
ලොව දිගුම කඳුවැටිය ලෙස සැලකෙන දකුණු ඇමරිකානු කලාපයේ පිහිටි ඇන්දීස් කදුවැටියදී 1972 වසරේ සිදුවුණු උරුගුවේ ගුවන් සේවයට අයත් අංක 571 දරන ගුවන්යානා අනතුරට 2022වසරට 50 වසරක් සම්පුර්ණ වෙයි. උරුගුවේහි ආධුනික රග්බි පාපන්දු කණ්ඩායමක් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් රැගෙන එලිය වෙත පියාසර කරමින් සිටියදී ඇදීකඳුවැටි ඉහලදී. මෙම යානාව අනතුරට ලක්විය. අවට පැවති අහිතකර දේශගුණික තත්වය අනතුරට හේතුව ලෙස සැලකෙයි. මෙම අවස්ථාවේදී යානය තුළ කාර්යමණ්ඩලයද ඇතුළු 45දෙනකු සිට ඇත. අනතුර හේතුවෙන් ඉන් 29දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ. එහෙත් 16දෙනෙකු දිවි රැකගැනීමට සමත්විය.පසුගියදා මෙම ගුවන්යානා අනතුරේ 50වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් එම 16දෙනා උරුගුවේ වෙත කැදවා ඔවුන් යළිත් එකට එකතු කර විශේෂ උත්සවයක් සංවිධානය වී තිබුණේ ලෝකයාට එම සිදුවීම් මතකය යළිත් අලුත් කරමිනි. ගතවුණු වසර 50 පුරාම මෙම ගුවන් අනතුරවරින්වර ලොව පුරා ජනතාවගේ මතකයට නැගුණේ එය අදාළ කරගනිමින් රචනා වුණු පොත්පත් සහ නිර්මාණය වු සිනමාපට හේතුවෙනි. පියර්ස් පෝල් අතින් ලියැවුණු Alive- The Story of the Andes Survivors ග්‍රන්ථිය ඉතා හාද අලවියක් තිබූ පොතකි. එසේම 1993 වසරේදී මෙම සිදුවීම අලලා Alive නමින් සිනමාපටයක්ද නිපදවුණි. ඉන් නොනැවතී Netflix ආයතනය ඉදිරියේදී මේ සිදුවීම පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් නිපදවීමටත් සැලසුම් කරමින් සිටියි. ඒතරමටම මේ ගුවන්යානා අනතුර වැදගත් වන්නේ එම යානා අනතුරින් පසුව දිවි බේරාගත් 16දෙනා, අනතුරින් දින 72කට පසුව ගලවා ගැනීමේ කණ්ඩායම් ඔවුන් බේරාගන්නා තෙක් අධික සීතල සිය පිවිත ආරක්ෂා කරගැනීම සදහා ගත් අතිශය අසීරු තීරණ හේතුවකි.එම තීරණ අතරින් දරුණුම තීරණය වූයේ, සිය ජීවිත රැක ගැනීම වෙනුවෙන් කඩා වැටුණු ගුවන්යානයේ තමන් සමග එකට සිට මරණයට පත් වූ සිය මිතුරාම මාංශ ආහාරයට ගැනීමයි. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොවීය. පසුගියදා මෙම අනතුරේ 50වැනි සංවත්සරයේදි දිවි බේරා ගත් සියලු දෙනා මිය ගිය තමන්ගේ ඒ මිතුරන් යළිත් සිහිපත් කළේ ඇඩු කඳුළිනි. 1972 ඔක්තෝබර් 13වැනිදා මෙම ගුවන්යානා අනතුර සිදුවිය. එම අවස්ථාවේදි යායේ සිටි 45දෙනා අතර උරුගුවේහි මොන්ටෙවිඩියෝ අගනුවර පාපන්දු කණ්ඩායමක් වන ඔල්ඩ් ක්‍රිස්ටියන්ස් රග්බි කණ්ඩායමේ සාමාජිකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් විය. ගුවන් පියාසාරිය අතරතුරදී යානය සහ ගොඩබිම අතර පවති අවසන් සංවාදයේදී යානය මීදුම මැදින් ගමන් කරන බවත් වාර්තා කර ඇත. අනතුරුව එහි සඥා බිදී ගොස් තිබේ. ඒ අනුව යානාව ඇන්දීස් කදුවැටියේ හිම මතට කඩා වැටී තිබේ. එම අවස්ථාවේදීම යානයේ සිටි මගීන් 12දෙනෙකු මරණයට පත්ව ඇත. තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 17දෙනකු එම තුවාල හේතුවෙන්ම පසුව මරණයට පත්ව තිබේ. දරුණු සීතල දේශගුණය මෙන්ම විටින් විට ඇතිවන හිම කඳුකඩා වැටීම නිසාද ඔවුදැඩි පීඩාවට පත්ව තිබේ.මේ අතර අනතුර සිදුව දින 100කට පසුව ලැබුණු රේඩියෝ පණිවුඩයකට අනුව එම ගුවන්යානය සෙවීමේ මෙහෙයුම් බලධාරින් විසින් අත්හිටුවා ඇතැයි එම පිරිසට දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව නැවත වරක් තමන්ට සොයා යමෙකු පැමින තෙක් ජීවත්වීමට ඔවුන් අකමැත්තෙන් වුවත් මියගිය සිය සහෝදර පිරිසගේ මාංශ අනුභවයට එකග වී ඇත. එහිදී ඔවුන් අතර සිටි වෛද්‍ය සිසුවකු වූ රොබෙර්ටෝ කානෙසා එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
" ඇත්තෙන්ම කිව්වොත් මිනිස් මාංශ කනවා කියන්නේ හරිම අප්පිරිය දෙයක්. එය කට දමා ගැනීම හරීම අසීරු වුණා. ඒත් අපිට ඒ දේ හැර වෙන දෙයක් තිබුණේ නෑ. අපි ඒ දේට පුරුදුවුණා.” යනුවෙන් අද 70 හැවිරිදි ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින රාමොන් සබෙල්ලා මම සිදුවීම යළිත් මතක් කරයි.
"මම හිතන්නේ අපේ මිතුරන් තමයි ලෝකයේ ඉන්ද්රිය ප්‍රදානයක් සිදුකළ පළමු වැනි පිරිස. ඔවුන් අපිට ජීවත්ව සිටීමට අවශ්‍ය පෝෂණය ලබා දුන්නා.” ඔහු තවදුරටත් පවසයි. මෙම යෝජනාව සිදුකළ කානෙසා පසුගිය 2016 වසරේද එම මතකය යළිත් අවදිකරමීන්, තමන් ඒ තිරණය ගත්තේ ඔවුන් තමන්ගේම මිතුරන් වීම නිසා වූ බව පවසා තිබේ. "මට ඒවෙලාවේ තිබුණු එකම ගැටලුව වුණේ ඒ මගේ මිතුරන්සි රුරුවීම. අපි බේරිලා ආවට පස්සේ මම ඒ අයගේ පවුල්වල අය හමුවෙලා මේ ගැන තේරුම් කරලා දුන්නා." යනුවෙන් ඔහු පවසයි. එහිදී ඔහු මියගිය සිය මිතුරන් සිරුරුවලින් කපා ගැනීම සදහා භාවිත කර ඇත්තේ වීදුරු කැබැල්ලකි.
"මේ විදියට මිතුරන්ගේ මස් කාලා ජිවත්වුණු අපි එකිනෙකාට පොරොන්දුවක් කරගත්තා. ඒ අපි අතරින් කවුරුහරී මැරුණත් අනෙත් අයට එයාගේ මස්කන්න පුළුවන් කියලා." යනුවෙන් රාමොන් සබෙල්ලා මතකය අවදි කරයි . මෙලෙස සිය මිතුරන්ගේ මාංශ අනුභවයන් මෙම 16දෙනාට මාස දෙකකට ආසන්න කාලයක් සිය ජීවිත රැක ගැනීමට අවස්ථාව හිම්ව තිබේ. එහෙත් තමත් බේරාගැනීමට කවරෙකු හෝ පැමිණිතැයි යන බලාපොරොත්තුව ඔවුන්ගෙන් ගිලිහෙමින් තිබුණි. ඒ අනුව කැන්සෙසා සහ ෆර්නාන්ඩෝ පරාඩෝ උදව් ලබාගැනීම සදහා පිටත්ව යාමට තීරණය කර ඇත. එහිදී ඔවුන් අතරමගදී ආහාරයට ගැනීම සදහා සිය රග්බ් මේස් තුළ මියගිය මිතුරන්ගෙන් කපාගත් මාංශ කොටස් පුරවා ගෙන තිබේ. අනතුරුව ඔවුන් දෙදෙනා සැතපුම් තුනක පමණ දුරක් කඳුවැටියේ පහලට බැස ගොස් ඇත. මේ සදහා ඔවුන්ට දින 10ක් ගතවී තිබේ. මේ අතරතුරදීම අන්ටෝනියෝ විසිටින් නැමැත්තකුද ඔවුන් හා එක්ව ඇති අතර, අවසානයේදී ඔහු ආපසු ගුවන්යානය වෙතම හරවා යවා ඇත්තේ තිදෙනෙකුට ප්‍රමාණවත් තරම් ආහාර ඔවුන් සතුව නොමැති වූ බැවිනි.අවසානයේදී කැන්සෙසා සහ ෆර්නාන්ඩෝ හට ගගාවක ඉවුරට එපිටින් සිටි සර්පයෝ කැටලන් නම් චිලි ජාතික එඩේරෙකු හමුව තිබේ. ගංගාවේ සැඩපහර නිසා ඔවුන් දෙදෙනා කිවූ දේ එඩේරාට ඇසි නැත. පසුදිනයේදී එම එඩේරා ගලක ගැට ගැසූ කඩදාසියක් සහ පන්සලක් ගගට එපිටින් ඔවුන්වෙත විසිකර ඇත.
අනතුරුව ඔවුන් තමන් පිළිබද සියලුම විස්තර එහි ලියා නැවතත් එඬේරා වෙත විසිකර ඇත. එම තොරතුරු දැකගත් එඩේරා වහාම සිය අසු පීඩනැගී සැතපුම් 100ක් දුරින් පිහිටි බලධාරින් වෙත මේ බව දැනුම්දී අනතුර පත්වූවත් ගලවා ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව දින කිහිපයක් පුරා ක්‍රියාත්මක කෙරුණු හෙලිකොප්ටර්යානා මෙහෙයුම්වලින් අනතුරුව ඉතිරී සියලු දෙනාමත් ගලවා ගැනීමට හැකි වී ඇත. ඒ වනවිටත් ඔවුන්ගේ සිරුරු දරුණු ලෙස වැහැරී තිබූ බවත් සදහන් වෙයි."ඔවුන් අපින අරගෙන ගියා චිලියේ සැන්ටියාගෝහි තිබුණු රෝහලකට. මට මතකයි මාස දෙකකට පස්සේ ප්‍රථමවරට නාන කොට මට ලැබුණු සතුට.” යනුවෙන් සබෙල්ලා පසුව මාධ්‍ය වෙත පවසා තිබුණි.මෙලස එම අනතුරින් දිවි ගලවා ගත් පිරිස් අද විවිධ ක්ෂේත්රයන්හි නිරතව සිටියි. ඒ අතරින් අයෙකු වන කාර්ලෝස් පාඒස් අද ධනාත්මක චින්තනය පිළිබද උපදේශකයකු ලෙස ලොව පුරා යමින් මෙම අනතුර පිළිබදව සහ දින 72ක් ජීවිත බේරා ගැනීමේ සිදුවීම පිළිබදව දේශනා පවත්වයි. කැන්සෙස හෘදරෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්ව සිටියි. එසේම ඔවුන් ගලවා ගැනීමේ තොරතුර බලධාරින්ට ලබාදුන් සර්ජියෝ කැටලාන් සිහිකිරීම වෙනුවෙන් චිලියේ එම ගම්මානයේ ප්‍රතිමාවද ඉදිකර තිබේ.