Showing posts with label ED. Show all posts
Showing posts with label ED. Show all posts

Wednesday, July 23, 2025

මහනුවර විද්‍යාර්ථ විදුහල්පතිට ඒරෙහි අභියාචනාධිකරණයෙන් රීට් අඥාවක්

 


මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ශිෂ්‍යයකු හට එම විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ සලසමින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් ප්‍රකාරව නිකුත් කළයුතු “විරෝධතාවක් නොමැති බවට වන ලිපියක්” නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පතිවරයා හට වහාම එම ලිපිය නිකුත් කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් පෙරේදා දින (21දා) රීට් ආඥාවක් නිකුත් කරන ලදී. අදාළ “විරෝධතාවක් නොමැති බවට වන ලිපියක්” නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් එම විදුහල්පතිවරයා ව්සින් ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කළ 2025 අප්‍රේල් 09 දිනැති ලිපිය බල රහිත කිරීමේ ඊට් ආඥාවක්ද අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලදී.


මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන රුෂිත් තමෝධ්‍ය සරත් කුමාර නම්  ශිෂ්‍යයා විසින් විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පතිවරයා, අධ්‍යාපන අමාත්‍යවරිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් පවරන ලද ඊට් පෙත්සමකට අදාළව අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම ඊර්ට් ආඥාව නිකුත් කරන ලදී. පෙත්සම්කාර ශිෂ්‍යයා පසුගිය දිනෙක අභියාචනාධිකරණයේ ගොනුකළ සිය ඊට් පෙත්සම මඟින් දක්වා සිටියේ, රග්බි, පාපන්දු සහ මලල ක්‍රීඩා යන ක්ෂේත්‍රවල ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා දක්වා ඇති, විශේෂයෙන්ම 2022 වසරේ 17න් පහළ ශ්‍රී ලංකා පාපන්දු ජාතික කණ්ඩායමේ නායකත්වයද දරන ලද තමා, මීට පෙර අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථ විද්‍යාලයේ රග්බි පරිපාලනයේ විවිධ හිරිහැර කිරීම්වලට ලක්වීම සහ පාපන්දු ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි කිරීම හේතුවෙන් එම විද්‍යාලයෙන් ඉවත්ව යෑමට ඉල්ලා සිටි අවස්ථාවේදී 1 වැනි වගඋත්තරකාර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පතිවරයා පාසලෙන් අස්වීමේ සහතිකය  සහ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති බවට වන ලිපියක් නිකුත් කිර්ම ප්‍රතික්ෂේප කළ බවයි.


පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම ශිෂ්‍යයාගේ මව විසින් සිදුකරන ලද පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවේදී අදාළ ලේඛන නිකුත් කිර්මට විද්‍යාර්ථ විදුහල්පතිවරයා එකඟ වූ නමුත් එම ලේඛන නිකුත් කිර්ම දිගින් දිගටම අතපසු කළ බවත්, අනතුරුව එම ශිෂ්‍යයා හට අස්වීමේ සහතිකය පමණක් නිකුත් කළ නමුත්, මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශද නොතකමින් ක්‍රීඩා කිර්මට විරෝධතාවක් නැති බවට වන ලිපිය නිකුත් කිර්ම විදුහල්පතිවරයා විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බවත්, ඒ හේතුවෙන් තම ක්‍රීඩා ජීවිතය මුළුමනින්ම කඩාකප්පල් වී ඇති බවත්, පෙත්සම්කාර ශිෂ්‍යයා සිය පෙත්සම මඟින් දක්වා තිබිණි. මෙම නඩුව පසුගියදා අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රංජිත් වීරසිංහ ඇතුළු පිරිසක් මෙම නඩුවට මැදිහත් වීම සඳහා සිදුකළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලදී.


සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රකාශ කර  සිටියේ, වගඋත්තරකාර විදුහල්පතිවරයා පෙත්සම්කාර සිසුවා හට නීත්‍යනුකූල අපේක්ෂාවක් ඇති වන පරිදි කටයුතු කර පසුව අදාළ ලිපිය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, අදාළ විරෝධතාවක් නොමැති බවට වන ලිපිය නිකුත් නොකිර්ම සාධාරණීකරණය කළ හැකි කිසිදු පිළිගත හැකි හේතුවක් ගෙනහැර පෑමට විදුහල්පතිවරයා අපොහොසත් වී ඇති බවත්ය. තවද, පෙත්සම්කරු වෙත අස්වීමේ සහතිකය නිකුත් කිර්මද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පමා කිරීම, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු විවිධ අධ්‍යාපන බලධාර්න් විසින් සිදුකරන ලද නිර්දේශ සහ ඉල්ලීම් නොතකා හැරීම වැනි කටයුතු තුළින් වගඋත්තරකාර විදුහල්පතිවරයාගේ අසද්භාවී ක්‍රියාකලාපය තවදුරටත් තහවුරු වන බවද එම තීන්දුවේ සඳහන් කර ඇත.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති අංක 03/2022 දරන චක්‍රලේඛය ප්‍රකාරව විරෝධතාවක් නොමැති බවට ලිපියක් නිකුත් කිරීමට විදුහල්පතිවරයා වෙත ලබාදී ඇති අභිමතය භාවිත කිරීමේදී වගඋත්තරකාර විදුහල්පතිවරයා අසාධාරණ, අයුක්තිසහගත, අසද්භාවී සහ ද්වේෂසහගත ලෙස ක්‍රියා කර ඇති බවට අභියාචනාධිකරණය විසින් නිගමනය කරන ලදී.


ඒ අනුව, වගඋත්තරකාර විද්‍යාර්ථ විදුහල්පතිවරයාට එරෙහිව ඉහත සඳහන් කළ ඊට් ආඥාවන් නිකුත් කළ අභියාචනාධිකරණය පෙත්සම්කාර ශිෂ්‍යයා හට ක්‍රීඩාවල නිරත වීම සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත වැඩිදුර නියෝගයක් නිකුත් කළ අතර එම ශිෂ්‍යයා මේ වන විට පැවැත්වෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් ශ්‍රී‍ ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම්වරයා වෙතද ඊට් ආඥාවක් නිකුත් කරන ලදී.


පෙත්සම්කාර ශිෂ්‍යයා වෙනුවෙන් නීතිඥ ඉන්දික බණ්ඩාර අබේකෝන් මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර, නීතිඥ සඳමාලි මනතුංග, නීතිඥ ඉර්ෆොන් බාචා, නීතිඥ ඇංජලිකා පෙරේරා සහ නීතිඥ උමයංක කූර්යන් යන අය පෙනී සිටියහ. වගඋත්තරකාර විදුහල්පතිවරයා, අධ්‍යාපන අමාත්‍යවරිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ක්‍රීඩා අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ පෙනී සිටියේය. 05 වැනි වගඋත්තරකාර පාසල් රග්බි සංගමයේ ලේකම්වරයා වෙනුවෙන් නීතිඥ මලික් හනාන් මහතා පෙනී සිටියේය.