Showing posts with label International G5. Show all posts
Showing posts with label International G5. Show all posts

Wednesday, June 15, 2022

එංගන්තයෙන් තවත් MONKEYPOX ආසාදිතයන් 104ක් හමුවෙයි

එංගලන්තය තුළ තවත් Monkeypox ආසාදිතයන් 104දෙනෙකු හමුවී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි. ඒ අනුව අප්‍රිකාවෙන් පිටතදී මේ වනවිට එම වසංගතය දරුණු ලෙස පැතිරී පවතින ස්ථානය බවටද එංගලන්තය පත්ව ඇත.මෙම ආසාදිතයන්ද සමග මේ වනවිට එක්සත් රාජධානිය තුළ වාර්තා වී ඇති සමස්ත Monkeypox ආසාදිතයන් සංඛ්‍යාව 470ක් බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි. මෙහිදී එම ආසාදිතයන් අතරින් වැඩි පිරිස සමලිංගික හෝ බහුලිංගික සබදතා පවත්වන පුරුෂයන් බවද අනාවරණය වී තිබේ. ඒ අනුව මෙවැනි සබඳතා පවත්වන පුද්ගලයන් පෙරට වඩා අවධානමෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදෙයි. දැනට පවතින වාර්තාවලට අනුව එක්සත් රාජධානිය තුළ හදුනාගත් සමස්ත ආසාදිතයන් අතරින් 99%ක්ම පිරිමින් බව හඳුනාගෙන ඇත. ඒ අතරින්ද වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ ලන්ඩන් නුවරිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයද පසුගිය සතියේදී නිවේදනයක් නිකුත් කරමින් Monkeypox Cobów ආවේණික නොවන ලොව රටවල් 28කින් ආසාදිතයන් 1,285දෙනෙකු හදුනාගෙන ඇතැයි සඳහන් කර තිබුණි. එසේම අප්‍රිකාවෙන් පිටතදී  කිසිඳු ආසාදිත මරණයක් වාර්තා වී නොතිබුණු අතර,එක්සත් රාජධානියට පසුව වැඩීම ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබුණේ ස්පාඤ්ඤ, ජර්මනිය සහ කැනඩාවෙනි. මේ අතර Monkeypox වෛරසය ආවේණික අප්‍රිකානු කලාපීය රාජයයන්ගෙන් මේ දක්වා ආසාදිත බවට සැක පුද්ගලයන් 1,500ක් වාර්තාවී ඇති අතර, රටවල් අටකින් මර 72ක්ද සටහන්ව තිබේ. 


Friday, November 12, 2021

එන්නත් විද නොගත් පිරිස් COVID-19 නිසා මරණයට පත්වීම 16 ගුණයකින් ඉහළයි

COVID-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණය සිදු කරගත් පුද්ගලයන්ට සාපේක්ෂව එන්නත්කණරය සිදු නොකරගත් පුද්ගලයන් දැඩිසත්කාර ඒකක වෙත ඇතුළු වීම හෝ මරණියට පත්වීම 16 ගුණයකින් ඉහළ බව ඔස්ට්‍රේලියාවේ නිව්යසවුත් වේල්ස් ප්‍රාන්තය සිදුකළ අලුත්ම අධ්‍යයනයකින් පවසයි.ඒ අනුව ඉදිරියේදී රට මෙම වෛරසයද සමග ඉදිරියට යැමට තීරණය කර තිබෙන අවස්ථාවකදී ඔස්ට්‍රේලියානු ජනතාව මෙම COVID-19 මර්දන එන්නෙත් විද ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බව එම අධ්‍යයනය මගින් ප්‍රාන්තය නිකුත් කළ වාර්තවේ සඳහන්ව තිබේ.ජූනි 16දා සිට ඔක්තෝබර් 07දා දක්වා ගත වූ මාස හතරක කාලය තුළදී පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටියදී වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 412දෙනෙකුගෙන් 11%ක පමණ ප්‍රතිශතයක් පමණක් රෝගය උත්සන්න වී මරණයට පත්ව තිබේ. එහිදී මරණයට පත්වූවන්ගේ වයසේ සාමාන්‍ය අවුරුදු 80ක් බවත් මෙම වාර්තාව පවසයි. එසේම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිසගෙන් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත්ව ඇත්තේ 3%ක ප්‍රතිශතයක් පමණකි. කෙසේ වෙතත් මෙම මාස හතරක කාලසීමාවේදී වාර්තා වූ ආසාදිතයන් 61,800දෙනෙකු අතරින් 63%ක ප්‍රතිශතයක්ම එන්නත්කරණය සිදු නොකරගත් පුද්ගලයන්ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී කෙරි චාන්ට්, "එන්නත් මාත්‍රා දෙකම ලබාගත් තරුණ පිරිස අතර අඩු ආසාදන අනුපාතයක් සහ කිසිදු දරුණු රෝගී තත්ත්වයක් පෙන්නුම් කළේ නැහැ. එහෙත් එම වයසේ පසුවුණු එන්නත්කරණය සිදු නොකර ගත් පිරිස මේ COVID-19 වසංගතය නිසා දැඩි අවදානමකට පත්වුණා වගේම, ඔවුන්ට අනිවාර්යයෙන්ම රෝහල්ගත වෙන්න සිදු වුණා.” යනුවෙන් පවසා තිබේ.


Wednesday, August 18, 2021

කාබුල් නුවරින් පිටත් වූ C-17 යානයේ රෝද අතර මියගිය ඇෆ්ගනිස්තානුවන් හමුවෙයි

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන්ගත වුණු එක්සත් ජනපද හමුදා ගුවන් යානයේ රෝද අතර තිබී අල්වැසියෙකුගේ මළසිරුරක් හමුව ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි. C-17 මාදිලියේ ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය ගුවන්තොටුපොළේ සිට අන්ගනිස්තානුවන් පිරිසක් රැගෙන ගුවන් ගතවීමට සූදානම් වෛදී එහි රෝද පිහිටි ස්ථානය මතට තවත් ඇෆ්ගනිස්තාන වැසියන් පිරිසක් ගොඩන ආකාරය පෙරේදා වීඩියෝ දර්ශන හරහා දැකගත හැකි විය.එසේම එලෙස ගොඩවුණු පුද්ගලයන් දෙදෙනකු යානයෙන් බිමට වැටෙන අවාසනාවන්ත දර්ශනද එම විඩියෝ අතර විය.ඒ අනුව මෙලස රෝද අතර සිරවී මියගිය පුද්ගලයාද එලෙස ගුවන් යානයේ නැගී රටින් පිටවීමට උත්සාහ කළ පුද්ගලයෙකු බව ඇමෙරිකානු ගුවන් හමුදා බලධාරීන් සදහන් කරයි. ඇන්ගනිස්තානුවන් රැගත් අදාළ ගුවන් යානය ආසන්නව පිහිටි තෙවැනි රටක් වෙත හදිසියේම ගොඩබෑම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී මෙම මළසිරුර හමුව තිබේ.මේ අතර ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලයේ රැදී සිටි පිරිස් ඉන්දියානු ගුවන් හමුදාවට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් මගින් මුදවා ගැනීම සිදුකරන බව එරට විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ ඉන්දියානු තානාපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම මෙලෙස ගුවන් මගින් මුදවා ගත්තා බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා ට්විටර් පණිවුඩයක් මගින් සදහන් කර ඇත.තත්වය මෙසේ වෛදී ඇෆ්ගනිස්තානයේ රැදී සිටි ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ඇතුළු පිරිස් මුදවා ගැනීම සඳහා ජර්මනිය විසින් එවනලද හමුදා ගුවන් යානා කිසිදු ගොඩබෑමකින් තොරව ආපසු හරවා යාමට සිදුවීම සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කෝපයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඇෆ්ගනිස්තානය තුළ ඇමෙරිකාවේ එකගතාව අසාර්ථක අවස්ථාවක් බව ඇය මෙහිදී සඳහන් කර තිබේ. පසුගිය සඳුදා දිනයේදී ජර්මනියේ වුන්ස්ටෝර්ෆ් ගුවන් තොටුපොළේ සිට එරට එයාබස් A440M මාදිලියේ ගුවන් යානා තුනක් ඇෆ්ගනිස්තානය බලා පිටත්ව ගොස් තිබේ. එහෙත් එම අවස්ථාවේදි කාබුල් ගුවන් තොටුපොළ ධාවන පථයේ ඇෆ්ගන් ජනතාව රැදී සිටීම සහ එහි පැවැති තත්වය නිසා එම ගුවන් යානා ආපසු හරවා යැවීමක් සිදුවිය.


Wednesday, May 19, 2021

සිංගප්පූරුවෙන් හමු වූ වන COVID-19 නව ප්‍රභේදයේ වැඩිම අවදානම දරුවන්ට

සිංගප්පූරුව තුළ වාර්තතා වන COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාම සදහා හේතු වී තිබෙන නව වෛරස ප්‍රභේදයේ වැඩිම අවදානම දරුවන් වෙත එල්ල වී තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රථම වරට ඉන්දියාවෙන් හමුවූ වෛරස ප්‍රභේදය බවට මෙය දත් හඳුනාගෙන තිබේ ඒ අනුව මේ තත්වයත් සමග සිංගප්පූරුවේ පාසල් සියල්ලම වසා දැමීමට එරට බලධාරින් පියවර ගෙන ඇත. විශේෂයෙන්ම මෙම වෛරසයේ සිදුව ඇති විකෘතිතාව වැඩි වශයෙන්ම දරුවන් වෙත බලපානා බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබේ. ඒ අනුව එරට වයස අවුරුදු 16ට අඩු දරුවන් වෙත එන්නත්කරණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවත් ඔහු පවසා තිබේ. පසුගිය ඉරිදා දිනයේදී පමණක් සිංගප්පූරුව තුළ නව ආසාදිතයන් 38දෙනකු හඳුනාගෙන ඇති අතර, ඉන් හතර දෙනෙකුම පාසල් වයසේ දරුවන් බව පැවසෙයි. එසේම සඳුදා දිනයේදී එම සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ නැග තිබේ.


ජනාධිපති බයින්ඩන් එන්නත් මිලියන 20ක් විදෙස් රට වලට ලබා දීමට කැමති වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයින්ඩන් එරට තුළ ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය හිමිව ඇති covid-19 එන්නත් මාත්‍රා මිලියන 20ක් හුවමාරු කරගැනීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වෙයි. ලබන ජුනි මාසය අවසන් වනවිට මෙම එන්නත් ලබාදෙන බව ඔහු ප්‍රකාශ කර ඇත. ලොව පුරා covid-19  එන්නත් හිඟනාවකින් පෙළෙන රාජ්‍යයන් වෙත එම එන්නත් ලබාදීම සඳහා ක්‍රියාත්මක නොව පොහොසත් රටවල එන්නන් සංචිත හුවමාරු කරගැනීමේ ක්‍රමවේදය යටතේ ජනපතිවරයා මෙම එන්නත් ලබාදීමට කැමැත්ත පළකර ඇත.

ඒ අනුව මෙහිදී දැනට එරට. තුළ පවතින Pfizer-BloNTech, Moderna esan Johnson and Johnson යන සමාගම් මගින් නිපද වූ covid-19 මර්දන එන්නත් විදෙස් රටවලට ලබාදෙන බව ඩයිසන් ප්‍රකාශ කර තිබේ. එසේම එරට සතු නවත් Astrazeneca එන්නත් මාත්‍රා මිලියන 60ක්ද අනෙකුත් රටවලට ලබාදීමට ඔහු මීට පෙර සිටම සැලසුම් කර තිබුණි. "දෙවැනි ලෝක යුද්ධයේදී ඇමරිකාව ප‍්‍රජාතන්ත්‍රවාදයේ අවි ගබඩාව වුණා. දැන්  covid-19  වසංගතයට එරෙහි සටනේදී අපි එන්නත් අවිගබඩාව බවට පත්වෙලා."ජනපන් බයිඩන් මෙහිදී පවසා තිබේ. කෙසේ වෙතත් ජනපතිවරයාමෙලෙස තමන් සතුව ඇති එන්නත් හුවමාරු කරගැනීමට කැමැත්ත පළ කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළුව ජාත්‍යන්තර සංවිධාන වෙතින් එල්ල වු දැඩි පීඩනය හමුවේ ගත් පියවරක් ලෙස සඳහන්ව තිබේ. දැනටමත් ඉන්දියාව සහ බ්‍රසිලය තුළ දරුණු වී ඇති වසංගත තත්ත්වය පාලනය සඳහා මෙන්ම covAX පහසුකම යටතේ එන්නත් ලබාදෙන  රටවලටද දැඩි එන්නත් හිඟයක් මතුව තිබේ.


Tuesday, May 18, 2021

ඔස්ට්‍රේලියාව සිය දේශසීමා 2022 මැද තෙක් වැසීමට යයි

ඔස්ට්‍රේලියාව තුළ COVID-19 වසංගත තත්වය පාලනය සඳහා ක්‍රියාත්මක කර තිබෙන ජාත්‍යන්තර දේශසීමා වසා දැමීමේ තීරණය ලබන වසරේ මදක් වන තුරුම ක්‍රියාත්මක කිරිමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. අද වනවිට එරට තුළ අලුතින් හමුවන COVID-19 ආසාදිතයන් අඩු වුවද ලොව අනෙක් රටවල ආසාදිතයන් වර්ධනය වීමේ ප්‍රවණතාවක්  පෙන්නුම් කිරීම මෙම තීරණයට හේතු වී තිබේ. කෙසේ වෙතත් මේ වනවිටත් ඔස්ට්‍රේලියානු දේශසීමා විවෘත කරන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති ස්කොටි මොරිසන් ප්‍රමුඛ රජය වෙත ජාත්‍යන්තරනායකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවත් පැවසෙයි. එවැනි විවෘත කිරීමක් හරහා එරට ජනතාවට යළිත් මවු රට ඒමට අවස්ථාව දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔස්ට්‍රේලියානු රජය තවදුරත් දේශසීමා වසා තැබීමට හේතුව සිය ජනතාවගේ ආරක්ෂාව මූලික වී තිබීම බව සදහන් කර තිබේ.2020 මාර්තු මාසයේ සිටම ඔට්‍රේලියාව සියලුම ඔස්ට්‍රේලියානුවන් නොවන සහ එරට පදිංචිකරුවන් නොවන පුද්ගලයන් වෙත එරටට ඇතුළුවීම වළක්වමින් ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම සිදුවිය. එහෙත් පසුව සීමාසහිත ජාත්‍යන්තර සංචාරකයන් පිරිසක් වෙත සහ විදේශගතව ජීවත්වන එරට වැසියන් කිහිප දෙනෙකුට රටට ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබුණි.


කොවිඩ් වසංගතය නිසා අවුරුදු දෙකේ දරුවන්ගේ මානසිකත්වයට බලපෑම්

ලොව පුරා ව්‍යාප්තව ඇති COVID-19 වසංගතය නිසා වෙනත් වයස් කාණ්ඩවල දරුවන්ට වඩා අවුරුදු 2ක් පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික තත්වය තුළ ගැටලුකාරී තත්වයක් ඇති කරන බව අලුත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙම තත්වය ඔවුන්ගේ ඉදිරි වසර කිහිපයේ මානසික සොඛ්‍ය වර්ධනය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයිද සඳහන් වෙයි.බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්වවිදයාලයේ විශේෂඥයන් පිරිසක් එක්ව මෙම අධ්‍යයනය සිදු කර ඇත. එහිදී හදුනාගෙන ඇති ආකාරයට වයස අවුරුදු අටක් පමණ වයසේ පසුවන දරුවන් තුළ යම් හැගීම් පිළිබද ගැටලු ඇතිව තිබෙන බවත්, එය වයස අවුරුදු දෙකේ පසුවන දරුවන් තුළ වඩාත් බරපතලව පවතින බවත් පැවසෙයි.මෙම අධ්‍යයනය සඳහා එම පර්යේෂකයන් ලොව පුරා වසංගතය ඇති වීමට පෙරාතුව රැස් කරගත් දත්ත සහ ඉන්පසුව රැස් කරගත් තත්වය විශ්ලේෂණයක් සිදුකර තිබේ. ඔවුන් මෙම තත්වය ''ටෙරිබල් ටූස්" හෙවත් 'භයානක දෙක'ලෙස නම් කර තිබේ. දැනටමත් මෙවැනි තත්වයන් සම්බන්ධයෙන් මවුපියන්ගෙන් තොරතුරු වාර්තා වන බවත් මෙම පර්යේෂකයන් සදහන් කරයි.

බිල් ගේට්ස්ට මයික්‍රොසොෆ්ට් වෙතින් ඉවත්වීමට සිදුවුණේ අනියම් සබදතාවක් නිසාලු

සුප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් පසුගිය වසරේදී එල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වීම පිටුපස ඔහු සහ සමාගමේ ඉංජිනේරුවරියක අතර පැවති අනියම් සබදතාවක් හේතු වී ඇතැයි එක්සත් ජනපදයේ සුප‍්‍රසිද්ධ පුවතක් වෙන වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත අනාවරණය කරයි.ඒ අනුව මෙම සබදතාව සම්බන්ධයෙත් විමර්ශනයක් සිදු කිරීමට එම අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇති අතර, එවැන්නක් සිදුවන අවස්ථාවේදී බිල් ගේට්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටීම සුදුසු නොවීම මෙලෙස ඔහු ඉන් ඉවත් කිරීමට හේතුවී ඇතැයිද පවසයි. එහිදී සමාගම මේ සම්බන්ධයෙන් විමර්ශනය සදහා නීතිඥ සමාගමක සහායද ලබාගෙන තිබේ.මෙම ඉංජිනේරුවරිය ලිපියක් මගින් සඳහන් කර ඇති ආකාරයට ඇය සහ බිල් ගේට්ස් අතර වසර කිහිපයක් තිස්සේ අඹුසැම් සබදතා පවතී ඇත. ඒ අනුව මෙම චෝදනාව පිළිබදව විමර්ශනය කිරීමට පෙරම බිල් ගේට්ස් සමාගමේ අධ්‍යක්ෂ මඩලයෙන් ඉවත් වූ බවෙ පුවත්පත සදහන් කර තිබේ. කෙසේ වෙතත් නමක් සදහන් නොකළ බිල් ග්‍රේට්ස්ගේ ප්‍රකාශිකාවක පවසන ආකාරයට දැනට වසර 20කට පමණ පෙර බිල් ගේට්ස් අතර මෙවැනි අනියම් සබදතාවක් පැවැත්වී ඇති අතර, මෙම ඉවත්වීම සදහා එවැන්නක් හේතු වී නැත. එසේම බිල් ගේට්ස් පවා පසුගිය වසරේදී අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන් ඉවත්වීමට හේතු ලෙස පවසා සිටියේ, තමන්ගේ ඉදිරී පුන්‍යාධාර කටයුතු වෙත අවධානය යොමුකිරීමේ අරමුණින් එම තීරණය ගත් බවකි.මේ අතර බිල් ගේටිස් සහ ඔහුගේ බිරිද වන මෙලින්ඩා.ගේට්ස්  දෙදෙනා අතර වසර 27ක් පුරා පැවැති විවාහ දිවිය නිමා කරමින් පසුගියදා සිය දික්කසාදය ප්‍රකාශයට පත් කළහ. එහෙත් ඉදිරියේදී දෙදෙනාම ක්‍රියාත්මක කරන "බිල් මෙලින්ඩා ගේටි පදනම හරහා සිදුකරන කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් පවසා ඇත.


COVAX පහසුකමට එන්නත් ප්‍රදානය කරන්න

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ GAVIඑක්කත් සහයෝගිතාව. එක්ව ලොව අඩු ආදායම්ලාභී දුප්පත් රටවලට අවශ්‍ය COVID-19 මර්දන එන්නත් ලබාදීමේ COVAX වැඩසටහන වෙත අවශ්‍ය සැපයුම් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා හෙන්රිටා ෆෝර් ලොව දියුණු රටවල් 7කින් සමන්විත G7 රටවලින් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම මෙම COVAXවැඩසටහන වෙත මෙතෙක් එන්නත් ප්‍රදානය කරමින් සිටි ඉන්දියාව මේ වනවීට එම එන්නත් අපනයනය නවත්වා තිබීම නිසා, එන්නත්කරණ වැඩසටහන් වෙත බාධා පැමිණි වී තිබේ. මෙහිදී ඉන්දියාව එරට නිපදවූ AstraZeneca එන්නත්තා ඊට ලබාදුන් අතර, දෙවැනි COVID-19 රැල්ල දරුණු වීමත් සමග එම එන්නත් රට තුළම රදවා ගැනීම සිදුවිය. යුනිසෙෆ් සංවිධානය පවසනආකාරයට මැයි මාසය අවසන් වනවිට ඉලක්ක කර තිබූ එන්නත්කරණය සදහා එන්නත් මාත්‍රා මිලියන 140ක අඩුවද, ජූනි මාසය අවසන් වනවිට පැවැති ඉලක්කය සදභා මාත්‍රා මිලියන 190කඅඩුවක්ද මෙම වැඩසටහන වෙත පවතී.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුනිසෙෆ් ප්‍රධානියා, "මේ එන්නත්කරණයේ පවතින දුරස්ථභාවය ඉක්මනින්ම මගහැරවීය යුතුයි. එහෙත් ඒ සදහා අවශ්‍ය එන්නත් හුවමාරු කර ගැනීමක් තවමත් සිදු වෙන්නේ නැහැ." යනුවෙන් පවසා ඇත.

මෙම G7 කණඩායමේ රාජ්‍ය නායක හමුවක් ලබන මාසයේ බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇත. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද පසුගිය සතියේදී අදහස් දැක්වීමක් සිදුකරමින් ලොව දියුණු රටවල් වැඩිහිටියන්ගෙන් පසුව සිය දරුවන්ටද COVID-19 මර්දන එන්නත් ලබාදීමට පෙරාතුව ලෝකයේ එන්නත් අවශ්‍යව පවතින පිරිස් වත ඒවා ප්‍රදානය කිරීම සුදුසු බව සඳහන් කර තිබුණි. යුනිසෙෆ් සංවිධානය මගින් තවත් සංඛ්‍යාලේඛන විශේෂ සමාගමක් හා සිදුකර ඇති පර්යේෂණයකට අනුව මෙම G7 රාජ්‍යයන්හි රටවල් ඉදිරී ජූනි, ජූලි සහ අගෝස්තු මාසවලදී තමන් සතුව ඇති එන්නත් මාත්‍රාවලින්. 20%ක් පමණක් හුවමාරු කළත් එහිදී එන්නත් මාත්‍රා මිලියන 153ක් අවශ්‍ය පිරිස් වෙත ප්‍රදානය කිරීමක් සිදුවන බව අනාවරණය කරගෙන ඇත.


Monday, May 17, 2021

ඇමරිකාවේ පාසල් දරුවන්ට මුඛ ආවරණ අනිවාර්ය කෙරේ

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වසර 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා  සම්බන්ධ වන සියලුම සිසු සිසුවියන්ට මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර ඇතැයි වාර්තා වෙයි. එරට රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබද මධ්‍යස්ථානය මගින් මෙම තීරණය ගෙන තිබේ. තවමත් එරට පාසල් වයසේ පසුවන දරුවන් වෙනුවෙන් සිදුකරන එක්නත්කරණ වැඩසටහන් සම්පූර්ණයෙන්ම නිමා කර ගැනීමට අපොහොසත් වීම මෙම තීරණයට හේතුව වී ඇත. ඒ අනුව පෙරපාසල් වයසේ සිට 12වැනි ශ්‍රේණිය දක්වා වන වයසේ පසුවන දරුවන් සියලු දෙනාම මෙම උපදෙස් පිළිපැදිය යුතු බව එම මධ්‍යස්ථානය පවසයි."මෙතැනදී එම දරුවන් මෙවැනි ආකාරයේ ආරක්ෂක ක්‍රමවේද පිළිපැදිය යුතු වෙනවා. ඒ වගේම මෙම මුඛ ආවරණ පැලදීමේ විශ්වීය සහ නිවැරදි ක්‍රමය වෙත මූලිකත්වය දීම සහ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමත් සිදුකළ යුතුයි.” යනුවෙන් එම මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. එම මධ්‍යස්ථානය මගින්ම පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයකට අනුව එරට තුළ COVID-10 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් වත මුඛ ආවරණ පැලදීමකින් තොරව එළිමහනේ රැදී සිටිය හැකි බවට සදහන් කර තිබුණි. එම එක්සන්ජනපදය පසුගිය සතියේදී එල්ට වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සදහා COVID-19 මර්දන එන්නත්කරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබුණි. ඉක්මනින්ම එරට පාසල් යළි විවෘත කිරීම එහි අරමුණ විය.කෙසේ වෙතත් මෙම අදහසට විරෝධය දක්වා සිටි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකාව ඇතුළුව බටහිර රටවල් සිය දරුවන්ට එන්නත් ලබාදීමට පෙරාතුව මෙතෙක් එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින දුප්පත් රටවල් පිළිබදව සිතා බැලිය යුතු යැයි සඳහන් කර තිබුණි.

Friday, May 14, 2021

හරි වෙලාවේ හරි තීරණ ගත්තානම් කොරෝනා වසංගතයක් වෙන්නේ නෑ

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භක අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංධානය වහා ක්‍රියාත්මක වී, නිවැරදි තීන්දු තීරණ ගත්තා නම්, කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් තෙක් දුරදිග නොයනු ඇති බව, ලෝක සෞඛ්‍ය සන්විධානය සම්බන්ධ, ''ඉන්ඩිපෙන්ඩන්ට් පැනල්" නමැති ස්වාධීන මණ්ඩලය පවසයි. ඒ ''ඉන්ඩිපෙන්ඩන්ට් පැනල්'' නමැති මෙම මණ්ඩලයේ කාර්යය වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටු කරනවා ද. යන්න විමර්ශනය සහ ඒ සම්බන්ධයෙන් වාර්තා සකස් කිරීමය. පසුගිය 2020 දී, කොරෝනා වයිරස වසංගතය ලොවට බලපෑම් කළ ආකාරයත්, ආර්ථිකමය වශයෙන් සහ සමාජයීය වශයෙන් එයින් සිදුවුණු බලපෑමත් සම්බන්ධයෙන්, මෙම ස්වාධීන මණ්ඩලය ඉතා පුළුල් අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා තිබේ.ඒ, 2020 සැප්තැම්බරයේ සිට 2021 මැයි මාසය තක් කාල සීමාව තුළදීය.වසංගතවලට මුහුණ දීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සොයා බැලීම් සිදු කරන්නේ ද මෙම ස්වාධීන මණ්ඩලයයි. 2019 දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍ර කොට ගනිමින් කොවිඩ් 19 වයිරසය ආරම්භ වී. එය ගෝලීය ව්‍යසනයක් තෙක් දුරදිග ගියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදි වේලාවේ නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා බව ස්වාධීන මණ්ඩලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි. මම මණ්ඩලයේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කරන්නේ නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන හෙලන් ක්ලාක් සහ ලයිබීරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන එලන් ජොන්සන් සර්ලිෆ්ය.ලෝක සෞඛ්‍ය සංවිධානය හරි වෙලාවේ හරි තීරණ ගත්තා නම්, අප අද ගෝලීය වශයෙන් මුහුණ දෙන මේ ව්‍යසනය වළක්වා ගන්න තිබුණා. කොරෝනා වසංගතය ගෝලීය ව්‍යසනයක් වීමේ වරද ලෝක සෞඛ්‍ය සංවිධානය බාර ගන්න ඕනෑ සම සභාපතිනිය එලන් ජොන්සන්  සර්ලිෆ් පවසනීය.වසංගත වලට මුහුණ දීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මෙම ස්වාධීන මණ්ඩලයට විවිධ රටවල සෞඛ්‍ය, දේශපාලන සහ ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විද්වතන් ඇතුළත් වෙයි. අද වනවිට ගෝලීය වශයෙන් මිලියන 159 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර මිලියන 3.3 කට මරු කැඳවා ඇත. ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් එන්නත්කරණය මගින් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට උත්සාහ ගනිද්දී, ඉන්දියාව නේපාලය වැනි ආසියානු රටවල් වයිරස ව්‍යාප්තිය හේතූවෙන් දරුණු ලෙස බැටකන බව මාධ්‍ය වාර්තා දිගින් දිගටම පෙන්වා දෙයි. චීනයේ හුබෙයි පළාත් වූහාන් නුවරින් පළමු ආසාදිතයන් හමුවෙද්දී සහ 2020 ජනවාරි මාසය වනවිට චීනයේ හුබෙයි පළාතෙන් හෝ එරට සෙසු පළාත්වලින් ආසාදිතයන් වාර්තා වෙද්දී, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ. නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ කළේ චීනයට හිතවත්කමක් පෙන්වමින් යැයි ඒ වනවිට ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා දෝෂාරෝපණය කර තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19ලෙස වයිරසය නම් කළේ 2020 ජනවාරියේය. චීනයෙන් පිට පළමු කොවිඩ් 19 රෝගියා හමු වූයේ තායිලන්තයෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය එම අවස්ථාවේදී හෝ රට රට වල රාජ්‍ය නායකයන් සමඟ එක් වී, එකගතාවක් ඇති කර ගනිමින් සංචරණ සීමා පනවමින් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළා නම්, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඉඩ තිබුණු බව ස්වාධීන මණ්ඩල පැහැදිලි කර තිබේ. මේ අතර, චීන හමුදාවේ උපදෙස් මත, චීන විද්‍යාඥයන් 2015 සිට කොරෝනා වයිරස යොදා ගනිමින්, ජීව අවි නිපදවීමට උත්සහ කළ බවත්, වර්තමානයේ ලොවට වසංගතයක් වූ කොවි 19 කොරෝනා වයිරසය එසේ වීන විද්‍යාඥයන් විසින් නිපදවන ලැබුවක් බවත් ඕට්‍රේලියානු ජාතික පුවත්පතක් අනාවරණය කර තිබේ. මෙම අනාවරණය කර ඇත්තේ  ඕස්ට්‍රෙලියන් පුවත්පතය. අනාගත ලෝක සංග්‍රාමවලදී, සතුරු පාර්ශ්ව අඩපණ කිරීමට ජීව රසායනික අවි යොදා ගැනීම ම කෙරෙහි ලොව ප්‍රබල රටවල අවධානය යොමු වී තිබෙන අතර, ලොවෙන් තුරන් වූ වසූරිය වයිරස විෂබීජ පවා ජීව අවි ආකාරයට නිපදවීමට ඇමෙරිකාව, රුසියාව ආදී රටවල් ගබඩා කර තබා ගෙන ඇතැයි ද ඕස්ටේලියන් පුවත්පත පෙන්වා දී ඇත. චීන විද්‍යාඥයන් ජීව අවියක් ලෙස, අද කොවිච් 19 ලෙස අප හඳුන්වන කොරෝනා වයිරසය නිපදවන්න ඇත්තේ වූහාන් නුවර වයිරස රසායනාගාරය තුළ බවත්, එය හිතාමතා නොව අත්වැරදීමකින් කාන්දුවී පසුව එය ලොව පුරා ව්‍යාප්ත වෙන්න ඇති බවත්  ඕස්ට්‍රෙලියන් පුවත්පත පැහැදිලි කරයි. පසුගිය දා චීන රජයට සහ හමුදාවට අයත් රහස් වාර්තා රැසක් පරිගණක හැකර්වරුන් විසින් අන්තර් ජාලයේ ප්‍රසිද්ධියට පත් කර තිබුණි.  ඕස්ටේලියන්පුවත්පත මෙම කරුණු අනාවරණය කළේ. එම රහස් වාර්තා උපුටා දක්වමිනි. චීනයේ පමණක් නොව ආසියානු කලාපයේ ද විශාලතම වයිරස පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ ද වයිරසයේ ආරම්භය සිදුවුණු වූහාන් නගරයේය. මෙම වයිරසය පර්යේෂණාගාරය වයිරස බැංකුවකි. කොරෝනා වයිරස විශේෂ මෙහි ගබඩා කර ඇත.ඇමෙරිකන් සහ ඕස්ට්‍රේලියන් බුද්ධි අංශ තරයේ පවසා ඇත්තේ වයිරසයේ ආරම්භය මෙම පර්යේෂණාගාරය බවය.

 ජිනීවා නුවරදීය (රොයිටර්) 

Wednesday, May 12, 2021

ජර්මනියේ BIONTech සමාගම සිංගප්පුරුව තුලදි එන්නත් නිපදවීමට යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම සමග එකතුව coiD-19 මර්දන එන්නත් නිපදවීමේ නිරත ජර්මනියේ BIONTech සමාගම ඉදිරියේදී mRNA තාක්ෂණය යොදා ගනිමින් එන්නත් නිපදවීමට සැලසුම් කර තිබෙන බව පවසයි. ඒ අනුව ඉදිරියේදී සිය නිෂ්පාදනවල කලාපීය මූලස්ථානය බවට සිංගප්පුරුව පත් කරන බවත් ජර්මානු සමාගම සඳහන් කර තිබේ. විශේෂයෙන්ම අග්නිදිග ආසියානු කලාපීය රටවල් තුළ මෙන්ම ඉදිරියේදී මෙම වසංගත අවදානම ඇති වන ලොව ඕනෑම තැනකට. අවශ්‍ය එන්නත් ඉක්මනින්ම නිපදවා සැපයීම මෙම නව පියවරෙහි අරමුණ බව BioNTech සමාගම පවසයි. ඒ අනුව මෙම වසර ඇතුළතදී සිංගප්පුරුව තුළ සිය කාර්යාලයක් විවෘත කරන බවත්, ඉන් අනතුරුව මෙම එන්නත් නිෂ්පාදනාගාරය පිහිටුවන බවත් සමාගම අනාවරණය කර තිබේ. වසර 2023 වසරේදී සම්පුරණයෙන්ම වැඩ නිමවා නිෂ්පාදන කටයුතු අරබන මෙම කර්මාන්තශාලාව තුළ සිංගප්පුරු වැසියන් 80 දෙනෙකු වන රැකියා ලබාදිය හැකි වනු ඇතැයිද සමාගම සඳහන් කරයි. මේ සඳහා සිංගප්පුරු ආර්ථික සංවර්ධන මණ්ඩලයද සිය සහයෝගය ලබා දී නිබේ.

ඉන්දියාවේ කොවිඩ් 19 ප්‍රබේදය ලොකයට අනතුරුදායක බවට WHO පවසයි

ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන COVID-19 වෛරසයේ B.1.617 නව ප්‍රභේඳය. සම්බන්ධයෙන් සමස්ත ලෝකයම අවධානය යොමුකළ යුතු දරුණු වෛරසයක් ලෙසට නම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම නව ප්‍රභේදය පිළිබඳව සිදුකර ඇති මූලික අධ්‍යයනයන් අනුවද එය ඉතාමත් ඉක්මනින්ම ව්‍යාප්තවීමේ අවදානමක් පැවතීම ඊට හේතුව වී තිබේ.සදුදා දිනයේදී ස්විට්සලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීන් මෙම කරුණු සදහන් කර තිබේ මෙම B.1.617 නව ප්‍රබේදය පිළිබදව ප්‍රථම වරට ඉන්දියාව තුළින් වාර්තා වූයේපසුගිය වසරේදිය. මේ වනවිට එය රටවල් 20කට වැඩි සංඛ්‍යාවකදී හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීයව අවධානය යොමුකළ යුතු බවට සඳහන් කෙරුණු සිවිවැනි COVID-19 වෛරස ප්‍රභේදය බවටද එය පත්ව ඇත. මීට පෙර බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකානු සහ බ්‍රසීල ප්‍රභේද සම්බන්ධයෙන්ද එම සංවිධානය මෙවැනිම නම් කිරීමක් සිදුකර තිබුණි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුවේ ප්‍රධානී මාරියා වැන් කෙර්බොවී, "ඉන්දියාවේදී හමු වූ මේ ප්‍රබේදය අපි ගෝලීය මට්ටමේ අවධානයක් යොමු කළ යුතු අවස්ථාවක් ලෙස නම් කරනවා. මෙම ප්‍රභේදය මගින් ඉහළ සම්ප්‍රේෂතාවක් පවතින බවට පැහැදිලි තොරතුරු දැනටමත් වාර්තාවී තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.මෙම B.1.617 නව ප්‍රත්වය හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ඒ සංඛ්‍යාව කෝටි 2.2ක් ඉක්මවා ඇති අතර, මරණද තුන් ලක්ෂයකට ආසන්න වෙමින් පවතී. එසේම පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉන්දියාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමටද මෙම ප්‍රභේදය හේතු විය.මෙම අවදානම සමිබන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ, සෞම්‍ය ස්වාමිනාතන්, ඉන්දියාවේ මෙම වෛරස ප්‍රබේදයේ ඇති සම්ප්‍රේෂණ හැකියාව සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයන සිදු කරමින් පවතින බව සදහන් කරයි. එසේම COVID-19 එන්නත් ලබාගත් පිරිසගේ ප්‍රතිශක්තිකරණය වෙත එය කෙසේ ප්‍රතිචාර දක්වදැයි සොයා බලන බවත් පවසයි."අපි මේ අධ්‍යයන හරහා දැනගෙන තිබෙනවා මේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් එන්නත් සාර්ථකයි කියලා. ඒ වගේ සාමාන්‍යෙ වෛරසවලට එරෙහිව අපි ලබාදුන් ප්‍රතිකර්ම මේ ප්‍රබේදයටත් ගැලපෙනවා කියලා. ඒ නිසා මෙතෙක් සිදු කරගෙන ආ කිසිවක් මෙතැනදි වෙනස් කළ යුතු නැහැ." ඇය පවසයි.මේ අතර එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂි ජනරාල් ටෙඩ්‍රෝස් අදාළොමි ගෙබ්‍රෙයේසුස්, සිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල මගින් ඉන්දියාවට අවශ්‍ය ඔක්සිජන්, ඖෂධ සහ සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය ආරක්ෂිත උපාංග මිලදී ගැනීම සඳහා 'Together for India' නමින් අරමුදලක් පිහිටුවන බවද පවසා තිබේ.

Tuesday, May 11, 2021

COVID-19 එන්නත් ප්‍රේටන්ට් අයිතිය නිදහස කිරීම ගැන Pfizer ප්‍රධානියා විරුද්ධ වෙයි

අමෙරිකා එක්සත් ජනපදය තුළ නිපදවන COVID-19 මර්දන එන්නත් සම්බන්ධට බලපත්‍ර නිදහස් කිරීම සම්බන්ධයෙන් එරට ජනපති ජෝ බයිඩන් ප්‍රමුඛ රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කරන බව Pfizer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බෙර්ටා බොයුර්ලා පවසයි. මෙම ප්‍රේටන්ට් නිදහස හේතුවෙන් එන්නත් නිෂ්පාදනයසහ ඒවායේ ආරක්ෂාව පිළිබඳ අර්බුද හටගනු ඇතැයි ඔහුන්ගේ අදහසවී තිබේ. විශේෂයෙන්ම මෙලෙස ඕනෑම අයෙකුට මෙම එන්නත නිපදවීමට අවස්ථාව හිමිවීමෙන් එම එන්නත් නිපදවීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා ලොව පුරා තරගයක් ඇතිවීම එම එන්නත් නිෂ්පාදනයේ සහ ඒවායේ සුරක්ෂිත බව සහ කාර්යක්ෂමතාව පිළිබද ගැටලු ඇති කරවනු ඇතැයි ප්‍රධාන විධායක නිලධාරියා පවසයි. අද වනවිට ලොවපුරා COVID-19 මර්දනය සදහා යොදා ගැනෙන ප්‍රධාන පෙලේ එන්නත් අතර Pfizer Inc. සමාගම සහ ජර්මනියේ BioNTech සමාගම එක්ව නිපදවන PfizerBioNTech එන්නතද පවතී. එම එන්නත ඇතුව අනෙකුත් COVID-19 මර්දන එන්නත් සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපළ නීති ලිහිල් කරමින්, ඒවායේ බලපත්‍ර නිදහස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති බයිඩන් පරිපාලනය සිය සහයෝගය ලබා දී තිබුණි. "අදවනවිටත් මේ එන්නත් වේගවත්ව නිපදවීමේ හැකියාවක් අපට තවත් හිමි වෙලා නැහැ. එවැනි නිෂ්පාදන සීමා කිරීමට  හේතුවෙලා තිබෙන්නේ අපේ එන්නත් නිපදවීම සඳහා අවශ්‍ය විශේෂිත අමුද්‍රව්‍යවල පවතින හිගතාවයි." යනුවෙන් Pfizer ප්‍රධාන විධායක නිලධාරියා පවසා තිබේ. සමාගම සඳහන් කර ආකාරයට සිය එන්නත් නිපදවීම සදහා එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය සහ සංඝටක 280කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. ඒවා ලොව පුරා රටවල් 19ක පමණ ප්‍රමාණයකින් සපයා ගැනීම සිදුකරයි. ඒ අනුව මෙම පේටන්ට් ආරක්ෂාව ලිහිල් කිරීමෙන් පසුව, සිය සමාගමට වඩා අත්දැකීම් අඩු සමාගම් රැසක් මෙම තරගයට පිවිසීම හරහා එකම අමුද්‍රව්‍ය තොගයක් වෙනුවෙන් තරගයක් නිර්මාණය වෙනු ඇති බවත් ප්‍රධාන විධායක නිලධාරිබොයුලා වැඩිදුරටත් පවසා සිටියි. "මේ වෙනකොට සෑම අමුද්‍රව්‍යයකම ග්‍රෑමයක් පාසා අපේ නිෂ්පාදන පරිශ්‍රයන් වෙත ඉක්මනින්ම ප්‍රවාහනය කෙරෙනවා. ඉන් අනතුරුව හැකි ඉක්මනින්ම ඒවා එන බවට පත්කරමින්, ලොව පුරා බෙදාහැරීමක් සිදුකරනවා." ඒ අනුව පේටන්ට් බලපත්‍රය නිදහස් කිරීම හරහා තමන්ටද එම එන්නත් නිෂ්පාදන නිසි ලෙස සාර්ථක කරගැනීමේ හැකියාවක් උදා කරගත නොහැකි වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


Monday, May 10, 2021

ඉන්දියානු ප්‍රභේදය සහිත සිවුදෙනෙකු දකුණු අප්‍රිකාවෙන් හමුවෙයි

ඉන්දියාවේදි හඳුනාගෙන ඇති B.1.1.6 නම් COVID-19 නව ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් සිවුදෙනෙකු හමුවුණු බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉභළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත මෙම නව ප්‍රභේදය හමුවීම කැපීපෙනන අවස්ථාවක් බවද එම අමාත්‍යාංශය සදහක්කරයි. මෙලෙස හඳුනාගත් සිවුදෙනා මීට පෙර ඉන්දියාවේ සංචාරය කර පැමිණි පිරිස් බවත් පවසෙයි.එසේම මීට පෙර බ්‍රිතාන්‍යයන් හමු වුණු B.1.1.7 නම් නව ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් 11දෙනෙකුද මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හමුව තිබේ. ඒ අනුව මෙතෙක් දකුණු අප්‍රිකාවෙන් හමුවුණු B.1.351 නව ප්‍රභේදයට අමතරව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු නව ප්‍රභේද හමුවීම සියරටහි සොඛ්‍ය පද්ධතිය දරුණු අවදානමකට ලක්කරවන්නක් වනබවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටියි. මේ අතර, දකුණු අප්‍රිකාව තුළ එතෙක් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික COVID-19 මරණ සංඛ්‍යාව වන මරණ 4,187ක් පසුගිය සෙනසුරාදා දිනයේදී සටහන් වීම පිටුපස මෙම නව ප්‍රභේද බොහෝ දුරට හේතුවී ඇතැයිද සෞඛ්‍ය අංශ සැකපහළ කරයි.


මියන්මාරයේ හමුදා පාලනය මගින් එරට ඡායා රජය ත්‍රස්තවාදීන් ලෙස නම් කරලා

මියන්මාරයේ හමුදා පාලනය මගින් බලයෙන් පහ කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව පිහිටුවා ගෙන ඇති මියන්මාර ඡායා රජය "ත්‍රස්තවාදී සංවිධානයක්'' ලෙස නම් කිරීමට හමුදා පාලනය පියවර ගෙන ඇතැයි වාර්තාවෙයි. මියන්මාර හමුදාව රටෙහි පාලනය සියතට ගත් පසුගිය පෙබරවාරි 01දා සිට මෙම ඡායා රජය ක්‍රියාත්මක වෙයි. හමුදා පාලනයට එරෙහිව පැවැත්වෙන ජනතා උද්ඝෝෂණ සංවිධානය කිරීමද මෙම බලයෙන් පහ කෙරුණු මෙම කණ්ඩායමේ මූලිකත්වයෙන් සිදුවෙයි. ඔවුන් සියලු දෙනාම බලයෙන් පහකර ඇති එරට නායිකා අවුන් සාන් සුකී ගේ හිතෛශීවන්තයන් සහ ආධාරකරුවන් වෙයි. ඒ අනුව සුකීගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය පක්ෂයේ සාමාජිකයෝ එව මෙලෙස ජාතික එකමුතු රජය ලෙස හමුදා පාලනයට එරෙහි ය. රජය පිහිටුවා ගෙන ඇත. අද වනවිට පුරා මාස හතරකට අධික කාලයක් මියන්මාරය තුළ මෙම හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාත්මක වන අතර, සිදුවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් දහසකට ආසන්න පිරිසක් මරණයටද පත්ව තිබේ. ඒ අනුව මෙම උද්ඝෝෂණ සංවිධානය කරන 'ජාතික එකමුතු රජය' ත්‍රස්තවාදී සංවිධානයක් බවත්, ඔවුන්ට තවදුරටත් සහාය නොදක්වන ලෙසත් හමුදා පාලනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Tuesday, May 4, 2021

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් කෝටි 2 සමීපයට

ඉන්දියාව තුළ වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි අනූනව ලක්ෂයක් ඉක්මවා යන බව සෞඛ්‍ය බලධාරින් පවසයි. ඊයේ පෙරවරුවේ නිමා වූ අවසන් පැය 24 දීද එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂයේ සීමාව ඉක්මවා වාර්තාවීම්මත් සමග මෙලෙස ආසාදිතයන් කෝටි දෙකේ සීමාවට තවත් සමීපවී තිබේ. මෙලෙස ඉන්දියාව තුළ පිට පිට දෛනික ආසාදිතයන් ලක්ෂ තුනක් ඉක්ම වූ 12වැනි දිනය බවටත්ථීය සටහන්ව තිබේ. ඒ අනුව ආසාදිතයන් 368,147දෙනෙකු වාර්තතා වී තිබූ අතර, ඊට දෙදිනකට පෙර ආසාදිතයන් ලක්ෂ හතලසීමාවද ඉක්මවීය.මේ තත්වයත් සමග ඉදිරි දිනවලදී එරටින් වාර්තාවන නව ආසාදිතයන් තවදුරටත් ඉහළයාම් අවදානමක්ද පවතී. එහිදී ඉදිරි දින දෙකේදී දෛනික ආසාදිතයන් ලක්ෂ පහක් බවට පත්වීමේ හැකියාවක් පවතින බවත් සොඛ්‍ය බලධාරීන් බලා තිබේ මෙලෙස දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාමත් සමග ඉන්දියාව තුළ උද්ගතව පවතින ඔක්සිජන් සැපයුම් හිගයද ඇතුළුව වෛද්‍ය සැපයුම්වල හිගතාව තවදුරටත් එලෙසින්ම වන බව පැවසෙයි. ඒ අනුව ඉදිරි දින කික්කියවඩාත් දරුණු වෙනු ඇතැයිසොඛ්‍ය අංශවල අදභය වී තිබේ.මේ සම්බන්ධයෙන් සොඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව වසාගතය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සදහා දැනටමත් ඉන්දියාවේ ප්‍රාන්ත සහ පළාත් 11ක් සිය ජනතාව වෙත සංචරණ සීමා ඇතුළු සිමා කිරීම් පනවා තිබේ. කෙසේවෙතත් අගමැති නරේන්ද්‍ර මෝදින්ගේ නායකත්වයෙන් යුතු මධ්‍යම රජය මෙතෙක් රට පුරා ක්‍රියාත්මක ලොක්ඩවුස් සීමාවක් පනවා නොමැතිවීම කාගේත් කතාබහට ලක්ව තිබේ. මෙලෙස සමස්තරට තුළම සීමා කිරීම් පැනවීමේ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිදයාලයේ වෛරස විද්‍යාඥයෙකු වන බ්‍රහ්මාර් මුඛර්ජි, "මගේ අදහස ව සමස්තරටහිම ජනතාවට නිවෙස්වල රැදී සිටීම සම්බන්ධයෙන් නිකුත්කෙරෙන ජාතික වෛද්‍ය හදිසි අවස්ථාවක් හරහා රට තුළ පවතින සෞඛ්‍ය ආරක්ෂක අර්බුදයට පිළියම් සෙවිය හැකියි කියලයි.”යනුවෙන් පවසා තිබේ.



බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාවට තවත් වෙන්ටිලේටර් 1000ක්

ඉන්දියාවේ වාර්තා වන. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා අවශ්‍ය තවත් අමතර ඔක්සිජන්, වෙන්ටිලේටර් උපාංග 1,000ක් ලබාදෙන බව බ්‍රිතාන්‍ය නිවේදනය කර තිබේ. එරට විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් විසින් රූපවාහිනී වැඩසටහනකදී මේ බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉතාමත් ඉක්මනින්ම මෙම උපාංග ඉන්දියාවට යවන බව ඔහු පවසයි. බ්‍රිතාන්‍ය දැනටමත් ඉන්දියාව වෙත ඔක්සිජන් ටකි 495ක් සහ වෙන්ටිලේටර් උපාංග 200ක් ඉන්දියාව වෙත එවා තිබේ. එසේම ඔක්සිජන් කර්මාත්තශාලා ලෙසින් හැදින්වෙන දැවැන්ත ප්‍රමාණයේ නිෂ්පාදන ඒකක තුනක්ද මෙම භාණ්ඩ අතර පවතින බව පැවසෙයි.මෙහිදී අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා, මෙම අසීරු අවස්ථාවේදී තමන් හැකි පමණින් ඉන්දියාව වෙත උදව් කිරීමට කැපවී සිටින බවත් පවසා තිබේ. මේ අතර G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද පැවැත්වෙන බව සඳහන් වෙයි.


රුසියාවේ Sputnik-V එන්නත නිපදවීමට චීනයේ සහය පතයි

රුසියාවේ Sputnik-V එන්නත් මාත්‍රාවන් සදහා ලොව පුරා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමග එහි නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා චීනය එන්නත් නිෂ්පාදන සමාගම් කිහිපයක ද සහාය ලබාගැනීමට තීරණය වී ඇතයි වාර්තා වෙයි. රුසියාවේ සෘජු ආයෝජන අරමුදල මගින් මෙම එන්නත නිපදවීම සදහා මුදල් ලබාදීම සිදුවෙයි. ඒ අනුව ඉදිරියේදී චීන සමාගම් කිහිපයක් හා එක්ව එන්නත් මාත්‍රා මිලියන 260ක් නිපදවීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර තිබෙන බව රුසියාව නිවේදනය කර තිබේ.විශේෂයෙන්ම මෙම Sputnik-V එන්නත් ඇණවුම් ලබාදී තිබෙන ලතින් ඇමෙරිකාව, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය වෙත සැපයුම් වේගවත් කිරීමට මෙය හේතුවනු ඇතැයි පැවසෙයි. මේ වනවිට ලොව පුරා රටවලින් එන්නතට ලැබෙන ඉල්ලුම දේශීය නිෂ්පාදන ධාරිතාවට වඩා ඉහළ බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශකවරයාද වරෙක පවසා තිබුණි. රුසියාවේ Sputnik-V එන්නත සම්බන්ධයෙන් දැනට මාස කිහිපයකට පෙරාතුව සිදුකළ අධ්‍යයනයකට අනුව එහි සාර්ථකත්වය 91%ක ප්‍රතිශතයක් ගන්නා බවට සඳහන් විය. ඒ අනුව රටවල් රැසකින් මෙම එන්නත සදභා අනවුම් ලැබුණු අතර, එම ඇණවුම් සැපයීමට රුසියාවට හැකි වේවිද යන ගැටලුවද මතුව තිබුණි. කෙසේ වෙතත් චීනයේ සහායද සමග රුසියාව මෙම ඉලක්ක සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.


Pfizer සමාගමෙන් ඉන්දියාවට ඩොලර් මිලියන 70ක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ Pfizer Inc. මගින් නිපදවන COVID-19 මර්දන එන්නත් තොගයක් ඉන්දියාව වෙත ප්‍රදානය කිරීමට සූදානම් බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බර්ට් බොයුරාල් පවසයි. ඔහු පසුගියදා සිය LinkedIn ගිණුම වෙත පණිවුඩයක් තබමින් මේ බව පවසා තිබේ. ඒ අනුව දැනටමත් ඉන්දියානු රජය සමග මෙම එන්නත් ප්‍රදානය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත්, මෙහිදී එක්සන්ජනපද ඩොලර් මිලියන 70ක්වටිනා එන්නත් දානයක් සිදුකෙරෙන බවත් ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කර ඇත."අවාසනාවකට වගේ අපේ එන්නත් තවමත් ඉන්දියාවේ ලියාපදිංචි වෙලා නැහැ. ඒත් අපි ඉන්දියාව වෙත මේ එන්නත් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළේ මාස කිහිපයකට පෙරාතුවයි. දැන් අපි මේ එන්නත සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමග සාකචිඡා කරනවා. ඒ හරහා Pfizer-BioNTech එන්නත ඉන්දියාවේ සියලු දෙනාටම ලබාදීමට හැකියාව ලැබේවී.” ඔහු පවසා තිබේ.