Showing posts with label sport. Show all posts
Showing posts with label sport. Show all posts

Tuesday, May 27, 2025

කුඩු තියාගත්තැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංකට රැඳවුම් නියෝග

 


දිනේෂ් උපේන්‍ද්‍ර


හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක් සමග අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු ජූනි 1 වැනිදා දක්වා රදවා ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අවසර දුන්නේය.මෙසේ රැදවුම් නියෝග ලැබුණේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 350ක් සමගින් පෙරේදා (25) අත්අඩංගුවට ගැනුණු කලක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නකු වූ ෂෙහාන් මධුසංක නැමැත්තෙකි.


පන්නල පොලිසිය සැකකරු බී වාර්තාවක් මගින් ඊයේ (26) ඉදිරිපත් කරමින් සැකකරුගෙන් රඳවා ප්‍රශ්න කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි පොලිසිය කළ සලකා බලමින් ඉහත නියෝග කළේය. පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී ද මොහු මෝටර් රථයෙන් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිටි බවයි.නිවෙසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවෙසට ගොස් පරීක්‍ෂා කිරීමේදී මෙම ක්‍රිකට් ක්‍රීඩකයා පුටු සැටියකට මුවා වී සිටි බවත් ඔහුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී හෙරොයින් තොගය සොයාගත් බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.


පොලිසිය මෙහිදී කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු බැවින් රඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවය.පන්නල පොලිස් නඩු මෙහෙයුම් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිලකරත්න මහතා සැකකරු ඉදිරිපත් කරමින් එම නියෝගය ඉල්ලා සිටියේය.


Wednesday, June 28, 2023

එක්දින ලෝක කුසලානයේ රග කාලසටහ එළි දක්වයි

 

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන අයි.සී.සී.ය විසින් ඊයේ (27දා) එළි දක්වනු ලැබීය. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 05 වැනිදා එංගලන්ත - නවසීලන්ත තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ වීමට නියමිතය. මේ වනවිට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව, මේ සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව සිය පළමු තරගය ක්‍රීඩාකිරීමට සිදුවෙයි. නොවැම්බර් මස 19වැනිදා දක්වා පැවැත්වෙන මෙවර තරගාවලියේ තරග අහ්මදාබාද්, බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, ධර්මශාලා,  හයිද්‍රාබාද්, කොල්කටා, ලක්නව්, මුම්බායි හා පූනේ යන ක්‍රීඩාංගණ 10කදී පැවැත්වෙන අතර, සමස්ත ලීග් වටය තරග 45කින් සමන්විතය.

මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ඉන්දියා - පාකිස්තාන තරගය අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව නිවේදනය කර ඇත. ලොව විශාලම ප්‍රේක්ෂක ධාරිතාව සහිත ක්‍රීඩාංගණය වන මෙම ක්‍රීඩාංගණයේ  ප්‍රේක්‍ෂයක් 130,000කට එකවර අසුන්ගත හැකිය. අවසන් මහා තරගයද මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මීට අමතරව අවසන් පූර්ව තරග නොවැම්බර් 15 හා 16 දෙදින මුම්බායි හා කොල්කටා හිදී පැවැත්වේ. කෙසේ වෙතත් ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගතහොත් ඔවුන්ගේ ප්‍රතිවාදියා පාකිස්තානය නොවන්නේ නම් එම තරගය මුම්බායිහිදී පැවැත්වේ. 

යම් හෙයකින් පාකිස්තානය වුවහොත් එය කොල්කටාහීදි පැවැත්වෙන බවත් අයි.සී.සී.ය නිවේදනය කර ඇත. මේ අතර තරගාවලියේ පුහුණු තරග ගුවහාටි, තිරුවානාපුරම් හා හයිද්‍රාබාද්හිදී පැවැත්වීමට සූදානම් කර ඇත. තරගාවලියට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය යන කණ්ඩායම් 08 හා මේ වනවිට සිම්බාබ්වේ පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 02 ක්‍රීඩා කිරීමට නියමිතය.


Tuesday, May 30, 2023

05 වැනි වරටත් අයි.පී.එල් කිරුළ චෙන්නායි සුපර් කිංගස්ට


ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජය කර 16වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙස කිරුළු පැලඳීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙම ශූරතාවත් සමග අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාව දිනූ (ශූරතා 05) කණ්ඩායම ලෙසින් මුම්බායි සමගින් සමතැන් ගැනීමට එම්.එස්. දෝනිගේ නායකත්වයනේ යුත් චෙන්නායි කණ්ඩායමට අවස්ථාව උදාවිය.

අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ අද (30දා) අලුයම අවසන් වූ මෙම තරගයේ චෙන්නායි කණ්ඩායමට ගුජරාට් වෙතින් ලකුණු 215ක ඉලක්කයක් හිමිවුවත්, ඔවුන් පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී 'යේ (29දා) රාත්‍රී 9.50 පමණ ඇඳහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය නතර කිර්මට සිදුවිය. ඒ වනවිට පන්දු 03කට පමණක් මුහුණදී දුන් චෙන්නායි ඉනිමට එක්ව තිබුණේ ලකුණු 04ක් පමණි. ඒ අනුව නැවත තරගය ආරම්භ වූයේ අද අලුයම 12.10ට වූ අතර, එහිදී ඔවුන්ට ඩක්වර්ත් ලුව්ස් න්‍යාය අනුව පන්දුවාර 15කදී ලකුණු 171ක ඉලක්කයක් හිමිවිය.මේ හේතුවෙන් නැවත ඉනිම ආරම්භ කරන විට චෙන්නායි කණ්ඩායම පන්දුවාර 14.3කදී තවත් ලකුණු 167ක් රැස්කර ගත යුතුව තිබූ අතර, එය ඔවුන් තරගයේ අවසන් පන්දුවේදී සම්පූර්ණ කරගැනීමට සමත් විය. මෙහි අවසන් පන්දු දෙකට රැස්කර ගත යුතුව තිබූ ලකුණු 10ක ඉලක්කය රන්දු ජඩේජා විසින් 6 සහ 4 පහර බැගින් එල්ල ලබාගැනීමට සමත් විය.

ජයග්‍රාහී ඉලක්කය හඹායෑමේදී චෙන්නායි ආරම්භ පිතිකරු යුගලය වූ ඩෙවොන් කොන්වේ හා රුතුරාජ් ගයික්වාඩ් පන්දුවාර 6.3කදී ලකුණු 74ක සාර්ථක ආරම්භයක් ලබාගත් අතර, සෙසු පිතිකරුවෝ එය  ජයග්‍රාහී අවසානයක් කරා රැගෙන ගියහ. චෙන්නායි ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන්  ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසන් කළේ ලකුණු පුවරුව 214/4 සීමාවට රැගෙන යමිනි. මෙය අයි.පී.එල්, ඉතිහාසයේ අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. සුපුරුදු පරිදි ගුජරාට් ආරම්භය රිදීමාන් ෂාහා සහ ෂුන් ගිල් ලබාගත් අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක්  රැස්කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් මුහුණ දුන්නේ, පන්දුවාර 07කට පමණි.

චෙන්නායට අවශ්‍යම කඩුල්ල වූ මෙවර තරගාවලියේ අතිසාර්ථකම පිතිකරුවා වන ගිල්ව, ස්ටම්ප් කිමකට හසු කරගැනීමට නායක දෝනිට හැකිවිය. ඒ රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේය. කෙසේ නමුත් චෙන්නායි සියලු පන්දු යවන්නන්ගේ ප්‍රධානම කඩුල්ල වූ ගිල්ගේ ඉනිම එලෙසින් අවසන් වුවත්,ගුජරාට්හි අංක 03 පිතිකරුවා ලෙස පිටියට එක්වූ සායි සුධර්ශන් ඉදිරියේ චෙන්නායි පන්දු යවන්නන් නොසිතූ පහරකෑමකට ලක්විය. ඔහු, රිදීමාන් සහ සමගින් එක්ව ඉනිම ගොඩනැගූ අතර, එහිදී රිදීමාන් සහ තරගයේ 14වැනි පන්දුවාරයේදී දැවීගියද, සුධර්ෂන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක වනතෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය. ලකුණු පුවරුව 131ක් ලෙස සටහන් වනවිට ෂාහා දැවීගියත්, සුධර්ශන් පිටියෙන් ඉවත්ව යන විට ඔහු ගුජරාට් ඉනිම ලකුණු දෙසීයේ සීමාවෙන්ද එපිටට රැගෙන ගොස් තිබුණි. මෙහිදී විශිෂ්ට ඉනිමක් ගොඩනැගූ සුධර්ශන්, මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ  කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවන විට ඔහු සිය කුලුඳුල් අයි. පී.එල්. ශතකයට ලකුණු 04න් පිටුපසින් සිටියේය.

මෙහි ශ්‍රී ලංකා නියෝජනය වූ මහීෂ් තීක්‍ෂණ (0/36) එකඳු කඩුල්ලක් හෝ දවානොගත් අතර, මතීෂ පතිරණ කඩුලු දෙකක් (2/44) දවාගත්තේය. එම කඩුලු 02ක් සමග මතීෂ මෙවර තරගාවලියේ දවාළූ කඩුලු සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියේය. එය වැඩිම කඩුලු දවාළූවන් අතර 09 වැනි ස්ථානයයි. මේ අතර මෙම තරගයෙන් අනතුරුව අම්බති රයිදු අයි.පී.එල්. තරග බිමට සමුදුන්නේය. වර්ෂාව ඇදහැළෙන විට ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය කටයුතු කළ ආකාරය පිළිබඳ ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබූ අතර, ඔවුන්ගේ අකාර්යක්‍ෂම ආවරණ කටයුතු තරග ආරම්භ ප්‍රමාද කිරීමට දැඩි බලපෑමක් එක් කළේය. මෙම තරගය පෙරේදා (28දා) දිනයේ පැවැත්වීමට තිබුණද, එදින ඇඳහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය දිනයකින් කදැමීමට සිදුවිය. 


(සැ.යු. - මෙය අද අලුයම 2.00ට පුවත්පත මුද්‍රණයට යොමුකරන විට පැවැති තත්ත්වයි)

 විශ්ව මුදියන්සේ


Tuesday, November 1, 2022

අද පැරදුණොත් ශ්‍රී ලංකාව ගෙදර

සුපිරි 12 දෙනාගේ වටයේදී ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් 'ඒ' කාණ්ඩයේ 5 වැනී ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ඉරණම විසදෙන තීරණාත්මක තරගයක් අද (01 )වැනිදා බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතය. නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවෙ මේ වන විට ලකුණු 5 බැගින් ලබා "ඒ" කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානවල රැඳී සිටීම හේතුවෙන් තව දුරටත් තරගාවලිය තුළ රැඳී සිටීම සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායම අද තරගයේ දී අනිවාර්යයෙන්ම ඇෆ්ගනිස්ථානය පරාජය කළ යුතුය. එවිට ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව 4 ක් බවට පත්වනු ඇත. කෙසේ වුවත් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අද තරගය ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙම මස 5 වැනිදා පැවැත්වෙන තරගයේදී එංගලන්තය ද පරාජය කළ යුතුය. එසේම සෙසු තරගවලදී නවසීලන්තය හමුවේ එංගලන්තය සහ අයර්ලන්තයත්, ඇන්ගනිස්ථානය හමුවේ ඕස්ට්‍රේලියාවත් පරාජයට පත් විය යුතුය. යම් හෙයකින් ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරිමට ඇන්ගනිස්ථානය අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායම එංගලන්තය සහ අයර්ලන්තය හමුවේ පරාජයට වන තෙක් තවදුරටත් බලා සිටීමට සිදුවනු ඇත. මෙම කුමන ආකාරයට වුවත්, ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත හැකි වන්නේ "ඒ" කාණ්ඩයේ දෙවැනියා ලෙසින් පමණි. සහභාගි වූ තරග දෙකක් වැස්සට සේදීයාම හේතුවෙන් ලකුණු 2 ක් ලබා සිටින ඇල්ගනිස්ථානයට ද තවමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව පවතී. එහෙත් ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව පරාජය කළ යුතුය. කෙසේ වුවත් අද තරගයේ දී ඇෆ්ගනිස්ථානය පරාජය කිරීම ශ්‍රී ලංකාවට එතරම් පහසු කාර්යයක් නොවනු ඇත.  දිගින් දිගටම බිග් බෑෂ් විස්සයි-20 ලීගයට ක්‍රීඩා කරමින් ඕස්ටේලියාවේ තණතීරුවල හැසිරිම පිළිබඳව ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන්නන් දෙදෙනා වන රෂීඩ් ඛාන් සහ මුජීබුර් රහමන් ලබා ඇති අත්දැකීම් සමූහය අද තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වීමේ ප්‍රවණතාවය බැහැර කළ නොහැකිය. එබැවින් රෂීඩ්ට සහ මුජිබුර්ට තරමක් ආරක්ෂාකාරි ලෙස පන්දුවට පහරදෙන අතරම ආසියානු කුසලාන පළමු තරගයේ දී සිදුවූ අයුරින් ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන්නන් හමුවේ පසුබෑමට ලක්වීමෙන් වැළකී සිටීමට ද ශ්‍රී ලංකා පිතිකරුවන් වග බලාගත යුතුය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය අධිවේගී ඕවර 6 තුළ කඩුලු ලබා නොදී පිතිහරඹයේ නිරත වුවහොත් එය තරගයේ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් වනු ඇත.  ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී යාපනය කණ්ඩායමට ක්‍රීඩා කිරීම තුළින් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණට මුහුණ දීම සඳහා මනා පුහුණුවක් ලබා සිටින ඇන්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් කල්වෙලා ද ඇතිවම දවාගැනීම අද තරගයේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට පැවරෙන තීරණාත්මක වගකීමක් වනු ඇත. පන්දු රැකීම සහ පන්දුවට පහරදීම පමණක් නොව පන්දු රැකීම පිළිබඳව ද ශ්‍රී ලංකා කණ්ඩායම සමබර ලෙස අවධානයක් යොමු කළ යුතු බව මුහුණ දුන් අවසන් තරග කිහිපයේදී ශ්‍රී ලංකා පිලේ හැසිරිමෙන් වටහා ගත හැකිය. එබැවින් තරග ජයගැනීම සඳහා උඩ පන්දු රැකගැනීම අද පිටියට පිවිසෙන ශ්‍රී ලංකා  කණ්ඩායමට තවත් තීරණාත්මක සාධකයක් වනු ඇත. 

ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), පැතුම් නිසංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අශේන් බණ්ඩාර 

ඇෆ්ගනිස්ථාන සංචිතය 

මොහොමඩ් නබී (නායක), හස්රතුල්ලා සසායි, රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, උස්මාන ඝානි, නජිබුල්ලා සද්‍රාන්, අස්මතුල්ලා ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන්, ෆරිඩ් අහමඩි, ෆසාල්හක් ෆකුරි, කායිස් අහමඩ්, නවීන් උල්හක්, දර්විෂ් රසූලි සහ මොහොමඩ් සලීම්.

(ශානුක අරවින්ද)


Monday, August 8, 2022

ශ්‍රී ලංකා පදක්කම් මල්ලට තවත් ලෝකඩ පදක්කමක්

එංගලන්තයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අදින් (08දා) අවසන් වේ. පුරා දින 12ක් පැවැති තරගාවලියේ අවසන් දිනයේදීද තරග ඉසව් 06ක් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන සියලු තරග ඉසව් ඊයේ (07)දා අවසන් වීමට නියමිතව තිබිණ. මේ අතර ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තු දෙකක් වූ සාරංගි ද සිල්වා හා සුධ රණසිංහ ඊයේ (07)දා ශ්‍රී ලංකාවේ  වේලාවෙන් මධ්‍යම රාත්‍රී සිය අවසන් තරග ඉසව් සඳහා තරග වැදීමට නියමිතව තිබිණ. පුවත්පත මුද්‍රණයට යන විටත් එම තරග අවසාන වී නොතිබිණ. මෙහිදී කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් සාරංග ද සිල්වා ඊයේ (07දා රාත්‍රී 11.45ට තරග වැදීමට නියමිතව තිබූ අතර, පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසවේදී සුමේධ රණසිoහ තරග වැදීමට නියමිතව තිබුණේ අලුයම 12.30ට පමණයි. මීට අමතරව ස්කොෂ් මිශ්‍ර යුගල ඉසව්වේ . පලඟ ශුරතාවයේ අවසන් තරගයට ශ්‍රී ලංකාව හා ගයනා තරග වැදීමට නියමිතව තිබීණ. මේ අතර බැඩ්මින්ටන් ඉසව්වේ අවසන් බලාපොරොත්තුවත් ශ්‍රී ලංකාවෙන් රියේ ගිලිහී ගියේය. ඒ පිරිමි යුගල තරග ඉසවේ අර්ධ අවසන් පූර්ව තරගයේදී මැලේසියාව හමුවේ තරග වට 2-0 ක් ලෙසින් පරාජයට පත්වීමත් සමගිනි. සචින් ඩයස් සමගින් බුවනෙක ගුණතිලක සහභාගී වූ එම ඉසව්වේදී ඔවුන් දෙදෙනා මැලේසියානු ක්‍රීඩකයන් දෙදෙනා හමුවේ පරාජයට පත්වූයේ 21-12ක් හා 21-08ක් ලෙසිනි. මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට සිවුවැනි පදක්කම හිමිකර දීමට නෙත්මි පෝරුතොටගේ පසුගියදා (05දා) සමත් විය. කාන්තා නිදහආර මල්ලවපොර කි.ග්‍රෑ 57 ඉසවේ ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයෙන් ඔට්‍රේලියාවේ අයින් සයිමන්ඩිස් පරාජයට පත්කරමිනි.අ මෙහිදී කාන්තා මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වේ අවසන් තරගය සඳහා නිලානි රත්නායක සහභාගී වුවද, එහිදී තත්. 10.00.34කින් තරගය නිමා කළ ඇයට හිමි වූයේ 07 වැනි ස්ථානයයි. එහි රන්පදක්කම කැනඩාවේ ජැක්ලින් කොප්කොච් විසින් හිමිකර ගත්තේ මිනි. 9.15.88කින් තරගය නිමා කරමිනි. එහි රිදී පදක්කම එංගලන්තයේ එලිසබෙත් බර්ඩ් (මිනි. 9.17.79) විසින් හිමිකර ගනිද්දී තෙවැනි ස්ථානය හිමි කරගත්තේ උගන්ඩාවේ පෙරුත් චෙමුටායි (මිනි. 9.23.24) විසිනි.  මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් මීටර් සියය ඉසවෙන් ලෝකඩ පදක්කමක්ද, පැරා මළල ක්‍රීඩා ඉසව්වේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ F-42.46/ 61-64 ඉසව්වේ රිදී පදක්කම පාලිත බණ්ඩාර විසින්ද ශ්‍රී ලංකාවට දිනා දුන්නේය. එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිලංක ඉසුරු කුමාර විසින් බර ඉසිලීමේ ඉසව්ව වෙනුවෙන් දිනා ගත් අතර, ඔහු පීරීමි කි.ග්‍රෑ 55 ඉසව්වේදී කි.ග්‍රෑ 225ක බරක් ඔසවමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. මේ අතර බොහෝ දෙනාගේ අවධානය දිනාගත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉසව ලෝකඩ පදක්කම දිනා ගැනීමට නවසිලන්තය සමත් විය. ඒ සත්කාරක එංගලන්තය පරදා කඩුළු 8ක ජයක්


ඕෂිත වරකපිටිය (එංගලන්තයේ බර්මින්හැම් සිට)


Friday, July 15, 2022

ලොව දක්ෂම ටෙනිස් ක්‍රීඩකයකුගේ ක්‍රීඩා දිවිය අවසන්ද

ලොව දසත ටෙකිස් ක්‍රීඩකයෙකු ලෙසින් හැදින්වෙන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ගේ ටෙනිස් දිවිය පිළිබඳව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ කුකුසක් මතුව තිබේ. ඒ මෙවර විම්බල්ඩන් තරගාවලියට සහභාගී නොවීමත් සමගින් ඔහු අතර්ජාතික ටෙනිස් පිටියට සමුදෙයිද යන්න පිළිබදවයි. එමෙන්ම පසුගියදා නෙදර්ලන්ත පුවත්පතක් සමගින් ඒක් වී ෆෙඩරර් ප්‍රකාශ කළ කරුණු අනුවද ඔහුගේ ටෙනිස්දිවියේ අනාගතය ගැන සැකයක් මතුවී ඇත. ටෙනිස් ක්‍රීඩාවට වඩා තමන්ගේ පවුලේ සාමාජිකයන් සමගින් කාලය ගත කිරීමට දැන් තමන් ක්‍රියා කරන බව ඔහු එහිදී පවසා ඇත. මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන ෆෙඩරර්, 2021 වර්ෂයේ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියෙන් පසු ටෙනිස් පිටියේ දක්නට නොලැබිණ. සිය දණහිසෙහි මතු වූ ආබාධයක් හේතුවෙන් වසරකට අධික කාලයක් ටෙනිස් පිටියෙන් ඈත්වී සිටි ඔහු, පසුගියදා (11) අන්තර්ජාතික ටෙනිස් (පිරීමි) ශ්‍රේණිගත කිරීම්වලීන් නිල වශයෙන් ඉවත් කර තිණ. ඔහු 1997 වර්ෂයේදී ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්ව වසර 25කට පසු පළමුවරට මෙලෙස ඉවත් වීම විශේෂත්වයකි, ලොව ප්‍රධානතම ටෙනිස් තරගාවලිය හෙවත් ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලි 20කට ශූරතා දිනා ඇති ෆෙඩරර්, එම ශුරතා වැඩිම ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයන් අතර තෙවැනි ස්ථානයේ පසුවේ. එහි පෙරමුණේ ෆෙඩරර්ගේ පැරණි සුපුරුදු ප්‍රතිවාදියෙකු වන ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් ශුරතා 22 පසුවන අතර, දෙවැනි ස්ථානයේ වත්මන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොව්ච් (ශුරතා 21) පසුවේ. ග්‍රෑන්ඩ්ස්ලාම් ටෙනිස් ශූරතා 20 කඩඉමට ළංවූ ලොව පළමු ක්‍රීඩකයා වන්නේ ෆෙචරර්ය. ඒ අතරින් වැඩිම විම්බල්ඩන් ශුරතා ප්‍රමාණයක් හිමි කරගෙන ඇති ෆෙඩරර්, 2017 වර්ෂයේදී අවසන් විඛණ්ඩන් ශූරතාව හිමිකරගෙන ඇත. කෙසේ වෙතත් 2018 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව ඔහු ග්‍රෑන්ඩ්ස්ලාම් ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සමත් වී නැත.මේ වන විට තමන් ඉතා සතුටින් නිවසේ කාලය ගත කරන බව ෆෙඩරර් පවසයි. සිය බිරිඳ හා දරුවන් සිවුදෙනා සමගින් සංචාරය කිරීම හා කාලය ගත කිරීමට මේ වන විට සිය දින චර්යාව වෙන් වී ඇති බවද ඔහු පවසයි.මේ වන විට දණහිස් සැත්කම් තුනකටද මුහුණදී ඇති ෆෙඩරර්, එළඹෙන සැප්තැම්බර් මාසයේදී නැවතත් ටෙනිස් පිටියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවද මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.පුරා සති 237ක් අන්තර්ජාතික වෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටි ශෙඩරර්, වරක් ලොව දක්‍ෂතම ක්‍රීඩකයා ලෙසින්ද නම් කෙරිණි. එමෙන්ම ෆෝබීස් සඟරාව වාර්තා කරන ආකාරයට මේ වසරේ වැඩිම ගෙවීමක් කරන ක්‍රීඩකයා වන්නේද ෆෙඩරර්ය. වත්මන් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි නොමැතිව වුවද, ඔහු මෙම කඩඉතට පැම් පුදුමසහගත බව විචාරකයන්ගේ අදහසයි. මෙම වර්ෂයේදී ඔහුගේ ආදායම් සනිටුහන් වන්නේ ඈ.ඩො. මිලියන 90.7 (රු. කෝටි 3261)ක් ලෙසිනි. එයින් මිලියන 90 (රූ.  කෝටි 3236)ක්ම ඔහු ටෙනිස් පිටියන් පිටත වෙළෙඳ දැන්වීම් ආදී ගිවිසුම්ගතව ලබා ගැනීමට සමත් වීම තවමත් ඔහුගේ ජනප්‍රියත්වය පිළිබඳ මනාව පිළිඹිබු වන්නකි. ලොව වැඩිම ආදායම් ලබන ක්‍රීඩකයන් දසදෙනා අතර සිටින ෆෙඩරර්ගේ මේ වන විට සමස්ත වත්කම් ප්‍රමාණය ඇ.ඩො. මිලියන 550ක් (රු. කෝටි විසිදහසකට ආසන්න)ක් ලෙස සනිටුහන් වෙයි.

(ඔෂිත වරකපිටිය)


Friday, August 9, 2019

''හතුරුසිංහව අපි ඉවත් කරනවා නම් අවුරුද්දක පඩි ගෙවන්න වෙනවා. පුදුම ගිවිසුම් ගැහිල්ලක්නේ මේක.'' ඇමති හරීන් කියයි






ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට වැටුප් වශයෙන් ගෙවන ඇමරිකානු ඩොලර් 40,000න් යම් අයෙක් 5,000ක් 10,000ක් ගන්නවා නම් ඊට වගකිව යුත්තේ කවුදැයි යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එහිදී විමසා සිටියේය.

අමාත්‍යවරයා මේ චෝදනාව එල්ල කළේ ඊයේ (08දා) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා, "මට චන්දික හතුරුසිංහ සමග කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේක දැන් මේ වගේ ප්‍රශ්නයක් විදිහට හුවා දක්වන්න හදනවා. ඇත්ත කතා කළත් වැරැදියි. නොකර හිටියාමත් වැරැදියි. කතා කරන්න ගියාම කියනවා ඇයි හතුරුසිංහව එළවන්න හදන්නේ කියලා. මට අහන්න තියන ප්‍රශ්නේ පෝල් ෆාබේස් සහ ග්‍රැහැම් ෆෝඩ් කියන පුහුණුකරුවන් එක රැයකින් ගෙදර යවන්න පුළුවන් වුණා නම්, කවුද ඒ ගිවිසුම ගැහුවේ. එතකොට මෙවැනි තද හිර කරපු ගිවිසුමක් ගහපු කෙනා කවුද? ක්‍රිකට් ආයතනයේ හරී අවසරයකින්ද මේක ගැහුවේ. මම කොතනකවත් කියලා නැහැ හතුරුසිංහව අස් කරන්න කියලා.

මං කිව්වේ නැවත ගිවිසුමක් නිසියාකාරයෙන් අත්සන් කරන්න කියලයි. එතකොට ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කිව්වා නවසීලන්ත සංචාරය මෙහෙම යන්න දෙමු. පැය 24ක් ඇතුළත එතුමාව මුණගැහෙනෙවා. අනතුරුව ඔහුගේ සැලැසුම ලබා දෙන්නම් කියලා. ඒත් පැය24ක් ගිහිනුත් ඒක ලැබුණේ නැහැ, පසුව තැන් තැන්වල ගිහින් කියලා තියෙනවා ඇමැති කොහොමද අයින් කරන්නේ කියලා.
හැබැයි ක්‍රීඩා පනතේ 39 (1) යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මට හැකියාවක් තියෙනවා ඕනම ජාතික ක්‍රීඩා සංගණයකින් විමසා සිටින්න මම ඒ විමසීම කළා. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම් මගේ තීරණය හරී කියලා පිළිගත්තා.

මට පෙනී යනවා එක පුද්ගලයන්ට පමණක් මේක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනවා කියලා. ඉතින් මම දන්නේ නැහැ, ඒ ඒකෙනා නම් මේ ගිවිසුම ගැහුවේ ඒ කෙනා විසින්ම ඒක ලිහාගත යුතුයි. ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට කියනවා නම් තරග දිනපු විදිහට ගෙවීම් කරන්නේ කියලා ඒ විදියටම පුහුණුකරුටත් කළ යුතුයි කියන මතයේ මම ඉන්නවා.

පුහුණුකරුට අමතර දීමනා නැතුව ඩොලර් 40,000ක් ගෙවනවා නම්, මේ 40,000න් කවුරුහරි 5,000ක් 10,000ක් ගන්නවා නම් එතකොට කවුද වගකියන්නේ. එහෙම වෙන්නත් බෑනේ. චන්දික හතුරුසිංහ කැමැත්තෙන් ඉවත් වෙලා යනවා නම් අපි ඔහුට මාස 03ක පඩි ගෙවන්න ඕන. එහම නැතුව එයාව අපි ඉවත් කරනවා නම් අවුරුද්දක පඩි ගෙවන්න ඕන. පුදුම ගිවිසුම් ගැහිල්ලක්නේ මේක.

මේ ගිවිසුමට අවසර දුන්නේ කවුද? දැන් මේකට වැඩියෙන්ම අඬන්නේ කවුද? එතකොට තේරෙනවා මේ ගිවිසුම ගැහුවේ කවුද කියලා, ඒ උත්තර දෙන මිනිහාගෙන් මම අහන්න කැමතියි එයාට මොකක්ද තියෙන අයිතිය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න. ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඉන්නවා, ඔවුන් උත්තර  දෙන්න ඕන. මේකටඋත්තර දෙන්නේ අදාළත්වයක් නැති වෙන පාර්ශව යැයි පවසා සිටියේය.

 -පැතුම් ශ්‍රී විජේරත්නන-

Monday, July 22, 2019

මාලිංග රට හැර යන්න සූදානම්








ශ්‍රි ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග, ඕස්ටේලියාවේ ස්ථිර පදිංචිය සදහා යාමට අවශ්‍ය ලියකියවිලි මේ වන විටත් සකස්කරගෙන අවසන් බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. සිය පවුලේ අයත් සමගින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමෙන් පසුව වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවකු වශයෙන් කටයුතු කිරීමට ද මාලිංග බලාපොරොත්තු වන බවද දැනගන්නට තිබේ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 26 වැනිදා සිට පැවැත්වෙන එක්දින තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ලසිත් මාලිංග සූදානම් වන බව දැනගන්නට තිබේ.

 කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ස්ථිර වචනයක් සිය සමීපතමයන්ට හෝ පැවසීමට මාලිංග ඉදිරිපත් ව නැත.
මාලිංග සමුගන්නේ බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙන කිනම් තරගයේදීද යන්න මාලිංගගේ සමීපතම අයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ස්ථිර දිනයක් කිව නොහැකි බවයි.

"මීට ඉස්සරවලා. එයා කිය කියා හිටියා මට නම් දැන් ඇති වෙලා..මම සමුගන්නවා කියලා..ඒත් එයා ආයෙමත් ගිහින් සෙල්ලම් කළා"

"මේ වෙලාවේ එයා කොයි එක්දින තරගයෙන් සමුගන්නවාද කියලා ස්ථිරවම කියන්න පුළුන්කමක් නෑ..කොහොම වුණත් එයා මේ තරගාවලියේදී නම් අන්තර්ජාතික තරඟ බිමෙන් සමුගනීවි "

 යයි එම තැනැත්තා පැවසීය.  මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ සිටින ලසිත් මාලිංග එහි සිට දුරකතනයෙන් තේරීම් කමිටු
සභාපති අසන්න ද මැල් මහතා අමතා ප්‍රකාශ කර ඇත්තේ තමන් පළමු එක්දින තරගයෙන් පසුව සමුගන්නා බවයි.

එහෙත් තේරීම් කමිටු සභාපතිවරයාගේ ඉල්ලීම වී ඇත්තේ තරඟ තුනම ක්‍රීඩා කිරිමෙන් පසුව සමුගන්නා ලෙසයි.

"අපට මේ වෙලාවේ මේ තරගාවලිය හෝ දිනාගන්න පුළුවන් වුණොත් අපේ කණ්ඩායම හදාගන්න ඒක ලොකු සහයෝගයක් වේවි. ඒ නිසා තරග තුනම ක්‍රීඩා කරන්න කියලා මම එයාගෙන් ඉල්ලීමක් කළා"

යයි තේරීම් කමිටු සභාපතිවරයා පවසා තිබුණු බව වාර්තා වුණා.

Friday, May 24, 2019

අයවැයෙන් පන්සල්වලට වැඩිම මුදල වෙන් කළෙත් මමයි-සමහරුන් චීවරදාරාගෙන බෞද්ධ දර්ශනය වවාගෙන කනවා-ඇමති මංගල සමැවීර

මේ රටේ තිබෙන්නේ බුද්ධාගම නොව බෞද්ධ දර්ශනයක්වත් මෙය නොදන්නා සමහරුන් චීවරදාරාගෙන බෞද්ධ දර්ශනය වවාගෙන කන බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් ඇමැතිවරයා මෙසේ පැවැසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝගය හා විසර්ජන පනත යටතේ යෝජනාව පිළිබඳ විවාදයේදිය.

මංගල සමරවීර මහතා මෙසේද කීය. මේ රටේ බහුතරය බෞද්ධයන් බව ඇත්ත නමුත් මේ රට ශ්‍රී ලාංකිකයන්ගේ දේශයයි. මම  ඒක නැවතත් කියනවා.

මේ රටේ තියෙන්නේ බුද්ධාගම නොවෙයි බෞද්ධ දර්ශනයක් තියෙන්නේ, මෙය නොදන්නා සමහරු ඒක දාගෙන බෞද්ධ දර්ශනය වවාගෙන කනවා.කුරානයේ තියෙන්නේත් සාමයයි. වෙන දෙයක් නොවෙයි. අද මේ විශ්වාසභංග යෝජනා ගේන්නේ රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයාට නොවෙයි මුස්ලිම් ජනතාවට විරුද්වධයි.

මමත් බෞද්ධයෙක්. අයවැයෙන් පන්සල්වලට වැඩිම මුදල වෙන් කළේ මමයි. බංකොළොත් දේශපාලන පක්‍ෂ රටේ නැවත කළුජූලියක් හදන්න යනවා. මේවා පහත් වැඩ. මේ රටට ඕන ජාතික සමගියයි.

Thursday, March 21, 2019

මටත් දැන් ටිකක් වයසයි ඒත් මල්ලිලා ටිකත් එක්ක මැච් එක හොඳට කළා



සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු විස්සයි-20 තරගයේ දෙපිලේ ලකුණු සම වීමෙන් අනතුරුව “සුපිරි පන්දුවාරයක්” ක්‍රියාත්මක කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර එම සුපිරි පන්දුවාරයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරන්නට දකුණු අප්‍රිකානුවන් සමත් විය. කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව තරගය පිළිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පැවැසීය.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් මෙම අදහස් පළ කළ ශ්‍රී ලංකා නායකයා "විස්සයි-20 තරග ඉතාමත් සිත් ගන්නාසුලු තරග රටාවක්. ඒ වගේම මෙය හොඳ තරගයක් ලෙස මා දකින අතරම විස්සයි - 20 තරගයක තිබිය යුතු සියලු ගුණාංග එහි අන්තර්ගත වූ බව බව මා සිතනවා. නමුත් විස්සයි-20 තරගයකදී ලකුණු 130ක් යනු අභියෝගයක් එල්ල කළ හැකි ලකුණු සංඛ්‍යාවක් නොවුණද දඟ පන්දු යවන්නන් දෙදෙනකු යොදා ගැනීමේ උපක්‍රමය සාර්ථක වුණා. අපි කණ්ඩායමක් වශයෙන් අපට හැකි උපරිම අයුරින් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස අවසානයේ අපට ජයග්‍රහණය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.  කෙසේ වෙතත් කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා.” යනුවෙන් පැවැසීය.

තවද නවක ක්‍රීඩකයන්ට පිඩනය දරාගෙන ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් මෙම තරගයේදි හොඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකි වූ බවද පැවැසූ ලසිත් මාලිංග “මෙම පරාජය සම්බන්ධයෙන් කිසිම ක්‍රීඩකයකුට චෝදනා කළ නොහැකියි. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට පිඩනය දැඩිව දැනුණා. එමඟින් තරුණ ක්‍රීඩකයන්ට මෙවැනි තත්වයන් යටතේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් ලැබුණු බව මා සිතනවා. මෙම තරගයෙන් ඔවුන් බොහෝ දේ උගත් බව මගේ විශ්වාසයයි. මම මෙවැනි තත්වයන් සහ අවස්ථාවන් සඳහා හොඳින් පුහුණු වි තිබුණත් මා දැන් ටිකක් වයසයි.

සුපිරි පන්දුවාරයේදිත් විවිධත්වයක් සහිතව පන්දු යැවිමට මා උත්සාහ කළත් එම අවස්ථාවේදී එම උපක්‍රමය සාර්ථක වූයේ නැහැ. එහිදි ඩේවිඩ් මිලර් ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන්නා. මෙවැනි කෙටි ආකෘතියේ තරගයකදී පන්දු යැවීමේ විවිධත්වය, අවස්ථානුකූලව ක්‍රීඩා කිරීම, ආත්ම විශ්වාසය සහ ඉවසීම සම්බන්ධයෙන් නවක පන්දු යවන්නන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. මම සෑම විටම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම ක්‍රීඩකයකුට යම් අවස්ථාවකදී විශේෂ දෙයක් සිදුකළ හැකි බව. වරක් මම පන්දු 4කදී කඩුලු 4ක් ලබා ගත්තා. එවැනි විශේෂ දෙයක් ඕනෑම ක්‍රීඩකයකුගේ අතින් අප කිසිවකුත් නොසිතන අවස්ථාවක සිදුවිය හැකියි." යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Thursday, December 20, 2018

ලූෂන් පුෂපරාජ්ට ලෝක ශුරතා කිරුළ





තායිලන්තයේ පැවැති 10 වැනි ලෝක කායවර්ධන ශූරතාවලයේදී රන් පදක්කමක් දිනූ ශී‍්‍ර ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් පෙරේදා (18 වැනිදා) කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියේය. ඒ අනුව කුසලානය සහ රන් පදක්කම ඇතැතිව මෙරටට පැමිණි ලූෂන් පුෂ්පරාජ් ඔහුගේ ආරණීය බිරිඳ, දරුවා, මව්පිය නෑදෑ හිතවතුන් සහ කායවර්ධන කී‍්‍රඩකයින්ට අමතරව ශී‍්‍ර ලංකා කායවර්ධන සම්මේලනවල නිළධාරීන් සහ ශී‍්‍ර ලංකා මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ඇතළු පැමිණ සිටි අමුත්තන් විසින් අති උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබීය.

 බැංකොක් නුවරදී පැවැති මෙම කායවර්ධන ලෝක ශූරතාවලිය සඳහා ලෝකයේ තරගකරුවන් 117ක් පමණ තරග වැදුණු අතර එහිදී සියලූම තරගකරුවන් අභිබවා ශී‍්‍ර ලංකාවේ ලූෂන් විසින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ අනුව කායවර්ධන ඉතිහාසයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙවැනි හපන්කමක් කළ පළමු කී‍්‍රඩකයා බවට ලූෂන් පුෂ්පරාජ් පත්විය.


ආසියාවේ කළු සිංහයා නමින් විරුධාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් මීට පෙරද ලෝක අයෝමය ශූරතා තරගවලදී ජයග‍්‍රහන ලබා තිබුණද රන් පදක්කමක් දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

 -ටී. කේ. ජී. කපිල-

Tuesday, December 11, 2018

අකිල ධනංජයට පන්දු යැවීම තහනම් වෙයි





 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඊයේ (10 වැනිදා) නිවේදනයක් කළේය.

ඒ අනුව ධනංජය සිය පන්දු යැවීමේ  ඉරියව්ව නිවැරදි කරගන්නා තෙක් ඔහුට අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමටද අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. මෙම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේදි පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර ඒ අනුව ඔහු ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී නොවැම්බර් 23 වැනිදා පරීක්ශ්‍රණයකට පෙනී සිටියේයෙ.

 පන්දු යැවීමේදී ධනංජයගේ අත වැළමිටෙන් අංශක 15 කට වඩා නැමෙන බව එම පරික්ෂණයේ ප්‍රතිඵල සනාථ කර තිබේ. ඒ අනුව ඔහු සිය ඉරියව්ව නිවැරදි කරගෙන නැවත වරක් පරීක්ෂණයකට
පෙනි සිටිය යුතු අතර එතෙක් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය මත දේශීය තරග සඳහා පමණක් සහභාගි විය හැකිය.  මේ වසරේ (2018) පෙබරවාරි මස බංග්ලාදේශයේ ඩකා නුවරදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ධනංජය මේ වන විට ටෙස්ට් තරග 5 කදී බිදහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 27 කි.


Friday, November 9, 2018

රංගනගේ අවසන් තරඟය නැරඹීම ආරාධිතයෝ වර්ජනය කරති-ඊයේ දිනයේදීත් කිසිදු පහසුකමක් ලබා දී නෑ







ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගයේදී විශේෂ ආරාධිතයන්ට (පවුල් සාමාජිකයන් සහ වෙනත් ආරාධිතයන්ට)  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙළා (07දා) ඉතා අවම පහසුකම් සපයා තිබෙනු දැකගත හැකි විය.

කෙසේ වුවද එම වැරැද්ද ඊයේ (08දා) දිනක්ද නිවැරදි කර තිබෙනු දැකගත නොහැකි විය. එහෙයින් ඊයේ දිනයේදී රංගනගේ ආරාධිතයන් විශේෂ නැරඹුම් කුටියේ අසුන් ගැනීම වර්ජනය කර තිබෙනු දැකගත හැකි විය.
රංගනගේ සමුගැනීමේ තරගය නැරඹීමට පැමිණි බොහෝ ආරාධිත අමුත්තන්ට අසුන් පනවා තිබුණේ මඩ ගොහොරුවක වන අතර, ඒවායේ සවිකර තිබු චායුසමීකරණ පද්ධතියට අක්‍රියව තිබෙනු දැකගත හැකි විය.

එමන්ම ඔවුන්ට ආහාරපාන සපයා තිබුණේද අවම පහසුකම් යටතේ වන අතර, මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබුණදී ඔවුන්ගේ අවධානය ඊට යොමු නොවීම කනගාටුවට කරුණකි. රට වෙනුවෙන් වසර 20ක් ක්‍රීඩා කර ක්‍රිකට් ආයතනය පොහොසත් කළ මෙවැනි ක්‍රීඩකයෙකුට මේ ආකාරයෙන් සැලකීම පිළිබඳ ක්‍රීඩාලෝලීන්ට ඇත්තේ කනගාටුවක් සහ පිළිකුලකි.

ක්‍රීඩා අමාත්‍යතුමනි...! ක්‍රිකට් ආයතනය මේ වනවිට ඔබේ පාලනය යටතේ පවතින බැවින් මේ පිළිබඳ අවධානය යොමු කර වහා මෙම වැරැද්ද නිවැරදි කරනු මැනවී. එමෙන්ම මෙවැනි ආකාරයෙන් රංගනගේ ආරාධිතයට සැලකීමට උපදෙස් දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතුය.

Friday, November 2, 2018

පල්ලේකැලේ ටෙස්ට් තරඟය කොළඹට ගෙනාවොත් ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට දැඩි දඬුවම්


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා කණ්ඩායම් දෙකට නවාතැන් ගැනීමේ පහසුකම් සපුරා නොමැති පසුබිමක එම ටෙස්ට් තරගය කොළඹට ගෙන ඒමේ සුදානමක් පවතින බව  වාර්තා වේ.  ඒ අනුව එම ටෙස්ට් තරගය කොළඹට රැගෙන ආවොත් කණ්ඩායම් සඳහා නවාතැන් පහසුකම් සැපයීම භාරව කටයුතු කරන ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙක්ට දැඩි දඬුවම් පැමිණවීමට නියමිතය.

 මෙම සිද්ධිය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට සැලවීමත් සමග සිද්ධිය පිළිබඳ සොයා බලා ඊට වගකිවයුත්තන්ට දඬුවම් දෙන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ඊයේ (01දා) නියෝග කළේ ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් භාරව කටයුතු කරන නිලධාරියාට සහ තරග සංවිධායක කටු කළමනාකරුට ඉදිරීයේදී දඬුවම් පැමිණවීමට නියමිත බවද වාර්තා වේ.

මේ හේතුව නිසා මෙම ක්‍රිකට් ප්‍රධානීන් දෙදෙනා ඊයේ වනවිටත් මාතලේ ප්‍රදේශයේ හෝටල්වල කාමර පහසුකම් පිළිබඳව සොයා බලා තිබේ. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා  පිළිබඳව ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා
මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු ක්‍රීඩා අමාත්‍යවරයාට පවසා සිටියේ, මහනුවර සුපිරි හෝටලයක් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ට සහ අනෙකුත් කාර්යමණ්ඩලයට වෙන්කර තිබූ බවයි.

අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා,  ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසා සිටියේ, එම එකඟතාව ලීබිතව ලබාගෙන තිබේද යන්නයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදාළ බලධාරීන් එම එකඟතාව ලිඛිතව ලබාගෙන නොතිබීම මත ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාට නියෝග කළේ, මීට සම්බන්ධ සියලුම පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබාදෙන ලෙසයි.

Monday, October 22, 2018

මගේ අතින් තමයි වැරැද්ද වුණේ-මම ඉක්මනට ඒවා හදාගන්නවා


පන්දු රකින්නන් ස්ථාන ගතකිරීමේදී සිදු වූ අතපසු වීමෙන් තරඟය ශ‍්‍රී ලංකාවෙන් ගිලිහී ගිය බවට ශ‍්‍රී ලංකා මැදපෙළ පිතිකරුවකු වන දසුන් ශානක පවසයි. එංගලන්තය සමග පැවැති සිව්වැනි එක්දින තරගයද ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 18 කින් පරාජය වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ පිළිබඳව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වු දසුන් ශානක

 ''අපි බලාපොරොත්තු වුණේ මුලින් කඩුලු දෙක තුනක් ලබා ගන්න. අපි කඩුලූ දෙකක් ලබාගෙන ඉන්න අවස්ථාවේදී ෆීල්ඞ් එකේ 5 දෙනෙක් එළියට ගිය නිසා තුන්වැනියට ලබාගත් කඩුල්ල නිපන්දුවකට දැවී යෑමක් වුණා. එතනින් තමයි පීඩනය වැඩිවුනේ. මම බැට් කරන්න යද්දී ලකුණු 100 ට කඩුලූ 4 ක් ගිහින් තිබුණා. මම පීඩනයක් යටතේ බැට් කළේ නෑ. ඒ වෙලාවේ අනවශ්‍ය ලකුණකට නොයා තව ටිකක් කඩුල්ලේ ඉන්න තිබුණා. එතන ලකුණක් තිබ්බේ නැහැ. මම එතන ලොකු වරදක් කළේ.මම ඒක ඉක්මනට හදාගන්නවා. මමයි තිසරයි ඕවර 50 ම හිටියා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා මීට වඩා.''
 යැයි වැඩිදුරටත් පැවසීය.

 එංගලන්තය සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ සිව්වැනි තරගයත් ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව තරගාවලියේ ජය එංගලන්තය කලින්ම වෙන්කර ගන්නා ලදී. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම තම රටේදී පිට පිටම පස්වැනි වරටත් එක්දින තරගාවලියක් පරාජයට පත්විය.

 දෙරට අතර පළමු තරගය වර්ෂාව හේතුවෙන් සේදී ගිය ද අනෙක් තරග තුනම ජයගත් ලොව අංක එකේ එක්දින කණ්ඩායම වන එංගලන්තය මේ වන විට 3 - 0 ක් වශයෙන් තරගාවලියේ පෙරමුණ ගෙන තිබේ.

 අවසන් වරට ශ‍්‍රී ලංකාව මව්බිමේදී එක්දින තරගාවලියක් ජය ගෙන ඇත්තේ මීට වසර තුනකට ඉහත එනම් 2015 වසරේදීය. එම තරගාවලි ජය බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 3 - 0 ක් ලෙස ලබා තිබේ. ඉන් අනතුරුව ශ‍්‍රී ලංකාවට පැමිණි සෑම කණ්ඩායමක් හමුවේ තරගාවලි ජයග‍්‍රහණ වෙනුවට ශ‍්‍රීලංකාවට ලැබුණේ පරාජයන් පමණි.





Tuesday, October 16, 2018

සනත්ට ICC දූෂණ විමර්ශනයෙන් චෝදනා - පරීක්ෂණ මගහැර තොරතුරුත් සගවලා - නිදහසට කරුණු කීමට දින 14 ක්






ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශනය ඒකකය විසින් අයි.සී.සී. දූෂණ සංග‍්‍රහයේ නීතී රීති උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ හිටපු කි‍්‍රකට් නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට සෘජුවම චෝදනා එල්ල කර තිබේ.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ (15 දා) සිට ක‍්‍රියාත්මක වන පරිදි දින 14 ක් ඇතුළත සනත් ජයසූරිය නිදහසට කරුණු ඉදිරිපත් නොකළහොත් ඔහුට එරෙහිව අයි.සී.සී.ය විසින් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව ඇත. ජයසූරිය විසින් මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ පරීක්ෂණවලට සහය නොදැක්වීම සහ එම පරීක්ෂණ මගහැර යෑම ඔහුට ඇති ප‍්‍රධානතම චෝදනාවයි.

ජයසූරිය විසින් අයි.සී.සී. දූෂණ විමර්ශන නිලධාරීන්ට සිය පරීක්ෂණ සඳහා ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමට ඉඩ නොදීම, තොරතුරු සැගවීම සහ විනාශ කිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියි. ඔහුගේ දුරකථනය ඉකුත් 2017 වසරේ සිට අයි.සී.සී.යට ලබාදී නැතැයි ද සඳහන් වේ.

සනත් ජයසූරිය 2011 සිට 2015 දක්වා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අතර අනතුරුව 2015 අගභාගයේ සිට 2017 සැප්තැම්බර් මාසය දක්වාද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළේය. එම කාලය තුළදී සිදුවී ඇතැයි කියන යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් ජයසූරියගෙන් ප‍්‍රශ්න කිරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකක නිලධාරීහු පසුගිය සති කිහිපය පුරාම උත්සාහ කර තිබුණ ද ඔහු එම පරීක්ෂණ මග හැර ගොස් තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකයේ ප‍්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සිදුවී ඇතැයි සඳහන් දූෂණ ඉතාමත් බරපතළ බව සඳහන් කර සිටියි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව ද දැනුවත් කිරීමට අයි.සී.සී දුෂණ විමර්ශන එකකයේ ප‍්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් කටයුතු කර තිබුණි.

-අසේල විතාන-

Friday, October 12, 2018

අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන්ගේ වගතුග සොයති


ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශණ ඒකකය විසින් ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගාවලියේදී සේවය සඳහා යොදවා ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සහ සේවකයන්ගේ වගතුග පරීක්‍ෂාවට ලක් කිරීම ඊයේ (11)දා සිට සිදුකර තිබේ.

 සති දෙකක පමණ කාලයක සිට ශ‍්‍රී ලංකාවේ රැඳී සිටින ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන නිලධාරීහු මේ දිනවල දඹුල්ලේ නවාතැන් ගනිමින් සිය රාජකාරිය කරගෙන යනු ලබන අතර එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සේවයට යොදවා ඇති සියලූම නිලධාරීන් සහ සේවකයන්ගේ දත්ත පරීක්‍ෂාවට ලක් කරමින් ඔවුන් සතුව ඇති තොරතුරු සනාථ කර ගැනීමේ වැඩසටහනක් දියත් කර තිබේ.

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් යොදවා ඇති සේවකයන් කරන්නේ කුමන රාජකාරියක්ද සහ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරුද සොයා බලමින් සිටින අතර ඉන් අනතුරුව ඔවුන්ට සැක සහිත නිලධාරීන් සහ සේවකයන් පරීක්‍ෂාවට ලක් කිරීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

 සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරගාවලියකදී සත්කාරකත්වය දරන රාජ්‍යයේ ක‍්‍රිකට් ආයතනය විසින් සේවය සඳහා යොදවනු ලබන වගකීමක් සහිත නිලධාරීන්ට සහ සේවකයන්ට තරග පාවාදීම්වලට සෘජුව සහ වක‍්‍රව සම්බන්ධවීමේ හැකියාව ඇති බව අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය විසින් තහවුරු කරගෙන තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ දත්ත ඔවුන්ට ලැබී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණයක් පැවැත්වීමට මේ තරගාවලිය අතරතුරදී සිදුකරනු ලබයි.

මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්ගේ ලේකම්වරියන් බහුතරයක් දඹුල්ලේ රාජකාරිය සඳහා යොදවා තිබුණද ඔවුන්ගේ සේවය අනවශ්‍ය වියදමක් බැවින් ඊයේ දිනයේදී එම ලේකම්වරියන්ව යළිත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් කොළඹට කැඳවා තිබේ. දිනකට අතිකාල දීමාන වශයෙන් රුපියල් පන්දහසක දීමනාවක් සහ නවාතැන් පහසුකම් සමග ලේකම්වරියන් දහයකට ආසන්න සංඛ්‍යාවක් දඹුල්ලේදී දින පහක් පමණ ගත කිරීමෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සිදුවන මූල්‍ය පාඩුව මාධ්‍ය මගින් අනාවරණය කිරීම හේතුවෙන් ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ගනු ලැබූ තීරණයක් මත මෙම ලේකම්වරියන්ව දඹුල්ලේ සිට හදිසියේ කොළඹට කැඳවා ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

 වාර්තාවන පරිදි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඉදිරි දින කිහිපයේදී තවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සහ තණතිලි සකසන්නන් සමග ප‍්‍රශ්න කිරීමට නියමිතව තිබේ. මීට අමතරව බුකී කරුවන් යැයි හඳුනාගත හැකි පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවට ඔවුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයටද උපදෙස් දී තිබේ.

Wednesday, October 10, 2018

ශ්‍රී ලාංකා ක්‍රිකට්-ඊයේ මාධ්‍ය සාකච්ඡාවෙදි අනුග්‍රාහකයින්ව කපලා

අදින් ඇරඹන ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට්  තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයෙකු ඇතුළු අනුග්‍රාහකයන් ඉදිරීපත්ව සිටියද ඔවුන්ගේ අනුග්‍රහය සඳහන් කෙරෙන පුවරු ඊයේ (09දා) දඹුල්ලේදී පැවැති ශ්‍රී ලංකා හා එංගලන්ත ක්‍රීඩකයන්ගේ මාධ්‍ය හමුව පැවැත් වූ ස්ථානයේදී ප්‍රදර්ශනය නොකිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී හා ඊට අදාළ මාධ්‍ය සාකච්ඡාවන්හිදී අනුග්‍රාහකයාට ප්‍රමුඛත්වයක් දීම සාමාන්‍ය සම්ප්‍රදායක් වුවද  ඊයේ මෙම අකටයුත්ත සිදු වී ඇත්තේ ඊට පහසුකම් සපයන්නන් වන ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතන මාධ්‍ය ඒකකයේ නොසැලකිලිමත්කම නිසා බවද වාර්තා විය.

Tuesday, October 9, 2018

අයි.සී.සී. දුෂණ විමර්ශන ලොක්කෙක් සමග ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයෝ සාකච්ඡාවක්


එංගලන්තය සමග තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට (10) දා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී සහභාගි වේ. ඒ වෙනුවෙන් දඹුල්ලේ පැවැති පුහුණු සැසියක් අවසානයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් විසින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශණ ඒකකයේ ප‍්‍රධානියාගෙන් උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තරග පාවාදුන් බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශණ ඒකකය විසින් අනාවරණය කර ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විමතියට පත්ව සිටින ක‍්‍රීඩකයන් සිය ප‍්‍රශ්නය දූෂණ විමර්ශණ ඒකකයේ ප‍්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් මහතාගෙන් විමසා තිබේ. එවිට ඔහු පවසා ඇත්තේ කිසිම ක‍්‍රීඩකයකුගේ නමක් කිසිම තැනක ප‍්‍රසිද්ධ කර නැති බවත් ක‍්‍රීඩකයන් බුකීකරුවන්ගෙන් ප‍්‍රවේශම් විය යුතු බවත්ය.

දඹුල්ලේ පුහුණු සැසියක් අවසානයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් හමුවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශණ නිලධාරීන් ගොස් ඇති අතර එහිදී ඔවුන් පැය භාගයක පමණ ක‍්‍රීඩකයන් සමග අදහස් හුවමාරු කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායක මහතාගෙන්  විමසීමේදී ඔහු පවසන්නේ මෙවැනි අදහසක්.

‘පැතිරෙන කටකතා සම්බන්ධයෙන් ක‍්‍රීඩකයන්ට තිබුණ ප‍්‍රශ්න අයි.සී.සී. දූෂණ විමර්ශණ නිලධාරීන් සමග කතා කළා. ඔවුන් කියා සිටියා කිසිම ක‍්‍රීඩකයකුගේ නමක් කොතැනකවත් ඔවුන් සඳහන් කරලා නැහැ කියලා.

ක‍්‍රීඩකයන්ට ඒ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළා. ඔවුන් සමග කතා කිරීමෙන් පසු ක‍්‍රීඩකයන්ට තිබුණ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට පුළුවන් වුණා’

පසුගිය දින කිහිපයේ දිවයින පුරා වැසි ඇද වැටුන ද දඹුල්ලේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ පුහුණුවීම්වලට කාලගුණයෙන් බාධාවක් නොවුණ බවද සේනානායක මහතා පවසයි.

‘‘කණ්ඩායම හොඳට පුහුණු වෙලා යහපත් මානසිකත්වයකින් තරගාවලියට මුහුණ දෙන්න සූදානම්. අපි ක‍්‍රීඩකයන්ට කියලා තියෙන්නෙ ඇතැම් මාධ්‍යවල පලවන කතා අපිට පාලනය කරන්න බැහැ. ඒ නිසා අපිට පාලනය කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතන්න කියලා. ක‍්‍රීඩකයන් සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙන්නෙ තරගාවලිය කෙරෙහි. වෙන වෙන පැති ගැන ඔවුන් කිසිම තැකීමක් නැහැ. තවම අපේ පුහුණු සැසිවලට කාලගුණයෙන් බාධාවක් ඇති වුණේ නැහැ. ඉස්සරහටත් එහෙම වෙයි කියලා විශ්වාස කරනවා.’’

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන නිලධාරීන් මීට පෙර එංගලන්ත කණ්ඩායම හමුවී ඔවුන් සමග ද අදහස් හුවමාරු කරගෙන තිබේ. කෙසේ වෙතත් බාහිර ලෝකය දෙස අවධානය යොමු නොකර ක‍්‍රිකට් වෙනුවෙන් තරග කිරීමේ අනුගමනය කළ යුතු විශේෂ සන්ධිස්ථාන සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් කණ්ඩායම් දෙකටම එක හා සමානව උපදෙස් දී තිබේ.

-අසේල විතාන-

ලංකාවට පදක්කම් ගොන්නක්-අමිල ප්‍රසන්නට රන් පදක්කමක්-ආසියානු පැරා ක‍්‍රීඩා උළෙල


ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලේදී මී.200 ටී.42,63 තරගයේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ත‍්‍රිත්වයම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ.

 මී.200 ටී.46 රන් පදක්කම අමිල ප‍්‍රසන්න විසින්ද, රිදී පදක්කම ඉන්දික චූලදාස විසින්ද ලෝකඩ පදක්කම නිර්මල බුද්ධික විසින්ද දිනා ගන්නා ලදී. මීට අමතරව කාන්තා දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කම අමරා ඉන්දුමතී විසින් දිනා ගන්නා ලදී.

 ඊයේ දිනයේදී හෙල්ල ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගි වූ චමින්ද සම්පත් එම ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය. එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක අජිත් විසින් ලෝකඩ පදක්කමත් දිනා ගන්නා ලදී. රන් පදක්කම ඉන්දුනීසියාවට හිමිවිය.

 රටවල් 43 ක අබාධ සහිත වූවන් සහභාගි වන ආසියානු පැරා ක‍්‍රීඩා උළෙල සඳහා දිනේෂ් ප‍්‍රියන්තගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 35 දෙනකුගෙන් සමන්විත විය.