Showing posts with label international G6. Show all posts
Showing posts with label international G6. Show all posts

Thursday, July 30, 2020

ජපානයේ ඇතැම් ප්‍රෙදේශවල දෛනික ආසාදිතයන් ඉහළට

ස්ථානයේ දෙවැනි විශාලතම නගරය වන ඔසාකා හිදී සහ තෙවැනි විශාලතම නගරය වන නගෝයා නගරය පිහිටි අයිචි ප්‍රදේශ තුළ වාර්තා වූ වැඩිම දෛනික නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය අඟහරුවාදා හඳුනාගෙන ඇතැයි බලධාරීන් පවසයි. 

 ඒ අතරින් ඔසාකා නගරයේදී පමණක් නව රෝගීන් | 155 දෙනෙකු හඳුනාගෙන ඇත. මෙහිදී ජනතාව අමතා  ඇති එහි ආණ්ඩුකාර යොෂිෆුමි යොෂිමුරා මෙම ව්‍යාප්තිය පාලනය සඳහා උදව් කරන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව ලබන අගෝස්තු 1දා සිට 20දා දක්වා කාලය තුළදී පස් දෙනෙකුට වැඩි කණ්ඩායමක් සමග ආහාර ගැනීමට හෝ මත්පැන් පානය සඳහා යොමුනොවන ලෙස ඔහු ජනතාවට උපදෙස් දී තිබේ.

එසේම අයිචි පළාතේද පසුගිය අඟහරුවාදා දිනයේදී රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇත. එහිදී පළාතේ දකුණුදිග නගරයක් වන කුමාමොටෝ නගරය දැඩි අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කෙරි ඇත. එහිදී පමණක් ආසාදිතයන් 33 දෙනෙකු හමුව තිබේ. එසේ ටෝකියෝ නගරය තුළදීද නව රෝගීන් 236 දෙනෙකු හමුව තිබේ.

ජපානයේ නවතම කොරෝනා තත්ත්ව වාර්තාවට අනුව මේ වනවිට එරට සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 33,244කි. එහිදී ආසාදිතයන් දෙදෙනකු පසුගිය සඳුදා මරණයට පත්ව ඇත. මේ අතර ජපානයේ එක් එක් පළාත් ආශ්‍රිතව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කරන බවද ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි.

Friday, July 24, 2020

බ්‍රසීල ජනපතිට තවමත් කොරෝනා


'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, ජනපති මන්දිරයේ හුදෙකලා වී සිටින බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පෙරේදා (22) යළිත් වෛද්‍ය පරික්ෂණවලට යොමු කළ බවත්, ජනපතිගේ සිරුරේ තවමත් කොරෝනා විෂබිජ ඇතැයි එහිදී තහවුරු වූ බවත් පැවැසෙයි.

බ්‍රසීල ජනපති 'කොවිඩ් 19' වෛද්‍ය පරික්ෂණයකට ලක් කළ තෙවැනි අවස්ථාව මෙයයි. ජනපතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය ජූලි 7 වැනිදාය. ඒ, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සමගය. වයිරස ආසාදිතයකු වුවත්, ජනාධිපති බොල්සරානෝගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත්, වෛද්‍යවරුන් පැය 24 පුරාවට ඔහු ගැන විමසිල්ලෙන් පසුවන බවත් වාර්තා වේ.

ලොව දෙවැනියට වැඩිම ‘කොවිච් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන රට වන්නේ බ්‍රසීලයයි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සේම, වයිරසය අවතක්සේරු කළ ජනාධිපතිවරයකු ලෙස බොල්සරානෝ බ්‍රසීල වැසියන්ගේ අප්‍රසාදයට ලක් වූ අයෙකි.

බ්‍රසීලියාහිදීය (ඒ.එෆ්.පී)

Thursday, July 23, 2020

කොරෝනා ආසාදිත ලොව පුරා ඇමතිවරු


නව කොරෝනා ආසාදනය වූ දකුණු අප්‍රිකාවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා රෝහල්ගත කර ඇතැයි එරට ජනාධිපති සිරිල් රැමපෝසා පවසයි. ඒ අනුව එරට රැකියා සහ කම්කරු අමාත්‍ය තෙම්බෙලානි න්ෂෙසි සහ පතල් සම්පත් අමාත්‍ය ශ්වේදේ මාන්ටේෂේ මෙම අමාත්‍යවරුන් දෙදෙනාය. පසුගිය සතියේදී ඔවුන් නව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබූ අතර, පසුව ස්වයං හුදෙකලා කිරීමකට ලක් කෙරිණි. එහෙත් තත්වය දරුණු වෙද්දී ඔවුන් මෙලෙස රෝහල්ගත කර තිබේ. 

 මෙහිදී ඔවුන් දෙදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්, ඔවුන්ට අවශ්‍ය සියලුම ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් ඔවුන් සැමවිටම නිරීක්ෂණය කරන බවත් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. මේ වනවිට අප්‍රිකානු මහාද්වීපයේ වැඩිම නව කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන රට බවටද දකුණු අප්‍රිකාව හඳුනාගෙන ඇත. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 372,628ක් වන අතර මේ දක්වා මරණ 5,173ක් සිදුව තිබේ.

මේ අතර බ්‍රසීලයේ අධ්‍යාපන අමාත්‍ය මිල්ටන් රිබෙයිරෝ සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය ඔනෙක්සි. ලොරෙන්සෝනී වෙතද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ අනාවරණය විය. මේ වනවිටත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර, ඔවුන් නිවෙස්වල සිට රාජකාරි කරන බව පැවසෙයි. එරට ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝද මේ වනවිට වෛරසය ආසාදනය වී නිවසට වී සිටියි. ඒ අනුව ඔහු ඇතුළුව ඔවුන්ගේ කැබිනට් මණ්ඩලයේ සිවු දෙනෙකු මේ වනවිට කොරෝනා ආසාදනය වී සිටියි.

''ෂමීමා බෙගම් කාල බෝම්බයක්'' ISIS අතින් ගෙල සිඳ ඝාතනය වූ ඩේවිඩ් හේයින්ස්ගේ දියණිය කියයි.


සිරියාවේ IS සංවිධානය හා එක්වී ජිහාඩ් සාමාජිකයෙකුගේ බිරිදක් වීමට ගිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ෂමීමා බෙගම් කාල බෝම්බයක් හා සමාන බව IS සංවිධානය අතින් ගෙල සිඳ ඝාතනය කෙරුණු බ්‍රිතාන්‍ය සහන සේවක ඩේවිඩ් හේයින්ස්ගේ දියණිය පවසයි. ඒ අනුව ෂමීමා බ්‍රිතාන්‍ය වෙත ගෙන්වා ගැනීම එරට මහජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් බවද ඇය පෙන්වා දෙයි. 

සිරියාව තුළ ඉස්ලාම් රාජ්‍යය පරාජයට පත්කිරීමෙන් අනතුරුව ෂමීමා බෙගම් මේ වනවිට එරට සරණාගත කඳවුරක වාසය කරයි. ජිහාඩ් සටන්කරුවන්ට දාව ඇය දරුවන් බිහිකර ඇති අතර, ඔවුන් සියලු දෙනාම මේ වනවිට මරණයට පත්ව ඇතැයිද පැවසෙයි. ඇයට එරෙහිව චෝදනා විමර්ශනයට බ්‍රිතාන්‍ය රජය කටයුතු යොදා ඇති අතර, ඒ යටතේ ඇය යළිත් එරටට ගෙන්වා ගැනීමට යෝජනා ඉදිරිපත් ව තිබේ.

බ්‍රිතාන්‍ය සහන සේවක ඩේවිඩ් හේයින්ස් 2013 වසරේ මාර්තු මාසයේදී සිරියාවත් තුර්කියත් අතර දේශසීමාවේදී රාජකාරී කරමින් සිටියදී ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් විසින් පැහැර ගෙන තිබුණි. පසුව මාස 18ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව එම සංවිධානයේ වධකයා ලෙස සැලකෙන මොහොමඩ් එම්වාසි විසින් 2014 සැප්තැම්බර් මාසයේදී ඔහු ගෙල සිඳ මරා දැමීය.

බ්‍රිතාන්‍යයේ උසස් පාසලක අධ්‍යාපනය ලබමින් සිටි ෂමීමා බෙගම් සිරියාවේ IS සටන්කරුවන් හා එක්වීමට යන්නේ එම සංවිධානය ලොව පුරා දරුණු භීෂණයක් ඇති කරමින් සිටින පසුබිමකය. ඇය සිය මිතුරියන් දෙදෙනකුද සමග තුර්කිය හරහා සිරියාවට ගොස් තිබුණි. එහිදී ඇයට දරුවන් තිදෙනෙකු ලැබී ඇති අතර, ඔවුන් සියලු දෙනාම මරණයට පත්ව තිබේ. මේ වනවිට ඇගේ වයස අවුරුදු 20කි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පසුගියදා ප්‍රකාශයක් සිදුකරමින් ෂමීමා බෙගම් නැවතත් බ්‍රිතාන්‍යය වෙත ගෙන්වා ගැනීම සඳහා වන නීතිමය සහාය ලබා දීම සම්බන්ධයෙන් විමසා සිටින බව පවසා ඇත.

Wednesday, July 22, 2020

ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක වන ලකුණු

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වන මනුෂ්‍ය සිරුරේ ප්‍රතිශක්තියක් ඇති කිරීමට සමත් සාර්ථක එන්නතක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පරීක්ෂකයන් නිපදවා ඇතැයි එරට පුවත් සේවා ඊයේ (21) වාර්තා කළේය. 

මෙම එන්නත හරහා වයිරසයෙන් ආරක්ෂා වීමට සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය වන බව තහවුරු කර ගැණුනේ තෝරා ගත් 1,077 දෙනකුට එය එන්නත් කර බැලීමෙන් පසුවය. මෙම ඔක්සෆර්ඩ් එන්නත දැනට හැඳින්වෙන්නේ 'වැඩ්ඔක්ස්1 කො19' යන නමිනි. එන්නත නිපදවීමේ දී ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන්ට බ්‍රිතාන්‍ය රජයේත්, වෛද්‍ය සංගමයේත් අනුග්‍රහය සහ සහාය හිමිවෙයි. 

 මෙම නව එන්නතේ කිසිදු අතුරු ආබාධයක් නැත. කෙසේ නමුත් එන්නත ලබා දුන් සියයට 70 කට උණ, හිසරදය ඇතිවිය. ඒ සඳහා පැරසිටමෝල් ලබා දීම සිදුවිය. දිනක් හෝ දෙකක් යද්දී උණ සහ හිසරදය සමනය වූ බව වෛද්‍ය පර්යේෂකයෝ ඔවුන්ගේ පර්යේෂණ වාරතා එළිදක්වමින් ප්‍රකාශ කළහ.

 මෙම එන්නත තවත් අත්හදා බැලීම් කීපයකට යොදා ගන්නා බවත්, ඉන්පසු සියලු ප්‍රතිඵල යළි යළිත් අධ්‍යනය කර එන්නත වෙළඳපොළට නිකුත් කිරිම හෝ නොමිලේ බෙදා හැරිම හෝ සිදුවනු ඇති බවත් පැවැසෙයි. මේ සියලු කටයුතු අවසන් වීම සිදුවනු ඇත්තේ ලබන 2021 වසර අවසානයේ දී යැයි ද පැවැසෙයි.

එන්නත සම්බන්ධයෙන් අවසන් අදියරේ සිදුවන අත්හදා බැලීමේ දී එය බ්‍රිතාන්‍ය වැසියන් 10,000 කට ලබා දීමට නියමිත බව ද වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.  බ්‍රිතාන්‍ය රජය මේ වනවිටත් මෙම නව එන්නතින් එන්නත් මිලියන 100 ක් බ්‍රිතාන්‍ය වැසියන් වෙනුවෙන් ඇණවුම් කර ඇති බව ද වාර්තා වෙයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අමතරව, මහා බ්‍රිතාන්‍යයේ තවත් ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් ද කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නතක් නිපදීම කෙරෙහි යොමු වී සිටී.  එම සමාගම් වන්නේ බයෝටෙක් ෆිල්සර් සහ
වැල්නේවාය. බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට, මෙම සමාගම් නිර්මාණය කරමින් පවතින එන්නත් ද අවසන් අදියරට ළං වී ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ රටවල් 23 ක්, එනත් 96 ක් නිර්මාණයට දායක වී සිටින බවත්, තවත් එන්නත් 140 ක් නිර්මාණය සඳහා වෛද්‍ය පර්යේෂකයන් සහ වෛද්‍ය සමාගම් යොමු වී සිටින බවය. ඔක්ස්ෆර්ඩ් එන්නත සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ (21) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවැසීය. ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක වන බවක් පෙනෙනවා. එයින් අදහස් වන්නේ එන්නතක් නිපදවා ඇතැයි යන්න නොවෙයි. තවමත් කොරෝනා නසන්න හෝ කොරෝනාවලින් ආරක්ෂා වෙත හෝ එන්නතක් නැහැ.යැයි අගමැති බොරිස් ජොන්සන් පැහැදිලි කළේය.

මේ අතර කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මරණාසන්න තත්වයේ පසුවන රෝගීන් වෙනුවෙන් නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් සමත් වී ඇති බව වාර්තා වේ.

එස්.එන්.ජී 001 යන නමින් හැඳින්වෙන මෙම ඔසුව වාතය හරහා පැතිර යෑමට සලස්වන, කෙළින්ම පෙනහළුවලට බලපෑමක් කරන ප්‍රතිකර්මයකි. අසාධ්‍ය 'කොවිච් 19' රෝගීන් 100 දෙනකු තෝරා ගනිමින් මෙම ප්‍රතිකාරය ලබා දී ඇති අතර, ඔවුන්ගෙන් 79 දෙනකුගේ තත්ත්වය යහපත් අතට පරිවර්තනය වී ඇත. මෙම ඔසුව බ්‍රිතාන්‍යයේ 'සිනර්ජන්' නමැති ඖෂධ සමාගමේ නිර්මාණයකි.

ලන්ඩනයේදීය(රොයිටර්)

Tuesday, July 21, 2020

ලොක්ඩවුන් පාටි හා සෞඛ්‍යාරක්ෂිත විවාහ මංගල්‍යය

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ බාල පුත්‍රයා වන ඇන්ඩෘ කුමරුන්ගේ දියණිය වන බියට්‍රිස් කුමරියන්ගේ විවාහ මංගල්‍යය පසුගිය සිකුරාදා සිදුවිය. එදොආර්දෝ මාපෙලි මොසි ඇගේ අතගත් මනාලයා විය. වින්ඩ්සර් මන්දිරයේ පිහිටි සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේදී ඉතාමත් චාම් ලෙස පැවැත්වුණු විවාහ මංගල්‍යය සඳහා බියට්‍රිස් කුමරිය සාම්ප්‍රදායික රාජකීය ඇඳුම් ආයිත්තමින් සහ නවීන විලාසිතාවේ ඇඳුම් ආයිත්තම්වලින්ද සැරසී සිටි බව පැවසෙයි.

දෙවැනි එලිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරුන් ඇතුළුව රජ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පමණක් පැවැත්වුණු මෙම විවාහ මංගල උත්සවය එරට සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති නව කොරෝනා සෞඛ්‍ය පුර්වාරක්ෂක නියමයන් සියල්ලම අනුගමනය කරමින් පැවැත්වීමත් විශේෂත්වයකි. 

එහිදී නව විවාහපත් යුවළ සිය සීයා සහ ආච්චි සමග ගත් ඡායාරූපය පවා මීටර් දෙකක පරතරයක් සහිතව ලබාගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම විවාහ මංගල්‍යය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඉතිහාසය තුළ වසර 235කට පසුව ප්‍රසිද්ධ එළිමහනකදී නොපැවැත්වුණු පළමු වැනි විවාහ මංගල්‍යය ලෙසද සැලකෙයි.

බ්‍රිතාන්‍ය රජ මන්දිරයේ තත්ත්වය එසේ වෙද්දී බ්‍රිතෲන්‍යයේ සාමාන්‍ය ජනතාවගෙන් පිරිසක් සියලුම ආකාරයේ සෞඛ්‍ය පූර්වාරක්ෂක නීති උල්ලංඝනය කරමින් සමූහ වශයෙන් රොක් වී විනෝද ක්‍රීඩාවන්හි නිරත වන බව වාර්තා පවසයි. පසුගිය සෙනසුරාදා පැවැත්වුණු එවැනි නීති විරෝධී සංගීත සැණකෙළියක් වැටලූ එවොන් සහ සමර්සෙට් පළාත් පොලීසිය එහි සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 

පැය 15කට ආසන්න කාලයක්පැවැත්වූ බව පැවසෙන මෙම සංගීත සැණකෙළිය සඳහා තුන්දහසකට ආසන්න පිරිසක් සහභාගි වී තිබේ. ඔවුන් සියලු දෙනාම ලොක්ඩවුන් සීමා යටතේ සිටි පිරිස් බව පැවසෙයි. සෙනසුරාදා රාත්‍රී 11.20ට පමණ ආරම්භ වී ඇති මෙම අවස්ථාව පසුදින පස්වරු 4.00 දක්වා පැවැත්වී තිබේ. එම ප්‍රදේශවාසීන් පොලීසිය වෙත සිදුකළ පැමිණිලි අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. එහිදී මෝටර්රථ, ජෙනරේටරයක් ඇතුළු උපාංගද පොලිස් භාරයට ගෙන ඇත.

Monday, July 20, 2020

ඇමෙරිකානුවන් කොරෝනාවෙන් බැට කද්දී ඉවන්කා ට්‍රම්ප් ජීවත් වන්නේ වෙනත් විශ්වයකලු

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ දියණිය මෙන්ම ඔහුගේ ප්‍රධාන උපදේශිකාවකද වන ඉවන්කා ට්‍රම්පජ පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය හරහා සිරුර ආකාරය සම්බන්ධයෙන් එරට ජනතාව අතර දැඩි විවේචනයක් මතුව ඇතැයි වාර්තා වෙයි.

විශේෂයෙන්ම 140,000කට අධික ඇමෙරිකානු වැසියන් පිරිසක් මරණයට පත් කරමින්, තවත් ලක්ෂ 37කට අධික පිරිසක් ආසාදිතයන් බවට පත් කරමින් තිබෙන නව කොරෝනා වසංගතය අතරතුරදී ඒ පිළිබඳව අවධානය යොමු නොකර, ඇය සිය පෞද්ගලික වුවමනා එපාකම් ඉටු කරගනිමින් ඒවා ප්‍රසිද්ධියට පත්කිරීම මෙහිදී චෝදනාවට ලක්ව තිබේ. 

ඒ අනුව ඉවන්කා මේ වනවිට වෙසෙන්නේ තවත් විශ්වයකදැයි තමන්ට හැගෙන බව ජනතාව මෙහිදී පවසා සිටියි. ඇය සිය පවුලේ සාමාජිකයන්ද සමග වයෝමින්ග්හි ගතකළ සුඛෝපභෝගී නිවාඩුවක ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය හරහා පසුගියදා ප්‍රසිද්ධියට පත්කර තිබුණි. එහිදී ඇය හිරු රැස් විඳිමින් අසුපිට ගමන් කරන ආකාරය මෙන්ම, එම අවස්ථාවේදී ඇය ඉතා මිල අධික ඇඳුම් ආයිත්තමින් සැරසී සිටින ආකාරයද දැකගත හැකිවිය. 

නව කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකානුවන් මිලියන ගණනකට මේ වනවිට රැකියා අහිමි වී ඇති අතර, බොහෝ පිරිසකට මේ වනවිට සුභසාධන පහසුකම් මත යැපීමට සිදුව තිබේ. එසේම එරට පාසල් විවෘත කිරිමේ අර්බුදයක්ද මතුව තිබෙන අතර, දරුවන්ට වඩාත් සුරක්ෂිත පරිසරයක් තුළ අධ්‍යාපනය ලැබීමට හැකියාවක් ලැබේවිද යන ගැටලුවෙන් එරට මවුපියන් පෙළෙමින් සිටියි. ඒ අනුව රට තුළ මෙවැනි පසුබිමක් පවතිද්දී ඉවන්කාගේ මේ හැසිරීම් පිළිගත නොහැකි බව මෙම විවේචකයන්ගේ අදහස වී ඇත.

මේ අතර, පසුගියදා ඇය බෝංචි ඇට කෑනයක් අත තබා ගනිමින් ප්‍රසිද්ධියට පත්කළ ඇගේ ඡායාරූපයක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත. වෙළෙඳ දැන්වීමක් හා සමාන වූ මෙම ඡායාරූපගත කිරීමේ අවස්ථාවේදී ඇය එම නිෂ්පාදනය ප්‍රවර්ධනය වන ලෙස ඉංග්‍රීසියෙන් මෙන්ම ස්පාඤ්ඤ බසින්ද වදන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත. කෙසේ වෙතත් ඇගේ මෙම හැසිරීම රජයේ සදාචාරාත්මක නීති උල්ලංඝනය කිරීමක් හා සමාන බවටද අදහස් මතුව තිබේ.

Tuesday, June 9, 2020

බ්ලැක් ලයිව්ස් මැටර් යුරෝපය තුල දරුණු ව්‍යවසනයක් වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේදී පොලිස් නිලධාරීන් අතින් කළු ජාතිකයෙකු ඝාතනය වීම නිමිති කරගනිමින් ආරම්භය වුණු මෙම උද්ඝෝෂණ, පසුගිය සතියේදී ඉතාමත් සාමකාමීව පැවැත්වුණත් අද වනවිට එම උද්ඝෝෂණ පොලිස් නිලධාරීන් වෙත පහරදීම් සිදු කරන, පොදු දේපළ වනසන වඩාත් ප්‍රචණ්ඩකාරී හැසිරීම් තත්වයකට පත්ව තිබේ. ලන්ඩන් නුවර වෙසෙන කළු ජාතිකයන් පමණක් නොව සුදු ජාතිකයන්ද මෙම විරෝධතා වෙත එක්ව සිටීමද විශේෂත්වයකි.

 ඒ අතරින් පසුගිය ඉරිදා සිදුවූ උඝෝෂණයක් අතරතුරදී විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන් වෙත පන්න පන්නා පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද ප්‍රසිද්ධියට පත්ව ඇත. එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ලේ ගලන තුවාලද සහිතව සිටින ආකාරයද දැකගත හැකි විය. එසේම පෙ‍රේදා දිනයේදීද ලන්ඩන් නුවර වයිට්හෝල්හිදී උද්ඝෝෂකයෙකු අශ්වාරෝහක බළඇණියේ පොලිස් නිලධාරිනියද අශ්වයා බිම වට්ටවා තවත් පිරිසක් තුවාල කරමින් දිව ගිය අන්දමද සටහන්ව ඇත.

 ඒ අනුව කළු ජාතිකයන් වෙනුවෙන් උද්ඝෝෂණ පවත්වන නාමයෙන් ලන්ඩන් නුවර ඇතිව තිබෙන මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳව අදහස් දක්වන එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ප්‍රීති පටෙල්, මෙම උද්ඝෝෂණ ඉතාමත් නින්දාසහගත හැසිරීම් සහිත අවස්ථාවක් බව පවසා ඇත.

 මේ අතර, උඝෝෂණ අතරතුරදී විරෝධතාකරුවන් විසින් 17 වැනි සියවසේදී එංගලන්තයේ පැවැති වහල් වෙළෙඳාම සංකේතවත් කරමින් බ්‍රිස්ටල් නුවර නිර්මාණය කර තිබූ වහල් වෙළෙඳාමේ නියුතු වූ එඩ්වඩ් කොල්ස්ටන්ගේ ප්‍රතිමාවක්ද කඩා බිඳ හෙළා ඇත. අනතුරුව එම ප්‍රතිමාව බිස්ටන් වරායේ ගිල්වා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති බ්‍රිස්ටල් පළාතේ පොලිස් සුපරින්ඩන්ට්වරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්, ඊට සම්බන්ධ පිරිස් වෙත අපරාධමය හානි කිරීම යටතේ චෝදනා ගොනු කරන බවත් පවසා ඇත. 1895 වසරේ සිට එම ස්ථානයේ තිබූ මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරාම විවිධ අදහස් පැවතුණි. ඒ අතරින් ආසන්න කාලයේ ඉදිරිපත් වූ පෙත්සමකට අනුව එය එම ස්ථානයෙන් ඉවත්කළ යුතු බවට අත්සන් 11,000ක්ද ලැබී තිබූ බව පැවසෙයි.

එසේම උඝෝෂණයේ නිරතවූ තවත් පිර්සක් පළමු ලෝක යුද්ධයේදී දිවි පිදූ මිලියන ගණනක් සැම උදෙසා නිර්මාණය කර තිබූ ප්‍රතිමාවක තිබූ යුනියන් ජැක් ධජය ගිනි තැබීමට උත්සාහ ගෙන තිබේ. මීට අමතරව වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රතිමාවක පාදමේ 'ඔහු වර්ගවාදියෙක්' යන වැකි ලිවීමක්ද මෙම විරෝධතාකරුවන් විසින් සිදු කර තිබුණි.

මෙලෙස විරෝධතාකරුවන් අතින් හානියට පත් වූ ස්ථාන පිරිසුදු කිරීමේ කටයුතුද ඊයේ දිනයේදී ආරම්භ විය. ඒ සඳහා නගර සභා සේවකයන් මෙන්ම ස්වේච්ඡා පිරිස්ද සම්බන්ධව සිටිනු දැකගත හැකි විය.

 මෙම වර්ගවාදයට එරෙහිව පවසමින් ක්‍රියාත්මක මෙම බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ පිළිබඳව අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෝන්සන්, මෙය 'බලහත්කාරයෙන් සිදු කරන පැහැර ගැනීමක්' බව පවසා ඇත.

Friday, May 29, 2020

බ්‍රසීලයේ කොරෝනා මරණ එක පිට එක ගොඩගැසෙද්දී බොල්සොනාරෝ කීවේ මොනවද?

COVD-19 වසංගතය ඇමෙරිකාව උඩු යටිකුරු කර, යුරෝපය පුරා තරග කරමින් එක්සත් රාජධානියේ අගමැතිගේ දොරටද තට්ටු කර, දැන් බ්‍රසීලයේ සිදුකරමින් සිටින්නේ මහා විනාශයකි. එවැනි පසුබිමක වෛරසය 'පුංචි උණක්' ලෙස නැවත නැවතත් බැහැර කළ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ අතින් මේ මහා අනතුර ගිලිහී යැම සුළුවෙන් තැකිය නොහැකි තත්ත්වයකි.
                                                                                                        
 එක්සත් ජනපදයට පසුව ගෝලීය වශයෙන්  COVID-19 ආසාදිතයන්ගේ දරුණු මාතෘකාවක් බ්‍රසීලය විසින් දැන් සපයා ඇත.වෛරසයෙන් එරට පුද්ගලයන් 25,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, විශේෂඥ මතය අනුව අගෝස්තුව වනවිට මරණ සංඛ්‍යාව දෙගුණයක් වීමට පුළුවන. රෝහල් සහ සොහොන් බිම්  එක හා සමානව ඔවුන්ගේ  සීමාවන් ඉක්මවමින් සිටින්නේ, අහිංසක ආදීවාසී ජනතාවගේද ඉරණමෙ විසඳමිනි. 

 ඒ අනුව බ්‍රසීල වැසියන් මෙන්ම, ලෝක ප්‍රජාව
බ්‍රසීලයෙන් විමසන්නේ වසංගතය පාලනයෙන්  තොර වූයේ කෙසේද යන්නයි. නමුත් බ්‍රසීල ජනාධිපතිවරයා මෙන්ම, ඔහුගේ අනුගාමිකයන්ටද අනුව තවමත් මෙය බරපතළ තත්ත්වයක් නොවේ. ඊට හොඳම උදාහරණ සපයන්නේ නව කොරෝනා වෛරසය හෝ එහි ව්‍යාප්තිය පිළිබඳ විමසන විට බොල්සොනාරෝ ලබාදෙන පිළිතුරුය.

"මම මොනවද කරන්න ඕන? මට ආශ්චර්යයක් කරන්න බෑ." මේ ඔහුගේ එක් පිළිතුරකි. බ්‍රසීලය තුළ වෙරසය පැතිරීම ආරම්භයේ සිට මේ දක්වා බොල්සොනාරෝ කීවේ, කළේ මොනවාද යන්න සැකෙවින් මෙසේය.

 1වැනි මරණය

 මාර්තු මාසය වනවිට වෛරසය රට තුළ පැතිරීම ආරම්භ වෙමින් තිබූ අතර, පළමු වැනි මරණය මාර්තු 17දා සිදුවිය. නමුත් ජනප්‍රිය නොවන නිරෝධායනය සහ ලොක්ඩවුන් පියවර බොල්සොනාරෝ සමච්චලයට ලක් කළේය. ඒවා සිදුකිරීමට උනන්දු වූ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් මෝඩයන් සේ සැලකීය.

"අපේ ජීවිතය ඉදිරියට යා යුතුයි. රැකියා පවත්වා ගත යුතුයි” මාර්තු 24දා ඔහුගේ පිළිතුර විය.

.
 මරණ 1,000ක්

 අප්‍රේල් 10දා එරට මරණ 1,000ක් වාර්තා විය.නමුත්ජනාධිපතිවරයාගේ වචන සහ හැසිරීම තවමත්
වෛරසයට සූදානම් බවක් නොපෙන්වීය. බේකර් අවන්හලක මුඛ ආවරණයක් හෝ නොමැතිව, තම ආධාරකරුවන් බදා ගනිමින්, සමාජ දුරස්ථකරණය. තඹයකට මායිම් නොකරමින් ඔහු හැසිරුණේය.

මරණ 5,000ක්

 ආර්ථිකය හා සෞඛ්‍යය මේ මොහොතේ රෝගාබාධ දෙකක් ලෙස සැලකිය යුතු යැයි ඔහු කීවේය. “ඔබට එකකට සැලකිය නොහැකියි. අනෙකා නොසලකා හැරිය නොහැකියි." අප්‍රේල් මස 29දා වනවිට බ්‍රසීලය මරණ 5000ක් ඉක්මවා ගියේය.

       ඉතින් මොකක්ද?  කනගාටුයි, නමුත් මම මොනවද කරන්න ඕනෙ?" ඔහුගේ මුල්ම පිළිතුර විය. පසුව ඔහු තවදුරටත්, "වෛරසය හේතුවෙන් අප දැනට ජීවත්වන තත්ත්වය ගැන මට කනගාටුයි. ආදරණීයයන් අහිමි වූවන්ට, බොහෝ දෙනෙකුට, වයස්ගත වූවන්ට අපගේ සහයෝගය ප්‍රකාශ කරනවා. නමුත් ඔය තමයි, ජීවිතය. එය හෙට මට විය හැකියි." යනුවෙන් කියා සිටියේය.

මරණ 10,000ක්

ආර්ථිකය කඩා වැටීමට ඉඩ ඇති බව කියමින් මැයි 7දා නිරෝධායන පියවර ලිහිල් කිරීමට කටයුතු කළේය. ඉන් දින දෙකකට පසු බ්‍රසීලයේ මරණ 10,000ක් ඉක්මවා ගියේය.

"අගුලු දැමීම, සියල්ල වසා දැමිම පිළිබඳ මේ කතාව, එය නොවෙයි මාර්ගය. එය අසාර්ථක වීමේ මාවතයි. බ්‍රසීලය බිඳ දැමීමේ මාර්ගයයි.” “සෞඛ්‍යාරක්ෂාව අත්‍යවශ්‍යයි. නිසැකවම. රූ සපුවේ අලංකාරය අත්‍යවශ්‍යද කියා මම දන්නෙ නෑ." 

මරණ 15,000ක්

 මැයි 16දා බ්‍රසීලයේ මියගිය සංඛ්‍යාව 15,000ක් ඉක්මවා ගියේය. එදින බොල්සනාරෝ බ්‍රසීලියා හි පිහිටි සිය නිල නිවසෙන් පිටත තවත් රැලියකට ඒක්විය. ඊළඟ දිනයේදී  බ්‍රසීලය එක්සත් රාජධානිය අභිභවා ලෝකයේ තුන්වැනි වැඩිම ආසාදිතයන් වාර්තා වන රට බවට පත්විය.

මරණ 20,000ක්

දින කිහිපයක් ඇතුළත බ්‍රසීලය කොරෝනා ශ්‍රේණිගත කිරීම්වල, එක්සත් ජනපදය හැර ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රට බවට පත්වූයේ රුසියාවද අභිභවා ගොසිණි. මැයි 21දා වනවිට මරණ 20,000ක් වාර්තා විය.

එදින රාත්‍රියේ බොල්සොනාරෝ අගනුවර හොට්ඩෝග් කරත්තයක් අසල නැවතී සිය ආධාරකරුවන් පිරිවරා හොට්ඩෝග් රස වින්දේය. නමුත් කෝපාවිෂ්ඨ වූ විරෝධතාකරුවන් "මිනීමරුවා” යනුවෙන් අවටින් කෑ ගසන හඬ ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රචාරය විය.

මරණ 25,000ක්

 බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය බ්‍රසීලයේ ජාතික මරණ සංඛ්‍යාව 25,598ක් බව බදාදා (27දා) නිවේදනය කළේය. බ්‍රසීලයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ප්‍රාන්ත අගුලු දැමීම හා සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කරද්දී, ජනප්‍රිය. නොවූ එම ක්‍රියාමාර්ගවල අපකීර්තිය ඔවුන් වෙත පටවා, ජනප්‍රිය තීරණ ගැනීම බොසොනාරෝන්ගේ උපාය මාර්ගය විය. නමුත් ඔහුගේ ආදර්ශය අනුගමනය කළ බ්‍රසීල වැසියන්ට සිදුවූයේ තමාගේ වළ තමන්ටම කපා ගැනීමටය. බොසොනාරෝ මෑතක  සිට වෛරසයට එරෙහි සටන 'යුද්ධයක්' ලෙස හැඳින්වීමට පටන් ගෙන ඇතත්, ආර්ථික එකතැන පල්වීම වෛරසයට වඩා බ්‍රසීලයට හානියක් වනු ඇතැයි ඔහු දිගින් දිගටම අවධාරණය කළේය. නමුත් ආසාදිතයන් මිලියන භාගයකට ළඟා වෙද්දී, බ්‍රසීලයේ අහිංසක ජනතාව වෙනුවෙන් හැරෙන සොහොන් ගණන ඔහු වෙනුවෙන් ආපසු හැරවිය හැකිද යන්න ඔහුවත් නොදන්නා බව නම් පැහැදිලිය.


Wednesday, May 27, 2020

වෛරස පාලනය කළ රටවල් පවා අවධානය වැඩිකළ යුතු යැයි වසංගත රෝග ව්ද්‍යාඥ මාරියා වෑන් කෙර්කෙව් පවසයි.

COVID-19 වෛරසය සම්බන්ධයෙන් නිශ්චිත පුරෝකථනයක් ඇති බව සඳහන් කරමින් පෙරේදා (25 ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය."මට හොඳින් වැටහෙනවා. මමත් ඔබ වගේම බෝට්ටුවක තමයි ඉන්නෙ. අප හැමෝටම ඕනේ මේක අවසානයක් දකින්නයි. ඒත් අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවා."වැන් කර්කොව් පැවසීය.
                                                                                               
එසේම සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා උණ සහ COVID-19 සම-ආසාදනයක් හෝ සම-සංසරණයක් සිදුවුවහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරීමට හැකි බවද ඇය අනතුරු ඇඟවූවාය. 

 "එසේ වුවහොත් එය අපගේ අවබෝධය අවුල් කිරීමට පුළුවන්. මොකද, පරික්ෂණයක් සිදු නොවූ අවස්ථාවක මිනිසුන්ට ආසාදනය වී ඇත්තේ කුමක් දැයි අපට එක්වරම අවබෝධ කරගැනීමට නොහැකි වේවි. එය සමස්ත පද්ධතියම ගංවතුරකට හසුවූවාක්  වැනි දෙයක්. එමගින් දැනට කරගෙන යන දේත් යටපත් වීමට පුළුවන්.” ඇය සඳහන් කළාය.

අවස්ථාවක් ලබාදුනොත් වෛරසය. පැතිරී යළි ආරම්භ වන බව අවධාරණය කරමින් ඇය පවසා සිටියේ, "කොරෝනා වෛරස්වල විශේෂ ලක්ෂණයක් වන්නේ, යම් යම් ස්ථානවල විස්තාරණය වීමට ඊට ඇති හැකියාවයි. එනම් සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව හෝ සුවිශේෂී පැතිරීමක් සිදුවීමේ හැකියාවයි. විශේෂයෙන්ම සංවෘත පරිශ්‍රයන් තුළ (වාතාශ්‍රය හරිහැටි නොලැබෙන ආවරණය වූ තැන්වලට අවස්ථා ගණනාවකදී අප මෙය දැක තිබෙනවා. එවැනි ස්ථානයකදී  වෛරසයට අවස්ථාවක් ඇති විට එයට පහසුවෙන්ම සම්ප්‍රේෂණය කළ හැකියි." යනුවෙනි.

"සෑම රටක්ම මේ අවස්ථාවේදී  දැඩි අවධානයෙන් සිටිය යුතුයි. වෛරසය මර්දනයෙහි සාර්ථක වී ඇති රටවල්, ආසාදිතයන් පහළ ගොස් ඇති රටවල් ඇතුළු සියලු රටවල් ආසාදිතයන්  වේගයෙන් හඳුනා ගැනීමට සූදානම් විය යුතුයි."යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

කොරෝනාවෙන් මියගිය ස්වාමියා යළි එනතුරු වූහාන් රෝහලේ තෙමසක් බලා සිටි අපූරු මිතුරා

 අප බොහෝ දෙනෙකු ජීවිතයේ අඳින බැඳීම් විවිධාකාරය. එය පවුලේ ළඟම ඥාතියෙකු හෝ තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය කෙරෙහි වූ බැදීමක්, එසේත්  නැත්නම් බිරිඳ හෝ ස්වාමියා ආදී වශයෙන් වන බැදීමක් හෝ ළඟම මිතුරා හෝ මිතුරිය කෙරෙහි වූ බැඳීමක් විය හැකිය. නමුත් යම් අවස්ථාවක අප හදිසියේම මියැදුණහොත් මේ බොහෝමයක් බැදීම් දේහය රැගෙන යන වළ අසලදී අපෙන් දුරස්වීම ස්වභාවිකය.
                                                                                           
 නමුත් ඇතැම් සතුන් තම ස්වවාමියා කෙරෙහි දක්වන බැඳීම මේ සියලු බැඳීම් අභිභවා යන්නකි. විශේෂයෙන්ම මිනිසාගේ ළඟම හිතවතා යන විරුදාවලිය ලැබූ සුනඛයන්, තම ස්වාමියා කෙරෙහි දක්වන මහත් වූ භක්ති ආදරය බොහෝ මිනිසුන් තුළද දැකගැනීම උගහටය. ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය සමග, මේ භයානක වෛරසයෙන් මුලින්ම බැටකෑ චීනයේ වූහාන් නගරයෙන්ද අපට වාර්තා වන්නේ හද කම්පා කරවන එවැනිම වූ සුවිශේෂී බැදීමක කතා ප්‍රවෘත්තියකි.

දැනට මාස තුනකට පෙර කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් වූහාන් නගරයේ තායිකාං රෝහලට ඇතුළත් කෙරුණු තම ස්වාමියා පැමිණන තුරු සෑම දිනකම රෝහලට වී ඉවසීමෙන් බලා සිටින අමුත්තා එම රෝහල් කාර්යමණ්ඩලයට අමුතෙකු නොවීය. නමුදු වඩාත් කනගාටුදායක පුවත වූයේ මේ සුනඛයාගේ ස්වාමියා රෝහලට ඇතුළත් කර දින පහකට පසුව සංකුලතා උත්සන්න වීමෙන්  මියගොස් තිබීමය. සිය වයෝවෘද්ධ ස්වාමියාට වෛරසය ආසාදිතව පසුගිය පසුගිය පෙබරවාරි මාසයේදී වූහාන් රෝහලට ඇතුළු කෙරෙන විට වයස අවුරුදු 7ක් වන මේ කුඩා සුනඛයාද රෝහල් කාර්යමණ්ඩලයේ සිත් දිනාගනිමින් ස්වාමියා සමග රෝහල වෙත පැමිණ තිබුණි. නමුත් තම ස්වාමියා යළි නොඑන බව නොදැන මාස තුනකට වැඩි කාලයක් තායිකාං රෝහලේ ලොබියේ මේ සුනඛයා ඉතා උනන්දුවෙන් බලා සිටින දසුන බොහෝ දෙනෙකුගේ නෙතගට කඳුළක් ගෙනදෙන දසුනක් බවට පත්විය. කරුණාවන්ත හදවත්වලින් පිරි රෝහල් කාර්යමණ්ඩලයේ මෙන්ම, රෝහලට පැමිණෙන ඇතැම් රෝගීන්ගේද සැලකිල්ල නිසා මේ සුනඛයා මේ තාක්කල් පෝෂණය වීය.

 රෝහලේ වූ වෙළෙඳ සැලක හිමිකාරිනිය වන වූ කුයිෆෙන් මේ සිදුවීම හා සම්බන්ධ වන්නේ වූහාන් නගරය පසුගිය අප්‍රේල් මාසයේදී යළි විවෘත කිරීමත් සමගිනි. තමා මුලින්ම රෝහල වෙත යනවිට ලොබියේ නිසොල්මන්ව නමුත්, ඉතා උනන්දුවෙන් පෙරමග  බලා සිටි සුනඛයා ගැන ඇය විමසිලිමත් වූවාය. සුනඛයාගේ හිමිකරු වෛරසය ආසාදනය වී, පසුව නිව්මෝනියා තත්ත්වයක් සමග මියගිය බව දැනගත් ඇය, මේ සුනඛයා රෝහලෙන් ඉවතට ගැනීමට උත්සාහ කළාය. නමුත් එය පහසු කාර්යක් නොවූ බව දැනගත් ඇය, මේ පුංචි සුනඛයා රැකබලා ගැනීමට සිතා ගත්තාය. ඇය ඌට 'ෂියාඕ බාඕ' හෙවත් (පුංචි වස්තුව) ලෙස නමක්ද තැබීය.  “මේ පුංචි සුරතලා කිසිම අවස්ථාවක රෝහලෙන් පිටතට ගියේ නෑ. එයා තමන්ගේ ස්වාමියා සොයමින් රෝහලේ ගත කළා." රෝහලේ පළමු මහලේ වූ වෙළෙඳ සැල පවත්වාගෙන යන කුයිෆෙන් කීවාය.

"තනිවී සිටින මේ සුනඛයාට මම බොහොම ආදරයෙන් කතා කළා. එයාට මාව හුරුවුණාට පස්සෙ කඩේට රැගෙන ආවා. සෑම උදෑසනකම මම කඩේ විවෘත කිරීමට පැමිණෙන විට ෂියාඕ බාඕ මා බැලීමටත් එනවා. සෑම දවසකම අවසානයේ එයා මාව දකිනවා."  වරක් ඇය හිතමතාම සුනඛයා රෝහලෙන් පිටතට ගෙනැවිත් අත්හරිද ෂියාඕබොහෝ කෙලින්ම දිවගොස් ඇත්තේ රෝහල තුළටය. ඇය පවසන්නේ මා මේ පුංචි සුනඛයාට ආදරය. කරුණාව දැක්වූවද, තමන්ගේ මුල් ස්වාමියා කෙරෙහි වූ භක්ති ආදරය ඌ කෙරෙන් බිඳකඳු අඩුවී නොතිබුණු බවය.

කෙසේ වෙතත් ඇතැම් රෝගීන් මෙම සුනඛයා රෝහලේ සිටිනවාට විරුද්ධ වී ඇති අතර, ඒ පිළිබඳ රෝහල් බලධාරීන්ට කළ පැමිණිල්ලකින් පසුව ෂියාඕ බාඕව වූහාන් නගරයේ කුඩා සත්ත්ව ආරක්ෂණ සංගමයක් වෙත යොමු කිරීමට රෝහල් බලධාරීන්ට සිදුවිය. එම සංගමයේ අධ්‍යක්ෂ ඩු ෆෑන් කියා සිටියේ ඔවුන්ගේ ආදරය හා කරුණාව සමග පුංචි සුනඛයා සුවෙන් හා සැපයෙන් කල් ගෙවන බවය. එමෙන්ම බොහෝ දෙනෙකු මේ සුනඛයා පිළිබඳ සොයා බලන බවද ඔහු කීවේය. නමුත් ෂියාඕ බාඕ තවමත් තම මුල් ස්වාමියා ගැන වූ ස්නේහය නම් අඩු කරගන්නා කියා විශ්වාස කළ නොහැකිය.

(නරේෂ් විශ්වජිත්)

"මීළඟට කොරෝනා දෙවැනි රැල්ලක් නොවෙයි.දෙවැනි උච්චතම අවස්ථාවක් පැමිණිය හැකිය"ආසාධිතයන් පහළ ගියේ ස්වභාවිකව නොවන බැවින්,උදාසීක නොවිය යුතු යැයි WHO සෞඛ්‍ය හදිසි අවස්ථා විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් යම් පහත වැටීමේ ප්‍රවණතාවක් ස්වාභාවිකවම සිදු නොවූ බවත්, එබැවින් සෑම රටක්ම උදාසීන නොවී කටයුතු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.
                                                                                     
ලෝකය දැන් සිටින්නේ ගෝලීය වශයෙන් කොරෝනා වෛරසයේ පළමු රැල්ල මැද බව පෙන්වා දෙමින්, පෙරේදා (25දා) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය මයික් රයන් මෙම අදහස් පළ කළේය.

"අප දැන් ඉන්නේ ගෝලීය වශයෙන් පළමු රැල්ල මැද. අප තවමත් සිටින්නේ රෝගය සැබවින්ම වර්ධනය වෙමින් පවතින අවධියකයි."

"මේ නිසා ඕනෑම වේලාවක රෝගය ඉහළ යා හැකි බව අප දැන සිටිය යුතුයි. රෝගය දැන් පහව යමින් පවතිනවා යැයි හෝ, දෙවැනි රැල්ලකට සූදානම් වීමට මාස ගණනාවක් ගත වනු ඇතැයි කියාවත් අපට උපකල්පනය කළ නොහැකියි. අපට මේ ආකාරයෙන් දෙවැනි උච්චතම අවස්ථාවකට වුවද මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්." වෛද්‍ය රයන් අවධාරණය කළේය. විශේෂයෙන්ම සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා සමයේදී දෙවැනි උච්චතම අවස්ථාවක් හෝ  රැල්ලක් පැමිණිය හැකි බවට රයන් අනතුරු  ඇගවූ අතර, එය රෝග පාලනය සඳහා වූ ක්‍රියාදාමය බෙහෙවින් සංකීර්ණ කරනු ඇති බවද ඔහු කියා සිටියේය.

"මේ රෝගය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා තිබෙනවා. ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් දැන් මගේ කනස්සල්ල පවතින්නේ, වර්තමාන ආසාදන පහත වැටීම ස්වාභාවික සෘතුමය බවක් නියෝජනය කරන බවට මිනිසුන් උපකල්පනය කිරීමයි. එය භයානක උපකල්පනයක් යැයි මා විශ්වාස කරනවා."

"එසේ පහත වැටීමේ ප්‍රවණතාව ස්වභාවිකවම සිදු වූ බව මිනිසුන් උපකල්පනය කළත්, සැබෑම යථාර්ථය නම්, එය සිදුව ඇත්තේ ලෝකය පුරා ජනතාව කෙරෙහි දැඩිලෙස බලපා ඇති ඉතා දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නිසයි." යනුවෙන් ලෝකයේ රටවල ආසාදිතයන් වාර්තා වීමේ වේගය තරමක් පහළ යැමේ ප්‍රවණතාව ගැන වෛද්‍ය රයන් සිය මතය ඉදිරිපත් කළේය.

ඒ අනුව මේ අවස්ථාවේදී වෛරසය සම්බන්ධයෙන් වූ උන්නදුව අත්හැර, මීළඟ සැබෑ අන්තරාය පැමිණෙන්නේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල යැයි උපකල්පනය කිරීම වඩාත් භයානක තත්වයක් බවද විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් දැඩිව අනතුරු අඟවා සිටියේය.

Tuesday, May 26, 2020

"නව කොරෝනා වූහාන් විද්‍යාගාරයකින් බිහි වූ බවට වාර්නා මුළුමනින්ම ගෙතුවක්" වූහාන් විද්‍යාගාරයේ අධ්‍යක්ෂකවරිය පවසයි.

ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ පිහිටි විද්‍යාගාරයක් තුළ නිපදවූවක් බවට, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ පාලනාධිකාරිය ඉදිරිපත් කරන කරුණු මුළුමනින්ම ගොතන ලද්දක් බව වූහාන්හි වෛරස විද්‍යාව පිළිබඳ ආයතනයේ ප්‍රධානී වැන්ග් යැන්ග් පවසයි.

පසුගිය මැයි 13 වැනිදා පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ කරුණු දක්වා තිබේ. එය පසුගිය සෙනසුරාදා ප්‍රචාරය කෙරිණි.  එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට රාජ්‍ය ලේකම් මයික් පොපිපිඕ මෙම වෛරසය පළමුවෙන්ම හඳුනාගත්තේ චීනයේ වූහාන් නගරය තුළදී බවත්, එය කෙසේ හෝ එහි පිහිටි විද්‍යාගාරයකින් පිට වන්නට ඇති බවත් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණි.
                                                           

කෙසේ වෙතත් වූහාන් නගරයෙන් පළමුවෙන්ම වාර්තා වූ මෙම නව කොරෝනා වෛරසය වවුලන්ගෙන් ආරම්භ වූවක් වන බවත්, තවත් ක්ෂීරපායී සත්වයෙකු වන මිනිසුන් වෙත එය සම්ප්‍රේෂණය වන්නට ඇති බවත් විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජනපදයේ බුද්ධි අංශයද
මෙම වෛරසය සතුව ස්වාභාවික ආරම්භයක් සතු බව ස්ථිරවම පවසා ඇත.

"මීට පෙර ඇතැම් කොරෝනා වෛරස බිහි වු වවුලන්ගෙන් කියලා සොයාගෙන තිබුණා. දැනට අවුරුදු 20කට පෙරාතුව හඳුනාගත් SARS කියන කොරෝනා වෙරස වසංගතයට හේතු වුණත් එවැනි තත්ත්වයක්. මේ වනවිට විද්‍යාගාරය සතුව සජීවී වෛරස 3ක් ගබඩා කර තබාගෙන සිටිනවා. එහෙත් ඒ කිසිවක්ම ජානමය වශයෙන් නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 (SARS-CoV-2) වෛරසයට සමාන වන්නේ නැහැ. ඒ දෙක අතර සමානාත්මතාව පවතින්නේ 79.8%ක් පමණයි." ඇය පවසා ඇත.

මේ අතර, උOVID-19 සඳහා හේතු වූ කොරෝනා වෛරසය SARS වෛරසය සඳහා හේතු වූ වෛරසය වඩා වෙනස් බවට මීට පෙර සිදුකළ පරීක්ෂණ කිහිපයකින්ම අනාවරණය වූ බවත් වූහාන් විද්‍යාගාරයේ ප්‍රධානියා පවසා සිටියි.

"අපි දන්නවා  SARS-CoV-2 වෛරසයට අදාළ සම්පුර්ණ ජීනෝමය SARS වෛරසය හා සමානකම් පෙන්වන්නේ 80%ක් විතරයි. "වූහාන්හි පිහිටි මෙම වෙරසය පිළිබඳ විද්‍යාගාරය  පවසන ආකාරයට ඔවුන් වෙත මෙම COVID-19 ලෙස හැඳින්වුණු එතෙක් හඳුනා නොගත් පළමු නව කොරෝනා වෛරස සාම්පලය ලැබී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදාය. එහිදී වීම වෛරසය සතුව වෙනත් ජිනෝමයක් පවතින බවට හඳුනාගෙන ඇත්තේ ජනවාරි 02 වැනිදාය. පසුව මේ පිළිබඳව  ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත  ඔවුන් දන්වා ඇත්තේ ජනවාරි 11 වැනි දිනයේදීය.

"අපේ කණ්ඩායම කිසිම අවස්ථාවකදීවත්, මේ වෛරසයට එරෙහිව සටන් කරන්නවත්, ඒ ගැන පර්යේෂණ කරන්නවත්, එය විද්‍යාගාරය තුළ පවත්වාගෙන යන්නවත් කටයුතු කළේ නැහැ. අපේ විද්‍යාගාරය තුළ නොතිබුණු වෛරසයක් මේ විදියට එළියට යන්නේ කොහොමද?" ඇය මෙහිදී විමසා තිබේ.

COVID-19 පිරිමින්ට මාරාන්තික යම් සේද,ලොක්ඩවුන් සීමා කාන්තාවන්ට අහිතකරලු

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගතය ලොව පිරිමින් සදහා දරුණු මාරාන්තික තත්ත්වයක් ලෙස හදුනාගෙන තිබුණත්, ඒ සමග පැනවුණු ලොක්ඩවුන් සීමා හරහා කාන්තාවන්ද දරුණු තර්ජනයට ලක්ව ඇතෙයි විදෙස් මාධ්‍ය පවසයි.

කැනඩාවේ සයිමන ෆේසර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ඉදිරිපත් කර ඇති දන්ත උපුටා දක්වමින් මාධ්‍ය මේ කරුණු දක්වා තිබේ. විශේෂයෙන්ම ලොක්ඩවුන් සීමා පැනවීමත් සමග ගෘහස්ථ හිංසනයේ ඉහළයාම්, පවුල් සැලසුම් ක්‍රම වෙත එල්ල වන බලපෑම් මෙන්ම ආර්ථික බලපෑම් යනාදියෙන් මෙලෙස කාන්තාවන් දැඩි පීඩාවට පත්ව තිබෙන බව හඳුනාගෙන ඇත.

"මේ ලොන්ඩවුන් සීමා, වසංගතය. ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට යෙදවූවත්, ඒ හරහා පිරිමින්ට වඩා කාන්තාවන්ට වගේම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සියල්ලක්ම පාහේ බිඳීමටත් හේතු වෙනවා. අප සැලකිලිමත් වුණේ මේ වසංගතය සමග පවතින සෞඛ්‍ය අවදානම ගැනයි. අපට මේ යට තිබෙන විශාල පින්තුරය මඟහැරුණා."පර්යේෂණය සඳහා දායක වූ පර්යේෂිකාවක වන ජූලියා ස්මිත් පවසයි.

දැනට හඳුනාගෙන ඇති ආකාරයට කාන්තාවන්ට වඩා වැඩි ප්‍රතිශතයකින් පිරිමින් මෙම COVID-19 වසංගතය වෙත ගොදුරු වන බව සඳහන් වෙයි. එහිදී කාන්තාවන්ට වඩා පිරිමින් තුළ මෙම වෛරසය දරුණු වීම ඉහළ මට්ටමක් ගන්නා බවත්, ඒ හරහා ඔවුන්ගේ මරණ අනුපාතය ඉහළ බවත් හඳුනාගෙන තිබුණි. ඒ අනුව සැවොම සිතුවේ මේ සෞඛ්‍ය දත්තවල පවතින දරුණු බව විනා ඒ හරහා එල්ල වන අනෙකුත් බලපෑම් පිළිබඳව නොවන බවත් මෙම පර්යේෂකයන් සඳහන් කරයි.

"අපි මේ වසංගතය සඳහා මුහුණදීම ගැන කල්පනා කරනකොට, මේ වසංගතයට එරෙහි සටන්නේ ඉදිරි පෙළ සිටින පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක ඇඳුම් උපාංග සම්පාදනයට කටයුතු කළා. ඒ වගේම මේ සමාජ දුරස්ථකරණය, නිරෝධායනය වැනි දේ වෙත යොමු වෙද්දී ඒ හරහා සිදුවන ස්ත්‍රී - පුරුෂ බව පදනම් කරගත් අපයෝජනවලින් ආරක්ෂා වීම පිළිබඳවත් අවධානය යොමු කරන්න. තිබුණි” ඇතැම් මානව අයිතිවාසිකම් සංගම් සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇතැම් රටවල මෙම ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වීමත් සමග එම රාජ්‍යයන් ඊට මැදිහත් වන ආකාරයද දැකගත හැකිවිය. උදාහරණ ලෙස ප්‍රංශ රජය මෙවැනි ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන්ට අවස්ථා 20,000ක් හෝටල් කාමරවල නවාතැන් ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් ලබාදෙන බව පවසා තිබුණි. එසේම සුපිරි වෙළෙඳසල් ආශ්‍රිතව උපදේශන සේවා මධ්‍යස්ථාන පිහිටුවීමටත් කටයුතු යෙදුණි. මීට අමතරව තමන්ට එල්ලවන අඩත්තේට්ටම් පිළිබඳව කේත වචන භාවිතයෙන් වාර්තා කිරීමේ ක්‍රමයක් වෙතද කාන්තාවන් උනන්දු කෙරිණි.

Tuesday, May 19, 2020

''ජනපති දරුවෙක් වගේ ක්‍රියා කළ නිසා තමයි රට අර්බුදයට පත් වුණේ" හිටපු ජනපති බැරැක් ඔබාමා පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයාගේ ළාබාල හැසිරීම් හේතුවෙන් රට මෙපමණ අර්බුදයකට පත්ව තිබෙන බව එරට හිටපු ජනාධිපතිවරයෙකු වන බරැක් ඔබාමා පවසයි. පසුගිය සෙනසුරාදා දිනයේදී රූපවාහිනිය හරහා එරට උසස් පාසල් ජ්‍යෙෂ්ඨයන් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ කරුණු සදහන් කර ඇත.
                                   
Show Me your Walk, HBCU Edition'  සඳහන්ව තිබූ මෙම වැඩසටහන රූපවාහිනි නාලිකා හරහා මෙන්ම යුටියුබ්, ෆේස්බුක් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය හරහාද සජීවීව විකාශය කෙරිණි. පැය දෙකක් පුරා පැවැති මෙම හමුවේදී හිටපු ජනපතිවරයා එරට කළු ජාතික පාසල් සහ විශ්වවිද්‍යාල හරහා උපාධි ලබා ගත් කළු ජාතික සිසුන් ඇමතීම සිදු කර තිබේ.

 විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ඔබාමා මෙහිදී වඩාත් සංවේදී වී ඇති අතර, ඇමතීම අතරතුර ඔහුගේ නෙතට කඳුළු ගලා ඒමක්ද සිදුවුණු බව පැවසෙයි. විශේෂයෙන්ම තමන් මේ මොහොතේදී කරන්නේ කුමක්දැයි යන්න  පිළිබඳව තමන්ම නොදන්නා බවට ජනපති ට්‍රම්ප් පසුගියදා සිදු කළ ප්‍රකාශය ගැන සඳහන් කරමින් ඔබාමා මෙහිදී අදහස් පළ කර තිබේ.

"ඔන්න ඔහොම තමයි කුඩා දරුවන් දේවල් ගැන කල්පනා කරන්නේ. ඒ නිසා තමයි මේ සියල්ලම අද වැරදිලා තියෙන්නේ." ඔබාමා මෙහිදී ජනපති ට්‍රම්ප්ගෙන් නම සඳහන් නොකරමින් එම දෝෂාරෝපණ එල්ල කිරීමට වගබලා ගෙන තිබුණි. එහිදී ඔහුගේ ප්‍රධානම චෝදනාව එල්ලවී ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහි එක්සත් ජනපද නායකත්වයට එරෙහිවයි.

පසුගිය සතියේදී ද ඔබාමා මෙවැනිම ආකාරයෙන් අන්තර්ජාලය හරහා ඇමතීමක් සිදු කරමින් සිය පාලන සමයේදී ධවල මන්දිරයේ සේවය කළ 3,000කට අධික පිරිසකට වර්තමානයේ රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය.එහිදී ඔහු වත්මන් ජනාධිපතිවරයා සහ ධවල මන්දිරය මෙම වසංගතය හසුරුවන ආකාරය පිළිබඳව දැඩි ලෙස විවේචනය කර තිබුණි.

 එම අවස්ථාවේදී ඔබාමා ලබන නොවැම්බර් මාසයේදී එරට පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණය පිළිබඳවද සඳහන් කර තිබූ අතර, වත්මන් ජනපතිවරයා ධවල මන්දිරයෙන් ඉවත් කර ඩිමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන් එම තනතුර සඳහා පත් කරන ලෙසද සිය හිටපු කාර්යමණ්ඩලයෙන් ඔහු ඉල්ලා තිබුණි.
ඒ අනුව මෙවර සිදුකළ ඇමතීමේ දීද ඔබාමා මෙම උපාධිධාරින් වෙත වක්‍රාකාරයෙන් එම ඉල්ලීම ඉදිරිපත් කළ අතර, "ලෝකය වඩාත් හොඳ තැනක් වෙනවා නම්, ඒ තැන ඔබ වෙනුවෙන්මයි." යනුවෙන් පවසා ඇත.
වරෙක සිය උපජනපතිවරයාද වූ ජෝ බයිඩන් වෙනුවෙන් මෙලෙස තමන් ඉදින්ව සිටින්නේ එම යහපත් රජය බිහි කිරීමේ අරමුණින් බවත්, ඒ සඳහා තමන් දැන් වැඩි කාලයක් වැය කරමින් සිටින බවත් ඔබාමා වැඩිදුරටත් පවසා ඇත.



Monday, May 18, 2020

තේ කඩේ ඉඩ නෑ: නවසීලන්ත අගමැතිනිය ආපසු භරවා යවයි.

නව කොරෝනා වයිරසය හෙවත් "කොවිඩ්19" වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පනවා ඇති සීමා නිසා තේ පැන් හලකට ගිය නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් එතැනින් ආපසු හරවා යැවීමේ සිද්ධියක් වාර්තා වෙයි.
නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්19' වසංගත සමයේදී දුන් නායකත්වය හේතුවෙත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලොවපුරා බොහෝ දෙනකුගේ ඇගැයීමට ලක්වූවාය. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පෙරේදා 16 වැනිදා සෙනසුරාදා ඇයගේ සහකරු සමග තේපැන්හලකට ගොස් ඇත. නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පනවා ඇති සීමා හේතුවෙන් අවන්හලකට ඇතුළත් කර ගත හැක්කේ සීමිත පිරිසකි. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය තේ පැන් හලකට යන අවස්ථාවේදී "කායික දුරස්ථභාවයට"අදාළ මාර්ගෝපදේශවලට අනුව ඊට යා හැකි උපරිම පිරිස එහි සිට ඇත. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ සහකරු නැවත හරවා යවා ඇත.
 ආඩෙන්ගේ ආණ්ඩුව පසුගිය 14 වැනිදා බ්‍රහස්පතින්දා සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ලිහිල් කිරීමට පියවර ගත් අතර, මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබුණු අවලන්හල්,තේපැන්හල්, සිනමා ශාලා සහ සාප්පු සංකීර්ණ ද විවෘත කෙරිණි. නවසීලන්තය පමණක් නොව අනෙකුත් රටවල් ද වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා දැඩි සීමා පැනවීය.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ආඩෙන් සහ සහකරු ක්ලාක් ගේෆෝඩ් සෙනසුරාදා වෙලින්ටන් අගනුවර පිහිටි තේපැන්හලකට ගිය අවස්ථාවේ මෙයට මුහුණදීමට සිදුව ඇත. මුල් අවස්ථාවේදී එහි අසුන් සියල්ල පිරී ගොස් තිබූ හෙයින් ඔවුන් ආපසු හරවා යවා ඇති අතර, කෙසේ වුවද මිනිත්තු කිහිපයකින් මේසයක් හිස් වී ඇත. ඉන්පසු තේ පැන්හලේ සේවකයකු එය දැන්වූයෙන් ආපන ශාලාවට යළි පැමිණ තේ බී ගොස් ඇත.
සෞඛ්‍ය පද්ධතියට බලපෑමක් එල්ලවීමට පෙර කොරෝනා වයිරස' වසංගතය පාලනය කරගැනීමට සමත් වූ රටක් වශයෙන්ම නවසීලන්තය ලෝකයේ ප්‍රචලිතව තිබිණ.නවසීලන්තයෙන් ඊයේ (17 වැනිදා) පස්වරු වනවිට වාර්තා වී තිබූ ආසාදිතයගේ ගණන 1,408ක් යැයි ද එරටින් වාර්තා වන මරණ ගණන 21ක් ලෙස ද දැක්විණි.

(මෙල්බර්න්හීදී රොයිටර්ස්)