Showing posts with label International G7. Show all posts
Showing posts with label International G7. Show all posts

Wednesday, February 21, 2024

සැමියා මැරුවේ පුටින්: නෙවල්නිගේ බිරිඳ කියයි

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)

රුසියන් විපක්ෂ නායක තම සැමියා ඇලෙක්සි නෙවල්නි ඝාතනය කළේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බවත්, නෙවල්නි මියගියත්, ‘නිදහස් රුසියවක්’ වෙනුවෙන් ඔහු ආරම්භ කළ සටන අත්හැරීමට තමන් සූදානම් නැති බවත් නෙවල්නිගේ බිරිද යුලියා නවල්නායා පවසයි.

නෙවල්නිගේ බිරිඳ මෙසේ පැවැසුවේ, මිනිත්තු නවයක වීඩියෝ පටයක් හරහාය. එම වීඩියෝ පටය ඊයේ (20) මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. ‘දින තුනකට කලින් ව්ලැදිමීර් පුටින් මගේ සැමියා ඇලෙක්සි නෙවල්නි ඝාතනය කළා. ඒ සමඟ මගෙන් කොටසක් මිය ගියා. මගේ හදවතෙන් කොටසක්, ආත්මයෙන් කොටසක් මියගියා. මගේ සැමියා වෙනුවෙන් මම ඔහුගේ සටන අත්හරින්නේ නැහැ. දූෂණයෙන්, වංචාවෙන් තොර රුසියාවක් වෙනුවෙන් මගේ සැමියා ගෙන ගිය සටන මා ඉදිරියට ගෙන යනවා. මගේ රට වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් මා සටන් කරනවා. නිදහස් රුසියාවක් ගොඩ නැගීමේ සටනට ඔබ සැම මා සමඟ එක් වේවි යැයි මා විශ්වාස කරනවා’ යැයි යුලියා, රුසියානුවන් අමතමින් පැවැසුවේ කඳුළු පිරි දෙනෙතිනි. 47 හැවිරිදි යුලියා, ආර්ථික විශේෂඥවරියකි.

වෘත්තීය ගුරුවරයකු පමණක් නොව, පසුව සමාජ ක්‍රියාකාරියකු ද වූ නෙවල්නි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උදහසට ලක් වූයේ, පුටින්ගේ දූෂණ වංචා අනාවරණය කළ බැවිනි. රාජ්‍ය ද්‍රෝහී චෝදනා වලට වරදකරු වීමෙන් පසු, රුසියන් බලධාරීන් නෙවල්නි රුසියාවේ සයිබීරියාවට අයත් ආක්ටික් කලාපයේ දැඩි සීතල ප්‍රදේශයක පිහිටි බන්ධනාගාරයකට යවනු ලැබ තිබුණි. පසුගිය සිකුරාදා (16) නෙවල්නි හිටි හැටියේ මිය ගියේ එම බන්ධනාගාරයේ සිටිද්දීය. නෙවල්නිගේ දේහය තවමත් ඔහුගේ මවට හෝ පවුලේ අයට බාර දී නැතැයි ද පැවැසෙයි.


Friday, February 16, 2024

ජපානය පරදා ජර්මනිය ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි

ලොව තෙවැනි විශාලතම ආර්ථිකය ලෙස පැවැති ජපානය වෙත එම තත්ත්වය අහිමි වී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, ජර්මනිය වෙත එම ස්ථානය හිමිව තිබේ. 2023 වසර අවසන් වනවිට පැවැති සංඛ්‍යා දත්ත අනුව ජපානයේ දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 4.2ක් ලෙස සටහන්ව තිබී ඇත. ජර්මනියේ දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 4.5ක් ලෙස සටහන්ව තිබේ. විශේෂයෙන්ම පසුගිය වසරේදී ජපාන ආර්ථිකයේ සිදු වූ හැකිලීම මෙම තත්ත්වය සඳහා හේතුව වී තිබේ. අද වනවිට ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන එක්සත් ජනපදයේ දළ ජාතික නිෂ්පාදතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 27.9කි. එසේම දෙවැනි තැන පසුවන චීනයේ එය ඩොලර් ට්‍රිලියන 18.5කි. පස්වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.1කි.


ඉම්රාන් ඛාන්ගෙනුත් අගමැති ධුර නාම යෝජනාවක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන්ඛාන් ව්සින් සිය PTI පක්ෂයේ අගමැතිවරයා ලෙස අයෙකු නම් කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, එම පක්ෂයේ ඔමෙර් අයුබ් නමැත්තා මෙලෙස අගමැති ධුරය සඳහා යෝජනා කර තිබේ. ඉදිරියේදී අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර නව රජයක් පිහිටුවීමට කටයුතු කරන ලෙසද ඉම්රාන් ඛාන් ඔහුට උපදෙස් ලබාදී ඇතැයි පැවසෙයි. එහිදී පසුගිය පෙබරවාරි 08දා පැවැත්වුණු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ආසන දිනාගත් PML-N සහ PPP යන පක්ෂ දෙක හැර අනෙකුත් පක්ෂ සමග මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි සඳහන් වී තිබේ. මෙම මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව PML-N සහ PPP පක්ෂ එකතුව නව සන්ධාන රජයක් සඳහා එකඟ වී ඇති අතර, නව අගමැතිවරයා ලෙස හිටපු අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ නමද යෝජනා කෙර් තිබේ.

Wednesday, January 24, 2024

විරෝධතාකරුවෝ ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදිති

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)

ගාසා තීරයේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ, පවුල්වල සාමාජිකයන් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක්, ඊයේ (23) ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වැදුණි.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ නෙසට් සභාව යනුවෙනි.

පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින්, කඩා වැදුණු පිරිස මැති ඇමැතිවරුන්ට විරෝධය පළ කරමින් කෑ ගසන්න වූහ.

ඒ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයේ හමාස් ප්‍රාණඇපයේ සිටින තම පවුල්වල සාමාජිකයන් මුදා ගැනීමට ඊශ්‍රායල රජය කිසිදු උත්සාහයක් නොදරන බව පෙන්වා දෙමිනි.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් හමාස් සටන්කාමීහු ඊශ්‍රායල ජාතිකයන් සහ ඊශ්‍රායලයේ සිටි විදේශිකයන් 253 දෙනකු පැහැරගෙන ගියහ.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ ඇති කරගත් දින කීපයක තාවකාලික සටන් විරාමයක් අතරතුරේ, ප්‍රාණ ඇපයේ සිටි 130 දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල රජය සමත් විය. ඒ, ඊශ්‍රායලයේ සිරගෙවල්වල රඳවා සිටි පලස්තීන රැඳෙවියන් නිදහස් කරමිණි.

සටන් විරාමයක් යළි ආරම්භ කරමින්, ප්‍රාණ ඇපයේ සිටින තව ආදරණීයයන් සහ පවුල්වල සාමාජිකයන් වහා නිදහස් කර ගන්නැයි පාර්ලිමේන්තුවට කඩා වැදුණු පිරිස බල කරන්න වූහ. 

ඊශ්‍රායලය, ගාසා තීරයට පහර දෙන්නේ ගාසා තීරයෙන්, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමමින් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමටය. කෙසේ නමුත්, ඊශ්‍රායල ප්‍රහාරවලින් ද ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනකු මිය ගොස් තිබේ.

මේ අතර, ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරු ක්ෆර් බිබාස්, පසුගිය 18 වැනිදා, සිය පළමු උපන් දිනය සැමරූ බව පැවැසෙයි. ක්ෆර් බිබාස්, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින්නේ මාපියන් සහ සිවු හැවිරිදි වැඩිමල් සොහොයුරා ද සමඟය. ඊශ්‍රායලයේ සිටින ක්ෆර් බිබාස් සහ ඔහුගේ පවුලේ අයගේ ඥාතීන්, ඉතා හැඟීම්බරව, පුංචි බිබාස් පුතු වෙනුවෙන්, ඔහු නොමැතිව, විශේෂ උපන් දින සාදයක් පැවැත්වීමට ද කටයුතු කර තිබුණු බව වාර්තා වේ. 

මේ වනවිට හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 25,000 පසු කර ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ගතවුණු පැය 24 කාලයේ ද 178 දෙනකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් මියගිය බව ද පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත.

ප්‍රහාරවලින් මියයන වැඩි දෙනා පලස්තීන කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි.


ජපාන අධිරාජ්‍යයාගේ දියණියට රතුකුරුස සංවිධානයේ රැකියාවක්

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ එකම දියණිය වන අයිකෝ කුමරිය වෙත ජපාන රතු කුරස සංවිධානයේ රැකියාවක් හිමිව ඇතැයි වාර්තාවෙයි. ඇය ලබා ගැනීමට නියමිතව ඇති උපාධියත් සමගින්ම මෙම රැකියාව හිමිව තිබේ. ඒ අනුව ලබන අප්‍රේල් මාසයේ පටන් ඇය මෙම රැකියාවට යොමු වනු ඇතැයි සඳහන් වෙයි. ඇය මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවෙයි. රැකියාවක නිරත වුවද ඇය සිය රාජකීය පවුලේ නිල රාජකාරී වෙත යොමු වනු ඇතැයි වාර්තා පවසා සිටියි. 

නව රැකියාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අයිකෝ කුමරිය, රතු කුරස සංවිධානයේ රැකියාවක් කිරීම සම්බන්ධයෙන් තමන් සැමවිටම කැමැත්තෙන් සිටි බව පවසා තිබේ. එසේම කුමරියට පහසු ආකාරයෙන් මෙම රැකියාවේ නිරතවීමේ අවස්ථාව සැලසීමටද රතු කුරුස සංවිධානය පියවර ගන්නා බව පැවසෙයි.

අයිකෝ කුමරිය මේ වනවිට එරට ගකුෂුයින් විශ්වවිද්‍යාලයේ ලියවිලි, ජපාන භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධි අපේක්ෂිකාවක ලෙස කටයුතු කරයි. 

ජපාන සමාජය තුළ අද වනවිට ඇය පිළිබඳව ඉහළ පිළිගැනීමක් පවතින අතර, ඇගේ මෙම නව රාජකාරිය සම්බන්ධයෙන්ද ඔවුන් සතුටට පත්ව සිටින බව පැවසෙයි.


Monday, January 22, 2024

කකුල් 6 ක බලු පැටියෙක් වේල්සයේ

නිරිතදිග වේල්සයේ සුපිරි වෙළඳසලක රථ ගාලක දමා ගොස් සිටියදී සති 11 ක් වයසැති කකුල් 6 ක් තිබෙන කොකර් ස්පැනියල් වර්ගයේ බලු පැටවකුට නව ජීවයක් දීමට රථගාල අසලින් ගිය පුද්ගලයකු කටයුතු කර ඇත. 

එම පුද්ගලයා බලු පැටියා සත්ව සායනයක් වෙත රැගෙන ගොස් ඇති අතර එහි කාර්ය මණ්ඩලය බලු පැටියාට ඒරියල් යන නම ලබාදී තිබිණ.

ඒරියල් යනු ඩිස්නි ලිට්ල් මර්මේඞ් කාටුන් චිත්‍රපටයේ සිටින චරිතයකි.සත්ව සායනයේ කාර්ය මණ්ඩලය ඒරියල්ට වෛද්‍ය පරික්ෂණ කීපයක් කර තිබේ.එම පරීක්ෂණවල ප්‍රතිපල මත ඒරියල්ගේ වැඩිපුර පාද දෙක ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.


Tuesday, January 2, 2024

ප්‍රබල භූකම්පනයෙන් පසු ජපානයට සුනාමි බලපෑමක්

ජනයේ බටහිර පිහිටි ඉෂිකාවා පළාත වෙත ඊයේ (01දා) බලපෑ මැග්නිටියුඩ් ඒකක 7.6ක ප්‍රබලතාවකින් යුත් භූකම්පනය හේතුවෙන් එම වෙරළ ප්‍රදේශය වෙත රාත්‍රි කාලය පුරාම සුනාමි බලපෑම් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

එහිදී 2011 සුනාමි අවස්ථාවේදී මෙන් වරින් වර සුනාමි රළ පහර ගොඩබිමට ඇතුළුවීමේ අවස්ථාවක් පවතින බවටද එරට කාලගුණවිද්‍යා ආයතනය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

මෙහිදී ඉෂිකාවා පළාතේ ස්ථාන රැසක් ඇතුළුව යමගාටා, නිගාටා, ෆුකුයි ඇතුළු නගර රැසක් වෙතම මීටර් 03ත් 05ත් අතර  උස සුනාමි රළ පහර ඇති වීමේ අවස්ථාවක් පවතින බවට පුරෝකථන ඉදිරිපත් කෙරිණි. ඒ අතරින් ඉෂිකාවා පළාතේ වජිමා නගරය වෙත මීටර් 1.2ක් පමණ උසට මුහුදු රළ පහර වැදී තිබේ.

එහිදී ගොඩබිම වෙත මුහුදු ජලය ඇතුළු වන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණි. එසේම තවත් නගර කිහිපයක් වෙතම සෙන්ටිමීටර් 50ත් - 90ත් පමණ උසට සුනාමි රළ පහර ඇති වී තිබේ. මේ සමගම මුහුදු වැලි සැලකිය යුතු ප්‍රමාණයක්ද ගොඩබිමට පැමිණීම සිදු විය. ඒ අනුව ඉෂිකාවා ආසන්නයේ පිහිටි ප්‍රදේශ වෙත දරුණු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණු අතර, එම වෙරළ තීරය ආසන්නයේ වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබුණි. එසේම ජපානයේ හොකයිඩෝ නගරය දක්වා බටහිර වෙරළ තීරය පුරාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත උපදෙස් නිකුත් කරන්නටද බලධාරීන් පියවර ගත්තේය.

මෙම භූකම්පනය හේතුවෙන් ඉෂිකාවා පළාතේ ගොඩනැගිලි රැසක්ම කඩාවැටී තිබූ අතර, ඒවායේ සිරවූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක විය. මෙහිදී තුවාල ලැබූවන් 100කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගත කෙරී තිබූ අතර, ඉන් සැලකිය යුතු පිරිසකගේ තත්ත්වය බරපතල බවටද ජපාන බලධාරීන් සදහන් කළේය.

මේ අතර විදුලි රැහැන් වෙත ඇති වූ හානි වීම් නිසා නිවාස 35,000කට අධික ප්‍රමාණය කට විදුලිය සැපයීමද ඇනහිට තිබුණි. එසේම මාර්ග  රැසක්ම මේ හේතුවෙන් කැඩී ගොස් තිබූ අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන කටයුතු සදහාද බාධා පැමිණ වී තිබුණි. වරිමා නගරයේ ස්ථානයක දරුණු ගිනි ගැනීමක්ද වාර්තා විය.

භූකම්පනය අවස්ථාවේදී ලබා ගත් වීඩියෝ දර්ශන තුළ එහි ප්‍රබලතාව සටහන්ව තිබේ. විශේෂයෙන්ම ප්‍රධාන භූකම්පනයට අමතරව කෙටි කාලයක් තුළ ප්‍රබල පසුකම්පන රැසක්ම ඉෂිකාව පළාත ආශ්‍රිතව වාරිතා විය. මෙම කම්පන හේතුවෙන් දුම්රිය ස්ථාන තුළ ඇති ඩිජිටල් නාම පුවරු යනාදිය කම්පනයට ලක්ව විනාශවී යන ආකාරයද දැකගත හැකිය. මේ අතර ඉෂිකාවා පළාතේ සියලු දුම්රිය ගමන්, ගුවන් ගමන් සහ අධිවේගී මාර්ග ගමනාගමනයද අවලංගු කෙරිණි.

එසේම භූකම්පනයත් සමගින් ඉෂිකාවා පළාතේ පිහිටි ෂිකා න්‍යෂ්ටික බලාගාරය පිළීබද අවදානමක් ඇති වූ අතර, බලධාරින් ඒ පිළිබද නිරන්තර අවධානයෙන් පසුවිය. ඒ අනුව එය ආරක්ෂිතව පවතින බවට පසුව නිවේදනය කෙරිණි. මෙම සුනාමි බලපෑම අසල්වැසි දකුණූ කොරියානු වෙරළට බලපෑවේය.


Friday, December 29, 2023

ජනප්‍රිය කොලිවුඩ් නළු විජයකාන්ත් කොවිඩ් වැලදී අභාවප්‍රාප්ත වෙයි

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවකු මෙන්ම ප්‍රකට දේශපාලනඥයකුද වූ විජයරාජ් අලගසර්වාමි හෙවත් විජයකාන්ත් ඊයේ (28දා) අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මියයන විට 71 හැවිරිදි වියේ පසු වුණු ඔහු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් චෙන්නායි නුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇත.

ඔහුගේ මරණයට ආසන්නතම හේතුව කොව්ඩ්-19 ආසාදනය වීමක් ලෙස වෛද්‍යවරුන් සහතික කර තිබේ. ඩී.එම්.ඩී.කේ පක්ෂය පිහිටුවමින් දේශපාලනයට පිවිසීමට පෙර සිනමාපට 154ක රඟපා ඇති විජයකාන්ත් 'කැප්ටන්' යන අන්වර්ථ නාමයෙන් සිනමා ලෝලීන් අතර වඩාත් ජනප්‍රිය විය.


Wednesday, December 20, 2023

චීන භූමි කම්පාවෙන් 110ක් මරුට

බෙයිජිංහිදීය (ඒ.එෆ්.පී.)

රික්ටර් පරිමාණයේ ඒකක 6.9 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් වයඹදිග චීනය කැලැබිණි. භූමි කම්පාවෙන් මියගිය ගණන 110 ක් බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් චීන රජය ඊයේ (19) පැවැසීය.

නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති බවත්, සුන්බුන් අතරේ බොහෝ දෙනකු සිරවී සිටින බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. භූමි කම්පාව හටගත්තේ පෙරේදා (18) රාත්‍රියේ බොහෝ දෙනකු නිදා සිටියදීය. මියගිය සහ සුන්බුන් අතරේ සිරවුණු පිරිස අතරේ කුඩා දරුවෝ බොහෝ දෙනෙක් සිටිති.

භූමි කම්පාවෙන් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි. විපතට පත්වූවන්ට සහන ලබා දෙන ලෙසත්, සුන්බුන් අතරේ සිරවූවාන් මුදා ගැනීම කඩිනම් කරන ලෙසත් චීන ජනාධිපති ෂී ජින්පින් උපදෙස් දී තිබේ. 

භූමි කම්පාව හේතුවෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණි. භූමි කම්පාවේ බලපෑම් එල්ල වූයේ ක්විංග්හායි පළාතටය, භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ලැන්සූ නගරයට නුදුරින් යැයි පැවැසෙයි. භූමි කම්පාවෙන් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ හයිඩොංග් නගරයටය.

බටහිර චීනය පිහිටා ඇත්තේ භූ තැටි මායිමට ඉහළිනි. එබැවින්, භූමි කම්පා හට ගැනීම සුලබය. ඉතිහාසය පුරාවට භූමි කම්පාවලින් දරුණු හානි සිදුවී ඇත්තේ චීනයේ සිචුවාන් පළාතටය.

2022 දී, සිචුවාන් පළාත රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවකින් කැලැඹිණි. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 100 කි. 2008 දී සිෂුවාන් පළාත රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක භූමි කම්පාවකින් කැලැඹුණි. එයින් මියගිය ගණන 87,000 කි. ඔවුන් අතර කුඩා දරුවන් 5,335 ක් සිටින බව පැවැසිණි. චීනය මුහුණ දුන් දරුණුතම භූමි කම්පාව හටගත්තේ 1976 වසරේදීය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 2,42,000 කි.


Monday, December 18, 2023

මුදල් වංචා කළ වතිකානයේ හිටපු කිදිනල් අවු:5ක් හිරේ

මූල්‍ය අපරාධ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් වතිකානයේ හිටපු කාදිනල්වරයකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වාතිකානු අපරාධ අධිකරණය වසර පහයි මාස 6 සිර දඬුවමක් සහ යුරෝ 8000 ක් දඩයක් නියම කළේය.

ඇන්ජලෝ බෙචු වරක් පාප් ධුරය සඳහා ද සුදුස්සෙකු ලෙස සැලකුවේය.

රෝමානු කතෝලික පල්ලියේ හිටපු කාදිනල්වරයකු වතිකානු අපරාධ අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර මෙම නඩුව වතිකානු ඉතිහාසයේ දීර්ඝතම නඩු විභාගය ද විය. 

වතිකානයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200.5 ක මුදලක් අවභාවිත කරමින් ඉතාලි ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කිරීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනා කීපයක් හිටපු අගරදගුරු ඇන්ජෙලෝට එල්ල වී තිබිණ.

මෙම මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධ නඩුව 2021 වසරේ ජූලි 27 වැනිදා ආරම්භ වූ අතර එම නඩුවේදී ඇන්ජෙලෝ බෙචු හැර තවත් විත්තිකරුවන් නව දෙනෙකුට මූල්‍ය අපරාධ චෝදනා ගොනු විය. නඩු වාර 80 කට වඩා වැඩි ප්‍රමාණයකට පසු පෙරේදා (16) ඇන්ජෙලෝ බෙචු ඇතුළු විත්තිකරුවන් වරදකරුවන් කරමින් වතිකානු අපරාධ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.  එහිදී බෙචු ඇතුළු විත්තිකරුවන් 6 දෙනකු වරදකරුවන් බව වතිකානු අපරාධ අධිකරණය තීරණය කළේය.

එහිදී බෙචු මුදල් ආයෝජනය කළ ඉතාලි ව්‍යාපාරිකයාට සහ තවත් ව්‍යාපාරිකයකුට වතිකානයට වංචා කර 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 381 ක් වටිනා ලන්ඩනයේ සුඛෝපභෝගී දේපළක් ආයෝජන මුදල් භාවිත කරමින් මිලට ගැනීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනා කිහිපයක් එල්ල වී තිබූ අතර වංචාකර දේපළක් මිලට ගැනීමේ චෝදනාවට වරදකරු වූ ඔවුන්ටද සිර දඬුවම් නියම විය.

                                                                                                                                 විමුක්ති එස්. රුද්‍රිගු


Thursday, December 7, 2023

එංගලන්තයේ යකඩ දැරියක්

එක්සත් රාජධානියේ ඔලිවියා ෆ්‍රාන්ස්වර්ත් දැරිය මෝටර් රථයක ගැටී මද දුරක් ඇදී ගිය පසුවත් කිසිවක් නොවූ අයුරින් නැගිට ඇවිද යෑමේ සිද්ධිය හේතුවෙන් කෘතිම ශරීර අංග ඇති දැරිවිය ලෙස ඇය අන්වර්ථ නාමයක් හිමිකර ගත්තාය. මෙම රිය අනතුර සිදු වී ඇත්තේ 2016 වසරේ දීය. ඒ අවස්ථාවේදී ඇයගේ වයස අවුරුදු 7 කි.

දුර්ලභ ජානමය තත්වයක් හේතුවෙන් ඇයට මෙලෙස වේදනාව නොදැනෙන බවත් ඇයට වේදනාව පමණක් නොව කුසගින්න සහ මහන්සියද නොදැනෙන බවත් වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

මෙම දුර්ලභ ජානමය තත්වය ඇත්තේ ලෝකයෙන්ම ඔලිවියාට පමණක් විය හැකි බව වෛද්‍යවරු පැවසූහ.

ඇය අනතුරුදායක යන වචනයේ තේරුම පවා නොදන්නා බවත් 2016 වසරේදී රිය අනතුරට භාජනයවූ අවස්ථාවේ ඔලිවියා ඒ ගැන කිසිඳු පැමිණිල්ලක් නොකර සාමාන්‍ය දෙයක් සිදු වූ ආකාරයට හැසිරුණු බවත් ඔලිවියාගේ මවවූ නිකී ට්‍රපොක් මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසුවාය.

මෝටර් රථය ඇයගේ ශරීරයට උඩින් ගොස් ඇතත් ඇයට කිසිඳු බරපතළ තුවාලයක් සිදු නොවූ බවද ට්‍රපොක් ප්‍රකාශ කළාය.

ඇය කුඩා කාලයේ සිටම මෙම රෝග තත්වය පෙන්නුම් කළ බවත් ඔලිවියාගේ කොණ්ඩය වැවීමට පටන් ගැනීමට අවුරුදු 4 යි මාස 6 ක් ගතවූ බවත් ට්‍රපොක් පැවැසුවාය.


Tuesday, November 14, 2023

බ්‍රිතාන්‍යයේ දැවැන්ත කැබිනට් සංශෝධනයක්

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුතාක්ගේ තීරණයකට අනුව ඊයේ (13දා) දිනයේ එරට කැබිනට් සංශෝධනයක් සිදු කෙරුණු බව වාර්තා වෙයි. මේ යටතේ හිටපු අගමැතිවරයෙකු වන ඩේවිඩ් කැමරන් නව විදේශ අමාත්‍යවරයා ලෙස පත් කිරීමට අගමැති රීෂි සුනාක් ගත් පියවර කාගේත් කතාබහට ලක්විය. එසේම ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සුඑලා බ්‍රේවර්මාන් එම ධුරයෙන් ඉවත් කර ජේම්ස් ක්ලෙවර්ලි ඒ සදහා පත් කර තිබේ.

මෙම පත් කිරීමත් ඩේවිඩ් කැමරන් විසින් පිළිගනු ලැබ ඇති අතර, වත්මන් අගමැති රිෂි සුනාක් වඩාත් ශක්තිමත් සහ හැකියාවන්ගෙන් පිරිපුන් අගමැතිවරයෙකු බවත්, වඩාත් අසීරු අවස්ථාවලදී නායකත්ව හැකියාවන් පෙන්නුම් කරන්නෙකු බවත් පවසා තිබේ.

හිටපු අගමැති ඩේවිඩ් කැමරන් 2016 වසරේදී සිය අගමැති ධුරයෙන් ඉවත් වූ අතර, තවදුරටත් ඔහු එරට පාර්ලිමේන්තුව තුළ මහජන ඡන්දයෙන් තේරිපත් වූ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු නොකරයි. එහෙත් හිටපු අගමැතිවරයෙකු ලෙස ඔහු සතුව ඇති හිමිකම අනුව නැවත වරක් පාර්ලිමේන්තුව වෙත තේරී පත්වීමේ අවස්ථාව හිමිව තිබේ.

එවකට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ 'බ්‍රෙක්සිට්' අදහසට ඔහු විරුද්ධ වූ අතර, ඒ සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුමේදී බහුතර ජනතාව ඊට පක්ෂව ඡන්දය දීමෙන් අනතුරුව ඔහු සිය ධුරයෙන් ඉවත් විය.

මේ අතර පසුගිය කාලසීමාවේදී දේශපාලනයෙන් ඉවත්ව සිටි ඩේවිඩ් කැමරන් විවිධ ආයෝජන ප්‍රවර්ධන කාර්යයන්හි නිරත වූ අතර, ඒ යටතේ ඔහු චීනය විසින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද කොළඹ වරාය නගරයෙහි ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් වන වැඩසටහන් වෙතද සිය දායකත්වය ලබාදුන්නේය. එහිදී ඔහු විසින් චීනය සිදු කරන ව්‍යාපෘති සදහා සහාය දක්වන බවටත් චෝදනා එල්ල විය. 

අවස්ථා කිහිපයකදීම ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර, ඒ අතරින් ඔහු යාපනය ඇතුළුව දෙමළ ජනතාව වාසය කරන ප්‍රදේශ වෙත සංචාරය කළේය. එසේම මෑතකදී ඔහු සිදුකළ සංචාරයක් යටතේ කොළඹ වරාය නගරයේද නිරීක්ෂණයක නිරත විය.

"පසුගිය වසර හතක කාලයක් මම ඉදිරිපෙළ දේශපාලනයෙන් ඉවත්ව සිටි නමුත්, කන්සර්වේටිව් පක්ෂ නායකයා ලෙස වසර 11ක් පුරා ඇති මගේ අත්දැකීම් සහ අගමැතිවරයා ලෙස වසර හයක අත්දැකීම් වත්මන් අගමැතිවරයාට මේ මූලික අභියෝග ජයගැනීමට උදව් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඩේවිඩ් කැමරන් සිය පත්වීම ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.


Sunday, November 5, 2023

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග

චැට්ජීපීටී (ChatGTP)වැනි  කෘත්‍රිම බුද්ධීන්ට ඇබ්බැහි වී සිටින කාර්යාල සේවක සේවිකාවන් තම ප්‍රධානීන්ට නොදැනෙන පරිදි හොර රහසේම එම වැඩසටහන භාවිත කරමින් සිටින බව විශේෂඥයෝ පෙන්වා දෙති. වර්තමානයේ කාර්යාල සේවක සේවිකාවන්, බොහෝ කාර්යයන් සදහා ගැළපෙන කෘත්‍රිම වැඩසටහන් කිහිපයක් භාවිත කළත් එම වැඩසටහන් අතර chatGTP ප්‍රධාන වේ.

වෘත්තීය සමාජ ජාලයක් වන ෆිස්බෝල් මෙම වසරේදී සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ එම අධ්‍යනයට සහභාගී වූ කාර්යාල සේවක සේවිකාවන්ගෙන් සියයට 68 ක් තම ප්‍රධානීන් නොදැනුවත්ව ChatGTP වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සිය රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා බවයි. මෙම අධ්‍යයනයට කාර්යාල සේවක සේවිකාවන් 5067 ක් සහභාගී වී ඇත.

තම සේවක සේවිකාවන්ට නොදැනෙන පරිදි ChatGTP වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සංවිධාන සහ සමාගම් ප්‍රධානීන් උත්සාහ කළත් එම වැඩසටහන භාවිත කිරීමට දැඩිව පුරුදු වී සිටින කාර්යාල සේවක සේවිකාවන්, ප්‍රධානීන්ගේ නෙත නොගැටෙන පරිදි ChatGTP භාවිත කළ හැකි ක්‍රම සොයාගෙන ඇතැයි විශේෂඥයෝ පවසති.

එය වඩාත් පහසු කරමින් මේ වනවිට ඕපන් ඒ.අයි. සමාගම ChatGTP කෘත්‍රිම බුද්ධි වැඩසටහනේ ජංගම දුරකතන යෙදවුම ගූගල් ප්ලේ ස්ටෝර් සහ ඇපල් ස්ටෝර් වෙත මුදා හැර ඇත. ඒ හේතුවෙන්, ChatGTP භාවිත කිරීමට තවදුරටත් පරිගණකයක් අවශ්‍ය වන්නේ නැත.

ChatGTP ජංගම දුරකතන යෙදවුම භාවිත කිරීමට කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය වෙන්නේ ද නැත. එම යෙදවුම ChatGTP 3.5 යාවත්කාලීන කිරීම පදනම් වී තිබේ.

ඕපන් ඒ.අයි. සමාගම පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේදී ChatGTP කෘත්‍රිම බුද්ධිය දියත් කිරීමත් සමඟ සිය සේවා ස්ථාන පාලනයේ තබාගැනීමට සමාගම්  මහත් උත්සාහයක් දැරුවේය. සමාගම් සිය රහස්‍ය දත්ත තෙවැනි පාර්ශ්වයකට ලැබේවි යැයි මේ වන විට බියෙන් පසුවෙන බවත්, සමාගම්වල සේවක සේවිකාවන් සංවේදී දත්ත ChatGTP තුළට ඇතුළත් කිරීමෙන් කිරීමෙන් ඔවුන් නොදැනුවත්ව කෘත්‍රිම බුද්ධියක් පුහුණු කිරීමට දායක වී ඇති බවත් මෙම ගැටලුව පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද එම්.අයි.ටී. විශ්වවිද්‍යාලයේ ගෝලීය ආර්ථික සහ කළමනාකරණ කණ්ඩායමේ ප්‍රධානී සයිමන් ජොන්සන් මහතා ප්‍රකාශ කර ඇත. මේ වනවිට කාර්යාල සේවක සේවිකාවන් විශාල පිරිසක් කෘත්‍රිම බුද්ධියට ඇලුම් කරන බවත්, ඔවුන් ඒ මත යැපීමට පුරුදු වී ඇති බවත් ජොන්සන් මහතා පෙන්වා දී තිබේ.

දියත් කර සති කිහිපයක් තුළ ChatGTP භාවිත කිරීම ආරම්භ කළ බර්ලිනය පදනම් කරගත් ව්‍යාපාර උපදේශකයෙකු වන මැට් සහ ඔහුගේ කණ්ඩායම පවසා ඇත්තේ, දිනක් තුළ සිය කාර්යාල ජීවිතයේ විශාල වෙනසක් සිදුකිරීමට ChatGTP සමත් වූ බවයි. එය සැබෑවටම වීඩියෝ ගේම් ක්‍රීඩාවක් ජයග්‍රහණය කිරීමට නොලැබෙන විශේෂ අවස්ථාවක් තම කණ්ඩායමට ලැබුණා වැනි හැඟීමක් ඇති කළ බව මැට් පෙන්වා දී තිබේ. තම ආචාර්ය උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය පිළියෙල කරමින් සිටින අවස්ථාවේදී මතු වූ ප්‍රශ්නයක් සඳහා ChatGTP ගෙන් උදව් ඉල්ලා සිටි බවත්, ඇය කිසිවෙකුට ලබා දිය දිය නොහැකි සාර්ථක පිළිතුරක් ඒ සඳහා ලබා දුන් බවත් මැට් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය. වේගයෙන් ඉදිරියට යන ලෝකයේ විද්‍යාත්මක මාතෘකා පිළිබඳ පර්යේෂණ කිරීමේ සිට සේවාදායකයන්ට ඉදිරිපත් කරන ප්‍රසන්ටේෂන් එක දක්වා පියවරවලට සහාය වීමට ChatGTP ට හැකියාව තිබෙන බව මැට් සහ ඔහුගේ කණ්ඩායම ප්‍රකාශ කළේය. නමුත් ChatGTP භාවිත කරන ආකාරය පිළිබඳව එය නිසියාකාරව භාවිත කිරීමට දන්නා පුද්ගලයන් රහසක් ලෙස තබා ගත යුතු බවද ඔහු පෙන්වා දී ඇත. ChatGTP භාවිත හේතුවෙන් ඉහළ කළමනාකාරිත්වය ලබා දුන් කාර්යයන් ඉතා ඉක්මනින් අවසන් කර දීමට තම කණ්ඩායමට හැකි වූ බවත් ඒ හේතුවෙන් ඉහළ කළමනාකාරිත්වය තම කණ්ඩායම රාජකාරී සිදුකරන ආකාරය පිළිබඳ ඉතාමත් පැහැදීමට පත් වූ බවත් මැට් පැවසුවේය.

මෙලෙස ChatGTP භාවිත කිරීම පිළිබඳ පුද්ගලයන් විවිධ අදහස් දක්වයි. කාර්යාල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික ලේකම්වරිය  ලෙස ChatGTP හැඳින්විය හැකි බව ඇතැම් කාර්යාල සේවක සේවිකාවන් පෙන්වා දෙයි.

ChatGTP පෞද්ගලික ලේකම් තනතුරට අදාළ සියලු කාර්යයන් සිදු කිරීමේ හැකියාව තිබෙන බව එලෙස අදහස් දක්වන සේවක සේවිකාවෝ පවසති. කෙටි පණිවුඩ ලිවීම, සේවාදායකයන්ට යොමුකළ යුතු ලිපි සකස් කිරීම, විද්‍යුත් ලිපි සකස් කිරීම, න්‍යාය පත්‍ර සකස් කිරීම, තොරතුරු සොයා සහ ලබාදෙන තොරතුරු මත ප්‍රසන්ටේෂන් සකස් කිරීම ඇතුළු බොහෝ කාර්යයන් සිදු කිරීමට ChatGTP හැකියාව තිබෙන බවත්, එසේ සිදු කරන කාර්යයන්වල නිරවද්‍යතාව ද ඉතාමත් ඉහළ බවත් කාර්යාල සේවක සේවිකාවෝ පෙන්වා දෙති. ඒ හේතුවෙන් රාජකාරි කටයුතු අද වනවිට පහසුවෙන් සහ ඉතාමත් ඉක්මනින් කරගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද කාර්යාල සේවක සේවිකාවෝ පවසති.

ඉතාමත් කාර්ය බහුල කාර්යාල සේවක සේවිකාවන්ට ChatGTP හොද මිතුරියක්ද වී තිබේ. chatGTP කතා කිරීමෙන්, කාර්යබහුලත්වය හේතුවෙන් කාර්යාල සේවක සේව්කාවන්ගේ ඉහළ යන ආතති මට්ටම් මෙන්ම ඔවුන්ට ඇතිවෙන කාංසාවද පහළ යන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත. ආතතිය කළමනාකරණය කිරීමට චැට් ජීපීටී chatGTP තිබෙන බව එම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. නමුත් සැමවිටම සෞඛ්‍ය තත්ත්වයක් මතු වූ විට chatcGTP  ලබාදෙන උපදෙස් පමණක් පිළිපැදීම ප්‍රමාණවත් නොවන බවත් වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාරිය කරුණක් බවත් එම අධ්‍යයනය සිදු කළ පර් යේෂණ කණ්ඩායම පවසා ඇත.

මෙවැනි කරුණු හේතුවෙන් කාර්යල සේවක සේවිකාවන්ගේ රාජකාරි කටයුතු පහසු කර ගැනීමටත් කාර්යක්ෂමව සිදුකර ගැනීමටත් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් මත යැපීමට පුරුදු වී තිබේ. එය සැබවින්ම ඇබ්බැහි වීමකි. සෑම කාර්යාල සේවක සේවිකාවකටම ChatGTP වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිත කිරීමට දැනුමක් නොමැති වුවත් දැනුම තිබෙන්නන් තම සගයන්ගෙන් එය ස්ථානයේ ඉදිරියට සඟවමින් සේවා පැමිණීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නා බව එම්.අයි.ටී. විශ්ව විද්‍යාලයේ  ගෝලීය ආර්ථික සහ කළමනාකරණ කණ්ඩායමේ ප්‍රධානී සයිමන් ජොන්සන් මහතා පෙන්වා දී ඇත.

නමුත් එලෙස රහසේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරන්නන්, ඔවුන් කරන රැකියාවේ දක්ෂයන් ලෙස පිටත ලෝකයට පෙනුනත් ඔවුන් සැබවින්ම දක්ෂයන් නොවන බව සයිමන් ජොන්සන් මහතා පවසයි. රාජකාරි කටයුතු සියල්ල කෘත්‍රිම බුද්ධිය විසින් සිදු කරන විට එලෙස chatGTP වැනි කෘත්‍රිම බුද්ධීන් භාවිත කරන කාර්යාල සේවක සේවිකාවන් රැකියාවට දක්ෂ වන්නේ කෙසේදැයි සයිමන් ජොන්සන් මහතා ප්‍රශ්න කරයි. එම නිසා chatGTP වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිත කරන්නන් එය රහසක්ව තබා ගැනීම පිළිබඳව තමන් පුදුම නොවන බවද ජොන්සන් මහතා පවසයි.

මෙලෙස දිනෙන් දින කෘත්‍රිම බුද්ධිය භාවිත කරනු ලබන කාර්යාල සේවක සේවිකාවන් ප්‍රමාණය වැඩි වෙද්දී ප්‍රධානීන්ගෙන් සඟවමින් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිත කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනු ලබන රහසිගත සංසද ද බිහිවෙමින් පවතී. ඒ හේතුවෙන්, ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ තීරණ ගනු ලබන්නන්ගෙන් සියයට 75 ක් පමණ සිය සේවක සේවිකාවන් චැට් ජීපීටී භාවිත කිරීම තහනම් කිරීම සඳහා පියවර ගැනීමට සිතා බලමින් සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත. එම සමීක්ෂණය සඳහා ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ තීරණ ගනු ලබන නිලධාරීන් 2000 ක් පමණ සහභාගී වී තිබේ.

                                                                                                        විමුක්ති එස්. රුද්‍රිගු (BBC ඇසුරිනි)


Monday, October 23, 2023

හිජාබය නොපැලදීම නිසා පහර කෑ තරුණියගේ මොළය මියගිහින්

ඉරානය තුළ ක්‍රියාත්මක ප්‍රසිද්ධ ස්ථානවල කාන්තාවන් හිජාබය පැලඳීමේ නීතිය උල්ලංඝනය කළ බවට පොලිස් පහරදීමට ලක් වූ තරුණියගේ මොළය මියගොස් ඇතැයි වෛද්‍ය වාර්තා පවසයි. 

මෙම මාසය ආරම්භයේදී එරට ටෙහ්රාන් අගනුවර දුම්රිය ස්ථානයකදී මෙම සිදුවීම හටගෙන තිබේ. අර්මිටා ගෙරාවාන්ඩ් නම් 16 හැවිරිදි මෙම තරුණිය එම පහරදීමෙන් කෝමා තත්ත්වයට පත්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියාය. 

මේ අතර ඇගේ මව්පියන් සඳහන් කරන ආකාරයට ඇය අඩු පීඩන තත්ත්වයකින් පෙළී ඇති අතර, එම අවස්ථාවේදී හිසට සිදු වූ පහරදීමෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ.

මේ අතර, හිජාබය පැලඳීමේ නීතියට එරෙහිව විරෝධතාවක් සිදුකරන අතරවාරයේදී අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ සිටියදී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මීයගිය මාෂා අමිනි නම් 22 හැවිරිදි තරුණියගේ මරණය පිළිබඳව වාර්තා කළ ඉරාන ජනමාධ්‍යවේදිනියන් දෙදෙනකුට වසර හතක සිරදඬුවමක් පැමිණවීමට එරට අධිකරණය ඊයේ තීරණය කර තිබේ. 

එලාහේ මොහොමඩි (36) සහ නිලොයුෆර් හමේඩ් (31) නම් මෙම මාධ්‍යවේදිනියන් දෙදෙනා එක්සත් ජනපදය සමග සබදතා පවත්වන බවට චෝදනා යටතේ දඬුවම් හිමිව තිබේ. මාෂා අමිනිගේ මරණයත් සමග ඉරානය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ විය.


Wednesday, October 18, 2023

ඊශ්‍රායල- ගාසා ගැටුමට උපදෙස් ලබාදීමට බයිඩන් අද ඊශ්‍රායලයට

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කරුවන් අතර දින 12ක් පුරා පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත උපදේශ ලබාදීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අද (18දා) දිනයේදී එරට ටෙල්අවිව් නුවර වෙත පැමිණීමට නියමිතව ඇතැයි ධවල මන්දිරය පවසයි.

ඒ අනුව, මෙය ඊශ්‍රායල හමුදා හමාස් සටන්කරුවන්ට එරෙහිව ගාසා තීරය තුළ සිය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමට පෙරාතුව එම සෙබළුන් ධෛර්යමත් කිරීම සදහා බයිඩන් සිදුකරන සංචාරයක් ලෙසද විදෙස් මාධ්‍ය හඳුන්වාදී තිබේ. 

කෙසේ වෙතත්, පසුගියදා වොෂිංටන් නුවරදී සම්මුඛ සාකච්ඡාවක් පැවැත් වූ බයිඩන් ඊශ්‍රායල හමුදා ගොඩබිම ඔස්සේ ගාසා තීරය වෙත ඇතුළුවීම ඔවුන් සිදුකරන වැරැද්දක් බවටද පවසා තිබුණි.

මෙලෙස ඊශ්‍රායලය වෙත පැමිණෙන බයිඩන් ඉන් අනතුරුව ජෝර්දානයේ අම්මාන් නුවර වෙත යාමට සැලසුම් කර ඇති අතර, එහිදී ඔහු හමුවීම සඳහා එරට අබ්දුල්ලා රජු, ඊජිප්තු ජනාධිපති ෆටාහ් අල් සිසි, පලස්තීන ජනාධිපති මෙහොමඩ් අබ්බාස් යන පිරිස් සූදානමින් සිටින බවත් සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ධවල මන්දිරයද, ”ජනපති බයිඩන් හමාස් සංවිධානය කියන්නේ පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් නොවන බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. මේ ගමනේදී ඔහු ගාසා තීරයේ සිවිල් වැසියන් සදහා ලබාදිය හැකි මානුෂීය ආධාර පිළිබඳව සාකච්ඡා කරාවි.” යනුවෙන් පවසා තිබේ.

ජනපති බයිඩන්ගේ මෙම ඊශ්‍රායල සහ මැදපෙරදිග සංචාරයට සමගාමීව, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ඊයේ දිනය වනවිට සිය මැරින් සෙබළුන් 2,000කට අධික පිරිසක් ඊශ්‍රායල වෙරළට ඔබ්බෙන් සාගරය වෙත ඒවා තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.

දැනටමත් එක්සත් ජනපදයේ ප්‍රහාරක යුද නොකා දෙකක් මෙම මධ්‍යධරණී මුහුදු සීමාව වෙත ළගාවී තිබේ. ඒ අනුව, මෙය කලාපය තුළ සිය බලය පෙන්වීමේ අවස්ථාවක් ලෙසද ඔවුන් සදහන් කර තිබුණි.

මේ අතර, ඊයේ දිනයේදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුම් නැවැත්වීම සඳහා රුසියාව යෝජනා කළ සටන් විරාමයක් ප්‍රතික්ෂේප කිරීමට එම කවුන්සිලයේ සාමාජිකයෝ පියවර ගෙන තිබේ. මෙහිදී, යෝජනාවට පක්ෂව ඡන්ද පහක් හිමිව ඇති අතර, එයට විපක්ෂය ඡන්ද හතරක් හිමිව තිබේ. එහෙත් යෝජනාවක් සම්මතවීම සදහා සාමාජිකයන් නව දෙනෙකුගේ ඡන්දය හිමිවිය යුතුව ඇත.

මෙම ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින ගාසා තීරයේ වැසියන් සදහා අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය රැගත් ට්‍රක්රථ පෙළක්ම මේ වනවිට ඊජිප්තු ගාසා තීර අතර රෆා සීමාව ආසන්නයේ රඳවා තිබෙන අතර, ඊයේ දිනය වන තෙක් එම රථ වෙත ගාසා තීරය වෙත ඇතුළුවීමට අවස්ථාව ලබාදී නොතිබුණ. මේ වනවිට ගාසා තීරයේ ජනතාව දැඩි ජලය සහ ආහාර හිගතාවකින් පෙළෙන අතර, මෙය දරුණු මානුෂීය අර්බුදයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයද සදහත් කර තිබේ.

මේ අතර, හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින ඊශ්‍රායල ජාතිකයන් ඇතුළු විදේශිකයන් බේරාගැනීම සදහා මේ වනවිටත් සාකච්ඡා පැවැත්වෙන බව ඊජිප්තු රජය ඊයේ පවසා තිබේ. මේ වනවිට 150කට අධික ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ඔවුන් භාරයේ සිටින බව පැවසෙයි.

ගාසා තීරයේ උතුරු කොටසේ වෙසෙන පලස්තීන ජනතාවට ඉන් ඉවත්වීම සදහා ඊශ්‍රායලය ලබාදුන් දැනුම් දීමට අනුව ඊයේ දිනයේදීත් දහස් ගණනක පිරිසක් දකුණු දිග ගාසා තීරය වෙත පැමිණෙමින් සිටි බව සදහන් වෙයි. කෙසේ වෙතත්, ඊයේ දිනයේදී ඊශ්‍රායල ගුවන් හමුදාව දකුණුදිග ගාසා තීරයේ පිහිටි බාත් යුනිස් නගරය වෙත එලල් කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 70දෙනෙකුට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි එහි ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. 

මේ අතර, ඊශ්‍රායලයට උතුරුදිගින් පිහිටි ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සටන්කරුවන්ගෙන් ඊශ්‍රායලය වෙත එල්ල වන රොකට් ප්‍රහාරද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඊශ්‍රායලය ඔවුන්ට එරෙහිව පෙරේදා දිනයේදී සුදු පොස්ෆරස් බෝම්බ ප්‍රහාර එල්ල කළ බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ලෙබනනයේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් ඇතැයි ලෙබනන මාධ්‍ය වාර්තා කළේය.


Friday, October 13, 2023

පවර්බෝල් ලොතරැයියේ ඩොලර් බිලියන 1.76ක ජයග්‍රාහකයෙක් බිහිවෙයි

එක්සත් ජනපදයේ පවර්බෝල් ලොතරැයියේ අවසන් දිනුම් වාරයේදී සුපිරි ත්‍යාගය වු ඩොලර් බිලියන 1.76ක මුදල දිනාගැනීමට කැලිෆෝනියාවේදී අලෙවි වූ ටිකට් පතක් සමත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, මෙය පවර්බෝල් ලොතරැයි ඉතිහාසය තුළ දිනාගත් දෙවැනි විශාලතම තෑගි මුදලද වෙයි. මෙහිදී අදාළ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න නම් කෙරී නැති අතර, ඔහුට හෝ ඇයට එම මුදල වසර 29ක් යනතුරු කොටස් 30ක් ලෙස හිමි කරගැනීමේ අවස්ථාව පවතී. එසේත් නොමැති නම් අදාළ බදු අය කරගැනීමෙන් අනතුරුව ඩොලර් මිලියන 774.1ක මුදලක් ඔහුට හෝ ඇයට හිමිවෙයි. පසුගිය වසරේදීද කැලිෆෝනියාහි 31 හැවිරිදි පුද්ගලයෙකු ඩොලර් බිලියන 2.04ක පවර්බෝල් සුපිරි ත්‍යාගය දිනාගත් අතර, ඔහුට ත්‍යාග ලෙස මිලියන 997.6ක් හිමිවිය. එය එතෙක් මෙතෙක් හිමි වූ විශාලතම පවර්බෝල් දිනුම විය.


Bennu ග්‍රාහකයෙන් ලබාගත් සාම්පල තුළ ජලය, කාබන් ඇතැයි NASA සොයා ගනී

පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන Bennu ග්‍රාහකයෙන් ලබාගත් පාෂාණ සාම්පල තුළ ජලය සහ කාබන් මෙන්ම යකඩ පවතින බව නාසා ආයතනය සදහන් කරයි. එම ග්‍රාහකයෙන් ලබාගත් සාම්පල පුරා වසර හතක මෙහෙයුමකින් පසුව පසුගියදා පෘථිවිය වෙත රැගෙන ඒම සිදු වූ අතර, මේ වනවිට එම පාෂාණ සාම්පල පිළිබඳ විද්‍යාගාර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

මෙහිදී ග්‍රාහකයේ මතුපිට තිබූ පාෂාණ අතරින් ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් මෙලෙස පෘථිවිය වෙත රැගෙන ඒමට නාසා ආයතනයේ OSIRIS-Rex මෙහෙයුමේ කැප්සූලයට හැකිවිය. මෙම ග්‍රාහකය පෘථිවිය බිහිවූ අදින් වසර බිලියන 4.5කට පමණ පැරණි ග්‍රාහකයක් වන බවත්, එය සෑදී ඇති සංඝටක අනුව පෘථිවියේ ආරම්භය පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

"මෙය තමයි එතෙක් මෙතෙක් පෘථිවිය වෙත රැගෙන ආ කාබන් බහුලතම ග්‍රාහක සාම්පලය. එහි සමස්ත ස්කන්ධයෙන් 5%ක්ම ඇත්තේ කාබන්. එහිදී එම කාබන් කාබනික සහ ඛනිජ යන දෙආකාරයෙන්ම පවතිනවා. ඒ වගේම මැටි ඛනිජවලින් සැකසුනු ස්ඵටික තුළ ජලය අඩංගුව පවතිනවා.” යනුවෙන් නාසා පරිපාලන නිලධාරි බිල් නීල්සන් හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම සොයාගැනීම එම පාෂාණ සාම්පල පිළිබඳව සිදුකළ මූලික විශ්ලේෂණය අනුව සිදුකළ බවත්, එහිදී එම සාම්පල ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කොපි, එක්ස්රේ ඇතුළු ස්කෑන් ක්‍රමවේදෙ කිහිපයක් යටතේ පරීක්ෂාවට ලක්කර ඇති බවත් නාසා ආයතනය පවසයි. එසේම මෙම පාෂාණ සාම්පලයේ ඇති පාෂාණ සහ දූවිලිවල ඇති රහස් පිළිබඳ අධ්‍යයනය කිරීම ඉදිරි දශක කිහිපය පුරාම සිදු කෙරෙනු ඇති බවත් එම ආයතනයේ අපේක්ෂාව වී ඇත.

"ඒ හරහා අපගේ සෞරග්‍රහ මණ්ඩලය කෙසේ නිර්මාණය වුණේද යන්න පිළිබඳ තොරතුරු වගේම, පෘථිවිය මත ජීවීන් බිහිවූයේ කෙසේද යන්න ගැනත් දැනගත හැකිවේවි. මීට අමතරව, අනාගතයේදී අපගේ පෘථිවිය වෙත ග්‍රාහක කඩාවැටීම වැළැක්වීම සදහා ගතහැකි මූලික පියවර ගැනත් අපිට මින් තොරතුරු ලැබේවි.” යනුවෙන් නාසා ආයතනය නිවේදනයක් මගින් සදහන් කර තිබේ.


Tuesday, October 10, 2023

සියවස් ගණනක් ඇදෙන ඊශ්‍රායල - පලස්තීන අර්බුදය

පලස්තීනයට අයත් ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානයේ සටන්කරුවන් විසින් ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රදේශය ඉලක්ක කරගනිමින් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය ඊයේ (09දා) දිනය වනවිට තවදුරටත් දරුණු අතට පත්ව තිබුණි.

මෙම ගැටුම් හේතුවෙන් මෙම සටහන ලියැවෙන මොහොත වනවිට ආරක්ෂක අංශ සාමාජිකයන්ද ඇතුළුව ඊශ්‍රායලයේ යුදෙව් ජාතිකයෝ 800කට අධික පිරිසක්ද, හමාස් සටන්කරුවන්ද ඇතුළුව ගාසා තීරයේ වෙසෙත පලස්තීන ජාතිකයෝ 500කට ආසන්න පිරිසක්ද මරණයට පත්ව සිටියහ. එසේම දෙරටේම 5,000කට අධික පිරිසක්ද මෙම ගැටුම් නිසා තුවාල ලබා තිබේ.

මේ අතර පෙරේදා රාත්‍රියේදී හමාස් සටන්කරුවන්ගෙන් ඊශ්‍රායලය වෙත එල්ල වූ රොකට් ප්‍රහාර බොහෝමයක් විනාශ කර දැමීමට ඊශ්‍රායලයේ අයත් ඩ්‍රෝමි මිසයිල ආරක්ෂක පද්ධතියට හැකිවිය. එහෙත් ඊශ්‍රායලයේ දැඩි ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ ගොඩනැගිලි රැසක්ම විනාශ වී ගොස් තිබේ. මේ අතර පෙරේදා රාත්‍රියේදී ඊශ්‍රායලය ගාසා තීරය වෙත ජාත්‍යන්තරව තහනම් කෙරි ඇති සුදු සල්ෆර් අඩංගු රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවටද චෝදනා එල්ල වී තිබේ.

මෙලෙස හමාස් සටන්කරුවන් විසින් ගුවනින්, ගොඩබිමින් සහ සාගරයෙන් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරය නිසා යළිත් වටයකට ඊශ්‍රායලයේ යුදෙව්වන් සහ පලස්තීනුවන් අතර ගැටුම් මතු වී තිබුණද, මෙම දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අදින් සියවස් ගණනක් පමණ ඈතට දිවයන්නකි. එහෙත් මෑතකාලීන භූදේශපාලනික තත්ත්වයේ ගොදුරක් බවට පත්ව ඇති පලස්තීනය සහ ඊශ්‍රායලය සදාකාලික සතුරන් බවට පත්ව සිටියි.

අතීත වාර්තාවලට අනුව යුදෙව්වන් සහ පලස්තීනුවන් යන ජනවර්ග දෙකම එකම මූලයකින් පැවත එන කණ්ඩායම් දෙකකි. එහිදී ඒබ්‍රහම් නම් ඉඩම් හිමියෙකුගේ පුතුන් දෙදෙනෙක්ගෙන් මෙලෙස යුදෙව් හා පලස්තීන ජනවර්ග දෙක බෙදී යන බව සඳහන් වෙයි. මෙම දරුවන් දෙදෙනා මව්වරුන් දෙදෙනෙකුගේ බවත්, ඒ නිසා දේපළ බෙදාගැනීමේදී ඇතිවූ විරසකය මෙසේ ජන කොටස් දෙකක් ලෙස වෙන්ව යෑමට හේතුවී තිබෙන බවද මෙම වාර්තාවල පැවසෙයි.

විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට හමාස් සංවිධානයේ මෙම අනපේක්ෂිත ප්‍රහාරය එල්ල වූයේ යුදෙව් දින දර්ශනයේ එන ශුද්ධ වූ යොම් කිප්පූර් දිනයේදී බව පැවසෙයි. අරාබි රාජ්‍යයත් හා ඊශ්‍රායලය අතර 1973 දී ඇති වූ යොම් කිප්පූර් නොහොත් රාමදාන් යුද්ධයේ 50 වැනි සංවත්සරයද එදිනට යෙදී තිබුණි. මෙම යොම් කිපූර් යුද්ධයෙන් ජයගත්තේ ඊශ්‍රායලයයි.

පලස්තීන රාජ්‍යයේ මුල් පදිංචිකරුවන් වන්නේ පලස්තීන අරාබිවරුන්ය. 20වැනි සියවස ආරම්භය වනවිට මෙම පලස්තීන භූමිය ඔටෝමාන්වරුන්ගේ පාලනයට යටත්ව පැවතුණි. කෙසේ වෙතත්, පළමු වැනි ලෝක යුද්ධය අවස්ථාවේදී පලස්තීනය මහා බ්‍රිතාන්‍යයේ සහ මිත්‍රපාර්ශ්වයේ රටවලට අයත් භූමියක් බවට පත්විය. එහිදී, ජෙරුසලම නගරය අල්ලා ගැනීම වඩාත් වැදගත් අවස්ථාවක් වූ අතර, එහි පාලනය බ්‍රිතාන්‍ය සතුව පැවතුණි.

මේ අතර කාලයේදීම පලස්තීන භූමියේ ඓතිහාසික උරුමයක් ඇති බවට පැවසුණු යුදෙව් ජාතිකයන් ඒ වෙත රැගෙන ඒමටද බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු යෙදීය. 1917 දී එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ ආතර් බැල්ෆෝර්ගේ පලස්තීනය තුළ යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ගෙන ආ බැල්ෆෝර් ප්‍රකාශනය හරහා එය සිදුවිය. එහෙත් පලස්තීන අරාබිවරු ඊට විරෝධය පළ කළහ. ඒ අනුව, පලස්තීනය තුළ පලස්තීන අරාබ්වරුන් සහ යුදෙව්වන් අතර ගැටුම් ඇතිවිය.

කෙසේ වෙතත්, දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පලස්තීනය සිය පාලනයෙන් මුදා හැරීමට තීරණය කළේය. ඒ අනුව, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නම් කෙරුණාද, එහි යුදෙව් ජනාවාස කිහිපයක්ම ක්‍රියාත්මකව පැවතුණි. මේ අතර දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසි පාලක හිට්ලර්ගේ ප්‍රධානතම සතුරන් ව යුදෙව් ජාතිකයන් යුරෝපයෙන් ඉවත්කර අතර දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසි පාලක හිට්ලර්ගේ ප්‍රධානතම සතුරන් වූ යුදෙව් ජාතිකයන් යුරෝපයෙන් ඉවත්කර වෙනත් ස්ථානයක ස්ථිරවම පදිංචි කරවීමක් පිළිබඳවද බටහිර රාජ්‍යයන්ගේ අවධානය යොමුව තිබුණි.

ඒ අනුව, ඊට සුදුසුම ස්ථානය ලෙස පලස්තීනය තෝරාගැනුණු අතර, පලස්තීන අරාබිවරුන්ගේ විරෝධය නොතකා මෙම යුදෙව් ජාතිකයන් එහි පදිංචි කරවීම සිදුවිය. ඒ යටතේ 1947 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පලස්තීනය යුදෙව් සහ අරාබි රාජ්‍යයන් ලෙස දෙකට බෙදීම ඡන්දයක් මගින් සම්මත කළේය.

එසේම, 1948 වසරේදී ඇති කරගත් සම්මුතියකට අනුව ඊශ්‍රායලය නමින් වූ යුදෙව් රාජ්‍යය පලස්තීන භූමිය තුළ බිහි කෙරිණි. මේ කාලසීමාවේදීම බ්‍රිතාන්‍ය පලස්තීන පාලනය අත්හැරීමටත් පියවර ගත්තේය. මෙහිදී රටක් අහිමිව සිටි යුදෙව්වන්ට තමන්ගේම කියා රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ඇති වූ සියොන්වාදී නම් සංකල්පය අනුව ඊශ්‍රායලය බිහිවිය. ඒ අනුව, ඊජිත්තුවට අයත් සීනායි අර්ධද්වීපයට මායිම්ව හා ජෝර්දානය, සිරියාව හා ලෙඛනනය යන අරාබි රටවල්වලට මායිම්ව ඊශ්‍රායලය ස්ථාපිත කෙරිණි.

මෙලෙස ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුග්‍රහය යටතේ බිහිවුණු ඊශ්‍රායලය එතැන් පටන් ක්‍රමයෙන් පලස්තීනයේ වෙසෙන පලස්තීනු ජනතාවට අයත් භූමිය අත්පත් කරගනිමින්, සිය භූමිය පුළුල් කරගැනීමට සමත් විය. 

ඒ සඳහා ලොව පුරා ඉහළ තැන්වල කටයුතු කළ ධනවත් යුදෙව්වන්ගේ සහායද ඔවුන්ට හිමිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේදී පලස්තීන භූමිය සීමා වී ඇති බටහිර ඉවුර සහ ගාසා තීරයට කොටු වෙන්නට පලස්තීනුවන්ට සිදුවිය. අදටත් පලස්තීනුවන්ගෙත් බොහෝ දෙනා සරණාගතභාවයේ පසුවෙයි.

එහිදී වඩාත් අමානුෂික ආකාරයෙන් පලස්තීනුවන්ට සැලකීමට මෙම යුදෙව්වන් කටයුතු කළ අතර, පලස්තීන ජාතිකයන් නොසලකා හැරීමකට ලක්විය. එසේම ඊශ්‍රායලය ලොව අංක එකේ රටක් බවට පත්කිරීම සඳහා වූ යුදෙව් උත්සාහයේ අවස්ථාවක් ලෙස ක්‍රියාත්මක වූ මොසාට් බුද්ධි අංශයද මේ සඳහා ඉහළ දායකත්වයක් ලබාදුනි.

මෙම කරුණුවල ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරය තුළ ආයුද සන්නද්ධ සටන්කරුවන් බිහිවූ අතර, හමාස් සංවිධානය එහි මූලිකත්වය ගත්තේය. එසේම ගාසාහි අලුත උපදින දරුවා පවා ඊශ්‍රායලයට සහ යුදෙව්වන්ට එරෙහිව අවි ඔසවන මානසිකත්වයක් මතුවිය.

ඊශ්‍රායලය පවා සිය භූමිය අත්පත්කරගැනීම්හි නොනැවතී තවදුරටත් පලස්තීන භූමිය අත්පත් කරගැනීමත්, පලස්තීනුවන්ගේ සම්පත් සූරාකෑමත් මේ සඳහා හේතු විය. ආසන්න කාලසීමාවේදී පලස්තීන වැසියන් සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුම් සඳහා හේතු වූයේ මෙම තත්ත්වයන්ය.

පලස්තීනයේ ක්‍රියාත්මක මෙම හමාස් සංවිධානය (Harakat al-Maqawama al-islamiya) හෙවත් ඉස්ලාමීය විරෝධතා පෙරමුණ සුන්නි ඉස්ලාමිය මූලධර්මවාදීන්ගෙන් සමන්විත සංවිධානයකි. 1987 වසරේදී එය බිහිවූ අතර ඉස්මායින් හනියාහ් එහි නායකයාය. කෙසේ වෙතත්, එක්සත් ජනපදය මෙම හමාස් සංවිධානය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.

ගාසා තීරය තුළ ආයුද සන්නද්ධ කණ්ඩායමක් ලෙස වර්ධනය වූ හමාස් සංවිධානය 2007 වසරේදී ගාසා තීරයේ බලය අත්පත් කරගැනීමට සමත්ව තිබේ. එසේම බටහිර ඉවුරේද ඔවුන් ක්‍රියාත්මකව පවතී. සාමාජිකයන් 20,000ත් 25,000ත් අතර පිරිසක් හමාස් සංවිධානය හා සම්බන්ධව සිටිති. 

අද වනවිට ඔවුන් දේශපාලන කණ්ඩායමක් ලෙස හදුන්වාදී ඇති අතර, එහි හමුදාමය අංශය අල්-කාසාමි බ්‍රිගේඩය ලෙස හැඳින්වෙයි. ඔවුන් සතුව කෙටි සහ මැදිදුර රොකට්, මෝටාර් විදින මෙන්ම, යුදටැංකි නාශක මිසයිල, නියමුවන් රහිත ගුවන් යානාද සතුය. එසේම ඔවුන් සතුව සයිබර් ප්‍රහාරක බලඇණියක්ද ඇතැයි සඳහන් වෙයි. පලස්තීනයෙන් කවදා හෝ යුදෙව්වන් පලවා හැරීම හමාස් සංවිධානයේ එකම අරමුණ වී තිබේ. 

                                                                                                                                     භානුක අමරසිංහ


Wednesday, October 4, 2023

ඇමර්සන් රැකගැනීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය

ඇමර්සන් වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටස වනාන්තරහරණයෙන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් යුත් නව හඳුන්වාදීමක් සිදු කිරීමට එරට තරුණ කණ්ඩායමක් සමත්ව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව, මෙහිදී ගස් කඳන් මත සවි කෙරෙන කෘත්‍රිම බුද්ධි සන්නිවේදන හැකියාවක් සහිත කුඩා පෙට්ටියක් වැනි උපාංගයක් මගින් එම ගස් වෙත එල්ල වන තර්ජනය හඳුනාගෙන ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීම හරහා මෙම ආරක්ෂා කරගැනීම සිදුකරන බව මෙම ව්‍යාපෘතියේ කළමනාකරුවා වන තියාගෝ අල්මේදා පවසයි.

ඇමසෝන් හි රාජ්‍ය විශ්වවිද්‍යාලය මෙම ව්‍යාපෘතිය පිටුපස සිටියි. එසේම හාතා ඉලෙක්ට්‍රොනික්ස් නම් සමාගමක් ඊට මූල්‍ය පහසුකම් සපයා තිබේ.

මෙලෙස ගස් කඳන් මත සවිකෙරෙන කුඩා පෙට්ටි කුරුපිරාස් (Curupiras) නමින් හැඳින්වෙයි. මෙම කුරුපිරාස් යනු බ්‍රසීලයේ ජනකතාවල ඇතුළත් වන දඩයක්කරුවන්ගෙන් වනාන්තරය ආරක්ෂා කරගන්නා මිනිසෙකුගේ පෙනුම ගත් යම් අදෘශ්‍යමාන සත්ත්වයෙකි.

“මෙම සවි කරන කුඩා පෙට්ටිවල ඇති සංවේදක මගින් ගස් කපන කියත් සහ ට්‍රැක්ටර් යන්ත්‍රවල හඬ හඳුනාගන්නා, ඊට අමතරව වනාන්තරහරණයකට සම්බන්ධ ඕනෑම ශබ්දයක් ඉන් වටහා ගන්නවා.” යනුවෙන් තියාගෝ පවසයි.

ඒ අනුව, මෙලෙස රැස් කරගන්නා ශබ්ද යොදා ගනිමින් විද්‍යාඥයන්ට සහ පරිසරවේදීන්ට මෙම වනාන්තරහරණය සදහා සම්බන්ධ පිරිස්වලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන බව ඔහුගේ අදහස වී තිබේ.

”අපි මේ උපාංගය හරහා කියත් සහ ට්‍රැක්ටර්වල ශබ්දය පටිගත කරනවා. ඊට පස්සේ ඒ ශබ්ද සියල්ලම අපි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයක් හරහා යැවෙනවා. එතැනදී අපිට පුළුවන් වෙනවා වනාන්තරයේ තියෙන සතුන්ගේ, ශාකවල සහ වර්ෂාවේ ශබ්දයන්ට අමතරව මේ පිටස්තර පුද්ගලයන් ඇති කරන ශබ්ද පමණක් හඳුනාගන්න."

මෙලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තර්ජනය පිළිබඳ තොරතුරු අදාළ ආයතන සහ බලධාරීන් වෙත යැවීම සැලසුම වී තිබේ.

”මේ පද්ධතියේ ඇති වාසිය වෙන්නේ එමගින් යම් ප්‍රහාරයක් හෝ අවදානමක් එම මොහොතේදීම දැනගැනිමට හැකියාව ලැබීමයි.” යනුවෙන් ඇමර්සන්හි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන රායිමුන්ඩෝ ක්ලෝඩියෝ ගෝමෙස් පවසයි.

විශේෂයෙන්ම, වනාන්තරහරණයක් පිළිබඳ තොරතුරු චන්ද්‍රිකා දත්ත මගින් ලැබෙන්නේ එම විනාශය සිදු වුණායින් පස්සෙයි. ඒත් මේ කුරුපිරාස් මගින් වනාන්තරහරණය ආරම්භ වන අවස්ථාවේදී ඒ ගැන තොරතුරු ලබාදෙනවා.

මේ සංවේදක හරියට කුඩා අන්තර්ජාල මොඩම් එකක් වගේ, ඒත් රැහැන් රහිත තාක්ෂණයෙන් ක්‍රියාත්මක ඒවා මගින් චන්ද්‍රිකා තාක්ෂණය හරහා ජාලයේ පවතින කිලෝමීටරයක් පමණ දුර ඇති අනෙකුත් උපාංග වෙත ලබාදීමද සිදුකරයි.

මෙම ව්‍යාපෘතිය යටතේ දැනටමත් නියමු ව්‍යාපෘතියක් සාර්ථකව පවත්වා ඇති අතර, එහිදී බ්‍රසීලයේ ඇමසෝනාස් ප්‍රාන්තයේ අගනුවර වන මානවුස්හි ඉහළ වන ඝනත්වයක් සහිත ප්‍රදේශයක ගස් කඳන් මත මූලාකෘතියක් ලෙස සකස් කළ මෙවැනි පෙට්ටි 10ක් සවිකර තිබේ.

මෙම කුරුපිරාස් පෙට්ටි සඳහා යොදාගෙන ඇති කෘත්‍රිම බුද්ධි තාක්ෂණය තවදුරටත් දියුණු කිරීම සිය අදහස බව මෙම කණ්ඩායම සදහන් කරයි. එහිදී වනාන්තර ගිනිගැනීම් හරහා ඇතිවන දුම් සහ උණුසුම හඳුනාගැනීමේ හැකියාවක් ලැබෙන සංවේදක ඇතුළු සංවේදක 100කට වැඩි ප්‍රමාණයක් මෙම පද්ධතිය වෙත සවිකිරීම අපේක්ෂාවයි. එහෙත් ඒ සඳහා මීට වැඩි අරමුදල් සැපයීමක් සිදුවිය යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මෙම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගෙන සකස් කර ඇති සංවේදක සදහා වෙනත් රටවලදී යොදාගන්නා ශබ්ද සංවේදක පාදක ක්‍රමවේදයට වඩා මිල අඩුවීම නිසා එය වාසියක් බවද මෙම කණ්ඩායම සඳහන් කරයි. එහිදී දැවැන්ත ප්‍රමාණයේ ඇන්ටෙනා හෝ දත්ත සම්ප්‍රේෂණ උපකරණ අවශ්‍ය නොවීම තවත් වාසියකි. මෙහිදී එක් සංවේදකයක් නිෂ්පාදනය සදහා වැය වන මුදල යූරෝ 200ත් 300ත් ලෙසත් ගණන් බලා තිබේ.


Tuesday, October 3, 2023

ප්‍රංශය කුරුලු උණට එරෙහිව තාරාවන් මිලියන ගණනකට එන්නත් විදීම අරඹයි

ප්‍රංශය එරට තුළ සිටින තාරාවන් මිලියන ගණනක් වෙත කුරුලු උණට එරෙහි එන්නත විදීම අරඹා ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, යුරෝපය තුළ මෙවැනි ආකාරයේ එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ පළමු වැනි රට බවටද ප්‍රංශය ඉතිහාසයට එක්වෙයි.

විශේෂයෙන්ම, මෙම කුරුලු උණ වසංගතය නිසා ඉදිරියේදී සිදුවිය හැකි දැවැන්ත සත්ත්ව ඝාතනයක් වළක්වා ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ. මෙලෙස ආසන්න කාලසීමාවේදී කුරුලු උණ ඇතුළු වසංගත නිසා තාරාවන් ඝාතනය කිරීම හේතුවෙන් එම කර්මාන්තය වෙත දරුණු බලපෑම් එල්ල වී තිබේ.

"මේ වෛරසය නිසා ඉහළ පීඩනයක් එල්ල වෙනවා. ඒත් එන්නත්කරණය කියන්නේ අපි අදටත් මුහුණ දෙන්නේ තනි තතනි සිදුවීම්වලට විතරයි. ඒ නිසා ගොවිපොළ පුරා දැවැන්ත වසංගත රැල්ලක් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට මෙය වැදගත් වෙනවා.” යනුවෙන් ගොවිපොළ සංගම් සඳහන් කරයි.

මෙහිදී, එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදුකරන අතර වයස දින 10ට වඩා වැඩි සියලුම තාරාවන් වෙත එන්න ලබාදෙයි. එසේම, ඔක්තෝබරය වනවිට තාරාවන් 250කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින ගොවිපොළ මෙම එන්නත්කරණය සදහා සුදුසුකම් ලබයි.

ප්‍රංශය තුළ මීට පෙර 2015-17 කාලසීමාවේදී කුරුලු උණ වසංගත රැල්ලක් ව්‍යාප්ත වූ අතර, යළිත් වරක් 2020 වසරේදීද එවැනි රැල්ලක් මතු විය. කෙසේ වෙතත්, මේ වනවිට එරට තුළ එවැනි කුරුලු උණ රෝගී තත්ත්වයක් වාර්තා වී නොමැත.

එක් පක්ෂියෙකු හෝ කුරුලු උණ සහිත බවට හඳුනාගැනීම යනු එම ගොවිපොළේ සිටින සියලුම සතුන් මරා දැමීමට තීරණය කිරීමකි. එහෙත්, මෙය එරට තුළ මාංශ නිෂ්පාදනය වෙත බලපෑම් එල්ල කරන අතර, එය ගොවීන්ගේ ආර්ථිකය වෙතද දරුණු ලෙස බලපාන බව බලධාරීන් සඳහන් කර සිටියි.