Friday, August 31, 2018

ඉතාලියේදී කොන්ගෝ ජාතික දැරියට අතවර කළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට


ඉතාලියේ මිලානෝ නගරයේදී විදේශීය බාලවයස්කාර දැරීයකට අතවර කිරීම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 40 හැවිරිදි ලාංකිකයකු සිපයි (28දා) අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

මිලානෝ නගරයේ පිහිටි උද්‍යානයක තවත් පිරිසක් පසුගිය (27දා) සවස විනෝද වෙමින් සිට ඇති සැකකරු ඒ අසලින් ගමන්ගත් මම කොන්ගෝ ජාතික දැරිය සමග කතාබහ කර කුළුපග වී පසුව ඇයට අතවර කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බීවට එරට පොලීසිය පැවසු බව එරට මාධ්‍ය වාර්තා කරයි.

දැරිය නිවසට පැමිණීම ප්‍රමාදවීම පිළිබඳ ඇගේ දෙමවුපියන් විසින් කළ සොයාබැලීමේදී සිද්ධිය පිළිබඳ අනාවණය වී ඇති අතර, අනතුරුව ඔවුන් විසින් පොලීසියට කළ දැනුම් දීමක් මත සැකකාර ලාංකිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

අතරවරයට ලක් වූ බවට සැකකරන දැරිය පරීක්ෂණ සඳහා මිලාන් නගරයේ මංජගාලී රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.  මෙවන් සිදුවීම් තමන්ට විශාල හානියක් ගෙන දෙන බව එරට ලාංකීක සංවිධාන පෙන්වා දෙයි.

නවසීලන්තයේ ගමක බළලුන්ට තහංචියක්

නවසීලන්තයේ දකුණුදිග වෙරළ තීරයේ කුඩා ගම්මානයක් බළලුන් තහනම් කිරීමට සූඳානම් වන බවට එරට පුවත් සේවා ඊයේ (30) වාර්තා කළේය.
බළලුන් තහනම් කිරීමේ තීරණය ගෙන ඇත්තේ "ඔමෝයි" නමැති ගම්මානයයි. ගම්මානයේ සෑම නිවසකම බළලුන් එකතු
හෝ ඊට වැඩි ගණනක් සිටින බව ද පැවැසෙයි. බළලුන් නිසා ගම්මානය ආශ්‍රිතව ජීවත් වන එම පළාතට පමණක් ආවේණික ජීවීන් රැසකට තර්ජනයක් එල්ල වී ඇත.
වනජීවි නිලධාරීන්ගේත් පරිසරවේදිගේ මැදිහත් වීමෙන් බළලුන් ගම්මානයෙන් තුරන් කිරීමට අදහස් කෙරුණේ ඒ අනුවය. නවසීලන්ත පරිසර අමාත්‍යාංශය මැදිහත් වී මෙම කාරණාව යම්බන්ධයෙන් ගම්වැසියන් සමග යාකච්ඡා කර ඔවුන්ට කරුණු පහදා දී ඇති බව ද වාර්තාවේ..
ඕමෝයි ගම්මානයේ සිටින සියලු බළලුන් මේ විනවිට සංගනනය කර ඇත. ඒ හිමිකරුවන්ට බළලුන් ලියාපදිංචි කිරිමට දැනුම් දෙමිනි. දැනට ඇති කරන බළලුන් මියගිය පසු අලුතින් බළලුන් ඇති කිරීම තහනම් බව බලධාරීන් දැනුම් දී ඇත. ඕමෝයි ගම්මානය අවට නවසීලන්තයට පමණක් ආවේණික කුරුල්ලන්, කක්ෂීරපායීන් පමණයක් නොවේ උරග වර්ග රැසක් ජීවිත් වෙති. බළලුගෙන් මෙම ජීවීන්ට නිරන්තරයෙන් තර්ජන එල්ල වෙයි. බළලුන්ගේ දඩයමට මෙම ජීවීහු ලක් වෙති. ඇතැම් සත්ත්ව විශේෂ බළලුන් හේතුවෙන් මේ වනවිට විදවී යෑමට ද පටන්ගෙන ඇතැයි පරිසරවිඳීහු පෙන්වා දෙති. අකමැත්තෙන් වුවත් ඔමෝසි ගම්මානයේ වැසියන් බළලුන් තහනම් කිරීමේ මෙම යෝජනාවට කැමැත්ත දී ඇතැයි ද නවසීලන්ත පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

රත්මලානේ කුඩු මංජුගේ ගෝලයා කුඩු බෙබි මාට්ටු


රත්මලාන ප්‍රදේශයේදී කුඩු අංජුගේ ප්‍රධාන ගෝලයෙක් වන බේබි නමැත්තා ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ගල්කිස්ස පොලීසියට ලැබුණු තොරතුරකට අනුව 28 වැනි දින අලුයම කරන ලද විශේෂ මෙහෙයුමකින් සැකකරු පොලිසියට කොටු කර ගැනීමට හැකිවී තිබේ. මොහු අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී මොහු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 800ක් පොලිසිය සොයාගනු ලැබීය.

සැකකරු වයස අවුරුදු 33ක් වන රත්මලාන දුම්රියපොළ පාරේ පදිංචි දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙක් බව ගල්කිස්ස පොලීසිය පවසයි.  අතරමැදියකු ලෙස හෙරොයින් වෙළදාමේ යෙදෙන මොහු දිනකට පැකට් 80ක් අලෙවි කළ විට කුඩු ලබා දෙන පුද්ගලයා සැකකරුව කුඩු පැකට් 4ක් ලබාදෙන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 4ක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

-ජානක ගෝමස්-

බදින්න ඇවිත් පොට වැරදිලා සාක්කියට ආ දෙන්නත් පැනගිහිල්ලා



(මොරගොල්ලාගම සිසිර කැලේගම)
විවාහ ලේකම්වරියගේ විමසිලිමත්භාවය නිසා කඩිමුඩියේ විවාහයක් සිදුකර ගැසීමට රාත්‍රියේ ආ යුවලකලේ තතු හෙලි කරගන්නා අවස්ථාවේදී ඊට අත්සන් කිරීමට පැමිණී සාක්ෂිකරුවන් යුවළ අතහැර දමා පලා යාමේ පුවතත් වයඹ පළාතෙන් වාර්තා විය.
සිද්ධිය අනාවරණය වෙන ආකාරයට මෙලෙසය. විවාහ ලේකම් නිවසට ඉකුත් රාත්‍රියක විවාහයක් සිදුකර ගැනීමට පැමිණි ඇත්තේ පිටස්තර ප්‍රදේශයක සිට ඊට අදාළ පාර්ශවයන්හි සාක්ෂිකරුවන්ද කැටුවය. පැමිණි කාන්තාව අත අවුරුදු තුනක් වයසැති දැරියකි. විවාහ ලේකම්වරිය දරුවා කාගෙදැයි විමසන අවස්ථාවේදී ඇය තමාගේ බවත්, ඇයට උපැනයක් සකසා දැරිය පාසල් යැවීම උදෙසා මෙලෙස විවාහය සිදුකර ගැනීමට පැමිණි බවත් කාන්තාව එහිදී පවසා ඇත.
උප්පැනයක් නැති අවුරුදු තුනක් වයසැති දරුවා තමාගේ නොවන නමුත් දරුවා ද තම බාරයට ගෙන එම කාන්තාව විවාහකර ගැනීමට කැම බවට ඇය හා පැමිණි පිරිම් තැනැත්තා ද එහිදි අදහස් දක්වා තිබේ.
ඔවුන් ගේ හැසිරීම් රටාව පිළිබඳව සැක සිතු විවාහ ලේකම්වරිය ඔවුන් ගැන තොරතුරු සොයන්නට කටයුතු කළාය. ඔවුන්ගෙන් විස්තර අසා විවාහය සිදුකරනන් මුවාවෙන් ඔවුන් සමග කතා කරමින් සිටින අතරවාරයේ ඔවුනගේ තොරතුරු විමසන ලෙසට සිය සැමියාට විවාහ ලේකම්වරිය උපදෙස් දුන්නාය. සිය සැමියාද තම ජංගම දුරකතනයෙන් ඔවුන් පදිංචි ප්‍රදේශවල තමා හඳුන හිතවතුන්ට  කතා කොට විවාහයක් ගිවිස ගැනීමට පිවිස සිටින අය ගැන වහාම තොරතුරු සොයා දෙන ලෙසට දැනුම් දී තිබේ.
ඒ අනුව තතු සොයා ගිය හිතවතෙකු දැනුම් දී ඇත්තේ සිය සැමියා හේන් පැළට ගිය අවස්ථාවේ දී ඔහුගේ විවාහක බිරිද සිය දරුවාද කැටුව නිවහන වසා මෙලෙස නව විවාහයකට පැමිණ ඇති බවයි. ඒ සමගම ඇය විවාහ කර ගැනීමට පැමිණි පිරිමි තැනැත්තාද තම බිරිය නිවසේ නිදා සිටියදී  කුඹුරට යන මුවාවෙන් මෙහි පැමිණි ඇති බවට අනෙක් හිතවතා තොරතුරු දැනුම් දී තිබේ. සිද්ධිය දැනගත් විවාහ ඇල්කම්වරිය හෙළි වූ කරුණු කසාදයට සුදානම් වු නව යුවළ ඉදිරියට ගෙන පැහැදිලි කරන අතරවාරයේ දී එන පොට වැරදුණු බව වටහා ගත් විට සාක්කියට අත්සන් කිරීමට පැමිණී පාර්ශවකරුවන් ඔවුන් දෙදෙනා නිවසේ සිටිය දී කිසිවෙකුටත් නොකියා පලාගොස් ඇත.
ඒ සමඟම විවාහයට පැමිණි යුවළ ද වීවාහ ලේකම්වරිය පවසන මේ තතු කෙසේ සොයා ගත්තාදැයි පිළිබදව පුදුමයට පත්ව කුඩා දරුවාද රැගෙන ලැජ්ජාවට පත්ව මුණිවත රකිමින් ඉන් නික්ම
ගොස් ඇත.

මාධ්‍ය කුටිය නොලැබීමෙන් රූපවාහිනී සජීවි විකාශය නවතී

(යොහාන් භාසුර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පලකැලේ ක්‍රීඩාංගණයේ පෙරේදා (20) පැවැති තරග සඳහා ප්‍රධාන මාධ්‍ය ගාඩනැගිල ලබානොදීම නිසා ජාතික රූපවාහිනියට සජීව විකාශය අතහැර දැමීමට සිදුවිය.
පිරිවැය අවම කරගැනීමේ පියවරක් ලස සියලුම පහසුකම් සහිත මාධ්‍ය ගොඩනැගිල්ල මෙම තරග සඳහා භාවිතා නොකරන බව වාර්තා වේ.
කෙසේ වෙතත් දින කිහිපයකට පමණක් සීමාවන මම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 750 ක් හෙවත් කෝටි 7.5 ක් වැය කරයි. රූපවාහිනි විකාශය සඳහා පෙරේදා ප්‍රධාන ගොඩනැගිල්ලේ පහසුකම් සපයා තිබුණ ද එම ස්ථානයට දුරකථන සබඳතා ලබාගැනීමට පහසුකම් නොවීය. ඡාත්‍යන්තර තරග අවස්ථාවලදී විදේශීය රූපවාහිනී ආයතන සඳහා දුරකථන පහසුකම් මාධ්‍ය ගොඩනැගිල්ලලේ විශේෂ
සංනිවේදන රැහැන් මගින් ස්ථාපිත කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුරකථන සමාගමක් සජීවී විකාශ සඳහා එම අවස්ථාවලදී දුරකථන තාක්ෂණික පහසුකම් සපයනු ලබන අතර මාධ්‍ය ගොඩනැල්ලේ සිට ප්‍රධාන ගොඩනැගිල්ලට මිටර 500 කට වැඩි දුරක් සබඳතා රැහැන් පහසුකම් ලබාදීමට දින කීපයක් ගතවනු ඇති බව තාක්ෂණ ශිල්පීන් දැනුම්දී තිබේ.
මෙම සඡවී විකාශය සඳහා පුද්ගලයන් 30 කට ආසන්න රූපවාහිනී කාර්ය මණ්ඩලයක් ක්‍රීඩාංගණයට පැමිණ සිටියේය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිලධාරියකු පැවසුවේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් පෙරේදා තරග විකාශය කළ නොහැකි වූ බවත් එහෙත් ඉතිරි තරග හෝ විකාශ කිරිමට සංස්ථාව බලාපොරොත්තු වන බවයි.

බස්නාහිර පුටු ටෙන්ඩරයට එරෙහිව උකුවෙල මන්ත්‍රිවරු හිටගෙන තේ බොති


බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට පුටු මිලදී ගැනීම සඳහා එක් පුටුවකට රුපියල් 6,40,000ක් වැය කිරීමට විරෝධය පළ කරමින් උකුවෙල ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රි කණ්ඩායම තේ විවේකයේදී හිටගෙන තේ පානය කරමින් සිය විරෝධය පළ කළේය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ජයම්පති ඇටිපොළ මහතා සඳහන් කළේ විශාල මුදලක් වියදම් කරමින් බස්නාහිර පළාත් සභාව නිකරුණේ මහජන මුදල් විනාශ කරන බවත් ග්‍රාමීය පළාත්වල ඇතැම් සභාවලට පුටුවක් මිලදී ගැනීමටවත් පහසුකම් සලස්වා ගැනීම ගැටලුකාරී තත්වයක් වී ඇති බවයි.

උකුවෙල ප්‍රාදේශීය සභාවේද තේ පානය හා ආහාර ගැනීම සහ හදිසි සාකච්ඡාවක්වත් පවත්වා ගැනීමට ඇති කාමරය අඩුපඩුකම්වලින් යුක්ත බවත් සියලුදෙනාම එක් වුවහොත් ඉඳ ගැනීමට හෝ ප්‍රමාණවත් පුටු එහි නොමැති හෙයින් එම අවස්ථාවන්වලදී මන්ත්‍රිවරු දැඩි අපහසුතාවට පත්වන බවද සඳහන් කළේය.

-ප්‍රියන්ත පොල්වත්ත-

බප්පාගේ අමුතු හැසිරීම නිසා සුසුවියට නිවසත් එපා වෙලා


ගම්පොල කුරුඳුවත්ත ප්‍රදේශයේ පුංචි අම්මාගේ සෙවණේ හැදෙන වැඩෙන සිය දෙමාපියන්ගේ රැකවරණය අහිමිව ගොස් සිටින 16 හැවිරිදි පාසල් සිසුවියකට මෑතක සිට ඇගේ බාප්පා විසින් පාන හැසිරීමේ අමුතු වෙනසක් නිසා සිය නිවහන වූ පුංචි අම්මාගේ නිවසට යළිත් යෑමට අකමැති බව උපකාරක පංති ගුරුවරයා හරහා අරණායක පොලීසියට පැමිණිල්ලක් ලැබීම තිබේ. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිද්ධියට මුහුණ පා ඇති දැරියගේ මව මිය යෑමෙන් පසු පියා ඇය ඇගේ පුංචි අම්මා හට                                                                                            භාර  දී පන්සලක නතර වී ඇත.

පසුව ඇගේ පුංචි අම්මා ඇයට අධ්‍යාපනය ලබා දී උස් මහත් කර අධ්‍යාපන කටයුතු සඳහා ඇයව අරණායක දිප්පිටිය නගරයේ උපකාරක පංතියට යොමු කර ඇත. ගම්පොළ කුරුඳුවත්ත ප්‍රදේශයේ සිය පුංචි අම්මාගේ නිවසේ පදිංචි මෙම දැරිවිය බාප්පා (පුංචි අම්මාගේ ස්වාමිපුරුෂයා) මෑතක සිට පාන හැසිරිම් රටාව පිළිබඳව අකමැති වූයෙන් අරණායක දිප්පිටිය ප්‍රදේශයේ සිය උපකාරක පංති ගුරුවරයා හට මේ සම්බන්ධයෙන් පවසා ඇත. පසුව උපකාරක පංති ගුරුවරයා සිසුවිය අරණායක පොලීසිය වෙත කැඳවාගෙන ගොස් සිද්ධිය පිළිබඳව පවසා ඇත.

සිද්ධියට සවන්දුන් අරණායක පොලීසියේ නිලධාරීන් ගම්පොළ කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවියගේ පුංචි අම්මා සහ බාප්පා අරණායක පොලීසිය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු  පවත්වා ඇති අතර දැරිය පුංචි අම්මාගේ නිවසට යෑම ප්‍රතික්ෂේ ප කිරීම නිසා ඇය මාතලේ  යටවත්ත ප්‍රදේශයේ පදිංචි ඇගේ අත්තම්මාගේ (මවගේ මව) භාරයට පත් කරන ලෙසට උපදෙස් දී ඇත.

තවද පෙරේදා (29දා) ඇගේ අත්තම්මා භාරයට ඇයව පත්කර අරණායක පොලීසිය දැනුවත් කරන ලෙසට තවදුරටත් යුවළට අවවාද කරන ලදී. අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී. ආර්. සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අබේරත්න සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය කා.පො.සැ. 3967 ඒ. එම්. එස්. අධිකාරි යන මහත්ම මහත්මීහු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළහ.


-රොහාන් සී.ප්‍රේමතිලක-


අම්මයි දුවයි බූරු පොළේ

(කරන්දදෙණිය එහි. සුසිල් ප්‍රියන්ත)
එකම බූරුවා පිටියක බූරුවා ගසමින් සිරි අම්මයි දුවයි ඇතුළු පස් දෙනකු පෙරේදා (29) පස්වරුවේදී සීනිගම අයිවා ගම්මානයේ දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවටගත් බව මීටියාගොඩ පොලිසිය කියයි. අම්මාටත් දුවටත් අමතරව තවත් කතක හා පිරිමින් දෙදෙනකු ද මෙහි සිටි බව පොලිසිය කියයි.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව මේ සූදුපොළ වටලා ඇත.
සැකකරු පොලිස් ඇප මත පෙර්දා (29) පස්වරුවේ මුදා හැරීය බවත් මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදුණ බවට චෝදනා යටතේ මේ සැකකරුවන්ට විරුද්ධව ඉදිරි දිනයක දී බළපිටිය, අධිකරණයේ නඩුවක් ගොනු කරන බවද පොලිසිය කියයි.

ගෙදර වහල උඩට වෙලා කසිප්පු පෙරලා


සුබෝපභෝගී නිවසක වහලය මත කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ  හා කසිප්පු මිලිලීටර් පහළොස් ලක්ෂයක් සමග පුද්ගලයකු ඊයේ (30) පරුස්වේදී අක්මීමන පොලීසිය  මගින් අත්අඩංගුවට ගෙන ඇත. අක්මීමන හිනිදුම්ගොඩ ප්‍රදේශයේ  සුඛෝපභෝගී නිවසක වහලය මත මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.

පොලීසියට පෞද්ගලික  ඔත්තුකරුවකු ලැබුණු තොරතුරක්  මත මෙකී කසිප්පු නිෂ්පාදනාගාරය වටලනු ලැබීය. වහලය මත ගෑස් ළිප්, තඹ දඟර, බැරල් ආදිය යොදාගෙන ඉතා සුක්ෂම අයුරින් මෙකී ජාවාරම කරගෙන ගොස් ඇති බැව් පොලීසිය කියයි. දින දෙකකට වරක් මෙකී වහලය මත කසිප්පු පෙරන බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පොලිස් භාරයට ගත් කසිප්පු පෙරීම සඳහා යොදාගත් උපකරණවල වටිනාකම රුපියල් ලක්‍ෂ එකහමාරක් පමණ වන බවද පොලීසිය කියයි.

ජාවාරම්කරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන බදාදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය කියයි.

-කමල් විජේහේවා-

සොහොන් බිමේ අනවසර නිවසෙන් අසරණ දරු පවුලක් කූඩාරමකට


සොහොන්බිමක අනවසරයෙන් ඉදිකර තිබූ නිවසක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇතිවීය.පෙරේදා (29) දා දහවල් ආරච්චිකට්ටුව - මානාවේරිය ප්‍රදේශයේදී මෙම තත්ත්වය ඇති විය. ආරච්චිකට්ටුව - මානාවේරිය ප්‍රදේශයේ සොහොන් බිමකට නිවසක් සාදාගෙන තම දරුවන් සහ බිරිඳ සමග ඩබ්ලිව්. නෙවිල් සුසන්ත යන අය අනවසරයෙන් පදිංචිව සිට ඇත.ඔහුට එරෙහිව ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම්වරයා විසින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය  හමුවේ නඩුවක් පවරා තිබිණි.

එම නඩුව විභාග කිරිමේන් අනතුරුව අනවසරයෙන් පදිංචිව සිටින අයෙ නෙරපීමේ ඇස්කීසි නියෝගයක් 2013 වර්ෂයේදී හලාවත මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇත.  එම නියෝගයද නොතකමින් තව දුරටත් ඔහු සොහොන් බිම තුළ පදිංචිව සිට තිබේ. එම පදිංචිකරුවන් නෙරපීම සඳහා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් සහ නියෝජ්‍ය පිස්කල් රේණුකා ප්‍රේමවර්ධන මහත්මිය ඇතුළු අධිකරණ නිලධාරින් පැමිණි අවස්ථාවේදී මෙම උණුසුම් තත්වය උද්ගත විය.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තවත් අනවසර පදිංචිකරුවන් සිටින බැවින් මෙම දරුපවුලට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව ගම්වාසීහු පැවැසූහ. තමන් අධිකරණ නියෝගයට අවනත වන නමුත් කෙටි කාලයක් හෝ ඔවුන්ට නිවසින් ඉවත්වීමට අවසර ලබාදෙන ලෙස ගම්වාසීන් අධිකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. නමුත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ 2013 වර්ෂයේදී වන බැවින් කිසිවක් කළ නොහැකි බව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය කියා සිටියාය.

අනතුරුව ආරච්චිකට්ටුව පොලීසියේ සහ අධිකරණ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ නිවසේ ගෘහ භාණ්ඩ ඉවත් කිරීම සිදු කරන ලදී පසුව ගම්වාසීන් විසින් හලාවත- පුත්තලම මාර්ගයේ තාවකාලික ඉදිකරන ලද කූඩාරමක එම දරු පවුල පදිංචි කිරීමට කටයුතු කරන ලදී.


-ජූඩ් සමන්ත-

පෝරකයට නියමවී සිටින 'සර්පයා' හිරේ ඉදන් මුහුණු පොතෙන් රට පුරා කතා කරලා

(මනෝප්‍රිය ගුණස්කර සහ නිමන්ති රණසිංහ)
ත්‍රිපුද්ගල ඝාතනයකට මරණ දඬුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකුගේ මුහුණුනන (Face Book) යාවත්කාලින වන්නේ කෙසේද? ඒ කොහි සිටද? යන්න පිළබඳව වහාම පරිකෂණයක් පවත්වා වාර්තවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රහස් පොලිසියට පෙරේදා (29) නියෝග කළාය.
මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ ත්‍රිපුද්ගල ඝාතනයකට මරණ දඬුවම නියමවී දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයා නමැත්තාගේ මුහුණු පොත පසුගිය 27 වැනිදා දක්වා යාවත්කාලීන කර ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුළදීමක් සැලකිල්ලට ගනිමිනි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම දැනුම්දීම කළ 1999 සැප්තැම්බර් මස 03 වැනිදා රත්නපුරේදී පළාත් සභා මන්ත්‍රී රන්ජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කොට ඔවුන්ගේ මෝටර් රථය ගිනිතබා විනාශ කළ බවට හසිත සමන්ත මුහන්දිරම් නමැත්තා ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව පෙරේදා (29) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීය.  නියෝජ්‍ය පොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය අමතමින් හසිත සමන්ත මුහන්දිරම් නමැති විත්තිකරු 2015 වසරේදී ත්‍රිත්ව ඝාතනයකට වරදකරුවී රත්නපුර මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරුණු බවත් ඔහු මෙසේ මුහුණ පොත භාවිත කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටියදී බවත් පැවසීය.
විත්තිකරු සිය මුහුණු පොත ඔස්සේ වරින් වර සංවාද පවත්වාගෙන ගොස් ඇති බවත් විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් දිලීප පීරිස් මහතා කීය. මෙසේ ප්‍රතිචාර දැක්වූවන් අතර නීතිඥවරියන් කීපදෙනකු ද සිටින බවකී. නියෝජ්‍ය පොලිසිටර් ජනරාල්වරයා එම නිතිඥවරියන් පිළිබඳව පරික්ෂණයක් සිදුකරන බව ද කීය. මරණ දඬුවම නියම වී බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින සිරකරුවකු සේ මුහුණුපොත ගිණුමක් පවත්වාගෙන යන්නේ කෙසේ දැයි පරික්ෂා කර බලන ලෙස ඔහු විනිසුරුවරියගෙන් ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු චමීපා ජානකී රාජරත්න මහත්මිය මරණ දඬුවම් නියමවී බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවකුගේ මුහුණු පොත ගිණුම මෙසේ යාවත්කාලීන කෙරනේ කෙසේදැයි යන්න පිළිබඳව ලබන 17 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.

කොළඹට අතිනවීන කොන්කක්‍රීට් සහ සිමෙන්ති පර්යේෂණාගාරයක්


ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය සේවාවක් වන කොන්ක්‍රීට් සහ සිමෙන්ති ප්‍රමිතිය තහවුරු කරන අතිනවීන අගෝපාංගයන්ගෙන් සමන්විත ස්වාධීන පර්යේෂණාගාරයක් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් පසුගියදා කොළඹදී විවෘත කෙරිණි. කොළඹ 9, ඩැනිස්ටර් ද සිල්වා මාවතේ, අංක 865 1/1 දරන ස්ථානයේ පිහිටි මෙම පර්යේෂණාගාරයේදී විවිධ කාණ්ඩවල කොන්ක්‍රීට්, සිමෙන්ති සහ
ගොඩනැගිලි අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය සහ ගුණාංග ලොව පිළිගත් විද්‍යාත්මක දර්ශක අනුව මැන බැලීම සහ සහතික කිරීම සිදු කරනු ලබයි.

ISO 17025 සහතිකය හිමි මෙම රසායනාගාරය, මහල් ගොඩනැගිලි සහ විශාල ඉදිකිරීම් ව්‍යාපෘති සඳහාම විශේෂිත කොන්කීට් මිශ්‍රණය නිවැරදිව පරික්ෂාවට ලක් කිරීමට සමත් නවතම උපකරණ වලින් සමන්විත වේ. කොන්ක්‍රීට් සහ සිමෙන්ති තත්ත්ව පරීක්ෂණ වාර්තා සැපයීමට අමතරව ටෝකියෝ සිමෙන්ති සමූහයේ නව නිපැයුම් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ලෙසත් මෙම රසායනාගාරය ක්‍රියාකරනු ඇත. දක්ෂ සහ පළපුරුදු රසායන විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් පර්යේෂක කණ්ඩායමක් විසින් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ක්ෂේත්‍රයට හඳුන්වා දීමට අදහස් කරන නව නිපැයුම් සොයාගැනීම, තත්ත්ව පර්යේෂණයට ලක් කිරීම සහ වැඩි දියුණු කිරීම මෙහිදී සිදුකරනු ඇත.

මෙහි ඇති රසායනාගාර පහසුකම් අතර තෙත් බදාම වල ගුණාංග, බදාම සවි වීමේ කාලය සහ එහි ශක්තිය මැන බැලීම, කොන්කීට් ශ්‍රේණිවල පීඩනධාරිතාව, ජලධාරිතාවය සහ තාපධාරිතාවය මැනීම ආදිය වේ. වැලි ගල් වැනි අමුද්‍රව්‍යවල සියුම් බව මැනිය හැකි උපකරණ ද මීට ඇතුළත් වේ. මෙහි ඇති නවීනතම විද්‍යාත්මක උපකරණ අතර ක්ලොරයිඩ් වැනි රසායන ද්‍රව්‍ය සහ ජලය විනිවිද යෑමෙන් කොන්ක්‍රීට් බැම්මක දිගුකාලීන පැවැත්මට වන බලපෑම ගණනය කළ හැකි උපකරණ ද වේ.



සර්පයකු දෂ්ට කළ බිරිඳට ප්‍රතිකාර නොකර බැන වැදුණු වෛද්‍යවරයා එරෙහිව සැමියාගෙන් පැමිණිල්ලක්


සර්පයකු දෂ්ට කිරීමෙන් පසු පානදුර මූලික රෝහලේ බාහිර අංශයට රැගෙන ආ රෝගී කාන්තාවකට ප්‍රතිකාර නොකළ එම රෝහලේ වෛද්‍යවරයකුට විරුද්ධව ඇගේ සැමියා විසින් පානදුර පොලිසියට පැමිණිල්ලක් කර ඇත. බොල්ගොඩ පදිංචි කෝදාගොඩ ජනිත ෂිහාන් වීරසිංහ මහතා පෙරේදා (29දා) පානදුර මූලික රෝහලේ බාහිර අංශයේ වෛද්‍යවරයකුට විරුද්ධව මෙලෙස පානදුර පොලිසියේ සුළු අපරාධ අංශයට පැමිණිල්ලක් කර ඇත. පෙරේදා පස්වරුවේ ඔහුගේ බිරියට සර්පයකු දෂ්ට කිරීමෙන් රෝගාතුර වී පානදුර මූලික රෝහල් බාහිර අංශයට පස්වරු 4.30ට පමණ රැගෙන ගොස් ඇත.

අධික වේදනාවෙන් සිටි ඇයට අසුනක වාඩිවෙන්නට යැයි පැවැසූ වෛද්‍යවරයා ඇයට කිසිම ප්‍රතිකාරයක් කර නැත. බොහෝ වේලාවකට පසුව ඇගේ සැමියා වෛද්‍යවරයාගෙන් විමසීමක් කළ විට ඔහු තමන්ගේ ඇඟට කඩාපැන බැන වැදී බෙහෙත් කරනකම් ඉන්න බැරි නම් ඕනි තැනකට ගෙන ගොස් බෙහෙත් කරගන්න යැයි කියා ඇත. පසුව වීරසිංහ මහතා ඔහුගේ බිරිය පානදුරේ පෞද්ගලික රෝහලකට ගෙන ගොස් ඇත. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු පොලීසියෙන් ඉල්ලා ඇති අතර මෙම සිද්ධිය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යවරයා වෙත යොමු කරන බව විරසිංහ මහතා පැවැසීය.

-කහපොළගේ එස්.ප්‍රනාන්දු-

කොරියාවේ රුකියා සඳහා නීති විරෝධිව ගොස් සිටින 3000ක් පමණ සිරිස ගෙන්වා ගැනීමට නීතිමය පියවර ගන්නවා


කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් නීති විරෝධීව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 3000ක් පමණ වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක ඊයේ (30දා) පැවසීය.  ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් සිටින බවද හෙතෙම කියා සිටියේය. බත්තරමුල්ල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී කොරියානු රැකියා පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මේ බව සඳහන් කළේය.

 නීති විරෝධි කොරියාවේ රැදී සිටින මෙරට ශ්‍රමිකයන් 1000කට පමණ නඩු පැවැරීමට කටයුතු කර ඇති බවද හෙතෙම කියා සිටියේස්ය. මෙවැනි නීති විරෝධි ක්‍රියා නිසා මෙරටට ලැබෙන රැකියා කෝටාව අඩුවීමට ඉඩ ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කීය. දැනට නීත්‍යානුකූලව කොරියාවේ රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 25,000ක් පමණ සිටින බවත් මේ වසරේ කොරියානු රැකියා 3600ක් පමණ මෙරට ලැබී ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


-රුචිර දිලාන් මධුසංඛ-

පොහොට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රි කසිප්පු පෙරද්දී මාට්ටු




මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සිය නිවෙස ඉදිරිපිට ගඩොල් පෝරනුවක් අසල කසිප්පු පෙරමින් සිටියදී කසිප්පු මිලිලීටර් 18,720ක් අඩංගු බෝතල් 25ක් හා ගෝඩා මිලිලීටර් එක්ලක්ෂ අසූදාහක් අඩංගු බැරල් එකක් ඇතුළු කසිප්පු  පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමඟ මාවනැල්ල ප්‍රදේශයේදී ඊයේ (30දා) අලුයම කෑගල්ල දිසා විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර මන්ත්‍රිවරයා පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට පත් වී මාවනැල්ල ප්‍රාදේශීය සභාවට මන්ත්‍රිවරයකු ලෙස පත්ව සිටින අයකු බව පැවසේ.

කෑගල්ල දිසා විස ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමරපාල මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අලුත්නුවර එනසාල් වත්ත ප්‍රදේශයේ පැය පහක පමණ කාලයක් සිදුකළ වැටලීමකින් පසු සැකකාර මන්ත්‍රිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය අදාළ සැකකාර මන්ත්‍රිවරයාගේ නිවෙස ඉදිරිපිට ගඩොල් පෝරනුව වටලන අවස්ථාවේදී මන්ත්‍රිවරයා ඇතුළු සහායකයන් දෙදෙනා කසිප්පු පෙරමින් සිටි බව පොලිසිය පවසයි. එම ස්ථානයේ තිබී  ගෝඩා බැරලයක්, කසිප්පු බෝතල් විසි පහක්, ගෑස් ලිපක්, සිලින්ඩරයක්, තඹ දඟරයක් ඇතුළු පෙරීමට ගන්නා උපකරණ තොගයද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනීමට වැටලීම් සිදුකළ නිලධාරන්ට හැකිවී ඇත. සැකකරුවන් හා කසිප්පු තොගය මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මාවනැල්ල පොලීසිය වෙත භාරදී තිබේ.


-චමින්ද ජයලත්-

හෙට සිට අලුත් හැඳුනුම්පත් ගාස්තුව ක්‍රියාත්මකයි


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව හෙට (01දා) සිට සංශෝධනය කර තිබේ. මෙම හැඳුනුම්වත් නිකුත් කිරිම සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීම පිණිස අංක - අමප/18/1313/817/004 හා  2018.07.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අංක 2083/25හා 2018.08.09 දිනැති ගැසට් පත්‍රය මගින් 2018.09.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු සංශෝධනය කර ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරීස් ජනරාල්වරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරිවරුන් වෙත අංක DRP/OP/OI Charges-Amm/33 හා 2018.08.21 සහ 23 යන දිනෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක01/2018 හා 01/2018 (1) දරන ලේඛනයෙන්ද මෙම සංශෝධෙන සඳහන් කර තිබේ.

ඒ අනුව 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ ‍09 වැනි වගන්තිය යටතේ නියමිත කාල සීමාව තුළ  මුල් වරට ලියාපදිංචි වී ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට ඉදිරිපත් කරන ඉල්ලුම් පතක් සඳහා රුපියල් 100ක මුදලක්ද ඒ පනතේ 17(4) වගන්තිය යටතේ වලංගු කාලය ඉකුත් වූ ජාතික හැදුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම (විද්‍යුත් ජාතික හැඳුනුම්පත සඳහා පමණක් වලංගු වේ.) රුපියල් 100ක මුදලක්ද එම පනතේ 17(2) වගන්තිය යටතේ ජාතික හැඳුනුම්පතක සංශෝධිත අනු පිටපතක් නිකුත් කිරීම සඳහා රුපියල් 250ක මුදලක් සහ එම පනතේ 16 වැනි වගන්තිය යටතේ ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා රුපියල් 500ක මුදලක්ද වශයෙන් මුදල් අය කෙරෙනු ඇත.

ඉහත කී ගාස්තු ගෙවීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හෝ ග්‍රාම නිලධාරී කාර්යාලයේදී සිදු කළ හැකි බවද එම ලේඛනයේ සඳහන් වේ. යම් කෙනකුට මෙම ගාස්තු ගෙවීමට ආර්ථික දුෂ්කරතා පවතින්නේ නම් ප්‍රාදේශීය ලේකම්වරයා වෙතින් ලබා ගන්නා ලද ගාස්තු ගෙවීමෙන් නිදහස් කිරීමට අදාළ සහතිකයක් ඉල්ලු සූත්‍රය සමඟ පැමිණිය යුතු බවද සඳහන් වේ.


-සුනිල් එදිරිසිංහ-

මාලිගාවත්තේ කුප්‍රකට පාතාල නායක ''බයියා''ගේ ගෝලයෙකුට මාලිගාවත්තේදී වෙඩි


මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් ප‍්‍රදේශයට ඊයේ (30 දා) පෙරවරු 10.30 ට පමණ යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු දෙනෝදාහක් දෙනා බලා සිටියදී හෙරොයින් ජාවාරම්කරුවකුට වෙඩි තබා මුළු ප‍්‍රදේශයම භීතියට පත්කර පලාගොස් ඇත.

මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මොහොමඩ් හවුස්‌ නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මොහොමඩ් ෆවුස්‌ නමැත්තා කොල්ලකෑමක්‌ සම්බන්ධයෙන් අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට ආපසු සිය නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්‌වී ඇති බව පොලිසිය පවසයි.

ෆවුස්‌ ගමන් ගත් ත්‍රිරෝද රථය පසුපස යතුරුපැදියෙන් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් පිස්‌තෝලවලින් ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

මොහොමඩ් ෆවුස්‌ නමැත්තා මාළිගාවත්ත පාතාලයේ ප්‍රබලයකු බව කියන "බයියා" ගේ ගෝලයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත. ෆවුස්‌ නමැත්තා මාළිගාවත්ත පාතාලයේ නායකයාව සිටි "මාමාස්‌මි" යන අයගේ කල්ලියේ ප්‍රබලයකු බවද පොලිසිය කියයි.

කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් ෆවුස්‌ නමැත්තාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මීට දින කිහිපයකට පෙර මාළිගාවත්තේ දී හෙරොයින් ජාවාරම්කාරියක්ද වෙඩි තබා ඝාතනය කර තිබිණි. මෙසේ ඝාතනයට ලක්‌වූයේ ඩුබායි දේශයේ සැඟවී සිටිමින් මෙරට පාතාලය හා හෙරොයින් ජාවාරම මෙහෙයවන තවත් අපරාධකරුවකු වන කංචිපාන ඉම්රාන් නමැත්තාගේ හිටපු බිරිඳ බව විමර්ශනවලින් හෙළිවිය. එම ඝාතනයත් මෙම වෙඩි තැබීමත් අතර කිසියම් සම්බන්ධයක්‌ ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණයෙන් මේ පිළිබඳ විමර්ශන සිදු කෙරේ.

-හේමන්ත රන්දුණු-

මරණ දඬුවම විඳන 'සර්පයා' ෆෙස්බුක් එකෙනුත් වැඩ දාලා


ද්විත්ව මිනිස් ඝාතන සිද්ධියකට වැරැදිකරු වී මරණය දණ්ඩනයට නියමව වැලීකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි හසිත මුහන්දිරම් හෙවත් 'සර්පයා' නමැති අය විසින් 'මුහුණ පොත' භාවිත කර ඒ ඔස්සේ අදහස් පළ කිරීම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර සැප්තැම්බර් මස 17 වැනිදා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට වර්තාවක් ඉදිරීපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් එම බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කරන ලදී. ඊට අමතරව විත්තිකාර හසිත මුහන්දිරම් නමැත්තා සිය "මුහුණු පොත" ගිණුම් ක්‍රියාත්මක කර ඇත්තේ කුමන ස්ථානයක සිටද යන්න පිළිබඳව 'ෆේස්බුක්' සමාගම සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද විනිසුරු රාජරත්න මහත්මිය රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළාය.

1999 වසරේ සැප්තැමිබර් මස 03 වැනිදා සබරගමුව පළාත් හික්පු අමාත්‍ය රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කළේ යැයි චෝදනා කරමින් හසිත මුහන්දිරම් හෙවත 'සර්පයා' නමැත්තා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගැනීමෙන් අනතුරුව විනිසුරුවරිය මෙම නියෝගය කළාය. නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පුද්ගල ඝාතන 2ක් සම්බන්ධයෙන් මුහන්දිරම් නමැති විත්තිකරු සිය "මුහුණු පොත" ගිණුම් වර්තමානයේදී භාවිත කරමින් සිටින බවට චෝදනා කළේය.

මරණීය දණ්ඩනයට නියම වී සිටින විත්තිකරුවකු බන්ධනාගාරය තුළ රඳවා සිටින්නේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද හෙයින් එවැනි වාතාවරණයක් මත මෙම විත්තිකරු සිය "මුහුණු පොත" ගිණුම භාවිත කිරීම බරපතළ ප්‍රශ්නයක් බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම විත්තිකරු පසුගිය 27 වැනිදා තෙක් සිය "මුහුණු පොත" ගිණුම් යාවත්කාලීන කරමින් විවිධ අදහස් පළ කරමින් සිටින බව කීවේය. මෙය අධිකරණ ක්‍රියාදාමයට එල්ල වී තිබෙන බරපතළ අභියෝගයක් යැයි සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ පිළිබඳව පුර්ණ පරික්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම විත්තිකරු සිය "මුහුණු පොත" ගිණුම ක්‍රියාත්මක කරනු ලබන්නේ කුමන ස්ථානයක සිටද යන්න හෙළිදරව් කර ගැනීම සඳහා 'ෆේස්බුක්' සමාගම සමඟ සාකච්ඡා කර විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරිය නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 17 වැනිදාට කල් තැබුවාය.

-කේ.එස්.උදයකුමාර්-

නරේන්ද්‍ර මෝදි ඝාතන සැලසුමක් හෙළිවෙයි- නැක්‌සලයිට්‌ කල්ලියක 5 ක්‌ දැලේ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන නැක්‌සලයිට්‌ කල්ලියේ න්‍යායාචාර්යවරයා ඇතුළු පස්‌දෙනකු ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 අත්අඩංගුවට ගත් පිරිස අතර මාධ්‍යවේදියකුද වේ. මෙම ඝාතන සැලසුම හෙළි වී ඇත්තේ සොයා ගත් රහස්‌ ලිපියකිනි. ඇමරිකාවේ නිෂ්පාදිත එම් 4 අවියක්‌ මගින් මෙම ඝාතනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

 මෙම ලිපියෙන් එම ඝාතන සැලසුම මෙහෙයවන පිරිස අනාවරණය වී ඇත.

 කීර්ති වර්ණකුලසූරිය

මෛත්‍රිට මෝදිගෙන් ලොකු වර්ණනාවක්



ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථිරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත්වූදා සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC)හතර වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඊයේ පස්වරුවේ සිදු වූ හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළැඹෙන සැප්තැම්බර් 03 වැනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් සිය සුබපැතුම් පළ කළේ මෙම මිත්‍රශීලී හමුව ඉතා අගය කරමිනි. එමෙන්ම හතර වැනි බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අවසානයේ එහි සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරීසේන මහතා වෙත භාරදීමට නියමිත අතර ඒ පිළිබඳ අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 'බිම්ස්ටෙක්' සමුළුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පවරනු ලබන ඕනෑම කාර්යයක් නිසි අයුරින් ඉටු කිරීමට සූදානම් බවද කියා සිටියේය.

එමෙන්ම අත්දැකීම් බහුල නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරීසේන මහතාගේ නායකත්වය යටතේ 'බිම්ස්ටෙක්' සංවිධානය ඉතා ශක්තිමත් සංවිධානයක් බවට පත්වනු ඇති බව සඳහන් කළ නරේන්ද්‍ර මෝදි මහතා ඒ තුළින් ' බිම්ස්ටෙක්' සමුළුවේ අරමුණු, ඉලක සාක්ෂාත් කර ගැනීමට නව ප්‍රවේශයක් ලැබෙනු ඇති බවද සඳහන් කළේය.

කුරුණැගල පාසල් දරුවන් දිනෙන් දින අගාදයට-අවුරුදු 15 පාසල් දරු දැරියන් නිර්වස්ත්‍රව ලැඟුම්හල්වල-කුඩු වලට ගොදුරු වී මෑතකදී සිසුවෙක් මිය ගිහින්




විදේශ සංචාරකයන් එන ප්‍රධාන පෙළේ හෝටල් 5000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන දකුණු පළාතටත් වැඩිය කුරුණෑගල කොට්‌ඨාසයේ පොලිස්‌ ස්‌ථාන 05 කින් මත්ද්‍රව්‍ය හා අපචාර සිද්ධි වාර්තා වෙනවා. විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්‌ක කරගෙන මේ ජාවාරම් ව්‍යාප්ත වෙලා. වයම පළාත හා උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත කිත්සිරි ජයලත් මහතා විසින් වැල්ලවදී  මෙලෙස පවසන ලදී.

 වැල්ලව පොලිසිය විසින් මැද්දේගම 'රිච්වින්' හෝටලයේ සංවිධානය කර තිබූ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ප්‍රජා පොලිස්‌ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී නියෝජ්‍ය පොලිස්‌පතිවරයා එසේ පවසන ලදී.

 වැඩිදුරටත් කතා කළ ඒ මහතා පසුගිය දවසක කුරුණෑගල නගරයේ හදිසි වැටලීමකදී කුරුණෑගල නගරයේ සුපිරි පාසල්වලට එන දරුවන් දාහතක්‌ හෙරොයින් එක්‌ක අහුවුණා. මේ අය සමාජයේ වැදගත් මවුපියන්ගේ දරුවන්. වැව රවුමේ හෝටල් කාමර පරීක්‌ෂා කිරීමේදී අවුරුදු 15 ක ගැහැනු දරුවන් තුන් දෙනෙක්‌ හා පිරිමි දරුවන් තුන් දෙනෙක්‌ නිර්වස්‌ත්‍රව ඉඳලා අහුවුණා. මේ අය ගෙදරට කියලා ඇවිත් තිබුණේ උපකාරක පන්තිවලට යනවා කියලයි.

 ගමේ ඉස්‌කෝලෙන් ශිෂ්‍යත්වය පාස්‌ වෙලා කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලකට ආපු දරුවෙක්‌ හෙරොයින් බොන්න පුරුදු වෙලා ඒක විෂ වෙලා මාස දෙකක්‌ රෝහලේ දුක්‌ විඳලා ගිය සතියේ මිය ගියා. මේවා මාධ්‍යවල ගියෙත් නෑ. ඒ නිසා දෙමාපියන් නගරයේ පාසල්වලට එවන තම දූ දරුවන් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි.

 මෙම අවස්‌ථාවට වැල්ලව පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. නිශාන්ත හේරත් මහතා ප්‍රමුඛ උසස්‌ පොලිස්‌ නිලධාරීන් රැසක්‌ ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීහු රැසක්‌ ද සහභාගි වී සිටියහ

ඕස්ට්‍රේලියාවෙන් ගෙන් වූ කිරි හරකුන්ට භයානක ලෙඩ දෙකක්ලු


ඕස්ටේ‍්‍රලියාවෙන් මෙරටට ගෙන්වූ කිරි ගවයන් 5000න් සෑහෙන සංඛයාවකට බරපතළ රෝග දෙකක් වැලඳී ඇති බවත් එය මිනිසුන් ඇතුළු ක්ෂීරපායි සතුන්ට ශීඝ්‍රයෙන් බෝවීමේ ඇති ඉඩකඩ වැඩි බවත් බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක් වන (HRL)තහවුරු කර තිබේ. මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවැසුවේ BVD (බෝවින් වයිරල් ඩයරියා) හා අක්මා ආසාදනයක් වන ෆැසියේලා හෙපටිකා යන රෝග දෙකෙන් දැනට ගවයන් 200ක් පමණ මිය ගොස් ඇති බවයි.

මේ කිරිදෙනුන්ට එවැනි බරපතළ රෝග වැලදී ඇතැයි පර්යේෂණ මඟින් තහවුරු කර තිබියදීත් රජය නැවත ඩොලර් මිලියන 8.3ක් වැය කර, කිරිදෙනුන් ගෙන්වීමට ගිවිසුම් ගසා ඇති කිරි ගවයන් 20,000කින් තවත් 2,500ක් ගෙවීමට කටයුතු යොදා ඇති බව කරුණාරත්න මහතා හෙළි කළේය. මෙසේ ගෙන්වන ලද එක් ගවයකුට දරා ඇති වියදම රුපියල් ලක්ෂ 5කට ආසන්නය. කරුණාරත්න මහතා පැවසුවේ එසේ ගෙන්වන ගවයන් දින 45ක් පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් නිරෝධායනයට ලක් කර එම වාර්තාව විගණකාධිපතිට ලබාදී තිබෙන බවත් එහිදී මෙම රෝග පිළිබඳ අනාවරණය වූ බවත්ය.

ඒ අනුව නැවත පර්යේෂණ සඳහා එම ගවයන්ගේ කොටස් බ්‍රිතානයේ Holly reference Labotaraty ආයතනයට යවා ඇති අතර, එහිදී තවදුරටත් මෙය තහවුරු වූ බවද ඒ මහතා පැවැසීය. කෙසේ නමුත් මෙම රෝගයට ගොදුරු වූ ගවයන් සම්පුර්ණයෙන් විනාශ කළ යුතු බවට එම පර්යේෂකයන් දන්වා තිබේ. අදාළ ලියකියවිලි තමා සතුව ඇති බව පවසන හෙතෙම තවදුරටත් අවධාරණය කළේ, මිනිසුන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට වේගයෙන් බෝවිය හැකි, එමෙන්ම ලංකාවට ආවේණික නොවූ ෆැසියේලා හෙපටිකා නම් රෝගය පිළිබඳවත්, එම රෝගවලින් තම සතුන් ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳවත් ගොවීන් දැනුවත් කරන ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ආණ්ඩුවේ වගකීම බවය. ඔහු වැඩිදුරටත් පැවසුවේ නැවත ගෙන්වීමට සුදානම් ගවයන් ආනයනය කරන්නේ පාර්ලිමේන්තුවේ මුල්‍ය රෙගුලාසි පවා උල්ලංඝනය කරමින් බවය.

-අනුරාධා හේරත්-

Thursday, August 30, 2018

බෝට්ටුවේදී බහින්බස් වීම දුරදිග ගිහින් මාමා බෑණාට පිහියෙන් ඇනලා


බහුදින යාත්‍රාවකින් මුහුදු ගොස් ධීවර  කර්මාන්තයේ යෙදී සිටි මාමා කෙනකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහුගේ බෑණා කෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ගාල්ල වරාය පොලීසිය පවසයි.

අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේ ධීවර කාර්මිකයන් පස් දෙනෙක් ධීවර කාමාත්තයේ යෙදීමට පෙරේදා (28දා)  සවස බහුදින යාත්‍රාවකින් ගාලු වරායෙන් මුහුදු ගොස් ඇති අතර, ගාලූ වරායේ සිට මුහුදු සැතපුම් 14 ක් පමණ ඈත මුහුදේදී බහුදින යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයන් වූ මාමා සහ බෑ කෙනෙක් අතර බිහින් බස්වීමක් දුරදිග යෑමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත්, ඇම් අතර ගැටුම සිදුවන අවස්ථාවේ ධීවරයින් මත්පැන් පානය කර සිට ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය විය.

ඊට පසුව තුවාලකරු රැගෙන ආපසු ගොඩබිම බලා පිටත්වූ බහුදින යාත්‍රාව ඊයේ (29) අලුයම ගාල්ල වරාය වෙත  පැමිණ තුවාලකරු කරාපිටිය ශික්ෂණ  රෝහලට ඇතුළු කර තිබේ.  පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය වැඩබලන පොලිස් ස්ථානාධිපති පී.එච්.ටී.  කුමාර ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නිලධා පරීක්‍ෂණ පවත්වති.

කෙසෙල්වත්තේ දිනුකගේ මව කුඩුත් එක්ක මාට්ටු


විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුක් නමැත්තාගේ මව හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 12, මුහන්දිරම් පටුමග ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑමි 200ක් සමග සැකකාරීය අත්අඩංගුවට ගෙන ඇත.

මුහුදුගම ආරච්චිගේ රේණුකා අමරසිලී නොහොත් ''චූටි අම්මා'' නමැත්තිය සංවිධානාත්මක අපරාධකරුවකු වන සිය පුතා විසින් මෙරටට එවනු ලැබූ හෙරොයින් බෙදාහැර තිබෙන බවටද පොලීසිය සැකකරයි.
මේ නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත් 53 හැවිරිදි වූටි අම්මා නමැත්තිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට බාර දී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සැකකාරිගයන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පත්වීම් ලැබූ උපාධිධාරීන් දහසක්‌ රැකියාවට ඇවිත් නෑ


පසුගියදා රාජ්‍ය සේවයේ පත්වීම් ලැබූ උපාධිධාරීන් හාරදහස්‌ එකසිය 4100 දෙනා අතරින් උපාධිධාරීන් දහසක්‌ පමණ මේ දක්‌වා රැකියාවට වාර්තා කර නැතැයි රජය පවසයි.

ඉදිරි දෙදින ඇතුළත එම උපාධිධාරීන් සිය පත්වීම් අනුව රාජ්‍ය සේවයට වාර්තා නොකළහොත් ඔවුන්ගේ පත්වීම් අවලංගු කිරීමට රජය තීරණය කර ඇත.

සමන් ගමගේ

පතරොම් 46ක් ළඟ තබාගත් ගම්පහ ඔස්මන්ගේ බිරියට වරෙන්තු


නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව නයින් එම්.එම්. වර්යේ පතරොම් 46ක් සත්තකයේ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි ගම්පහ ඔස්මන් ගුණසේකර මහතාගේ බිරිය අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඊයේ  (29දා) වරෙන්තු නිකුත් කළේය.
ගම්පහ පොලිසිය අසල පදිංචි බී. උදේනි ධම්මිකා නමැති සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මෙසේ වරත්තු නිකුත් කෙරිණි.

සැකකාරියට විරුද්ධව ගම්පහ පොලිසිය මඟින් චෝදනා ගොනු කර ඇති නඩුව ඊයේ (29දා) කැඳවූ අවස්ථාවේදී සැකකාරිගේ ඇපකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකාරියව අධිකරණයට ඉදිරීපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට අවසන් වරට අවවාද කරනු ලැබීය. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඉකුත් මැයි මස 9 වැනිදා ගම්පහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔස්මන් ගුණසේකර යන අයගේ නිවෙස පරීක්ෂාවට ලක් කොට මිලිමිටර් 9 වර්ගයේ ගිනි අවියකට යොදන පතරොම් 46ක් සමග සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.

අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සැකකාරියට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියම කරමින් රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකාරි ඉකුත් මැයි 23 වැනිදා අධිකරණය මඟින් මුදාහැරීයමුත් සැකකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරිණි. සැකකාරීය සහ ඇපකරුවන් වෙනුවෙන් නීතිඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ගම්පහ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක එම්. සේනාරත්න මහතා පැමිණිල්ල මෙහෙයවීය. ඔක්තෝබර් මස 3 වැනිදා නැවත නඩුව කැඳවීමට නියම කෙරිණි.

-ටෝනි කේ.අතුකෝරල-

ගෑස්වලට හඳුන්වා දෙන්න යන මිල සුත්‍රය ආහාරපානවලටත් අවශ්‍යයි


ගෑස් මිල ඉහළ යෑම නිසා රජය පත්වන අපහසුතාව වළක්වාගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නැවත මිල සූත්‍රයක් හඳුන්වා දීමට යන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි. ගෑස්වලට මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නේ නම්, ඒ සමඟම ගෑස්වලින් නිෂ්පාදනය කරන ආහාරපානවලටත් මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

මේ වන විට ආනයනය කරන ෆාම් ඔයිල්  සඳහා බදු 20%කින් වැඩි කර ඇති බවත්, මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරීයේදී ගෑස් මිල  වැඩි කළ හොත් ආපනශාලාවල කෑම මිලද ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.පාරීභෝගික කටයුතු අධිකාරීය කළ යුත්තේ මිල සූත්‍රය හඳුන්වා දීම නොව, රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට මිල පාලනයක් ඇති කොට සාධාරණ වෙළඳ ක්‍රමවේදයක් ඇති කිරීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

-උදයන්ති මුණසිංහ-

කිලිනොච්චියේ කුඹුරු යායක තරුණියකගේ මළ සිරුරක්



කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබී අවුරුදු 18ත් - 20ත් අතර වයසේ පසුවන තරුණියකගේ මළසිරුරක් ඊයේ (29දා) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පැවැසීය. කුඹුරුයායක ඇළ මාර්ගයේ තිබී සොයාගත් මළසිරුර අසල තිබී යතුරුපැදි යතුරක්, පාවහන් ඇතුළු කොටස් කිහිපයක් හමුවී ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම මියගිය තරුණිය කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය කොටගෙන ඇති අතර මසුන් ඇල්ලීමට ගිය පිරිසක් මළසිරුර දැක ඇති බව ද පොලිසිය පැවැසීය.  පොලිසිය ප්‍රකාශ කළේ මළසිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කොට සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට පියවර ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කිලීනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

-ශේෂලා අමරසිංහ-

තව එක සිංහල පවුලක් හරි ගෙනාවොත් මාරාන්තින උපවාසයකට යනවා


මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි  කළහොත් එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන් මහතා ඊයේ (29දා) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවැසීය. රවිහන් මන්ත්‍රිවරයා කියන්නේ රජයට අවශ්‍යව ඇත්තේ උතුරේ සිංහල ඡන්ද දායකයන් සංඛ්‍යාව වැඩි කොට සිංහල පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට යවා උතුරේ දෙමළ දේශපාලන බලය යටපත් කිරීමට බවයි.

මේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා මහවැලි යෝජනා ක්‍රමය ඉත්තකු වශයෙන් රජය භාවිත කරන බව ප්‍රකාශ කරන රවිහරන් මන්ත්‍රිවරයා, ජනාධිපතිවරයා පසුගියදා යාපනයේදී මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන බව කියා සිටියේද සිංහල ජනාවාස ඇති කිරීමේ එක් පියවරක් වශයෙන් බවද පැවැසීය. රජයේ මහවැලි වතුර සමඟ උතුරට කල්ලතෝනි සිංහල වැසියන් පැමිණෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මීට වසර තුනකට පමණ ඉහතදී පළාත් සභාවේ සැසි වාරයකදී කියා සිටි අවස්ථාවේදී සියලු දෙනාම සිනාසුණත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඒ දේම බව කී රවිහරන් මන්ත්‍රිවරයා ඊට අවස්ථාවක් දීමට දෙමළ ජාතික සන්ධානය කිසිසේත්ම සූදානම් නැති බවද කියා සිටියේය.

-රසාදි චතුරංගි ගමගේ-


ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගන්නවා



2008 වසරේ අගෝස්තු - සැප්තැම්බර් අතර කාල සීමාව තුළදී තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස්  ඝාතනය කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  යන අයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟහැර සැඟවී සිටීමට හිටපු නාවික හමුදාපති වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න යන අය ආධාර අනුබල දී ඇති බවට ප්‍රමාණවත් සාක්කි තිබේ නම් වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්                                                                                        සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න
                                                                                    මෙනෙවිය ඊයේ (29දා) නියෝග කළාය.

තරුණයන් 11 දෙනකු කපම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව පවරා ඇති නඩුව යළි කැඳවූ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කර සිටියාය. චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට රටින් පලායමට වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවීක හමුදාපති ආධාර අනුබල දී ඇතැයි කියන සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විමසා සිටි අතර ඒ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වන පොලිස් පරික්‍ෂක නිශාත්ත සිල්වා මහතා විසින් වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපතිවරයා ඒ සඳහා ආධාර අනුබල දී ඇති බවට පැහැදිලි සාක්කි අනාවරණය වී තිබෙන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟ මහෙස්ත්‍රාවරිය එම නියෝගය නිකුත් කරනු ලැබුවාය.

 සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට වත්මන් ත්‍රිවිධ හමුදාපතිවරයා විසින් මුදල් ලබා දී ඇති බවටත් ඔහුට අපරාධ පරික්‍ෂණ  දෙපාර්තමේන්තුව මඟහැර සිටීමට ආධාර අනුබල දීම ඇති බවට පැහැදිලි සාක්කි අනාවරණය වී ඇති බවටත්  ඉකුත් නඩු දිනවලදී ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි පොලිස් නිලධාරියාට අධිකරණයට ප්‍රකාශ කළ අතර නාවික හමුදා නිවස්නයේදී වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා සහ චන්දන  ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය හමුවී ඇති බවත් එහිදී වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා විසින් "එහෙ  මෙහෙ ගිහිල්ලා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අහුවෙලා මාව හොයාගෙන නොඑන ලෙසට" චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට උපදෙස් දී ඇති බවද ඉකුත් නඩු දිනයකදී පොලිස් පරීක්‍ෂකවරයා අධිකරණයට ප්‍රකාශ කරනු ලැබීය.

සිද්ධියට අදාළව නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්  චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාව ලබන මස 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රය නියෝග කළාය.

-අමිල අබේරත්න-



රියැදුරුට පහරදුන් නිසා තංගල්ලේ පෞද්ගලික බසුත් වර්ජනයක්


පෞද්ගලික බස් රථ රියැදුරකුට බෙලිඅත්ත නගරයේදී කිසියම් අයකු විසින් බරපතළ ලෙස පහරදීමට  විරෝධය දක්වමින් ඊයේ (29දා) තංගල්ල නගරයේ සිට කොළඹ,  මාතර, කිරින්ද හා හක්මණ නගර දක්වා ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථ ධාවනයන් ඉවත් විය. පහරකෑමට ලක්වූ බස් රථ රියැදුරා ප්‍රතිකාර සඳහා තංගල්ල  මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පෙරේදා (28දා) උදෑසන
ශල්‍යකර්මයකට ලක්කර ඇත. පෙරේදා (28දා) අලුයම 12.45ට පමණ තංගල්ල - කොළඹ පෞද්ගලික බස් රථ බෙලිඅත්ත නගරය පසුකර ධාවනය කරමින් තිබියදී බස් රථයට ඉරීයෙන් පැමිණි මෝටර් රථයක පැමිණි පුද්ගලයකු බස් රථය හරස් කර මෝටර් රථය නතර කර එහි රියැදුරාට හා බස් රථයට යකඩ මුගුරකින් පහර දුන් බව බස් රථයේ කොන්දොස්තරවරයා කියයි.

 පහරකෑමට ලක්වූ රියැදුරුගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර බස් රථයේ බඳ කොටසටද හානි සිදුව තිබේ. මෙලෙස පෞද්ගලික බස් රථ රියැදුරු මහතකුට පහරදීමට  විරෝධය දක්වමින් තංගල්ල, කොළඹ, තංගල්ල-බෙලිඅත්ත හරහා මාතර, තංගල්ල - කිරින්ද හා තංගල්ල-හක්මණ නගර දක්වා  ධාවනය කරන බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබේ. හානි සිදු වූ බස් රථය බෙලිඅත්ත පොලීසිය භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවති.

-සහම්පති මානගේ-

හබරාදුව සුසාන භුමි දෙකකින් බලු ඔළු මතුවෙලා


හබරාදුව ප්‍රාදේශීය සභාවට අයත්, තල්පේ හා දළවැල්ල පොදු සුසාන භූමියේ මළසිරුරු මිහිදන් කරන්නට නොහැකිව තියෙනවා. මිනියක් වළදාන්න වළ කපන  විට බලු ඔළු මතුවෙනවා. මෙයට හේතුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන සුනඛ මධ්‍යස්ථානයකින් මිය යන සුනඛයගේ සිරුරු කොටස් වළ දැමීම නිසා මළ මිනී වළ දමන්නට නොහැකිව තියෙනවා. මේ නිසා මැරෙන මිනිසුන්ට ඉඩක් නෑ. බල්ලන්ට ගිය සුසාන භූමියක් වශයෙන් තමයි තියෙන්නේ . මෙයට අමතරව තල්පේ සුසාන භූමියේ දැවැන්ත දෙබර කුඩුවක් තියෙනවා.

මේ නිසා තල්පේ සුසානය තවත් ආකාරයෙන් මළ මිනී සුසානය කරන්නට මිහිදන් කරන්නට නොහැකිව පවතිනවා. සුසාන භූමියට පිවිසෙන මාර්ගය හා සුසාන භූමිය සතු ඉඩම් කැලෑවෙන් යටවෙලා තියනවා. මේ නිසා මෙහි ආරක්ෂාව සපයන්න මෙහි සුනඛයන්ගේ මළ සිරුරු වළ දැමීම වැළැක්වීමට පියවරක් ගන්න. වැටක් ඉදිකරන පියවර ගන්නා හැටියට ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිනවා යැයි හබරාදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රීති සුසිල් වෙදගේ මහතා ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) පැවැසීය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ හබරාදුව ප්‍රාදේශිය සභා‍ෙමාසික රැස්වීමේදීය. සභාපති දිල්ෂාන් විදානගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් එකී රැස්වීම ඉකුත් දා පැවැත්විණි. හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) අප සතු වූ සුසාන භූමිවල මියගිය අයට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. සුනඛයන්ට වෙන් කරන සුසාන භූමියක් හදන්න අපට බෑ. ඉදිරියේදී අදාළ සුසාන භූමිවල වැටවල් සකසා නිසිපරිදි සුසානයේ කටයුතු සිදු කරගෙන යන්න කටයුතු කරනවා.

-අනුර ලියනගේ-

විහිළුවක් බව සිතා ඇත්තට විවාහ වූ හොංකොං යුවතිය


විහිළුවට සිදුකෙරෙන විවාහ මංගල්‍යයක් බව ඇගවීම හේතුවෙන් තමාට නාඳුනන පුද්ගලයකු සමග ඇත්තටම විවාහ වීමට සිදු වූ බව හොංකොංහි පදිංචි විසි එක් හැවිරිදි යුවතියක් පවසයි. විවාහ මංගල උත්සව සැලසුම් කරන්නියක් ලෙස ලැබූ පුහුණුවක් අතරේ විවාහයක් ලෙස කරන රංගනයේදී තමාට මනාලිය වන ලෙස පුහුණු වැඩමුළුව භාරව සිටින්නන් පැවැසු බව ඇය කියයි. කෙසේ වුවද මෙහිදී ඇය හා මනාලයා ලෙස පෙනී සිටි පුද්ගලයා අත්සන් තබා ඇත්තේ සැබෑ විවාහ ලේඛනයකටය.

තම විවාහය ඇත්තක් බව පසු දැනගන්නට ලැබී ඒ සම්බන්ධයෙන් නඩු මගට බසින්නට සුදානම් වන බව ඇය කියයි. සාක්ෂි නැතිකමින් අපරාරධ නීතිය යටතේ නඩු පැවැරිය නොහැකි බව පොලීසිය කියා සිටි බැවින් ඇය වෘත්තීය සංගම්වල පිහිට පතා තිබිණි. මෙය අලුත්ම ආකාරයේ වංචනික විවාහ සැලසුමක් බව හෙළිවී තිබේ. නුතන හාකොං නගරයේ මෙවැන්නක් සිදුවන බවක් දැනගැනීමෙන් තමා කම්පාවට පත්ව සිටින බව තරුණිය කියයි.

-නිශානි දිසානායක-

නිවාඩු කාලේ ටියුෂන් එන ළමයින්ට මත්පෙති බෙදු යතුරුපැදිකරු මාට්ටු


පාසල් නිවාඩු සමයේ අනුරාධපුර නගරයට උපකාරක පන්ති සඳහා සහභාගිවිමට පැමිණෙන සිසුන්ට මත් පෙතී (අධි වේදනා නාශක පෙතී) අලවි කිරිමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙකු ලියාපදිංචි අංක තහඩු නොමැති ට්‍රේල්වර්ගයේ යතුරුපැදියක් සමග පළාත් වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් මහ බුලංකුලම වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගෙන තිබුණි. මත් පෙති අලෙවි කරන්නෙකු මත්පෙති පැකට්ටුවක් රැගෙන අනුරාධපුර නගරයට පැමිණෙමින් සිටින බව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පළාත් වැටලීම ඒකකයේ නිලධාරීන් මත්ලෝලින් ලෙස වෙස් වලාගෙන ගොස් රුපියල් හයසියක මුදලක් ලබාදී මත්පෙති දෙකක්                                                                                          ඉල්ලා තිබේ.

 ඔහු සාක්කුවේ සගවාගෙන පැමිණි මත්පෙති නිකුත් කළ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. සැකකරු කුඩා ලේන්සුවක ඔතාගෙන මත්පෙති රැගෙන ආ බවත් රුපියල් තිහකට අඩු මුදලකට මිලදී ගන්නා මත් පෙත්තක් රුපියල් තුන්සියයක මුදලට අලවිකරන බවත් පොලීසිය පැවැසුවේය. මෙම සැකකරුගේ ප‍්‍රධානියා වන පුද්ගලයත් මිට සති තුනකට පමණ ඉහතදී අනුරාධපුර පැරණි පූජා නගරයේ සිංහ කණුව ආසන්නයේදී මත් පෙති තොගයක් සමග අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුත් ව්‍යාජ අංක තහඩු සවිකළ ලියාපදිංචි නොකළ ට්‍රේල් වර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

-බුද්ධික මහේෂ් විජේසුරිය-

සංඛපාලය අවට බලපත්‍ර නැති අනාරක්ෂිත ගල් කොරි 90ක්


ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සංඛපාල කඳුවැටිය ආශ්‍රිතව පවත්වාගෙන යන අනාරක්ෂිත කළු ගල් කැඩිම මගින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පවතී. අනාරක්ෂිත අන්දමින් සිදුකරන ගල් බෝර පිපිරවීමේදී ගල් කැබලි විසි වී ජනතාවට සහ නිවාසවලට බලවත් හානි සිදු වෙමින් පවතී. එසේ ගල් ප්‍රවාහණය සිදු කිරීමේදී ගම්මාන මාර්ග රැසකට හානි සිදුවන අතර මාර්ග දෙපස නිවාස වලට සහ පදිංචිකරුවන්ට හානිකර තත්වයක් උදා වී තිබේ.

මේ වන විට සංඛපාල සහ තිත්වැල්පොත ප්‍රදේශවල කලුගල් වැඩබිම් 90ක් පමණ පවත්වාගෙන යනු ලබයි. මේවායින් බොහොමයක් නියමිත පරිදි පරිසර බලපත්‍ර නොලැබූ ස්ථානයන්ය.  තිත්තවැල්පොත ග්‍රාම නිලධාරි වසමට අයත් කොහොඹකැටිය ප්‍රදේශයේ විශාල වශයෙන් පවත්වාගෙන යන කළුගල් සහ සුදුගල් කැඩිමේ ගල් කොරි මගින් එම  ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී ඇති බව කියති. කොහොඹකැටිය සිට කොස්වැටිය හන්දිය දක්වා මාර්ගයේ ගල් පැටවූ ලොරි ගමන් කිරීමේන් මාර්ගයේ ගල්තාර ගැලවී විනාශ වී යමින් පවතී.  පරිසර බලපත්‍ර හෝ නොලබා අනාරක්ෂිත අන්දමින් පවත්වාගෙන යන ගල් කොරි තහනම් කරන ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


-පරාක්‍රම ගුණසේකර-

මහියංගණය විදුලිබල මණ්ඩලය හරකා මැරෙන තුරුම බලන් ඉඳලා


මහියංගණය විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ හා සේවක මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් වසර එකහමාරකට අධික කාලයක් තිස්සේ විදුලිය විසන්ධි නොකොට බිම දමා තිබූ විදුලි රැහනක් ගවයකුගේ සිරුරේ ගැටී විදුලි සැර වැදී පෙරේදා (28දා) සවස මිය යමේ හේතුවෙන් මහියංගණ - අරාවත්ත වෙලම්පැලේ කුඩාඔය ගම්මානයේ ගම්වාසීහු විදුලිබල  මණ්ඩලයේ සේවකයන් හට ඔවුන්ගේ විරෝධය පළ කළහ.

මහියංගණය - අරාවත්ත වෙලම්පැලේ කුඩාඔය අංක 1/156 නිවසේ එච්.එම්. උපසේන මහතාගේ ගවයා මෙසේ ලී සැර වැදී මියගොස් ඇත. මාර්ගය හරහා අද තිබූ විදුලි රැහැන් පද්ධතියක් මතට අත්තක් කඩා වැටීම හේතුවෙන් වසර එක හමාරකට පෙර මහියංගණ විදුලිබල මණ්ඩලයට දුරකථන මාර්ගයෙන් දැන්වීමෙන්  අනතුරුව දින කිහිපයකින් පසු ඔවුන් පැමිණ බිම තිබූ විදුලි රැහැන ඔතා විදුලි රැහැන් කණුව යටට දමා විදුලිය විසන්ධි නොකර ගොස් ඇත. ඒ පිළිබඳ ප්‍රාදේශවාසීන් විසින් වරින් වර දැනුවත් කලද පලක් වී නොමැත. එසේ බිම තිබූ විදුලි රැහැන් පද්ධතිය පසුගිය ඉරිදා ගම්මානයේ කිසියම් අයකු කැලයට ගිනි තැබීම හේතුවෙන් පිලිස්සීමක්කටද ලක්ව ඇත.

ඒ පිළිබඳවද එච්.එම්. උපසේන මහතා විදුලිබල මණ්ඩල නිලධාරීන් හට දුරකථනයෙන් කතා කර සිදුවිය හැකි අනතුර පිළිබඳව දැනුවත් කර ඇත. එසේ දැනුවත් කර තිබියදීද කිසිවකු පැමිණ ලී රැහැනේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු නොකළ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. වසර එක හමාරකට අධික කාලයක් තිස්සේ විදුලිය විසන්ධි නොකළ විදුලි රැහැන පිළිබඳ දුරකථන මාර්ගයෙන් මහියංගණ විදුබල මණ්ඩල නිලධාරීන් දැනුවත් කර තිබියදී නොපැමිණීමත් පෙරේදා (28දා) සවස ගවයා විදුලි සැර වැදී මිය යම් පිළිබඳවත් දැනුම්දමත් සමඟ ඊයේ (2ඳා උදෑසන විදුලිබල මණ්ඩල නිලධාරීන් පැමිණ විදුලි රැහැන ගලවාගෙන යාමට කටයුතු කළේය.

විදුලි රැහැන ගලවාගෙන යාමේදී ගම්වාසීන් ඔවුන්ට විරෝධය පෑවේය.  'ගම්වාසීන් අපව දැනුවත් කර නෑ' කියා මහියංගණ විදුලිබල මණ්ඩල නිලධාරීන් ඇඟ බේරාගෙන සිද්ධිය වූ ස්ථානයෙන් පිටව ගියේය. මහජන මුදලින් වැටුප් ලබන සේවකයන් හා නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මිනිස් ජීවිතයක් බිල්ලක් වන්නට බොහෝ ඉඩකඩ තිබූ බවත් මෙවැනි රාජ්‍ය නිලධාරින්ගේ හා සේවකයන්ගේ නොසැලකිල්ල අහිංසක සතකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවට ගම්වාසීහු චෝදනා කරති. මියගිය ගවයාගේ හිමිකරු එච්.එම්. උපසේන මහතා නිලධාරින්ගේ නොසැලකිල්ලෙන් තමන් හට ගවයා අහිමි වූ බව පවසමින් මහියංගණ පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු කිරීමට කටයුතු කළේය.

-රංජිත් කරුණාවීර-

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර අතඅඩංගුවට ගන්න පියවර

(නිමන්ති රණසිංහ)
ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් "නේවි සම්පත්”නමැත්තාට සැගවී සිට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති, වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (29) දැනුම් දුන්නේය.
අපරාධකරුවකුට නවාතැන් පහසුකම් සැලසීම, රජයේ සේවකයකුට අසත්‍ය තොරතුරු සැපයීම සහ නිල කටයුත්තක යෙදී සිටි රාජ්‍ය නිලධාරියකුට බාධා කිරිම යන චෝදනා යටතේ දන්ඩ නීති සංග්‍රහයේ 209,174,183 වගන්ති ප්‍රකාරව හිටපු නාවික හමුදාපති, වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව වහාම පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූවට නියෝග කළාය.
මෙසේ නියෝග නිකුත් කෙරුණේ ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධිය ඊයේ (29) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය. අධිකරණය හමුවේ පවතින පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කළැයි කියන බී 732 දරණ නඩුවේ ප්‍රධාන සැකකරුවන ලුතිනන්වන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින අවස්ථාචක එම සැකකරුට නාවික හමුදා මුලස්ථානයේ රැදී සිටීමට හිටපු නාවික හමුදාපති, වර්ථමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන අවස්ථාව ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරිශ්‍රණ දෙපාර්තමෙන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.
සැකකාර ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නැමැත්තා අවසන් වරට නාවික හමුදා මූලස්ථානයේ නවාතැන්ගෙන සිටින අවස්ථාවේදී ඔහුගේ කාමරයේ ආසන්නයේ නවාතැන්ගෙන සිටි නාවික හමුදා නිලධාරීයකුගේ ප්‍රකාශයකට අනුව මෙම කරුණු තහවුරු වී ඇතැයි ද මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් මඟින් අධිකරණය දැනුවත් කර තිබිණ.

වන නිලධාරීන්ට පහරදී අත්අඩංගුවට ගත් අයෙක් බලෙන් රුගෙන ගිය පොහොට්ටු මන්තී‍්‍ර ඇතුථ 10 ක් දැලේ


මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කාර්යාලයට කඩා වැදී වනජීවී නිලධාරීන්ට පහරදී ඒ වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවකු පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයන් 10 දෙනකු ඊයේ (29 දා) අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පැවැසීය.

මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් මින්නේරිය වැවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ යෙදී සිටි ධීවරයකු පසුගිය 26 දා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එදින රාත්‍රි 7.00 ට පමණ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කාර්යාලයට කඩා වැදුණු ධීවරයන් 100 කට අධික පිරිසක්‌ වනජීවී නිලධාරීන්ට පහරදී ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවූ සැකකරු බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ තිබුණි.

මේ සිද්ධියෙන් වනජීවී නිලධාරීන් 7 දෙනකු පහරකෑමට ලක්‌ව තුවාල ලැබූ අතර 05 දෙනෙක්‌ පොළොන්නරුව සහ හබරණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලැබූහ.

වනජීවී කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී වනජීවී නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය මගින් මීට පෙර සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පමුණුවා තිබේ.

මේ අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මුළු සැකකරුවන් ගණන 12 කි.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

-කරුණාරත්න ගමගේ-


අනතුරක් කළ ලොරියේ තිබු ආහාරයට නුසුදුසු මස් තොගය විනාශ කරයි


ආණමඩුව - හලාවත මාර්ගයේ 26දා අලුයම රිය අනතුර සිදුකළ ලොරි රථයේ ප්‍රවාහනය කර ඇත්තේ පරිභෝජනයට නුසුදුසු ගව මස් බව තීරණය වීමෙන් අනතුරුව එම ගව මස් තොගය විනාශ කිරීමට හලාවත පොලිසිය පියවර ගෙන ඇත. මෙම අනතුරෙන් තුවාල ලැබූ අනෙක් ලොරි රථයේ ගමන් කළ අඹුසැමි යුවළක් සහ මස් ප්‍රවාහනය කළ ලොරි රථයේ රියැදුරු සහායක බරපතළ තුවාල ලබා මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබයි. අනතුර සිදු කර එම ස්ථානයෙන් පලාගිය ගව මස් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගව මස් ප්‍රවාහනය සඳහා මෙම පුද්ගලයන්ට නීත්‍යානුකූල බලපත්‍ර තිබේද යන්න පිළිබඳවත් පොලිස් පරීක්‍ෂණයක් ආරම්භ  ඇත.

හලාවත පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එස්.ඒ. සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.


-වීහේණ අනුරාධා-

ග්‍රාමීය ව්‍යවසායකත්වයට අත දෙන එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා ඇරැඹේ


මොනරාගල දිස්ති‍්‍රක්කයේ ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම සහ එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනය විවෘත කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29දා) සිදු කෙරිණි.

ග‍්‍රාමීය ව්‍යවසායකයන් නඟා සිටුවීමේ අරමුණ ඇතිව කි‍්‍රයාත්මක කෙරෙන එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම ප‍්‍රදර්ශනය සඳහා ප‍්‍රදර්ශනය කුටි 512 කට අධික ප‍්‍රමාණයක් ඇතුළත් වෙයි. මොනරාගල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය හෙට (31) වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

අනියම් සැමියාගේ මිතුරා සමගත් හාද වූ පස්‌දරු මව අනියම් ඔහුට තම 10 හැවිරිදි දියණියවත් බිලි දීලා - දෙදෙනාම රිමාන්ඩ්

අවුරුදු 22 ක්‌ වයසැති තම අනියම් සැමියාට අවුරුදු 10 ක්‌ වයසැති තම දියණියව දූෂණය කිරීමට ආධාර අනුබල දුන් 38 හැවිරිදි 05 දරු මව සහ එම අනියම් සැමියා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්‌ත්‍රාත් සරල කරුණාරත්න මහතා නියම කළේය.

කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉකුත් 19 වැනිදා සිට අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ සිටින දෙදෙනාව මෙසේ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කෙරුණි.

සැකකාරිය ඌරගහ, බෝතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරියට විවාහ සැමියාට දාව දරු තිදෙනෙකුත් තවත් අනියම් සැමියකුට දාව දරුවන් 02 කු සිටින බවට අධිකරණයේදී සඳහන් විය.

සැකකාරියගේ දෙවැනි අනියම් සැමියා පෙදරේරුවරයකු බවත්, එම පෙදරේරුවාගේ ගෝලයා වූ 22 හැවිරිදි සැකකරු සමඟ අනියම් ඇසුරක්‌ ආරම්භ කර දෙදෙනා කටුනායක ප්‍රදේශයේ කාමරයක්‌ කුලියට ගෙන පදිංචිව සිටියදී අතවරයට පත් දැරියවද එම කුලී කාමරයට රැගෙන විත් ඇති බවටද අධිකරණයේදී සඳහන් විය.

- ටෝනි කරුණානායක-

Wednesday, August 29, 2018

මේ පාර ලෝක ළමා දින වැඩ සටහන මහජන මුදල් කාබාසිනියා කිරීමක්


පූර්ව ළමාවිය සංවර්ධන කමිටුව විසින් මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වීමට සූදානම් වන වැඩසටහනින් කිසිදු දරුවකුට යහපතක් නොවන බවත් අනුරාධපුර නගරයේ බදු මුදල් ගෙවන මහජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් උත්සවය  සංවිධානය කර තිබෙන බවට මුදල් කාරක සභාවට යොමුකර තිබෙන දළ ඇස්තමේන්තුව දුටු පමණින් පෙනී යන බවත් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් අනාවරණය කළහ.

අනුරාධපුර මහ නගර සභාවේ මුදල් කාරක සභාවට රුපියල් හය ලක්ෂ තිස් අට දහසක මුදල් ඇස්තමේන්තුවක් යොමුකර තිබෙන අතර 2018 ඔක්තෝබර් මස යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන් හයසිය දෙනෙකු යොදාගැනීමට නියමිත බව එහි සඳහන්ය. උත්සවයේදී දරුවන් 600 දෙනකු වෙනුවෙන් තෑගී ලබා දීමට රුපියල් දෙලක්ෂ හතළිස් දහසක් ඇස්තමේන්තු කර ඇති අතර ඇස්තමේන්තුවට අනුව එක් දරුවකුට රුපියල් 400ක පමණ තෑග්ගක් හිමිවේ.ඊට අමතරව දරුවන් 600 දෙනකු වෙනුවෙන් සංග්‍රහ වියදම් වශයෙන් රුපියල් අනූ දහසක මුදලක් ඇස්තමේන්තු කර තිබෙන අතර එක් දරුවෙකුට රුපියල් 150ක පමණ සංග්‍රහයක් හිමිවේ. දරුවන් හයසිය දෙනා වෙනුවෙන් රුපියල් 330000 ක් වැය කරද්දී උත්සවයේ අපුරුවත්වය වෙනුවෙන් තවත් රුපියල් 308000ක් වියදම් කිරීමට ඇස්තමේන්තු සකස් කර තිබේ.

එදින උත්සවයට සහභාගිවන ආරාධිතයන්ගේ සංග්‍රහ සහ මල්මාලා වෙනුවෙන් රුපියල් 25000 ක් හා අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් තිස් දෙනකු සඳහා සංග්‍රහ වියදම් වශයෙන් තවත් රුපියල් 6000ක් වෙන් කර තිබේ. ඊට අතරව නිවේදක ගාස්තු වශයෙන් රුපියල් දස දහසක් සමග උත්සවය මෙහෙයවන්නන් යැයි කියා ගන්නා දෙදෙනකු සඳහා පැය කිහිපයකට රුපියල් 40,000 ක් ඇස්තමේන්තුවේ සඳහන් කර ඇත.  අව්වැසි ආවරණ සඳහා රුපියල් 33000ක් ඇස්තමේන්තු කර තිබෙන අතර විනෝද උපකරණ සඳහා රුපියල් ලක්ෂයක් සංකේත බැලුන් සඳහා රුපියල් 4000 ක් සැරසිලි හා ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 20000ක් මෙන්ම වෙනත් වියදම් සඳහා රුපියල් 10000 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ. ඉදිරිපත් කර ඇති දළ ඇස්තමේන්තුව මුදල් කාරක සභාව මගින් පිළිගෙන තිබෙන බව මන්ත්‍රීවරුන් පිරිස අනාවරණය කළහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙසේ පැවසූහ. දරුවන්ට යහපතක් වන වැඩක් නම් මීට වැඩිය වියදම් වුනත් කමක් නෑ. නමුත් මේ ඇස්තමේන්තුව දුටු පමණින් පේනවා ළමයින්ට කෙසේ වෙතත් ලෝක ළමා දිනය සංවිධායකයන්ට යහපතක් වෙන දවසක් කියලා. අනුග්‍රාහකයන් ආයතන වලින් තිස් දෙනෙකු එනවනම් මොකටද මේ උත්සවයට නගරයේ අහිංසක බඳු ගෙවන මිනිස්සුන්ගේ මුදල් අරගෙන උත්සව තියන්නේ. ඒ අයගෙන් මුදල් ඉල්ලගෙන උත්සවය කරන්න තිබුනනේ. නැත්නම් වියදම් වෙන මුළු මුදල අනුග්‍රාහකයින්ගෙන් ලබාගෙන නැවත නගර සභා ගිණුමට බැර කරන්න පුළුවන් නම්  නැත්නම් මේ මුදල අඩු කර ගන්න ඒ අයගෙන් මුදල් ලබා ගන්න තිබ්බානේ. මේ කිසිම දෙයකින් දරුවන්ට යහපතක් වෙන්නෑ. මේ නගරයේ පාසලට යන්න පොතක් පතක් බෑගයක් සපත්තු කුට්ටමක් නිල ඇඳුමක් මිලදී ගන්න බැරි දරුවෝ කොච්චර ඉන්නවද අන්න ඒ ළමයින්ට මේ මුදල් වලින් තෑගි බෝග අරගෙන ගිහිල්ලා සැබෑ ලෝක ළමා දිනයක් පවත්වන කියලා ඔය සංවිධායක නෝනටයි ඔය මුදල් කාරක සභාවේදී ඒක දෙන්න කියලා අත උස්සපු අයටයි අපි අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ පූර්ව ළමාවිය සංවර්ධන කමිටුව මගින් ලෝක ළමා දින වැඩසටහන වෙනුවෙන් මුදල් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙන බවයි. එම ඇස්තමේන්තුව දැනට පිළිගෙන තිබෙන බවත් එම මුදල වැඩිවීමට ඉඩ ඇති බවත් ඒ මහතා පැවැසුවේය.

-බුද්ධික මහේෂ් විජේසුරිය-

යතුරුපැදියෙන් වැටුණූ බාබර්ගේ අත් පළඳනාව හොරාගෙන

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් යමින් සිටියදි කොහුවල අතුරු මාර්ගයකදී හදිසියේ රෝගීව යතුරුපැදියෙන් ඇද වැටුණු පුද්ගලයාගේ රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා අත් පළදනාව සොරාගෙන පලාගිය ත්‍රිරෝද රථ රියැදුරු හා තවත් පුද්ගලයකු පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. එලෙස සොරාගෙන තිබු අත් පළඳනාවද පොලිසිය බාරයට ගෙන ඇත. මිට දින කිහිපයකට ඉහතදී කොහුවල ප්‍රදේශයේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයක හිමිකරුවකු සිය නිවස බලා යමින් සිටියදී හදිසියේ රෝගි තත්ත්වයට පත්වි යතුරුපැදියෙන් ඇද වැටී තිබු අතර ඔහුට උපකාර කරන මුවාවෙන් එම ස්ථානයට පැමිණි සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු එම් ව්‍යාපාරිකයා අසලට ගොස් ඔහුගේ අත් පළදනාව ගලවාගෙන එම ස්ථානයෙන් පලාගොස් තිබිණි.
රෝහල් ගත කර පැය කිහිපයකට පසු ඔහු මියගොස් තිබු අතර අවසන් කටයුතු සිදු කිරිමෙන් අනතුරුව ඥාතීන් කරන ලද පැමිණිල්ලකට අනුව ව්‍යාපාරිකයා හදිසියේ රෝහි වු ස්ථානය ආසනයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පරිකෂා කිරිමකදි සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු රෝගීව වැටි සිටි පුද්ගලයා අසලට පැමිණ අත් පළදනාව සොරා ගන්නා අයුරු සටහන්ව තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම දර්ශන වල සටහන්ව තිබු ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය. අනුව සැකකරු නාරාහෙන්පිට පදිංචිකරුවකු බවට අනාවරණය කර ගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරිමේදී සොරාගත් අත් පළඳනාව එම ප්‍රදේශයේ පුද්ගලයකුට උකස් කර තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත. මෙම අනුව එම පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පුද්ගලයීන් දෙදෙනා වයස අවුරුදු 34 හා 60 සීමාවල අය බව පවසන පොලිසිය ඔවුන් නාරාහේන්පිට හා තිඹිරිගස්යාය පදිංචිකරුවන් බව පවසයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි කරවන්න එපා-දෙමළ ජාතික සන්ධානය



මහවැලි - එල් කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව සහ සිවිල් සංවිධාන (28) මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ.
මුලතිව් නගර මධ්‍යයේ සිට විරෝධතාකරුවන් විශාල පිරිසක් විසින් විරෝධතා පාගමනකින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාව දියත් කළ අතර, විරෝධතාවට සහාය දක්වමින් මුලතිව් නගරයේ වෙළෙඳ සැල්ද වසා දමා තිබුණි.

මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවත් විරෝධතාකරුවෝ පවසති.

විරෝධතාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු දේශපාලනඥයන් පිරිසක් මෙන්ම යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.මහවැලි කලාපයන් ලෙසට වැලිඔය හා මුලතිව් යන ප්‍රදේශ නම් කර ඇතත් මේ දක්වා එම ප්‍රදේශයන් වෙතට බීමට හෝ ජලය නොමැති අවස්ථාවක සිංහල වැසියන් පදිංචි කරවීම පමණක් සිදුකිරීමෙන් දැනට ජීවත් වන ජනතාවගේ අවශ්‍යතා ගැටලු සොයා බලා විසඳුම් ලබාදී තවත් පිරිස් පදිංචි කරවීම පිළිබඳ දෙවනුව අවධානය යොමු කිරීමට වත්මන් රජය පියවර ගත යුතු බවත්, වහාම මහවැලි යෝජනා ක්‍රමය යටතේ නැවත පදිංචිකරවීම සියල්ලක්ම නවත්වන ලෙසටද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

විරෝධතාව අවසායේ විරෝධතාකරුවන් විසින් මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය වෙතට සන්දේශයක් භාරදුන් අතර සන්දේශය භාරගනිමින් දිසාපතිනිය පැවසුවේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් රජයේ බලධාරීන් දැනුවත් කර, ඉක්මන් විසඳුමක් ලබාදෙන බවයි.

සුරා මතින් ඇවිත් බිරියට පහරදුන් සැමියාට පාඩමක්



ඔහු එක්දරු පියෙකි. විවාහ වී සිටියේ බිරියගේ නිවසේය. ටික කලක් ගිය පසු ඔහු තදින්ම මත්පැන්වලට ඇබ්බැහි විය. සවසට කට ගොන්නක් බීගෙත නිවසට ගොඩ වදින හෙතෙම බිරියට තඩි බෑවේ තිරිසනෙකු ලෙසිනි. "තමුසෙ, මගෙ වහල යට ඉදගෙන මට ගහන්න" ඉවසීමේ - සීමාව පැනගිය පසු බිරිය කට ඇපල් හුළුඅත්තයි, පැදුරයි පෙවමිනි. වෛරී වී සිටි සැමියාගේ වෙරි බාගෙට සිදී ගීයේ එවිටය.
යතුරුපැදිය පණ නංවාගත් ඔහු කෙළින්ම ගියේ පොලිසියටයි. "සර්... මට පැමිණිල්ලක් කරන්න තියෙනවා."
"ගෑනි මාව ගෙදරින් පැන්නුවා”
පැමිණිල්ල ලීයා ගනිමින් සිටි රාලහාමිට අරක්කු දුගඳක් දැනිණි. "තමුන් බීලද?" "පොඩ්ඩෙක් බිවිව සර්”
"තමුන් පොලිසියට ආවේ බයිසිකල් නේද? ඒක අරන් එනවා. ලයිසන් ඉල්ලුවරන්ස් ටිකත් ගස්නවා." එසේ කියු රාලහාමි යතුරුපැදිය ගරාජයට දමන ලෙස කියා බීමත්ව සිටි පැමිණිලීකරු කුඩුවට දැමිය.
''ඇයි සර්... මම පැමිණිල්ලක් කරන්නේ ආවේ."
"බිලා යතුරුපැදි ධාවනය. ලයිසන් කාලය ඉකුත් වීම, බීල පොලිසියට ඒම, වෙරි හිදෙනකන් තමුන් කූඩුවට වෙලා ඉන්නවා. ඉන්න තැනකුත් නෑනේ.." රාලහාමි කියද්දී ඔහුට දැනුණේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා මෙනි.
(තිහගොඩ උපසේන ලියනගම)

කසිප්පු පෙරීමට සුදානම් කර තිබු උපකරණ සමඟ කාන්තාවක් දැලේ


වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ නිවසක කාන්තාවක පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වැටලීමට වාරියපොළ පොලිසිය සමත් වී තිබේ. පෙර්දා (27දා) උදෑසන සිදුකළ මෙම වැටලීමේදී කසීප්පු පෙරීම සඳහා සුදානම් කර තිබූ ගෝඩා තොගයක්  සහ පෙරුම් උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර බැරල් තුනක්, ප්ලාස්ටික් කෑන් තුනක් සහ තඹ දඟරයක් තිබී ඇති අතර ගෙහිමි කාන්තාවද අත්අඩංගුවට පත්ව තිබේ. සැකකාරිය අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිතව තිබිණි.

                                                                                  -නිසාංකා අබේරත්න-

මුං මිල පහත වැටී ගොවීන් අමාරුවේ


මෙවර මුං වගාව සාර්ථක වුවද විශාල ලෙස මිල පහළ යැම හේතුවෙන් අස්වැන්න අලවි කරගත නොහැකිව තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොල්පිතිගම ගොවීහු ප්‍රකාශ කරති. පොල්පිතිගම, මොරගොල්ලාගම ගොවිජන කේන්ද්‍ර බල ප්‍රදේශයට අයත් නිපුනාගම, පොහොරවත්ත, බොරවැව, කරුවලගස්වැව, කම්බුවටවන, කුඹුක්කඩවල, විලඳයාය ආදී ප්‍රදේශවල වැඩි වශයෙන්ම මුං වගා කර ඇත. වෙළෙන්දන් මේ වනවිට මුං කිලෝව රුපියල් 40-50 පමණ විලකට ඉල්ලා සිටින බව පවසන ගොවීහු එම මිලට අලෙවි කිරීමෙන් තමන් වගාවට කළ වියදම හෝ පියවා ගත නොහැකි වන බව ප්‍රකාශ කරයි.

මේ අතර නිකවැරටිය රජයේ බීජ නිදන මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී මුං වගා කර ඇති ගොවීන් පිරිසක් එම ආයතනයට තම නිෂ්පාදන බීජ මුං ලෙස කිලෝව රුපියල් 310 බැගින් ලබා දී ඇති බවද වාර්තා වෙයි. නිකවැරටිය බීජ නිෂ්පාදන මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී සිටින ගොවින්ගේ මුං අස්වැන්නෙන් කොටස් ප්‍රමිතීන්ට අනුව ලබා දිය නොහැකි නිසා ඉතිරිව ඇති බව ගොවීහු පවසති. බිජ නිෂ්පාදන මධ්‍යස්ථානය ලබා ගන්නේ ප්‍රමාණයෙන් විශාල මුං වන බැවින් ඊට වඩා තරමක් හෝ කුඩා අැට සහිත මුං නිෂ්පාදන බාහිර වෙළෙඳුන් වෙත අලවි කිරිමට සිදුව ඇත.

මිල පහළ යැම හේතුවෙන් තමන් පත්ව සිටින දුෂ්කර තත්ත්වය පිළිබඳ නිපුනාගම පදිංචි අර්.එම්. නිලුකා කුමාරි රත්නායක මහත්මිය මෙසේ පැවසුවාය. මමත් නිකවැරැටිය නිෂ්පාදන මධ්‍යස්ථානයේ ලියපදිංවි වෙලා මුං වගා කරන කෙනෙක්. මම මේ කන්නේ අක්කර දෙකක මුං වගා කළා. නමුත් නිකවැරටිය බීජ මධ්‍යස්ථානයට මට දෙන්න පුළුවන් වුණේ කිලෝ 610යි. තවත් මුං කිලෝ 900ක් විතර මම ළග තියෙනවා අලවි කරගන්න බැරුව. අපි වෙළෙන්දන් ළගට අරන් ගියාම මේවා ලංකා මුං නේ. මේවා තියා ගන්න බෑ කියල අපේ දේ බාල්දු කරලා කිලෝව රුපියල් 40-50ට තමයි ඉල්ලන්නේ. අපි ගලේවල ,ඉබ්බාගමුව, නිකවැරටිය, කැකිරාව, දඹුල්ල, ගම්පහ වගේ ප්‍රදේශවලට අපේ අස්වැන්නේ සාම්පල් අරන් ගියා.

නමුත් ඒ හැම තැනකින්ම කියන්නේ මේවා ලංකා මුං කල් තියාගන්න බෑ කියලා අර ගාණට තමයි ඉල්ලන්නේ. මම මේ වගාව කළේ මගෙ වතුර මෝටරයයි, මෝටර් සයිකලයයි උකසට තියලා මුදල් අරන් අපි තෙල් පොහොරත් දාන්න නැතිව කාබනික ක්‍රමයට වගා කළා. නමුත් අද අපේ දේට  මිලක් නෑ. හැම කඩේකම පිටරටින් ගෙනාව මුං වැඩි මිලට විකුණනවා. අපේ දේ තුට්ටු දෙකට ඉල්ලනවා. අපේ අස්වැන්න නෙළන කාලෙට හැමදාම පිටරටින් බඩු ගෙනල්ලා අපේ දේට වෙළෙඳපොළ නැති කරනවා. මේවා ඉතින් කාට කියන්නදෙ?

-කේ.පී.සුනිල්-

ත්‍රි.මලේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් කඩාවැටී සේවකයෙක් ජීවිතක්ෂයට

චීන වරාය පිහිටි පෞද්ගලික සිමෙන්ති කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් කඩාවැටී එයට යට වූ සේවකයෙකු පෙරේදා (27දා) එම
ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි චීන වරාය පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ චීන වරාය, දෙමළ පාසල පාරේ පදිංචි ඇන්ටනි ස්ටීවන් (අවු.22) නමැත්තෙකි.

විදේශ රටක සිට නෞකාවක් මගින් වරායට රැගෙන එන ලද සිමෙන්ති අමුද්‍රව්‍ය යන්ත්‍රානුසාරයෙන් ඉවත් කරද්දි එය පරික්ෂාවේ යෙදුණු මරණකරු මතට බොයිලේරුව කඩාවැටී ඇතැයි පොලීසිය පැවසීය.

අවට සේවකයන් විසින් අනතුරට පත්වූ සේවකයා දැඩි පරිශ්‍රමයකින් පසු ඉවතට  ගෙන රෝහල්ගත කර තිබූ අතර, ඒ වන විටත් ඔහු ජීවිතක්‍ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරිෂණය ත්‍රිකුණාමලය මහා රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.  සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

නැදුන්ගමුවේ රාජා මෙහෙවර ඉටුකර දළදා සමිඳන් නමැද නුවරින් පිටව යයි



මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ සධාතුක පරහර කරඬුව වැඩම කරවීමට මහනුවරට පැමිණි නැඳුන්ගමුවේ රාඡා හස්තියා සිය පින්බර මෙහෙවර දළඳා සමිදුන් වෙනුවෙන් ඉටුකර පෙරහර අවසානයේ මහනුවර සෙංකඩගල පුරවරයෙන් නික්මයාමට පෙර දළඳා සමිදුන්ට පූජෝපහාර දැක් වූ අවස්ථාව. බැතිමතුන් විශාල පිරිසකගේ ප්‍රණාම හරසර මැදින් නැඳුන්ගමුවේ රාඡා හස්තියා ආරක්‍ෂක හමුදාවේ ආරක්ෂාව සහිතව මහනුවරින් පිටවී ගියේය.
(ඡායාරූපය - තෙල්දෙණියේ - චන්දන උඩුවාවල)

පාසල් සිසුවියක් දුෂණය කළ STF සෙබළා රිමාන්ඩ්


දැරණියගල නගරයේ උපකාරක පන්තියක අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවියක් රවටා දින කිහිපයක් ත්‍රිරෝද රථයකින් ගරාජයකට රැගෙන ගොස් එහිදී ඇය දූෂණය කිරීම් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරීපත් කළ දෙදරු පියකු සැප්.10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල ප‍්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චමලී විරසූරිය මහත්මිය 27දා පොලිසියට නියෝග කළාය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ දැරණියගල පොලිසියේ සැරයන් එස්. අබේවික්‍රම මහතා (7710) පවසා සිටියේ, ස්වාමිනී, දැරණියයගල පදිංචි 32 හැවිරිදි මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ වසර 5ක් සේවය කළ පුද්ගලයෙක්. 

දෙදරු පියෙක්. දැන් ඔහු එම රැකියාවෙන් ඉවත් වීමට ඉල්ලීම් කර ත්‍රිවිල් රථයක වැඩ කරනවා. එම නිසා උපකාරක පන්ති යමින් සිටි මෙම දැරිය අතරමගදී දැන හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතාවකින් පසු අවස්ථා කීපයක් ඇය දුෂණය කර තිබෙනවා. ඇය ගැබ් ගැනීම් වැළැක්වීමට සැකකරු ඇයට කිසියම් පෙති වර්ගයක්ද ලබාදී තිබෙනවා. දැරිය දැනට අවිස්සාවේල්ල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. සිද්ධියෙන් පසු ඇයගේ මව හා පියා දැඩි ලෙස සිත් වේදනාවට පත්වෙලා. දැරීයගේ අධ්‍යාපන කටයුතු අතරමග නැවතිලා.

මෙම අවස්ථාවේදී අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණය වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය නැවත විභාගය සැප්. 10දාට කල් තැබුවාය. සැකකරු වෙනුවෙන් නිතිනඥ නිශාන්ත සඳලාල් විජේන්දු මහතා අධිකරණයේ පෙනී සිටියේය.


-හාතාගොඩ ධර්මසේන-

ලක්ෂ 21ක රට සිගරැට් හොරෙන් ගෙනා 3ක් රේගු දැලේ

(කටුනායක ටී.කේ.ජී. කපිල )
රුපියල් 2,157,400 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටුන් 213ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මින් පළමු වැන්නා 38 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි  ඇය පසුගිය 26 දින අලුයම 2.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ-349 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් හොටුපොළ වෙත පැමිණ සිටියාය.
ඇය විසින් රුපියල් 257,400 ක් වටිනා දුම්වැටි කාටුන් 23ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබිණි.
දෙවැනි ගුවන් මගියා අළුත්ගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි ඇය ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 174 දරණ ගුවන් යානයෙන් පෙරේදා 8/27 දින උදෑසන 6.30ට කටුනායක ගුවන් නොටුපොළේ
වෙත පැමිණියාය. ඇය විසින් රුපියල් 890,000ක් වටිනා දුමවැටි කටුන් 89 ක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන පැමිණ තිබුණි.
මම තුන්වැන්නා වූයේ මාරවිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සිංගප්පුරුවේ රැකියා කළ පුද්ගලයෙකි. ඔහු ඊයේ 28 දින උදෑසන 6.30ට සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවියේ ඊ.කේ - 349 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවින්
තොටුපොළ වෙත පැමිණ තිබිණි. ඔහු රුපියල් 10,10,000 ක් වටිනා දුම්වැටි කාටුන් 101 ක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් තිබිණි.
මෙම දුම්වැටි සියල්ල විදේශීය නිෂ්පාදන වන අතර මෙම දුම්වැටි තොගය තුළ දුම්වැටි 20,200ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවේ සභාපති ධූරය ශ්‍රී ලංකාවට





නේපාලයේ කත්මණ්ඩු නුවර හෙට (30දා) සහ අනිද්දා (31දා) පැවැත්වෙන බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සදහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් මුල පිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිවුවැනි සමුළුවට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය ජනාධිපති මන්ත්‍රීපාල සිරිසේන මහතා විසින් දරනු ලබයි.

මීට අමතරව, සමුළුව අතරතුර බිම්ස්ටෙක් විදුලි ජාලක අන්තර් සම්බන්ධතාව වෙනුවෙන් එළඹෙන අවබෝධතා ගිවිසුමකටද රාජ්‍ය නායකයන් ඉදිරිපිටදී අත්සන් තැබීමට නියමිතය.

සමුළුවේ රැස්වීම් අතරතුර බිම්ස්ටෙක් කලාපයේ වර්ධනය සහ ආර්ථික සෞභාගය ඉහළ නැංවීම සඳහා ප්‍රමුබතා අංශ යටතේ එකඟ වූ මූලාරම්භයන් රැසක් සමාලෝචනයට ලක්කිරීමටද නියමිතය. වෙළඳ හා ආයෝජන, තාක්ෂණිය, බලශක්තිය, ප්‍රවාහනය හා සන්නිවේදනය, සංචාරක කටයුතු, ධීවර කටයුතු, කෘෂිකර්මය, සංස්කෘතික සහයෝගිතාව, පරිසරය සහ ආපදා කළමනාකරණය, මීට අමතරව, සමුළුව අතරතුර බිම්ස්ටෙක් විදුලි ජාලකඅන්තර් සම්බන්ධතාව
වෙනුවෙන් එළඹෙන අවබෝධතා ගිවිසුමකටද රාජ්‍ය නායකයන් ඉදිරිපිටදී අත්සන් තැබීමට නියමිතය.

සමුළුවේ රැස්වීම් අතරතුර බිම්ස්ටෙක් ක‍ලාපයේ වර්ධනය සහ ආර්ථික සෞභාහය ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛතා අංශ යටතේ එකඟ වු මූලාරම්භයන් රැසක් සමාශලෝචනයට ලක්කිරීමටද නියමිතය. වෙළඳ හා ආයෝජන, තාක්ෂණය, බලශක්තිය, ප්‍රවාහනය හා සන්නිවේදනය, සංචාරක කටයුතු, ධීවර කටයුතු, කෘෂිකර්මය, සංස්කෘතික සහයෝගිතාව, පරීසරය සහ ආපදා කළමනාකරණය,මහජන සෞඛ්‍යය, පුද්ගලාන්තර සම්බන්ධතා, දිළිඳුකම පිටුදැකීම, ත්‍රස්තවාදය පිටුදැකීම හා ජාත්‍යන්තර අපරාධ සහ දේශගුණික විපර්යාස බිම්ස්ටෙක් සංවිධානයේ සහයෝගිතාව යටතට අයත් ප්‍රමුඛතා අංශ වේ.

ශ්‍රී ලංකා දූත පිරිස වෙනුවෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ විදේශ අමාත්‍යාංශයේ හා කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින්හුද සමුළුවට සම්බන්ධ රැස්වීම්වලට සහභාගි වෙති.

 සිය නේපාල සංචාරය අතරතුර ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා සැප්තැම්බර් මස 01 වැනිදා ට ජනාධිපතිනී බිද්‍යා දේවි භන්දාරි මහත්මිය සහ අග්‍රාමාත්‍ය බඩ්ගා ප්‍රසාද් ඔලි මහතා හමුවීමට නියමිතය.  මීට අමතරව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැප්තැම්බර් මස 01 වැනිදා ලුම්බිණි නුවරට යාමට නියමිත අතර, සැප්තැම්බර් මස 02 වැනිදා කත්මණ්ඩු නුවර සාක් මහලේකම් කාර්යාලයට පැමිණ එහි පැවැත්වෙන රුක් රෝපණ වැඩසටහනකටද එක්වීමට නියමිතය.

දින දෙකක් වයසැති දරුවාව ළිඳකට දාලා මරලා


උපත ලබා දින දෙකකට පමණ පසුව පෞද්ගලික නිවෙසක් පිටුපස පිහිටි ගැඹුරු ළිඳක ගිල්ලවා මරා දැමූ බවට සැකකරන කුඩා බිලිඳකුගේ මළ සිරුරක් 27දා දින පරසග්ගස්වැව පොලිසියේ අපරාධ වීමර්ශන අංශය සොයා ගෙන තිබිණි. අනුරාධපුර පරසන්ගස්වැව පොලිස් වසමේ මස් මරණ පාර කොලීබෑන්දැව 39 හැවිරිදි දරු පියෙක් වන ඊබ්‍රාහිම් සා මුසම්මිල්  මහතා පරසන්ගස්වැව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අඩි හතළිහක් පමණ ගැඹුරු ළිඳේ ජලය මතුපිට පාවෙමින් තිබූ කුඩා බිලිඳාගේ සිරුර පොලිසිය සොයාගෙන තිබූ අතර එය ඉදිමී නරක් වී ඇති බව පොලිසිය පැවැසුවේය.

 පාවෙමින් තිබෙන මළ සිරුර මුණින් අතට හැරී තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා පැමිණෙන තෙක් බිලිඳා ගැහැනුද පිරිමිද යන්න අනාවරණය කර ගැනීමට නොහැකි බව පොලිසිය පැවැසුවේය. 28දා දින දහවල් සිද්ධිය වූ ස්ථානයට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.  පී. ශානක හර්ෂණ මහතා පැමිණීමට නියමිතව තිබිණි. පොලිස් ස්ථානයට පැමිණිල්ල කළ ඊබ්‍රාහිම් මඟතා 27දා දිනයේ ගුරුවරියක වන බිරිය සමඟ විවාහ මංගල උත්සවයකට යාම සඳහා  සූදානම් වූ බවත් පසුව නිවෙසට අඩි 30ක් පමණ ඈතින් පිහිටි ආවරණය සහිත ළිදෙන් මෝටරයක් උපයෝගී කරගෙන වතුර ලබා ගත්තත් පුතා  දිය නාමින් සිටි නිසා ඒ දෙසට ගිය බවත් පොලිසිය පවසා තිබිණි.

ළිං බැම්මට හේතු වී සිටියදී ළිඳ තුළින් අධික දුර්ගන්ධයක් පැමිණීම නිසා ඇතුළට එබී බලද්දී දරුවකු පාවෙමින් තිබෙන අයුරු දැක ඒ පිළිබඳව පොලිස් ස්ථානය දැනුවත් කළ බවත් ඔහු පොලීසියට පවසා තිබිණි. තමන්ගේ බිරියට දරුවන් ලැබීමට නොසිටි බවත් සිය  බිරියට දරුවන් හත් දෙනකු සිටි නිසා සැත්කමක් කර ඇති බවත් ප්‍රදේශයේ අසල්වැසි කිසිදු කාන්තාවකට දන්නා තරමින් දරුවන් ලැබීමට නොසිටි බවත් ඔහු පොලිසියට පවසා තිබිණි.  රහස් දරු ප්‍රසූතියක් කළ කාන්තාවක් අපරාධය කර ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.

බිලිඳාගේ සිරුරේ ගලක් ගැටගසා නයිලෝන් නූලක් ආධාරයෙන් ළිඳට දමා ඇති බවට පොලිසිය සැක පහළ කරයි. සිරුර ගොඩට ගැනීමෙන් අනතුරුව බිළිඳා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වන බව පොලිසිය පැවැසුවේය.

-මහේෂ් විජේසුරිය-

හැඳුනුම්පත් මුද්දර ගාස්තු ඉහළට


ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා මෙතෙක් අයකරනු ලැබූ රුපියල් 3 ක මුද්දර ගාස්තු වෙනුවට වසර 38 කට පසු ඒ සඳහා රුපියල් සියයක ගාස්තුවක් ලබන 1 වනදා සිට අය කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා මෙතෙක් රුපියල් 3 ක මුද්දර ගාස්තුව අයකර තිබේ. ඒ අනුව මින් ඉදිරියට ඒ සඳහා රුපියල් 100 ක ගාස්තුවක් අයකිරීමට නියමිතය.

එම ජාතික හැදුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබාගැනීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 15 ක මුද්දර ගාස්තුව වෙනුවට ඒ සඳහා රුපියල් 250 ක මුදලක් අයකරන අතර නැතිවූ හැඳුනුම්පතක් වෙනුවට පිටපතක් ලබාගැනීම සඳහා අයකළ රුපියල් 15 ක මුද්දර ගාස්තුව වෙනුවට රුපියල් 500 ක ගාස්තුවක් අය කිරීමට නියමිතය. අදාළ මුදල් ග්‍රාමසේවක නිලධාරියා වෙත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙවිය හැකි බවත් ඉන්පසු ඊට අදාළ ලදුපත ඉල්ලුම් පත්‍රයේ අදාළ ස්ථානයේ නොගැලවෙන සේ ඇලවිය යුතු බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් විජයානි ගුණතිලක මහතා අප කළ විමසුමකදී පැවැසීය මේ අනුව ජාතික හඅදුනුම්පත් ලබිගැනීම සඳහා මුද්දර ඇලවීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

-පානුක රාජපක්ෂ-

වන්දියක්‌ ගන්න කුසල් එංගලන්තයට යයි


තහනම් උත්තේජක චෝදනාව මත වැරදිකරු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා අනතුරුව අදාළ චෝදනාවෙන් නිදහස්‌ වීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් ඔහුට වන්දි මුදලක්‌ ගෙවීමට නියමිතව තිබුණි. අදාළ වන්දි මුදල ලබා ගැනීම සඳහා සිය නීතිඥයන් හමුවීමට කුසල් පෙරේරා මේ වන විට එංගලන්තය බලා ගොස්‌ තිබේ.

 අදාළ චෝදනාවට එරෙහිව කළ ඉල්ලීමෙන් අනතුරුව කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලයේ තහනම් උත්තේජක සංඝටක නොමැති බව තීරණය වීමත් සමග අයි.සී.සී.ය විසින් ඔහුට වන්දි මුදලක්‌ ගෙවීමට එකඟතාව පළ කර ඇති අතර ඔහුගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් එම මුදල කුසල් පෙරේරාට ලැබීමට නියමිතය.

 කෙසේ වෙතත් මෙතෙක්‌ කුසල් පෙරේරාට ලැබිය යුතු වන්දි මුදල කොපමණද යන්න මෙතෙක්‌ අනාවරණය වී නොමැති අතර අදාළ වන්දිය ලබා ගැනීම සඳහා නීති උපදෙස්‌ ලබාගැනීමට ඔහු එංගලන්තය බලා ගොස්‌ තිබේ. ඒ අනුව දැන් ක්‍රියාත්මක අන්තර් පළාත් විස්‌සයි විස්‌ස තරගාවලියේ ඉතිරි තරග කුසල් පෙරේරාට අහිමිව තිබේ.