සුගතදාස වෙළාගත් ඩෙංගු වසංගතය ක්රීඩා ඇමති පිරික්සයි
සාක් ක්රීඩා උළෙලට සහභාගි වූ ක්රීඩක ක්රීඩිකාවන් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇත්තේ, ඔවුන් ශ්රී ලංකාවේදී නවාතැන් ගත් සුගතදාස හෝටලයේ අවට පරිසරයේ අපිරිසිදු බව නිසා බව අනාවරණය වීමත් සමග, ඒ පිළිබඳ සොයා බැලීමට අධ්යාපන, ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (03දා) සුගතදාස ක්රීඩා ගණ පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්යවරයා සඳහන් කර සිටියේ, මෙය තමන්ගේ කාලේ සිදු නොවූ දෙයක් යැයි කියමින් ඇග බේරා ගැණීමට තමන්ට අවශ්ය නොවන බවයි. එම නිවේදනයේ මෙසේද දැක්වෙයි. "රන් පදක්කම් 36ක් ශ්රී ලංකාවට ලබා දෙන්නට දකුණු ආසියානු ක්රීඩා තරගවලට සහභාගි වූ අපේ දරුවන්ට හැකිව තිබෙනවා. එහෙත් තරගාවලියට එක් වූ අයගෙන් උණ රෝගය වැලඳීම නිසා මානසිකව පසුබෑමට ලක් වූ අය මෙන්ම, උණ රෝගය වැලඳීමෙන් තරගවලට සහභාගි වීමට නොහැකි වූ දරුවන්ද මේ අය අතර ඉන්නවා. මේ සම්බන්ධයෙන් දරුවන්ගෙන් සමාව ඉල්ලනවා.
මේක මගේ කාලේ වුණ දෙයක් නෙවෙයි කියලා ඇඟ බේරාගන්න දේශපාලනයක් නෙවෙයි අපි කරන්නෙ".
සුගතදාස ක්රීඩාංගණය හා ක්රීඩක ක්රීඩිකාවන් තාවකාලිකව නවාතැන් ගන්නා සුගතදාස හෝටල් පරීශ්රය මේ අයුරීන් කිසිවකුගේ අවධානයට යොමු නොවී ඇත්තේ , පසුගිය වසර පහ තුළ සභාපතිවරුන් පස්දෙනෙක්, ක්රියාකාරී අධ්යක්ෂවරුණේ තිස්දෙනෙක් සහ ඇමතිවරුන් සිවුදෙනෙක් යටතේ විවිධ තීන්දු ගනිමින් ඉතා පිරිහුණු දේශපාලනයක් මේ තුළ ක්රියාත්මක ව පැවැති ඇති නිසා බව අමාත්යවරයා මෙහිදී අවධාරණය කර ඇත.
මෙහිදී 2015 වසරේ මෙම පරිශ්රයෙහි ආරම්භ කරන ලද ඇතැම් ඉදිකිරීම්වල වැඩ අවසන් නොකොට ඒ අයුරින්ම තිබෙන අයුරු මහිදී අමාත්යවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇත.
මේ සම්බන්ධ ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කර, මෙම පරිශ්රයෙහි පවත්නා කනගාටුදායක තත්වය සම්බන්ධව ඔහුව දැනුවත් කරන්න බවත්, ඉතා ඉක්මනින් මෙම ආයතනයට සභාපතිවරයෙක් පත් කරන බවද ඩලාස් අලහජපරුම මහතා මෙහිදී පවසා ඇත. වීශේෂයෙන් මෙම පරිශ්රය මැදින් ගලාගෙන යන කැළි කසළ සහ ලාස්ටික් අපද්රව්ය පිරී ඇළ මාර්ගය සහ මෙම ක්රීඩා පරිශ්රය සම්පුර්ණයෙන්ම පිරිසුදු කිරීමට නගර සභාවේ සහය ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්යවරයා සඳහන් කර ඇත. මෙම දරුවන්ට රජය මැදිහත් වී කිසියම් වන්දි මුදලක් හෝ අනුග්රාහක දීමනාවක් ලබාදීමටත්, පදක්කම්ලාභී දරුවන්ට ජාතික මටිටමේ ඇගයීමක් සිදුකිරීමට කටයුතු කරන බවත් අමාත්යවරයා ප්රකාශ කර ඇත. සුගතදාස හෝටල් පරිශ්රය සහ ක්රීඩාංගණ පරීශ්රය ඉතා අපිරිසුදු කැළිකසළ බහුල ප්රදේශයක් වන අතර, මෙම හෝටල් පරිශ්රය තුළ මදුරු කීටයන් බහුලව ගැවසෙන බව පෙරේදා (8දා) දිනය තුළ කොළඹ නගර සභාවේ වෛද්ය නිලධාරි කණ්ඩායම සහ සෞඛ්ය වෛද්ය නිලධරීහු තහවුරු කළහ.