Showing posts with label spo. Show all posts
Showing posts with label spo. Show all posts

Tuesday, June 25, 2024

සචිත්‍රගේ මිරැන්ඩෝගේ ගෙවල්වලට හොරු පනිති



හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සචිත්‍ර සේනානායක සහ තිලාන් තුෂාර මිරැන්ඩෝ යන මහත්වරුන්ගේ නිවෙස්වලින් ඉකුත් 21 වැනිදා වටිනා දේපළ රැසක් සොරකම් ඇතැයි පොලිසිය පවසයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ පන්නිපිටිය කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ නිවෙසෙන් සොරාගෙන ගිය දේපළ අතර වටිනා අත් ඔරලෝසු, ලැප්ටොප් වර්ගයේ පරිගණක ටැබ් යන්ත්‍ර, රන් භාණ්ඩ සහ මුදල් ද වන බව පොලිසිය සඳහන් කරයි. 

නිවෙසට ඇතුළු වූ සොරුන් ආරක්ෂිත කැමරා පද්ධතියේ ගබඩා පද්ධතිය ද රැගෙන ගොස් ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.ඉකුත් පොසොන් පොහෝදා රාත්‍රී සචිත්‍ර සේනානායක මහතා ඇතුළු පවුලේ අය අවශ්‍යතාවක් සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවේදී නිවෙසේ පහත මාලයේ ජනේලයක් බිඳ ඇතුළු වී නිදන කාමරයේ අල්මාරියක් කඩා එහි තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.සේනානායක මහතා ඇතුළු පවුලේ අය පසුදින රාත්‍රි යළි නිචෙසට පැමිණෙන අවස්ථාවේ විදුලිය විසන්ධි කර තිබූ අතර ඉදිරිපස දොරද විවෘත කර තිබී ඇතැයි පොලිසිය කියයි. අදාළ සොරකමේ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලාන් තුෂාර මිරැන්ඩෝ මහතාගේ බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ නිවෙස බිද රුපියල් ලක්ෂ අටක පමණ රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.පොසොන් පොහෝය දා දහවල් කාලයේදී නිවැසියන් නිවෙසේ නොසිටි අවස්ථාවේදී පිටුපස දොර කඩා නිවෙසට ඇතුළුවී එහි අල්මාරියේ තිබූ රන් මාල, වළලු ඇතුළු රුපියල් අටලක්ෂ දස දහසක් පමණ වන රන් ආභරණ තොගයක් සොරකම් කර ඇතැයි පොලීසිය කියයි. මෙම සොරකම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව ද පොලිසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

Monday, November 15, 2021

ඕනම ඔට්ටුවකට සූදනාම් ශක්තිමත් ටෙස්ට් සංචිතයක්


සීමිත ඕවර තරග සඳහාම නිර්මිත සුදු පන්දුවෙන් තරග කළ සමය නිමා කරමින් රතු පන්දුව වෙත අවධානය යොමුවී තිබේ. ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 22 දෙනකුගෙන් සමන්විත සංචිතයට අමතක වී තිබූ පැරණී මුහුණ කිහිපයක්ද සමගින් නවක ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ද ඇතුළත් වී සිටිති.  මේ වන විට ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින පිතිකරුවන් 10 දෙනකු, වේග පන්දු යවන්නන් 7 දෙනකු සහ දග පන්දු යවන්නෝ 5 ක් ඊට ඇතුළත් කර සිටිති. 


ශ්‍රී ලංකාවේ ටෙස්ට් විශේෂඥයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් ටෙස්ට් සංචිතයට නැවතත් කැඳවා සිටිති. ඔවුන් අතරට 20 හැවිරිදි තමිල් මිෂාර සහ 21  හැවිරිදි චාමික ගුණසේකර දෙදෙනාත් ඇතුළත්ව සිටිති.  තවමත් ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටින පාකිස්තානු “ඒ” කණ්ඩායමට එරෙහිව පසුගියදා පල්ලෙකැලේදී පැවැති නිල නොවන ටෙස්ට් තරගයට දෙකේදී මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම සුවිශේෂී දස්කම් දැක්වූහ.



කමින් මිෂාර එම තරග දෙකේදී දෙවතාවක්ම ලකුණු 98 ක් බැගින් ලබා ගත්තේයෙ. දකුණතින් වේග පන්දු යවන චාමික ගුණසේකර දෙවැනි තරගයේදී ලකුණු 83 කට කඩුලු 6 ක් දවාගතේය. පාකිස්තානු ‘ඒ" පිලට එරෙහිව ක්‍රීඩා කළ,   24 වැනි වියේ පසුවන සුමින්ද ලක්ෂන් පළමු පෙළ කඩුලු 56 ක් දවාගෙන ඇතත් වැඩි දස්කම් පෙන්වා ඇත්තේ පිතිකරුවකු ලෙසිනි. ඔහු පළමු පෙළ තරග 29 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 5 ක් ද සමගින් ලකුණු 1488 ක් ලබාගෙන ඇත්තේ විත්ව ශතකයක්ද සිය නමට ඉදිරියෙන් සටහන් කරමිනි. 



ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය 


දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝද් භානුක, කමල් මිෂාර, රොෂේන් සිල්වා, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම,  ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර..


 -දමින්ද විජේසූරිය-