කුමුදු උපුල් ශාන්ත
ත්රිරෝද රථයකින් පැමිණි විදෙස් ජාතික කාන්තාවක් මෙරට රුසියානු තානාපති කාර්යාල ආරක්ෂක මැදිරිය වෙත අධිරහස් ලෙස ලැප්ටොප් යන්ත්රයක් ලබාදී පලායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් පසාන් අමරසේන මහතා කුරුඳුවත්ත පොලිසියට ඊයේ (29දා) නියෝග කළේය.
මෙරට රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක අංශය මඟින් සිද්ධියට අදාළව පැමිණිල්ලක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට කුරුඳුවත්ත පොලිසියේ සැරයන් තිලකරත්න මහතා (881) කරන ලද දැනුම්දීමක් අනුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි. ත්රිරෝද රථයකින් පැමිණි විදෙස් ජාතික කාන්තාවක් එහි ආරක්ෂක අංශය වෙත එම ලැප්ටොප් යන්ත්රය ලබාදී ඇතත් එය ලබාදිය යුතු නිශ්චිත පුද්ගලයෙක් සඳහන් නොකර ඇය එම අවස්ථාවේම ත්රිරෝද රථයකින් පලා ගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන මූලිකවිමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද පැමිණිල්ල මෙහෙයවූ සැරයන්වරයා අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව බෝම්බ නිශ්ක්රිය අංශ නිලධාර්න් යොදවා එම ලැප්ටොප් යන්ත්රය පක්ෂාවට ලක් කළ බවද ඔහු අධිකරණය හමුවේ පැවැසීය.
එම තානාපති කාර්යාලයේ කිසිවකුගේ අනුදැනුමක් නොමැතිව එවැනි ලැප්ටොප් යන්ත්රයක් එම කාර්යාලය වෙත ලබාදීම සැකයට තුඩුදෙන කාරණාවක් බැවින් ඒ පිළිබඳව විමර්ශනය සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා පියවර ගන්නා බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් සැරයන් තිලකරත්න මහතා අධිකරණයට දැන්වීය. පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා සිද්ධිය සම්බන්ධව විධිමත් විමර්ශනයක් පවත්වා එහි ප්රගතිය ඇතුළත් වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිර්පත් කරන ලෙසටද නියෝග කළේය. මෙම සිද්ධිය ඊයේ (29දා) සිදුව ඇති බවද පොලිසිය අධිකරණයෙන් දැක්වූ කරුණුවලින් හෙළි විය.







