මිහිපිටින් මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ද්රව්ය සහිත උල්කාපාතය ලෙස සැලකෙන පාෂානයක් කෙරෙහි විද්යා ඥයින්ගේ අවධානය යළිත් යොමුවී ඇත.

මෙම අජටාකාශ වස්තුව ඕස්ට්රේලීයාවට පතිත වී ඇත්තේ 1969දීය.
එතුළ තිබී සොයා ගත් දුහුවිලි අංශු වසර බිලියන 7.5ක් තරම් ඉපැරණි බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන විද්යාඥයන් මෑතකදී අනාවරණය කරගැනීමට සමත් වී ඇත.
මෙම දූලී අපගේ සෞරග්රහ මණ්ඩලය බිහිවීමටත් පෙර නිර්මාණය වූ බව සැලකේ.
"තරුවක් මිය යන , එම තරුව සැදුම් ලත් පදාර්ථය කුඩා අංශු වශයෙන් අභයවකාශය පුරා විසිරී යයි.
අනතුරුව ඒවා එකට ගොනු වී අලුත් තාරකාවක්, ග්රහලෝකයක්, සඳක් හෝ ග්රහකයන් බිහි වෙයි.
තාරකාවන් පිළිබඳ පැරණිතම නියැදිය මෙම දූලි අංශුව යැයි මෙම උල්කාපාතය පිළිබඳව විමර්ශනය කරන කණ්ඩායමේ ප්රධානි චිකාගෝ විශ්වවිද්යාලයේ මහාචාර්ය ෆිලිප් හෙක් පැවසීය.
එම අධ්යයනයේ ප්රතිඵල වාර්ෂව National Academy of Sciences සඟරාවේ පළ කර තිබේ.
"උපකාපාතයේ කොටස් ඉතා සියුම් කුඩුබවට පත් වනතුරු අඹරා, එම අංශු අම්ලයක බහා තැබීමෙනේ ප්රාථමික දුහුවිලි කැට පමණක් ඉතිරි වී සියල්ල දිය වෙනවා.
එම දුහුවිලි අන්තරීක්ෂ කිරණවලට කෙතරම් කාලයක් නිරාවරණය තිබේදැයි පරික්ෂාවට ලක් කිරීමෙන්, ඒවා කෙතරම් පැරණිදැයි සොයාගන්නට පුළුවන්.
විශ්වය පුරා ගමන් කරන අධි බලැති කිරණ විශේෂයක් වන අන්තරීක්ෂ කිරණවලට ඝන ද්රව්ය හරහා පවා ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. අන්තරීක්ෂ කිරණ වෙනත් ද්රව්යයක් හා ගැටීමෙන් ඇතැම් අවස්ථාවල අලුත් මූලද්රව්ය උත්පාදනය විය හැකියි.එම කිරණ හා ගැටීම දිගු වන තරමට ඉන් උත්පාදනය වන මූලද්රව්ය ප්රමාණය ද වැඩි වෙයි.
ඉහත සඳහන් කළ උල්කාපාතය තුළ ඇති දුහුවිලි කෙතරම් පැරණිදැයි නිගමනය කෙරන්නේ ඒ අනුවයි.
මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට නිදසුනක් කියන්නම්.
වහින කොට වතුර බාල්දියක් එළිමහනේ තැබුවොත්, වර්ෂාව එක දිගටම එකම ප්රමාණයෙන් පවතිනවා නම්, බාල්දියට එකතුවෙලා තියෙන වතුර ප්රමාණය අනුව අපට නිගමනය කරන්න පුළුවන්, කොපමණ වෙලාවක් මේ බාල්දිය වැස්සට නිරාවරණය වුවාද කියලා” මහාචාර්ය ෆිලිප් හෙක් පැහැදිලි කළේය.
එම උල්කාපාතයේ පැවති ඇතැම් දුහුවිලී කැට මෙතෙක් මිහිපිටින් සොයා ගත් ඉපැරණිතම ද්රව්ය ලෙස වාර්තාගත වී තිබේ.
බොහෝ ද්රව්ය වසර බිලියන 4.6 සිට 4.9 දක්වා ඉපැරණිය.
නමුත් වසර බිලියන 7.5ක් තරම් ඈත අතීතයට අයත් ද්රව්ය ද ඒ අතර විය.
ඒ අනුව විශ්වයේ තාරකා බිහි වෙමින් පැවැති ව බිලියන 7කට ඉහත කාලය පිළිබඳ සාක්ෂි ඒවායේ අඩංගු වනු ඇත.
සෞරග්රහ මණ්ඩල නිර්මාණයට හේතු වන අංශු නිරන්තරයෙන් අභ්යවකාශය පුරා පාවෙමින් පවතින බවත් ඒවා එකට ගොනු වී පොකුරු බවට පත්වෙන බවත් මෙම පර්යේෂණ මඟින් සනාථ වී ඇතැයි මහාචාර්ය ෆිලිප් හෙක් වැඩිදුරටත් පැවසීය.



























