Showing posts with label L0CAL G 7. Show all posts
Showing posts with label L0CAL G 7. Show all posts

Monday, June 15, 2020

නවගිරියාව ජලාශේ ඔරුවක් පෙරළි අවුරුදු 8 ක දරුවා මිය යයි.


උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නවගිරියාව ජලාශයේ ඔරු පදිමින් සිටියදී පෙරේදා 13 වැනිදා සවස 4.30 ට පමණ ඔරුව පෙරළී යාමෙන් වයස අවුරුදු අටක පිරිමි ළමයකු දියේ ගිලී මියගොස් ඇතැයි උහන පොලිසිය පවසයි.
 සිද්ධියෙන් මියගොස් ඇත්තේ නවගිරියාව ගොනාගොල්ලේ
පදිංචි පතිරාජ රණසිංහගේ මන්දාර චාරක නැමති දරුවෙකි.
ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ඔරුවක මෙම ළමයා සමග තවත් ළමයින් පස්දෙනකු සහ අයිතිකරු ඔරුව පැද යමින් ඒ සිටියදී ඔරුව පෙරළී ගොස් ඇතැයි පොලිසිය කළ පරික්ෂණවලදී අනාවරණය විය.
 එහිදී අනෙක් ළමයින් පිහිනා ගොඩට පැමිණ ඇති අතර මෙම ළමයා ගිලී ඇතැයි හෙළිවිය. ප්‍රදේශවාසීන් එක්ව ඔහු ගොඩ ගන්නා විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

මේ සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට අම්පාර අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි ද අනතුරුව පශ්චාත් මරණ පරීණය සිදු කිරීමට නියමිතව ඇතැයි ද උහන පොලිසියේ උහන නිලධාරියෙක් පැවැසීය.
උහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික නිමල් ජයලත් පොලිස් සැරයන්වරුන් වන (580004) වේරගොඩ සහ (62167) ප්‍රියන්ත යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

(හිඟුරාණේ - නවරත්න සමරතුංග, අම්පාර - වසන්ත  චන්ද්‍රපාල සහ දිගාමඩුල්ල - කුමාර සී. ලියනාරච්චි)

Monday, June 8, 2020

නාන්න ගිය පියා -දුව -ඥාති දුව ගැරඬිඇල්ල පාමුල දියවළෙන් අවසන් ගමන් යති.

මියගිය  ජයරත්න නමැත්තා තම දියණියත් සමග නැගණියගේ දියණියන්  දෙදෙනාත් අසල්වැසි තවත් පිරිමි දරුවකුත් සමග නිවසට මීටර් 500ක්  පමණ දුරකින් හුදෙකලා පරිසරයක තිබෙන ගැරඩිඇල්ලට දිය නෑමට ගොස් සිටියදී අතතුර වී ඇතැයි පොලිසිය කළ  මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
 දිය ඇල්ල අසලට ගිය පස්දෙනාගෙන් වැඩිමල් දියනියන් දෙදෙනා දිය නෑමට ඇල්ල පාමුල වළට පැනීමෙන් පසුව නැවත ගොඩට ඒමට නොහැකිව ජලයේ . දඟලමින් සිටි නිසා ඔවුන් දෙදෙනා ගොඩට ගැනීමට දියට පැන්න ජයරත්න සමග තිදෙනාම ජලයේ නොපෙනී ගිය  බව කුඩා දරුවන් දෙදෙනා පොලිසියට පවසා තිබේ.

තිදෙනාම දියේ ගිලීමෙන් පසුව ගල් තලාවක සිටි දැරිය හා පිරිමි දරුවා බියට පත්ව කෑ ගැසීමත් සමග අසල්වාසීන් පැමිණ පැය දෙකක් තිස්සේ මහත් පරිශ්‍රමයක් දරා අඩි 12ක් ගැඹුර දිය වළක සිරවී සිටි තිදෙනාම ගොඩට ගෙන තිබෙන බව පොලිසිය කියයි.

 සිද්ධිය වූ ස්ථානයට මීටර් 500ක් පමණ දුරකින් පිහිටි නිවෙසකදී පස්සර හදිසි මරණ පරික්ෂක ටී.එම්. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා මඩොල්සිම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිමල් ලොකුදඩල්ල මහතාගේ උපදෙස් මත හදිසි මරණ පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරිර පස්සර දිසා රෝහල වෙත රැගෙන යනු ලැබිණි. මඩොල්සිම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිමල් ලොකුදඩල්ල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.