෞඛ්‍ය සේවා බලගැන්වීම යටතේ 2020 වර්ෂයේ පෙබරවාරි 28 වැනිදා වනවිට අම්පාර, කරෙයිනගර්, වැල්වැටිතුරේ, සමන්තුරේ, පුත්තලම නගරයෙද මුල්කිරිගල, රන්න, දෙයියන්දර ඇතුළු තවත් රෝහල් 100ක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා. 2023 දෙසැම්බර් අවසන් විට මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහනේ ප්‍රධානම අංගයක් ලෙස ප්‍රාථමික රෝහල් වැඩිදියුණු කිරීම හඳුන්වාදී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සවිබල ගැන්වීම සඳහා 2019 වර්ෂයේ ලෝක බැංකුව මගින් ඩොලර් මිලියන 185ක් ලබාදී තිබෙන අතර, එයින් ඩොලර් මිලියන 05ක් මේ රටේ කොරෝනා සඳහා වැයවී තිබෙනවා.ජනතාවට ප්‍රාථමික රෝහල් සිත්ගන්නා ස්ථානයක් බවට පත්කිරීම සුන්දර පරිසරයක් බිහිකිරීම ජනතාව ප්‍රධාන රෝහල් බාහිර රෝගී අංශ වෙත යොමු නොකිරීම සහ අවුරුදු 35ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මෙම ප්‍රාථමික රෝහල් වෙත පැමිණ තමන්ගේ ඇගේ පවතින රෝග පරීක්ෂාකර ඒවාට හැකි විගසින් ප්‍රතිකාර ලබා තම වේලාසනින් මියයාමට තිබූ කාලය අවුරුදු 70-80 අතර ආයු කාලයක් ඇතිකිරීම මේ සඳහා ප්‍රමුඛත්වය ලැබෙනු ඇති අතර මිනිසාගේ ආයු කාලය වැඩි කිර්ම බලාපොරොත්තු වෙනවා. මේ රටේ ග්‍රාම නිලධාරී වසම් 18500ක් ඇති අතර රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ග්‍රාමනිලධාරින්ගේ සහායද ලබාගත යුතු වෙනවා. ගමේ අසනීප ලෙඩුන් ගැන ග්‍රාම නිලධාරීවරු ගමේ සේවය කරන බැවින් ඔවුන්ගේ සේවයත් මෙයට එකතු කරගත ඇති බවත් මේ හරහා ප්‍රාථමික සත්කාර සේවය දියුණු කරගැනීමට අවම වශයෙන් පැවැත්වෙනවා. මෙම ප්‍රාථමික සත්කාර සේවය පවත්වාගෙන යාම සඳහා එක් රෝහලකට වෛද්‍යවරු දෙදෙනෙකුගේ හා හෙද නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍ය වෙනවා." යැයි පැවසීය.

 (චන්දන සමරවික්‍රම)