Showing posts with label iinternational g5. Show all posts
Showing posts with label iinternational g5. Show all posts

Wednesday, June 8, 2022

එකම පවුලේ සහෝදරියන් තිදෙනාගේ සහ දරුවන්ගේ මරණවලින් මතුවුණු ඉන්දියාවේ දෑවැදි අර්බුදය

ඉන්දියාව තුළ දරුණු සමාජ ගැටලුවක්ව පවතින දැවැදී පිළිබඳ අර්බුදයේ තවත් අවාසනාවන්ත අවස්ථාවක් පසුගියදා එරට රාජතථාන් ප්‍රාන්තයේ ජායිපූර් නුවර වාර්තා වී තිබේ. මෙහිදී එකම පවුලේ සහෝදරියන් තිදෙනකු සිය ස්වාමිවරුන්ගේ පාර්ශ්වයෙන් එල්ල වූ මෙම දැවැදි පිළිබද ප්‍රශ්න නිසා කනස්සල්ලට පත්ව සිය දරුවන්ද සමග සියදිවි නසා ගැනීමක් සඳහා යොමුවීම එම අවාසනාවන්ත සිදුවීමයි. කාලු, කමලේෂ් සහ මම්තා මීනා ලෙස හැදින්වෙන මෙම තිදෙනා අවුරුදු 20 - 30ත් අතර වයසේ පසු වූ එකම පවුලේ සහෝදරියෝය. ඔවුන් විවාහ වී ඇත්තේද එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු සමගිනි. ඔවුන් ජීවත්ව ඇත්තේද එකම නින්වෙසකය. එහෙත් ඔවුන්ගේ මවුපියන්ට එම පවුලෙන් ඉල්ලන තරමට දෑවැද්දක් ලබාදීමට නොහැකිවී තිබේ. ඒ නිසාම මේ තිදෙනා ස්වාමියාගේ ඥාතීන්ගෙන් නිරන්තර අපවාදවලට ලක්වූ බව පැවසෙයි. ඔවුන් තිදෙනා මෙලස තම නිවසේ පිහිටළිඳට පැන සියදිවි නසා ගැනීමට පෙරාතුව ඒ සඳහා හේතු වූ කරුණු ලෙස සඳහන් කර ඇත්තේ මෙලෙස ස්වාමියන්ගේ ඥාතීන්ගෙන් එල්ල වූ පීඩනය නිසා බව පවසා තිබේ. "අපට මැරෙන්න වුවමනාවක් තිබුණේ නෑ, ඒත් මේ අපවාද අහගෙන ඉන්නවාට වඩා මියයන එක හොදයි. මේ මරණවලට හේතුව අපගේ ස්වාමියන්ගේ මව සහ සහෝදරියයි. අපි සියලු දෙනා එකටම මැරෙන්, දිනපතා මිය යමින් සිටිනවාට වඩා එය හොද නිසයි.” යනුව‍ෙන් එම සටහනේ සඳහන්ව තිබේ.මෙහිදී වැඩිමහල් සහෝදරිය වන කාලු සිය සිවුහැවිරිදි පුත්‍රයා සහ අතදරුවාද සමග ළිඳට පැන තිබේ. එසේම ඇගේ සහෝදරියන් දෙදෙනාම මියයන අවස්ථාව වනවිට ගැබිනියන්ව සිටි බව පැවසෙයි. සිය දියණියන් තිදෙනාගේ සහ මුණුබුරන්ගේ මරණ පිළිබඳ අදහස් දක්වා ඇති පියා, "අපි ඒ පවුලට ගොඩක් දේවල් දුන්නා. අදවල් දුන්නා, රූපවාහිනී අරන් දුන්නා, ශීතකරණ අරන් දුන්නා. ඒත් ඒ කිසිවකින් ඒ ගොල්ලන් සෑහීමකට පත්වුණේ නෑ. මගේ දරුවන් ජීවත් වුණේ අපායක.” යනුවෙන් පවසා තිබේ  මෙලෙස ඔවුන් සියලු දෙනා සියදිවි නසා ගැනීමට හේතු වූ මෙම දැවැදි පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ජායිපූර් පොලීසිය පවසයි. එහිදී ඔවුන්ගේ ස්වාමීන් සහ ඔවුන්ගේ මව මෙන්ම නෑනාද අත්අඩංගුවට ගෙන තිබේ.


Thursday, February 18, 2021

විද්‍යයාව වෙනුවෙන් පෙනී සිටීම නිසා ෆවුසිට ඊශ්‍රායලයෙන් ඩොලර් මිලියනයක ප්‍රදානයක්

 ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබද ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසි වෙත සිය ඩේවිඩි සම්මානය පිරිනැමීමට ඊශ්‍රායලයේ පිහිටි ඩෑන් ඩේවිඩ් පදනම යෝජනා කර ඇතැයි පවසයි.වෛද්‍ය ඇන්තනී ෆවුසි විද්‍යයාව වෙනුවෙන් පෙනී සිටිමත් වත්මන් COVID-I9 වසංගත අවස්ථාවේදී ජනතාව ආරක්ෂා කරගැනීම සදහා දැක්වූ දායකත්වය උදෙසා මෙම සම්මානය පිරිනැමීමට යෝජනා වී තිබේ. ඒ අනුව මෙහිදී ෆවුසි වෙත එක්සත් ජනපද ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක්ද හිමිවීමට නියමිතව ඇතයි සදහන්වෙයි.එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය අවස්ථාවේදී COVID-19 වසංගතයට එරෙහිව අත්තනි ෆවුසි ඉදිරිපත් කළ බොහෝ විද්‍යාත්මක කාරණා ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. එහෙත් එම කාරණා සියල්ලම සත්‍ය මෙන්ම ලොව බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක්විය. මෙලෙස ජනපතිවරයා සහ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග ආයතනයේ ප්‍රධානියා අතර පැවති මතභේදය නිසාම ෆවුසි කතාබහට ලක්වන චරිතයක් බවටත් පත්විය.

අද වන විට 80 හැවිරිදි වියේ පසුවන වෛද්‍ය ඇන්තනි ෆවුසි, 1984 වසරේ සිටම ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග ආයතනයේ අධ්‍යක්ෂක ලෙසද කටයුතු කර තිබේ.


Tuesday, February 16, 2021

ඉන්දියාවේ බී. ජේ.පීය ලංකාවටත්


ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය (බී. ජේ.පී)ට ඉන්දියාවේ පමණක් නොව අසල්වැසි නේපාලයේ සහ ශ්‍රී ලංකාවේද රජයන් පිහිටුවිය යුතු බවට එහි ජාතික සභාපතිවරයා මෙන්ම වත්මන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන අමිටි ෂා වරෙක පැවසු බව එරට ත්‍රිපුරා ප්‍රාන්තයේ මහ ඇමති බිප්ලාප් කුමාර් ඩෙබි පසුගියදා සඳහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය මගින් ඊයේ (15)දා වාර්ත කර තිබිණි.පසුගිය සෙනසුරාදා එම ප්‍රාන්තයේ අගර්ටාලාහි පිහිටි රබින්ද්‍ර සාටාබාර්ෂිකි භවන්හිදී පැවැති භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරිකයන්ගේ හමුවකදී මහ ඇමතිවරයා මේ බව පවසා තිබේ. ඒ අනුව සිය පක්ෂයේ ජාතික සභාපතිවරයාට සිය පක්ෂය නේපාලයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවක් පැවැති බවත්, එම රටවල්ද ජය ගැනීමේ අරමුණක් පැවැති බවත් ඔහු මෙහිදී අනාවරණය කර ඇත.

"අපි අගර්ටාලාහි රාජ්‍ය නිවාඩු නික්තනයේ සාකච්ඡාවක් පවත්වමින් සිටියේ. එම අවස්ථාවේදී ඊසාන දිග ප්‍රදේශයේ භාරතීය ජනතා පක්ෂ ප්‍රධානියා වූ අජේ ජාම්වාල් පැවසුවා ප්‍රාන්ත බොහෝමයක්ම එම පක්ෂයේ පාලනයේ තිබෙන්නේ කියලා.

එම අවස්ථාවට ප්‍රතිචාර දැක්වූ අමිට් ෂා පැවසුවා. නේපාලයයි ශ්‍රී ලංකාවයි තවමත් පක්ෂයේ පාලනයෙන් නෑ කියලා. ඒ නිසා අපි ඒ රටවලටත් අපේ පක්ෂය පුළුල් කරලා, ඔවුනුත් දිනාගත යුතුයි කියලා ඔහු කිවා” යනුවෙන් මහ ඇමතිවරයා මෙහිදී පවසා ඇත. ඒ අනුව මහ ඇමතිවරයාගේ මෙම මතභේදාත්මක කරුණු දැක්වීම සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව එම ත්‍රිපුරා ප්‍රාන්තයේ විපක්ෂය සඳහන් කරයි. එහිදී භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය මේ පිළිබඳ ප්‍රතිචාර දැක්විය යුතු බවත් පවසා තිබේ.මේ පිළිබඳ අදහස් දක්වන ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ CPI (M) නායකයා, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ  මෙම අදහස විදෙස් රටක අභ්‍යන්තර කටයුතු වෙත අතපෙවීමක් ලෙස හඳුන්වා දෙයි. එසේම ත්‍රිපුරා ප්‍රාන්තයේ මහ ඇමතිවරයාගේ ප්‍රකාශය සරලව ගත නොහැකි බවත්, අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ ඉහළ නායකත්වය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුතු බවත් ඔහු පවසා ඇත. එසේම ත්‍රිපුරා ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨම දේශපාලනඥයෙකු මෙන්ම විපක්ෂ කොංග්‍රස් පක්ෂයෙන් එම ප්‍රාන්ත ඒකකයේ උපසභාපති දේ අදහස් දක්වමින්, "නේපාලය සහ ශ්‍රී ලංකාව යනු ස්වෛරී රාජ්‍යයන්. අපේ රට හෝ කිසිදු පක්ෂයක් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතුයි” යනුවෙන් පවසා තිබේ. කෙසේ වෙතත් මෙම සටහන ලියවෙන මොහොත වනවිටත් එම පක්ෂයේ ජාතික සභාපතිවරයා පැවසූ අදහස හෝ ත්‍රිපුරා ප්‍රාන්ත මහ ඇමතිවරයා දැක්වූ අදහස සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ කිසිදු නායකයෙකු අදහස් දැක්වීමක් සිදු කර නොතිබුණි.


එක්සත් අරාබි එමීරය අභ්‍යවකාශ ගවේශණ ඉතිහාසය අලුතින් ලියයි

එක්සත් අරාබි එමීරයේ අඟහරු මෙහෙයුම යටතේ ගුවන්ගත කෙරුණු අභ්‍යවකාශ යානය මගින් ලබාගත් අඟහරු ග්‍රහයාගේ පළමු වැනී ඡායාරූපය පසුගිය ඉරිදා දිනයේදී ප්‍රසිද්ධියට පත් කෙරිණි. මේ වනවිට එම යානය අඟහරු ග්‍රහයාගේ කක්ෂය වටා භ්‍රමණය වෙමින් , පවතී.

එක්සත් අරාබි එමීරයේ අභ්‍යාවකාශ ඒජන්සියට අනුව පසුගිය බදාදා දිනයේදී මෙම ඡායාරූපය ලබාගෙන තිබේ. මෙම ඡායාරූපය තුළ අඟහරු ග්‍රහයා මතට වැටෙන සුර්යා ලෝකය පතිතවන ආකාරයත්, අගහරුගේ උත්තරධ්‍රැවය මෙන්ම එහි පිහිටි දැවැන්තම් ගිනිකන්ද වන ඔලිම්පස් මොන්ස් කන්ද දැකගත හැකිය.අරාබි රාජ්‍යයක් විසින් අගහරු ග්‍රහයා වෙත සිදුකරන ලද පළමු වැනි මෙහෙයුම ලෙසද මෙය සැලකෙයි. ගුවන්ගත කර මාස හතක ගමනකින් අනතුරුව, පසුගිය අඟහරුවාදා දිනයේදී මෙම යානය අඟහරු කක්ෂයට ඇතුළු විය. එම අවස්ථාව වනවිට යානය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 494ක දුරක් ගෙවා තිබුණි. මෙම යානය මගින් අඟහරු ග්‍රහයාගේ වායුගෝලය සහ දේශගුණික තත්වයන් පිළිබඳ තොරතුරු පෘතුවිය වෙත එවීම සැලසුම වී තිබේ. එක්සත් අරාබි එමීරය හුදෙක් බොරතෙල් මත පදනම් නොවී සිය විද්‍යානත්මක සහ තාක්ෂණික හැකියාවන් දියුණු කිරිමේ උත්සාහයේ තවත් එක් අවස්ථාවක් ලස මෙම මෙහෙයුම හඳුන්වාදී තිබේ. ඒ අනුව අඟහරු ග්‍රහයා වෙත ළඟා වූ පස්වැනි රට බවටත් ඔවුන් පත්ව ඇත. එසේම වසර 2117 වනවිට අඟහරු ග්‍රහයා මත වාසස්ථාන බිහි කිරීමටත් එමීරය සූදානමින් සිටියි.

Monday, February 15, 2021

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට ලොක්ඩවුන් සීමා

 ‘කොවිඩ්-19" හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හමු වීමත් සමග නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරයට අගුළු දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් ඊයේ (14)පියවර ගත්තා ය.නවසීලන්තය මාස හයකට පසු අගුළු දැමීම හෙවත් ‘ලොක්ඩවුන්" සීමා පැනවූ පළමු අවස්ථාව මෙය විය. ලක්ෂ පනහකට ආසන්න පිරිසක් ජීවත් වෙන නවසීලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 25කි. නව කොරෝනා වයිරසය ඉතා හොඳින් පාලනය කළ රටක් ලෙස නවසීලන්තය ලොව පුරා පිළිගැනීමට ලක්විය.මෙම නව සීමා සමග තෙවැනි මට්ටම් ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වන අතර ඊයේ (14) රාත්‍රියේ සිට එම සීමාවට ක්‍රියාත්මක වේ. එම සීමාවලට අනුව අත්‍යවශ්‍ය සේවා හැර පාසල් සහ ව්‍යාපාර ආදියද වසා දැමේ.“ඕක්ලන්ඩ් වැසියන්ගෙන් අපි ඉල්ලන එක දෙයක් තියෙනවා. ගෙදරට වෙලා ඉන්න. වයිරසය පැතිර යෑම නතර කරන්න" යැයි ආණෙන් ප්‍රකාශ කළාය.

“මේ පැතිර යන්නේ යන්නේ සම්ප්‍රේෂණය වැඩි විකෘති ප්‍රභේදයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ලොක්ඩවුන් සීමා පනවනවා. පැතිර යෑම වැඩි ප්‍රභේදයක් නම් අපට දැඩි විමසිල්ලෙන් ඉන්න වෙනවා" යැයි ද ඇය කීවාය. ඕක්ලන්ඩ් නුවර එකම පවුලකට තිදෙනකුට මෙලෙස නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන අතර ඔවුන්ට ආසාදනය වී ඇත්තේ සම්ප්‍රේෂණය වැඩි නව සහ විකෘති ප්‍රභේදයක් ද යන්න සොයා බැලීමට නවසීලන්ත සෞඛ්‍ය බලධාරීහු ඊයේ පියවර ගත්තා. ඔවුන් තිදෙනාට වයිරසය ආසාදනය වූ මූලාශ්‍රය කුමක්ද යන්න ඊයේ පස්වරු වනවිටත් අනාවරණය වී නොතිබිණි. ' ඕක්ලන්ඩ් නුවර නවසීලන්තයේ ඉතිරි නගරවලින් වටවී තිබෙන්නකි. මේ නිසා අනෙකුත් නගර සහ මෙට්‍රෝ නගරවල සිටි ඕක්ලන්ඩ් නුවරට ගමන් කිරීම ද ඉදිරි දින තුන සඳහා දැඩි ලෙස සීමා කරන බව නවසීලන්ත බලධාරීහු ඊයේ කීහ.රටේ ඉතිරි කොටස් නව කොරෝනා වයිරසයේ දෙවැනි අවදානම් මට්ටමට යටත් වන බවත් ජනතාව පොදු ප්‍රවාහනයේදී මුඛ ආවරණ පැලඳිය යුතු බවත් එක් අවස්ථාවකට රැස්විය හැකි උපරිම ගණන 100ක් බවත් ජසින්ඩා ආඩෙන් කීවාය.

 වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී.) 


Friday, February 12, 2021

ඇමෙරිකාව තුල COVID-19 එන්නත ලබාගත් 36 දෙනෙකුට ප්‍රතිශක්තිකරණ සංකූලතා

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක COVID-19 මර්දන එන්නත්කරණය යටත් Pfizer/ BioNTech එන්නත සහ Moderna එන්නත ලබාදුන් 36 දෙනෙකු තුළ දුර්ලභ ප්‍රතිශක්තිකරණ සංකූලතා පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙහිදී එම පිරිසගේ රුධිරය වෙත ඉන් හානි සිදුවන බව පැවසෙයි. ඒ අතරින් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙන බව මේ පිළිබද අනාවරණය සිදුකරන එරට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.මෙම මිය ගිය තැනැත්තා 56 හැවිරිදි වෛද්‍යවරයෙකු වන ජෝර්ජ් මයිකල් නැමන්තෙකු ලෙස හඳුනාගෙන ඇත. මියාමි හි පොද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ඔහු පසුගිය ජනවාරි මාසයේදී මෙම Pfizer/BioNTech ඇත. එහෙත් සති දෙකකට පසුව ඔහු මොළයේ හටගත් රක්තපාත තත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත. මෙම තත්වය රුධිරයේ ඇතිවන ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බව පැවසෙයි.මීට අමතරව අනෙකුත් සංකූලතා සහිත පිරිස අතරින් එක් කාන්තාවකට Moderna එන්නත ලබාදී ඇති අයෙකි. ඉන් පසුව ඇයට ඔසප් සංකුලතාවක් ලෙස අධික රුධිර වහනයක් සිදුව ඇති අතර, ප්‍රතිකාර ලබාදීමෙන් මෙම තත්ත්වය පාලනය කර තිබේ. එසේම එම එන්නතම ලබාගත් තවත් පුද්ගලයෙකුගේ මුඛයෙන් රුධිරය වහනය වීමක් ගැනද වාර්තා වෙයි.

රුධිරයේ ඇතිවන මෙම රෝගී තත්වය ඉතාමත් දුර්ලභ වන අතර මේ හේත්තුවෙන් ශරිරයේ පවතින ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙත පහරදීමක් සිදුවී එහි ඇති රුධිර කැටිති දියවීමකට ලක් කරයි. ඒ හරහා අභ්‍යන්තර හෝ බාහිර රුධිර ගැලීම් සිදුවීම් හැකියාවක් පවතී. සම මතුපිටදී එය කුෂ්ටයක් ලෙසින්ද දැකගත හැකිය.



සිරගතකර තිබූ සෞදි කාත්තා හිමිකම් ක්‍රියාකාරිනියට නිදහස

සොදි අරාබියේ බලධාරීන් විසින් වසර හයක කාලයකට සිරගත කරන ලද එරට මුල් පෙළේ කාත්තා හිමිකම් ක්‍රියාකාරිනියක වන ලොයුජායින් අල් හතොයුල් ඉන් නිදහස් කර ඇතැයි ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති. 31 හැවිරිදි ඇය 2018 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා වසර තුනකට ආසන්න කාලයක් සිරදඩුවම් ලැබුවාය.සෞදි අරාබිය තුළ කාන්තාවන්ට වාහන පැදවීම් අවස්ථාව ලබා ගැනීම මෙන්ම පුරුෂාධිපත්‍ය නිමා කිරීම වෙනුවෙන් ඇය මෙලෙස සටනේ නිරත වූවාය.ඇය මෙලෙස සිරගත කර තිබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළදී පවා දැඩි කතාබහට ලක් වූ අතර, ඇයට එරෙහිව එල්ල කර තිබූ ත්‍රස්තවාදයට එරෙහි නීතිය කඩකිරීම් පිළිබඳවද සෞදි බලධාරින් දැඩි විවේචනයටද ලක්විය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් එල්ල වූ මෙම පීඩනයත් සමගින්ම සෞදි අධිකරණය ඇගේ මෙම වසර හයක සිරදඩුවමෙන් වසර දෙකක් සහ මාස 10ක් අත්හිටුවා අය මෙලෙස නිදහස් කර තිබේ. කෙසේ වෙතත් ඇයට පනවා ඇති වසර පහක සිරදඩුවම එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් සදහන් වෙයි.


චීන රොබෝ යානයත් අඟහරු යයි

 

චීනයේ 'ටියැංවෙන් 1' ගවේෂණ යානය පෙරේදා (10) අගහරුගේ කක්ෂයට පිවිසියේය. චීනය අඟහරු ගවේෂණයට රොබෝ යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. ‘ටියැංවෙන් 1 ගවේෂණ යානය අගහරු කක්ෂයට පිවිසියේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අමල්” නමැති රොබෝ යානය අඟහරුගේ කක්ෂයට ඇතුළු වී දිනකට පසුවය. “අමල්" යානය අගහරු කක්ෂයට ඇතුළු වූයේ 9 වැනිදාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු වෙත යැවූ පළමු යානය අමල්ය. මෙම යානය කක්ෂීය යානයක් වන අතර මෙය අඟහරුන්ගේ කක්ෂයේ රැදී සිටිමින් දත්ත රැස් කරයි.


චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදුවන්නේ 'චීන අභ්‍යවකාශ ගවේෂණ අධිකාරිය යටතේය. 'ටියැංවෙන් 1 යානය මෙහෙයවන්නේ චීන අභ්‍යවකාශ ගවේෂණ අධිකාරියේ විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන්ය. 'ටියැංවෙන් 1' පෘථිවියෙන් පිටත් වී ගියේ, පසුගිය ජූලි 23 වැනිදා ය. පසුගිය 2020 ජූලි මාසයේ අඟහරු ග්‍රහයා පෘථිවියට ළංව පිහිටියේය. රටවල් 3 ක් අඟහරු වෙත ගවේෂණ යානා යැවීම කළේ ඒ අනුවය. එම රටවල් තුන චීනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඇමෙරිකාවය. ඇමෙරිකාව යැවූ ගවේෂණ යානය අඟහරුට ළං වීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනිදාය.


'ටියැංවෙන් 1’ ගවේෂණ යානය, යානා 3 ක එකමුතුවකි. සම්පූර්ණ යානයේ උස මීටර් 1.85 කි. බර කිලෝ ග්‍රෑම් 240 කි.  පෙරේදා (10) අඟහරුගේ කක්ෂයට පිවිසියේ 'ටියැංවෙන් 1' කක්ෂීය යානයයි. මෙය මවු යානයක්  ලෙස ක්‍රියා කරයි. දෙවැනි යානය අඟහරු මතට පතිත කර, පස් සාම්පල සහ දත්ත රැස් කරන යානයකි. මෙම පතිත කරවන යානය ඉදිරියේ දී අඟහරු මතුපිටට පතිත කරනු ඇත්තේ පැරෂුට් ආධාරයෙනි. යානය ඉදිරි දින කීපය ඇතුළත දී මව් යානයෙන් වෙන් වී අඟහරු මතපිට බලා යනු ඇත.


පතිත කරවන යානය තුළ තවත් කුඩා යානයක් ඇත. මෙය රෝවර් යානයකි. රෝවර් යනු රෝදවලින් සමන්විත කුඩා යානා ය.  මේවා එහෙ මෙහෙ යමින් ගවේෂණයේ යෙදෙයි. සූර්ය බලයෙන් පණ ගැන්වෙන 'ටියැංවෙන් 1 ' යානා තුනම අඟහරුගේ මාස 3 ක් (පෘථිවි දින 92 ක් ගවේෂණ කටයුතුවල නියැලෙනු ඇති බව චීනය පවසයි. චීනය, මෙම යානය  'ටියැංවෙන්' යනුවෙන් නම් කර ඇත්තේ පුරාණ කාව්‍යයක් මුල්කොට ගනිමිනි. මෙම කාව්‍යය රචනා කර ඇත්තේ මීට වසර 2,000 කට පෙර, චීන සාහිත්‍යවේදියකු මෙන්ම දේශපාලනඥයකු ද වූ කූ යුවාන් ය. මොහු ජීවත් වූයේ ක්‍රි.පූ. 770-223 තෙක් කාලයේ ය. වසර 2,000 කටපෙර, කූ යුවාන් රචනා කළ“ටියැංවෙන් 1"කාව්‍යයෙන් කියැවෙන්නේ ග්‍රහලෝක ගවේෂණ ගැනය. 'ටියැංවෙන් 1’ යානා ත්‍රිත්වයේ අරමුණ වී ඇත්තේ, අඟහරුගේ ඡායාරූප ගැනීම, කාලගුණය සහ චුම්බක  ක්ෂේත්‍ර අධ්‍යයනය කිරීමය.


Friday, October 2, 2020

"COVID-19 වෛරසයේ දිගුකාලීන බලපෑම් ගැන ඉක්මණින්ම සොයන්න" - නව කොරෝනා ආසාදනය වූ කාන්තාවක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලයි


නව කොරෝනාව හෙවත් COVID-19 වෛරසය දරුණු බලපෑමක් සහිත වෛරසයක් බවත්, එහි පවතින දිගුකාලීන බලපෑම් සම්බන්ධයෙන් හැකි ඉක්මනින්ම පර්යේෂණ සිදු කළ යුතුව ඇති බවත්, එම වෛරසය ආසාදනය වූ 48 හැවිරිදි ඇනෙටා ෂෙල්ෆෝර්ඩ් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක රජයෙන් ඉල්ලා සිටියි.

එරට කේම්බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇයට පසුගිය මාර්තු මාසයේදී නව කොරෝනාව වැලදී තිබේ. තමන්ට එම අවස්ථාවේදී අධික උණ තත්ත්වයක් මෙන්ම නොනවතින වේදනාවක්ද දැනුණු බව ඇය පවසයි. එසේම එතැන් පටන් මේ දක්වා එම වේදනාව සිය සිරුරේ පවතින බවත් ඇය සඳහන් කරයි.

"අපි ඉක්මණටම මෙය හඳුනාගන්න වෙනවා. මම වගේ තවමත් මේ වෛරසයෙන් පීඩා විඳින පුද්ගලයන් පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් සලසන වෙනවා." ඇය පවසයි. 

මේ අතර බ්‍රිතාන්‍ය රජයද දැනට සිදුකර ඇති පරික්ෂණ අනුව මෙම COVID-19 වසංගතයේ පවතින දිගුකාලීන බලපෑම සම්බන්ධයෙන් තමන් හඳුනාගෙන ඇතැයි සඳහන් කර තිබේ.

හිටපු ශාරීරික සුවතා උපදේශකවරියක වන ඇය තමන්ට පළමු වරට රෝග ලක්ෂණ ඇති වූ අවස්ථාවේදී රජයේ උපදෙස් අනුව ස්වයං හුදෙකලා වීමකට ලක්වී, ඇය එලෙස සති දෙකක කාලයක් ගත කර ඇත. එසේම කිසිඳු වෛද්‍ය ආධාරයක්ද ඉල්ලා නැත. එහෙත් සති දෙකෙන් පසු දිනයේදී ඇයට යළිත් එම රෝග ලක්ෂණ ඇති වී තිබේ. 

"ආයිත් මට ඒ වේදනාවම ආවා. අලුත් රෝග ලක්ෂණ එක්කම." ඇය පවසයි. කෙසේ වෙතත් තමන්ට එම අවස්ථාවේදී වැලඳී තිබුණේ නව කොරෝනාවද යන්න පැහැදිලිවම කිව නොහැකි බවත් ඇය පවසයි. එම කාලයේදී රටතුළ මහා පරිමාණ පරික්ෂා කිරීම් නොපැවතීම ඊට හේතුවයි. එහෙත් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය සඳහන් කරන ලක්ෂණ අනුව එය පෙර COVID රෝග ලක්ෂණයක් බවකි.


Monday, September 28, 2020

ශීත සෘතුවත් සමඟ ඇමෙරිකානු COVID-19 රෝගීන්ගේ දැවැන්ත පිපිරුමක්


ඉදිරි මාස කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදය වෙත බලපාන ශීත ඍතු තත්ත්වයන් සමඟ එරටින් වාර්තා වන නව කොරෝනා හෙවත් COVID-19 රෝගීන් සංඛ්‍යාවේ පිපිරුමක් දැකගත හැකි වෙනු ඇතැයි, වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මිතිය සහ ඇගයීම් සදහා වන ආයතනයේ IHME (Institute for Health Metrics and Evaluation)අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස් මරේ අනතුරු අඟවා සිටියි.

"පළමුවෙන්ම අපි දැක්කා ඇතැම් ප්‍රාන්තවල රෝගීන්ගේ අඩු වීමක්. හැබැයි එතැනදී ජනතාව තමන්ගේ පරෙස්සම අතහැරියා. ඔවුන් පෙරට වඩා එකිනෙකා අතර සබඳතා පවත්වා ගන්න උත්සාහ කළා. එතැනදී යළිත් වටයකට එම ප්‍රාන්ත තුළ ආසාදිතයන් ඉහළ ගියා. ඒ වගේම තමයි, මේ වෙරසය ගැන බලද්දී ඍතුමය වශයෙන් එල්ල වන බලපෑමත් වැදගත්. 

මෙම IHME ආයතනය මඟින් සකස් කර ඇති ආදර්ශනයකට අනුව අද වනවිට එක්සත් ජනපදය තුළ COVID-19 හේතුවෙන් දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 765කි. එහෙත් ලබන දෙසැම්බර් මාසය වනවිට එම සංඛ්‍යාව 3,000ක් දක්වා ඉහළ යා හැකි බව එහි සඳහන් වෙයි.

මේ අතර ඉදිරියේදී උදා වන මෙම තත්ත්වය පිළිබඳව මීට පෙර අදහස් දක්වා සිටි එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානයේම අධ්‍යක්ෂවරයා, “මේ ශීත සෘතු කාලසීමාව ඇමෙරිකානු මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් අත්දකින්නට ලැබෙන වඩාත් අසීරුතම කාලයයි.”යනුවෙන්ද පවසා තිබුණි.

එරට ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුවද මේ දක්වා එරට තුළ ලක්ෂ 70කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් ලක්ෂ දෙකක සංඛ්‍යාවක් දැනටමත් මරණයට පත්ව ඇත. එසේ පසුගිය සතිය හා සාපේක්ෂව මේ සතියේදී එරට ප්‍රාන්ත 24කදීම රෝගීන් වැඩි වීමක් පෙන්නුම් කර තිබේ. මේ අතර පසුගිය සතියේදී අදහස් දක්වා සිටි එරට අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසිද ශීත සෘතුවත් සමඟ පැමිණෙන අභියෝගයට’ සුදානමින් සිටින ලෙස එරට නගරවලින් ඉල්ලා සිටියේය. සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස් සනාථ කරමින් පසුගිය සිකුරාදා දිනයේදී එක්සත් ජනපදය තුළ නව කොරෝනා ආසාදිතයන් 55,054ක් වාර්තා වූ අතර, එය පසුගිය අගෝස්තු මාසය මැද සිට මේ දක්වා දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාවද වී තිබේ.

එසේම එරට ප්‍රාන්ත හතරක් තුළ වාර්තා වූ අගයන් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවේ වාර්තාවද තබා ඇත.  මෙලෙස දෛනික ආසාදිතයන් ඉහළ යද්දී ලබන නොවැම්බර් 20දා පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැටලුවක්ද උද්ගතවී ඇතැයි වාර්තා පවසයි. විශේෂයෙන්ම නව කොරෝනාව හේතුවෙන් එරට ඡන්ද පොළ තුළ සේවය කිරීම සඳහා පිරිස් සොයා ගැනීමට නොහැකි වීම ඊට හේතුවයි. ඒ අනුව ප්‍රමාණවත් තරම් පිරිසක් සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් එම ඡන්ද පොළ විවෘත කිරීමේ අවස්ථාවක් උදා නොවෙනු ඇතැයිද අදහස් පළ වී තිබේ.



Friday, September 18, 2020

COVID-19 එන්නතට වඩා මුඛ ආවරණය වඩාත් ආරක්ෂිතයි - එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානියා පවසයි.

 


නව කොරෝනාව හෙවත් COVID-19 වසංගතයට එරෙහි ආරක්ෂාවක් සඳහා එන්නතකට වඩා මුඛ ආවරණ පැලඳීම වඩාත් ආරක්ෂිත බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යක්ෂ රොබර්ට් රෙෆීල්ඩ් පවසයි. පසුගියදා එරට සෙනෙට් උපකමිටුවක් ඉදිරියේ කරුණු දක්වමින් අධ්‍යක්ෂවරයා මේ බව පවසා ඇත.

"මට නම් මේ නව කොරෝනාවට එරෙහිව එනතක් ලබා ගන්නවාට වඩා වැඩි ආරක්ෂාවක් මුඛ ආවරණ හරහා ලැබෙනවා කියන්න පුළුවන්." ඔහු පවසා ඇත. කෙසේ වෙතත් මෙම මුඛ ආවරණ නිසා නව කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ආසාදිත අංශු කොතරම් දුර ව්‍යාප්ත වීම අවුරනවා දැයි යන්න පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා පර්යේෂණ සිදු කිරීම අනිවාර්ය බවත් ඔහු මෙහිදී පවසා තිබේ.

විශේෂයෙන්ම තවමත් නව කොරෝනාවට එරෙහි එන්නත් අත්හදා බැලීමේ මට්ටමේ පැවතීමත්, ඒවායේ සැබෑ සාර්ථකත්වයක් පිළිබඳව මෙතෙක් ඔප්පු වී නොතිබීමත් මෙන්ම, සැලකිය යුතු පිරිසකට තවමත් එම එන්නත ලබාදී නොතිබීමත් යන කාරණා නිසා මේ තත්ත්වය උදාවන බව අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දෙයි.

මේ අතර රොබට් රෙඩ්ෆීල්ඩ් (CDC) කොංග්‍රස් උපකමිටුව ඉදිරියේ දැක් වූ මෙම අදහස් 'ගැටලුසහගත’ සහ 'අත්වැරදීමක්' බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. විශේෂයෙන්ම නව කොරෝනාවට එරෙහි එන්නත ලබන අවුරුද්දේ දෙවැනි කාර්තුව තෙක්ම සාර්ථක නොවෙනු ඇතැයි ඔහු දැක්වූ අදහස ප්‍රතික්ෂේප කරන බව ජනපති ට්‍රම්ප් පවසයි.

"මෙතැනදී වෙලා තියෙන්නේ රෙඩ්ෆීල්ඩ් සෙනෙට් කමිටුව අහපු ප්‍රශ්නය ගැන ඇති කරගත් අනවබෝධයක්. කිසිම විදියකින්වත් එන්නතකට වඩා මුඛ ආවරණ වැදගත් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඔහු මේ කාරණා දෙක ගැනම අනවබෝධයක් ඇති කරගෙනයි තියෙන්නේ.” ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත පවසා ඇත. 

මෙම තත්ත්වයත් සමග, එම මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස රෙඩ්ෆීල්ඩ්ගේ ක්‍රියාවන් පිළිබඳව සෑහීමකට පත්වන්නේ දැයි මාධ්‍ය ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් තමන් ඔහු ගැන තවදුරටත් විශ්වාසය තබා ඇතැයි පවසා තිබේ.

මේ අතර ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙත නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනපති ට්‍රම්ප් පසුගිය බදාදා මාධ්‍ය හමුවේ පිළිගෙන තිබේ. එහෙත් මෙතෙක් එම පුද්ගලයා කවුරුන්ද යන්න හෙළිදරව් වී නැත. එහිදී ඔහු හේතුවෙන් තවමත් පුළුල් වශයෙන් වෛරසය ව්‍යාප්ත වීමක් සිදුව නැතැයිද ධවල මන්දිරයේ ප්‍රකාශිකාවක ස්ථිරවම පවසා ඇත.


උපැස් යුවළෙන් කොරෝනාවට එරෙහි පස් ගුණයක ආරක්ෂාවක්

දිනපතාම පාහේ උපැස් යුවළ පැලඳීම මඟින් නව කොරෝනාවෙන් එල්ල වන අවදානමින් පස් ගුණයක ආරක්ෂාවක් හිමිවන බව චීනයේ පර්යේෂකයන් පිරිසක් සිදු කළ නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි. එරට නැන්චැන්ග් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් මෙම අධ්‍යයනය සිදු කර ඇත. 

මිනිස් සිරුරේ සෛල වෙත ඇතුළු වී නව කොරෝනාව ආසාදනයට හේතු වන ACE-2නම් ප්‍රතිග්‍රාහක අපගේ ඇස් ආශ්‍රිතව හඳුනාගැනීමට ලැබීම මෙම අධ්‍යයනය සඳහා හේතුව වී තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවකයන් සැමවිටම සිය ඇස් ආරක්ෂා කරගැනීමට අවධානය යොමු කරවීමේ වැදගත්කම සම්බන්ධයෙන් මෙම අධ්‍යයනය වඩාත් හොඳ සාක්ෂි සපයන බවත් පර්යේෂකයන් පවසා සිටියි.

එසේම ජනතාව තුළ සෑමවිටම සිය දෑත් සේදීමේ පුරුද්ද ඇතිකිරීමටත්, කිසිඳු විටෙක අපිරිසිදු දෑතින් සිය මුහුණ ඇල්ලීම නොකළ යුතු බවටත් වන උපදෙස් නිකුත් කිරීමටත් මෙය හොඳ අවස්ථාවක් බව පර්යේෂකයන් සඳහන් කරයි. 

මෙම අධ්‍යයනය සඳහා පසුගිය ජනවාරි 27දා සිට මාර්තු දක්වා නව කොරෝනාව ආසාදනය වූ රෝගීන් 276දෙනෙකු පිළිබඳව අධ්‍යයනය කර ඇත.

ඒ අතරින් රෝගීන් 30දෙනෙකු (10.9%ක්) උපැස් යුවළ පලඳින බවත් මෙහිදී හඳුනාගෙන ඇත. ඉන් ළඟ නොපෙනීම සඳහා 16දෙනෙකුත් සහ දුර නොපෙනීම සඳහා 14 දෙනෙකු උපැස් යුවළ පැලඳීම සිදු කරයි. 

ඒ අතරින්ද ළඟ නොපෙනෙන රෝගීන් 16දෙනා දිගුකාලීනව එනම් දවසේ පැය 8කට වඩා වැඩි වේලාවක් උපැස් යුවල පලඳින්නන්ය. එසේම නව කොරෝනා වසංගතය මුලින්ම වාර්තා වී දරුණු ලෙස ව්‍යාප්ත වූ චීනයේ හුබෙයි පළාතේ වාසය කරන්නන්ගෙන් 31.5%කට වැඩි ප්‍රමාණයක් මෙම ළඟ නොපෙනීමේ දුර්වලතාව හේතුවෙන් උපැස් යුවළ පලඳින්නන් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව එම පළාතේ වාර්තා වූ රෝගීන් හා සැසඳීමේදී උපැස් යුවල පැලඳීම නව කොරෝනාව ආසාදනය වීම පස් ගුණයකින් අඩු කරවන අවස්ථාවක් බවට දැක්විය හැකි බව පර්යේෂකයන් පවසා සිටියි.