Showing posts with label locall g5. Show all posts
Showing posts with label locall g5. Show all posts

Thursday, November 12, 2020

කොළඹ වැඩබිම් දෙකකින් කොරෝනා රෝගීහු 96ක්

කොළඹ ‘පෝට් සිටි' වරාය නගරයේ 47 දෙනකුට සහ කොළඹ ගාලු මුවදොර පිහිටි වැඩබිමක සේවය කළ ඉන්දියන් ජාතිකයන් 49 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

කොළඹ පෝට් සිටි වරාය නගරයේ ආසාදිතයන් 47 දෙනා අතර චීන ජාතිකයන් 4 දෙනකු ද සිටින බව ඊයේ (11) හෙළිවී ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි. 

ඒ අනුව කොළඹ නගරයේ වැඩබිම් ආශ්‍රිතව ඊයේ (11) පමණක් හමු වූ කොරෝනා වයිරසය ආසාදිත ගණන 96 දෙනකු වන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි. 

කොළඹ ගාලු මුවදොර පිහිටි වැඩබිමක සේවය කළ ඉන්දියන් ජාතිකයන් 49 දෙනා නවාතැන් ගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ නවාතැන්පොළේ සිටින තවත් ඉන්දියන් ජාතිකයන් ඇතුළු 200 දෙනෙක් නිරෝධායනයට යොමු කර ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

(නිමන්ති රණසිංහ)