Wednesday, June 30, 2021

විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාවෙන් මැදපෙරදිගට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැත්වීමට තීරණය කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) ඊයේ (29දා) නිවේදනය. කළේය. මෙම තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතව තිබුණද, එරට පවතින කෝවිඩ්-19වසංගත තත්වය හේතුවෙන් මෙලෙස තරගාවලිය මැදපෙරදිගට රැගෙන යාමට සිදුවිය. මේ පිළිබඳ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට්. පාලක මණ්ඩලයේ (බී.සී.සී.අයි.) සභාපති සෞරව් ගංගුලිද පෙරේදා (28දා) පවසා සිටියේ, පවතින කෝවිඩ්-19 ව්‍යසන තත්වය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙනයන බවත්, ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) එකඟතාවද හිමිව ඇති බවය. කෙසේ නමුත් තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් ඉන්දීය ක්‍රිකට් ආයතනය සතුව පවතියි. මෙහි සියලු තරග එක්සත් අරාබියේ (ඩුබායි, අබුඩාබ් හා සාජා) හා ඕමානයේ ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

(විශ්ව මුදියන්සේ)


දකුණු කොරියානු සමාගම් විසින් සිය සේවකයන්ට තමන්ම එන්නත විඳීමට යයි

දකුණු කොරියානු සමාගම් විසින් සිය සේවකයන් වෙත COVID-19 මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවසර ඉල්ලා ඉදිරිපත් කළ ඉල්ලීමට එරට සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය ලබාදීම ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙහිදී කර්මාන්තශාලාව හෝ කාර්යාලය තුළ පිහිටුවන සායන හරහා මෙම එන්නත්කරණය සිදුකිරීමට සැලසුම වී තිබේ. ඒ හරහා සිය සේවකයන්ට මෙම COVID-19 මදන ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය වේගවත් කිරීම අරමුණ වී ඇත.පසුගිය පෙබරවාරි මාසයේදී ඇරඹුණු එන්නත්කරණය යටතේ මේ දක්වා එරට තුළ එන්නත්කරණය සිදුකර ඇත්තේ. මිලියන 15.3ක ජනතාවකට පමණකි. එය සමස්ත ජනගහනයෙන් 30%ක ප්‍රතිශතයක් පමණ වෙයි. මෙයද එක් එන්නත් මාත්‍රාවක් පමණකි.ඒ අනුව එරට පිහිටි විශාලතම සමාගම් වන සිසුන්ගේ සමූහය සිය සිසුන්ගේ ඉලෙක්ට්‍රොනික්, සැම්සුන්ග් ඩිස්පිලේ සහ සිසුන්ගේ එඩීඅයි යන සමාගම් සිය සේවකයන් වෙත ලබන මාසයේ සිට මෙම එන්නත් ලබාදීමට සැලසුම් කර ඇත. එහිදී එක්සත් ජනපදයේ නිපදවූ Moderna එන්නත් ලබාදෙන බව පැවසෙයි. මීට අමතරව එරට නිෂ්පාදන සමාගමක් වන SK Hynix සහ පැනල නිෂ්පාදනය කරන LG Display යන සමාගමද මෙලෙස සිය සේවකයන් වෙත ඒත්තත් ලබාදීම භාර ගැනීමට ලියාපදිංචි වී ඇතැයි සදහන් වෙයි.


අවුරුදු පහකට බලයට එන ආණ්ඩුවකට ජාතියක් සතු දේපළක් විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ

කෝවිඩ් තත්ත්වය බරපතළ වීමත්, ලංකාවේ ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් සෘණාත්මක ලක්ෂණ පෙන්වීමත් හමුවේ බැංකු පද්ධතියද විවිධ අභියෝවලට මුහුණ දෙමින් සිටියි. ඒ අතර රාජ්‍ය බැකු සතු විවිධ වත්කම් එම බැංකුවලින් ඉවත් කර, රජය වෙත පවරා ගැනීමට සුදානම් වන බවක් ඇතැයිද බැංකු සංගම් චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා සමග අපි කතා කළෙමු. 

*රටේ ආර්ථික තත්වය සමග බැකු පද්ධතිය මුහුණ දෙන අභියෝග ගැන සඳහන් කළොත්?

සංවරණ සීමා පැනවීමේ තත්වය තුළ බැංකු ක්‍රියාත්මක කිරීමේ අර්බුද තිබෙනවා. ඒවගේම රටේ ආර්ථික තත්වය පහළ යාම තුළ විදේශ මුදල් සංචිතවල බරපතළ ඌනතාවයක් තිබෙනවා. මේ තත්ත්වය සමග ආනයන කටයුතු සීමා වී ඇති නිසා බැකුවල ගනුදෙනුත් ඒ විදිහට අනුගත වෙන සිදුවෙනවා. ඒ වගේම කෝවිඩ් වෛරස් තත්ත්වය නිසා රටේ අපනයනයත් බිඳ වැටී තිබෙනවා. සමස්තය විදිහට රට මුහුණ දෙමින් තිබෙන ප්‍රශ්නවලට බැංකු පද්ධතියත් මුහුණ දෙමින් සිටිනවා. 

*බැංකු සේවකයන්ගේ තත්වය කෙබඳුද?

බැංකු සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළා. අත්‍යවශ්‍ය සේවාවක් කරනවාට අපි විරුද්ධ වුණේ නැහැ. අපි එයට එකඟ වුණා. නමුත් ආණ්ඩුව රට පුරාම එන්නත්කරණය කරගෙන යනවා. ඒ නිසා බැංකු සේවකයන් සඳහාත් එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබාදෙන්න කියා අපි ඉල්ලීමක් කළා.බැංකු සේවකයොත් අත්‍යවශ්‍ය සේවකයෝ නිසයි අපි ඒ ඉල්ලීම කළේ. නමුත් කියන්න ඉතාම කනගාටුයි, මේ වනතුරු ඒ සඳහා කිසිදු පියවරක් අරගෙන නැහැ. මොකද බැංකුවලට විවිධාකාරයේ ගනුදෙනුකරුවෝ පැමිණෙනවා. නමුත් බැංකුවල ඉඩ ප්‍රමාණය සීමා සහිත නිසා එහිදී අර්බුදයක් ඇතිවෙනවා. මේ තත්ත්වය තුළ බැකු සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසයි බැංකු සේවකයන් එන්නත්කරණයට ලක්කරන්න කියා අපි ඉල්ලා සිටියේ. මොකද මේ වනවිට බැංකු සේවකයන් විශාල පිරිසකට කෝවිඩ් ආසාදනය වී තිබෙනවා. කිහිපදෙනෙක් මිය ගිහින් තිබෙනවා. මේ නිසා රෝගය පැතිමේ දැඩි අවදානමක් තිබෙනවා. මේ තත්වය තවදුරටත් කළමනාකරණය කරගත්තේ නැතිනම් ඉදිරියේදී බැංකු සේවාව පවත්වාගෙන යෑම අර්බුදයකට ලක්වෙන්න පුළුවන්.මොකද ඇතැම් බැකු ශාඛාවන් තාවකාලිකව වසා දමන පවා සිදුවෙලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ සිට සියලු වගකිවයුත්තන්ට අපි මෙය දැනුම් දුන්නා. නමුත් කිසිදු පියවරක් අරගෙන නැහැ. 

*ලංකා බැංකුවේ දේපළක් ලෙස පවතින යෝක් වීදිය ගොඩනැගිල්ල සම්බන්ධයෙන්.මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. මේ ගැන අපි කතා කළොත්?

වසර 30කට අධික කාලයක් ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය හෙවත් මහගෙදර වුණේ ලංකා බැංකුව සතු මිල කළ නොහැකි හා අතීත විතියෙන් අනුන යෝක් වීදිය ගොඩනැගිල්ලයි. ඉන් කොටසක අපේ රටේ හෝටල් ක්ෂේත්‍රයේ පුරෝගාමී හෝටලය වූ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයත් පිහිටා තිබෙනවා.යෝක් විදීය ගොඩනැගිල්ලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 1835දී එවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් හෝර්ටන් විසින් බ්‍රිතාන්‍ය රන් පවුම් 3000ක පමණ වියදමින් මෙය සාදා නිමකර තිබෙනවා. එංගලන්තයේ යෝර්ක් වීදියේ ගොඩනැගිලි ආකෘතියට අනුරූපව ඉදිකළ මෙම ගොඩනැගිල්ල ලංකාවේ ප්‍රථම හමුදා බැරැක්කය ලෙසත් පවන්වාගෙන ගොස් තිබෙනවා. පසුව සම්පූර්ණ ගොඩනැගිල්ලේ හෝටලය පවත්වාගෙන ගියා. අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක ඉදිකර ගොඩනැගිල්ල ලංකාවේ ප්‍රථම හමුදා බැරැක්කය ලෙසත් පවත්වාගෙන ගොස් තිබෙනවා. පසුව සම්පූර්ණ ගොඩනැගිල්ලේ හෝටලය පවත්වාගෙන ගියා. අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල 1955දී ලංකා බැංකුව විසින් මිලදී ගෙන තිබෙනවා. ඉන් අනතුරුව මෙම ගොඩනැගිල්ලේ කොටසක ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයත්, ඉතිරි කොටසේ තවත් කාර්යාල සහ හෝලයත් පවත්වාගෙන ගියා. 1963දී හෝටලය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර ගත්තත්, පසුව ලංකා බැංකුව විසින්ම එය පවත්වාගෙන ගියා. වසර 200කට ආසන්න ඉතිහාසයක් තිබෙන මෙය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලක්. ඒ නිසා මේ ගොඩනැගිල්ලේ වෙනස්කම් සිදුකරනවා නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් ගත යුතු වෙනවා. මට ලංකා බැංකුවේ මූලස්ථානය මෙම ස්ථානයේ වසර 30කට ආසන්න කාලයක් පවත්වාගෙන ගියා. වර්තමානයේ භාවිත කරන ස්ථානයට එම ගොඩනැගිල්ල ගෙන යාමෙන් පසුව යෝක් වීදිය ගොඩනැගිල්ල තුළ අගනුවර ශාඛාව, තැප්‍රෝන්ගෙන් ශාඛාව, බස්නාහිර පළාත -උතුර කාර්යාලය හා නැගෙනහිර පළාත් කාර්යාලය පවත්වාගෙන ගියා.

*මේ වනවිට එය මුහුණපා තිබෙන අභියෝගය කුමක්ද? 

වර්තමාන ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය යටතේ සෙලෙදිවා කියලා ආයතනයක් ගොඩනගාගෙන තිබෙනවා. කොළඹ කොටුව ප්‍රදේශයේ ඇති රාජ්‍ය අංශවලට අයත් මිල කළ නොහැකි හා ඓතිහාසික වටිනාකමකින් යුතු ගොඩනැගිලි රාශිය පවරා ගැනීමට මේ ආයතනය කටයුතු කරමින් සිටිනවා. කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය, වින්දේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, ලංකා බැංකුව යෝර්ක් වීදිය ගොඩනැගිල්ල, හයට් ගොඩනැගිල්ල, ගපූර් ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි සමූහයක් පළමු අදියරේදී පවරා ගන්න සුදානම් වෙනවා. මේ ආයතනය යටතේ පිහිටුවන උපසමාගම් පූර්ණ පෞද්ගලික ව්‍යාපාර වෙනවා. ඒවා රාජ්‍ය විගණනයෙන් හෝ කෝප් කමිටු වගකීමෙන් නිදහස් වෙනවා. ජාතිය සතු මෙවැනි ආර්ථික, ඓතිහාසික මෙන්ම සංස්කෘතික වටිනාකම් සහිත දැවැන්ත ගොඩනැගිලි ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්. හැත්තෑව දශකයේ අග භාගයේදී එතෙක් පැවැති සංවෘත ආර්ථික ක්‍රමවේදය මුළුමනින්ම කණපිට හරවමින් විවෘත ආර්ථිකයට අනුගත වීමේ ප්‍රතිඵල අද වනවිට රටක් හැටියට අපි භුක්ති විඳිමින්  

*මෙම ගොඩනැගිල්ල තුළ ලංකා බැංකුවේ දෙපාර්තමේන්තු පවත්වාගෙන යනවාද?

මේ පෞරාණික ගොඩනැගිල්ල තුළ ලංකා බැංකුවේ දෙපාර්තමේන්තු කිහිපයක් පවත්වාගෙන යනවා. ඒ වගේම මේ ගොඩනැගිල්ල නවීකරණය. කරනතුරු අපේ දෙපාර්තමේන්තු කිහිපයක් මාසෙකට ලක්ෂ 50ක පමණ කුලී වියදමකින් විවිධ බාහිර ස්ථානවල පවත්වාගෙන යනවා. මෙලෙස කුලී ගෙවන්න යොදවන්නේ මහජන මුදල්. ඒ නිසා අපි කියන්නේ ඒ දෙපාර්තමේන්තු මේ ගොඩනැගිල්ලට ගේන්න කියලයි. ඒ වගේම අපේ කටයුතුවලට යෝක් වීදිය ගොඩනැගිල්ල අපිට සම්පූර්ණයෙන්ම අවශ්‍ය නැහැ. විශාල ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. අපිට අවශ්‍ය ඉඩ ප්‍රමාණය වෙන් කරගෙන ඉතුරු ඉඩ ප්‍රමාණය කුලියට හෝ බදු පදනම මත යෙදෙව්වාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ ආණ්ඩුව කැමති ආයෝජනයක් මේ ගොඩනැගිල්ලේ ඉතුරු ඉඩ ප්‍රමාණයට ගේන්න කියලයි. හැබැයි මේ ගොඩනැගිල්ලේ සම්පූර්ණ අයිතිය බැංකුව යටතේ තියාගන්න ඕන. දැන් මේ ආණ්ඩුව ගෙනෙන යෝජනාව අනුව ගොඩනැගිල්ලේ අයිතිය බැංකුවෙන් ඉවත් කරගෙන වෙනත් ආයතනයකට ලබාදෙන සුදානම් වෙනවා. එහෙම වුණාම බැංකුවේ දෙපාර්තමේන්තු මේ ගොඩනැගිලේ පවතීර්වාගෙන යන්න කුලී ගෙවන්න කියලා බැංකුවට කියනවා. ඒක මොනතරම් විහිළුවක්ද? බැරිවෙලාවත් ආණ්ඩුව මේ යෝජනාව සංශෝධනය නොකළොත්, අපේ වෘත්තීය සමිතිය අනිකුත් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති සමග එකතු වෙලා පුළුල් මහජන මතයක් ගොඩනගමින් මේ යෝජනාවලට එරෙහිව කටයුතු කරන්න බලපොරොත්තු වෙනවා.

(චාමර සම්පත්) 




රස කැවිලි කම්හලේ ළමා අපයෝජන - සේවිකාව අත්අඩංගුවට



මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුව ලද බාලවයස්කාර පිරිමි දරුවකු බලහත්කාරයෙන් රඳවාගෙන ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන රස කැවිලි නිෂ්පාදන ආයතනයක සේවිකාවක් සහ එහි හිමිකරු මහනුවර පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබූහ. අදාළ වෘත්තීය පුහුණු ආයතනය, මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනයට විශේෂ අවශ්‍යතා ඇති පිරිමි දරුවන් සිවු දෙනකු යොමු කර ඇති අතර, එම දරුවන්ට නිවෙස්වලට යාමට නොදී මෙම කාන්තාව විසින් එම බාලවයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්කරනු ලැබ ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාවගේ හිංසනයට ලක්විය නොහැකි බව කියමින් එම ස්ථානයෙන් පිරිමි ළමයින් තිදෙනකු එම ස්ථානයෙන් පැනගොස් ඇති බවත්, එක් ළමයකු එම ආයතනයේ කාමරයක් තුළ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට අදාළ දරුවාගේ දෙමාපියන් මහනුවර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පරික්ෂණය ආරම්භ කළ බවත් පොලිසිය කියයි.


පසුව සිදුකරන ලද විමර්ශනයේදී අදාළ කාන්තාව විසින් රසකැවිලි ආයතනයේ කාමරයක් තුළ බලහත්කාරයෙන් සිර කරනු ලැබ සිටි බාලවයස්කාර පිරිමි දරුවා මහනුවර ළමා හා කාන්තා කාර්යාංශය මගින් මුදා ගත් බව පොලිසිය කියයි. හතළිස් එක් හැවිරිදි සැකකාර කාන්තාව මෙම බාලවයස්කාර දරුවා කිහිප අවස්ථාවකදීම ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු අනාවරණයවීම හේතුවෙන් දරුවා වෛද්‍ය පරික්ෂණයකට යොමු කළ බවද පොලිසිය සඳහන් කරයි. රසකැවිලි ආයතනයේ හිමිකරු සේවය නිමවී ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ආයතනයේ රැඳෙන්නේ සැකකාර කාන්තාව සහ දරුවන් පමණක් වන බවත්, එහිදී සැකකාර කාන්තාව දරුවන්ට පහරදී හිංසනයට පත්කර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් පොලිසිය පවසයි.


මෙම වෘත්තීය පුහුණු ආයතනය මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනයට විශේෂ අවශ්‍යතා සහිත පිරිමි දරුවන් සිවු දෙනකු යොමු කර ඇත්තේ නීත්‍යනුකූලව ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි. මහනුවර මූලස්ථාන පොලිස් පරික්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවීමෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


 -නිමන්ති රණසිංහ -


තහනම නොතකා බස්නාහිර ඇඳුම් සාප්පු ඇරලා



බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබිය දී එවැනි බොහෝ සාප්පු විවෘත කර පවත්වාගෙන යෑම නිසා ඒ හරහා දැඩි කොරෝනා අවදානමක් මතු වී ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය. මෙම ඇඳුම් සාප්පු සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී ඒවා වසා දැමීමට පියවර ගන්නැයි පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය. මේ අතර තහනම නොතකා විවෘත කර ඇති කඩ සාප්පු සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.


කොවිච් අවදානම සැලකිල්ලට ගෙන බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරිම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහනම් කරනු ලැබුවේ පසුගිය දා නිකුත් කෙරුණු අ විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහය මගිනි. මේ අතර, බස්නාහිර පළාතේ ඇතැම් පිරිස්වල හැසිරිම සතුටුදායක නැති බවත් සමහරුන් මුඛ ආවරණ නොමැතිව ගමන් කරන ආකාරයක් පෙනෙන්නට තිබෙන බවත් ජයලත් මහත්මිය කීවාය. මේ හැසිරීම වහාම නිවැරදි කර නොගතහොත් විශාල සෞඛ්‍ය අවදානමක් මතුවිය හැකි යැයි ද ඇය පැවසුවාය.


මේ අතර බස්නාහිර පළාතේ මාර්ගවල සහ විදීවල වෙළඳාම් කටයුතු ද තහනම් වන අතර පළාතේ පොදු ප්‍රවාහන යොදාගත හැක්කේ ද අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වේ.


 -සුජිත් හේවාජුලිගේ -



වැඩ කරන චීන්නු ඇඳගෙන ඉන්නෙ හමුදා ඇඳුම් නොව සිකියුරිටි නිල ඇඳුමක්


තිස්සමහාරාම වැව ප්‍රතිසංස්තරණය කිරිමේ කටයුතුවලට හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතික පිරිසක් යෙදවීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පූර්ණ පරික්ෂණයක් සිදුකළ බවත්, එය එම චීන ජාතීකයින් නියෝජනය කරන ආයතනයේ නිල ඇඳුමක් බව එහිදී හෙළි වූ බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) පැවසීය. ආරක්‍ෂක සේවා සපයන ආයතනවලත් ලියාපදිංචි නිල ඇඳුම් ඇතැයි කී ඇමැතිවරයා මෙය එවැනි ආකාරයේ ආයතනකට අයත් සාමාන්‍ය ඇඳුමක් බව පරික්‍ෂණවලින් තහවුරු වී ඇතැයි සඳහන් කළේය. එබැවින් එවැනි ඇඳුමක් ඇඳීමේ වරදක් නැතැයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා බුද්ධි අංශය දන්වා තිබෙන බව ඇමැතිවරයා පැවසීය.


ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. මෙම කාර්යයේදී පුරාවිද්‍යා පනත් උල්ලංඝනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව ද රඹුක්වැල්ල මහතා පැවසීය. වැව ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වන්නේ චීන ආරක්‍ෂක අංශ නිලධාරින්දැයි මෙහිදී මාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ තමා දන්නා තරමින් ඔවුන් චීන ආරක්‍ෂක අංගවලට සම්බන්ධ අය නොවන බවත්, ගරාජ්වලත් එවැනි නිල ඇඳුම් ඇති බවත්ය. මින්නේරිය හබරණ කැළයේ අලි පැටවුන් සොරකමක් සිදුවන බවට ඇති තොරතුර සම්බන්ධයෙන් ද විධිමත් පරික්ෂණයක් සිදුවන බව කී ඇමැතිවරයා එහි සත්‍ය අසත්‍යතාව ඉදිරියේදී දැනගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු සංචාරක බුබුල උල්ලංඝනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ක්‍රිකට් පාලක මණ්ඩලය හා විනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමැතිවරයා පැවසීය.


 -ඩයනා උදයංගනී-


ඇතුල්කෝට්ටේ සහ රාජගිරියේ ඔන්ලයින් ගණිකාමඩම් දෙකක්

ඇතුල්කෝට්ටේ සහ රාජගිරිය ප්‍රදේශයේ අන්තර්ජාලයෙන් ඔන්ලයින් ක්‍රමයට දිනයක් සහ වේලාව වෙන්කරවාගෙන නිරෝධායන සබෑ නීති උල්ලන්ඝනය වන අකාරයට පවත්වාගෙන ගිය බව කියන නීති විරෝන්ඩි. ගණිකා නිවාස දෙකක් වටලා සැකකාරියන් හතරක්, සැකකරුවන් දෙදෙනකු27දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. අන්තර්ජාලය හරහා කාල වේලාව වෙන් කරලීමේ පහසුකම සහිතව පවත්වාගෙන ගිය වෙබ් අඩවිය පරික්ෂා කිරිමේදී ලැබූ තොරතුරුවලට අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි. නිරෝධායන කාල සීමාවේදී වසා තැබිය යුතු යැයි දැනුම් දීම හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉදිරිපස දොර ජනේල වසා වේලාව වෙන් කර ගන්නා අයට සේවාව ලබා දී ඇති බව පොලිසිය පවසයි. මෙහි සේවා සැපයුම රුපියල් 1,500 ත් දෙදහස් පන්සීයක් වැනි මුදලට ලබා දී ඇති බව පොලිසිය පවසයි. මෙම සැකකාරියන් අගුණකොළපැලැස්ස, ඇඹිලිපිටිය, කැලණිය, හලාවත යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව සඳහන් කරන පොලිසිය මොවුන් වයස අවුරුදු විසිතුනත් තිහත් අතර සැකකාරියන් බවද පැවසීය. අත්අඩංගුවට පත් සැකකරුවන් මෙම මධ්‍යස්ථාන දෙකේ කළමනාකරුවන් ලෙස සේවය කොට ඇති බවද පොලිසිය පැවැසීය. මෙම පිරිස අලත් කඩේ අංක 4 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවැසීය.

(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා) 

පොහොර තහනමේන් අර්බුද රැසක්



එක් වරම රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය හේතුවෙන් ඉදිරියේදී ගැටලු රැසක් ඇතිවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. පොහොර හිඟය හේතුවෙන් මහ කන්නයේ අස්වැන්න විශාල වශයෙන් අඩුවිය හැකි බව කී ජයසේකර මහතා ඉදිරියේ දී තව තවත් සහල් ගෙවන්වන්නට සිදුවනු ඇතැයි සඳහන් කළේය. සහලින් ස්වයංපෝෂිත රටක දෙතුන් දෙනෙකුගේ අදහස් මත රසායනික පොහොර තහනම් කිරීමේ තීන්දුව නිසා සහල් මෝල් හිමියන්ට ද බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව රාජ්‍ය ඇමතිවරයා කීවේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පඬුවස්නුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවකදීය. රසායනික පොහොර තහනම් කිරිමට තමන් විරුද්ධ නැති වුවත් එය ක්‍රමානුකූලව කරන්නට තිබූ ක්‍රියාවලියක් බවත්, එය එක්වර කිරීමෙන් මේ අර්බුදය ඇතිවී තිබෙනව බවත් ජයසේකර මහතා පැවසීය.


සියයට සියයක් කාබනික පොහොරවලින් නිෂ්පාදන කරන රටවල් ලෝකයේ කොහෙවත් නැතැයි කී ජයසේකර මහතා කාබනික පොහොර පමණක් යෙදු නිෂ්පාදනවල මිල අධික බවද සඳහන් කළේය. රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර පමණක් යෙදිය යුතු යැයි කියන වෛද්‍යවරුන් රසායනික පොහොර භාවිතය නිසා සහල්වල ආසනික් අන්තර්ගත වී ඇතැයි කීව ද එවැන්නක් මෙතෙක් තහවුරු වී නැතැයි ද පැවසීය. හෘදයාබාධ හා වකුගඩු රෝගවලට ප්‍රධාන හේතු වන දියවැඩියාව හා අධික රුධිර පීඩනය වැනි රෝග තත්වයන් ඇතිවන්නේ රසායනික පොහොර භාවිතය නිසා බව ඔප්පු වී නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා මෙම තීරණයෙන් ලංකාවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් මෙන්ම කුඩා සහල් මෝල් හිමියන් ද විනාශ වනු ඇතැයි සඳහන් කළේය.


සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් වන ඔවුන් යන්ත්‍ර සුත්‍ර ගෙනැවිත් ඒ තත්වයට පත්වූයේ සිය උත්සාහයෙන් බවත් අස්වනු පහළ බැස පිටරටින් සහල් ගෙන්වන ඔවුන් විනාශ කිරිමේ ක්‍රියාවලියක් තිබෙන බවත් කී දයාසිරි ජයසේකර මහතා ලංකාවේ සහල්වල ආසනික් තිබෙනවාද? නැද්ද ? යන පරික්‍ෂණය කර ව්‍යාපාරය ආරක්ෂා කර ගන්නැයි සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.


 -ඩයනා උදයංගනී-


සිසු සිසුවියන්ට ඔන්ලයින් යන්න විදුහල්පතිනිය දුරකථනයක් ඉල්ලයි

පාවිච්චි නොකර ඉවත දමා ඇති ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් ඇති යම් අයකු ඇත්නම් තම පාසලේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා එය ලබා දෙන ලෙස කොළොන්නාව ශාන්ත ජෝශප් විද්‍යාලයේ විදුහල්පතිනි දීප්ති මොල්ලිගොඩ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින්නීය.නවතම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් නොවුණත් පාවිච්චියට ගත හැකි ඉවත දමා ඇති ජංගම දුරකතනයක් තම පාසලේ දරුවන් වෙත පරිත්‍යාග කිරීමට යමකු ඉදිරිපත් වන්නේ නම් එය අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට මහත් රුකුලක් වන බව ද ඇය සඳහන් කරන්නීය මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී විදුහල්පතිනිය ප්‍රකාශ කර සිටියේ, අප්, සූම් සහ යූ ටියුබ් පහසුකම් ලබා ගැනීමට හැකි ජංගම දුරකතන මේ සඳහා සුදුසු වන අතර එවන් දුරකතනයක් ලබාදීමට කාරුණික වන අයෙකු ඇත්නම් දුරකතන අංක 0714467996 අංකය අමතා දැනුම් දෙන ලෙසය. තම පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන මෙම ස්මාර්ට් ජංගම දුරකතන පිළිබඳව කොළොන්නාව ශාන්ත ජෝෂප් විද්‍යාලයේ විදුහල්පතිනි දීප්ති මොල්ලිගොඩ මහත්මිය සිය මුහුණු පොතේ පෝස්ටුවක් ද පළ කරමින් මෙම ඉල්ලීම කර තිබිණි. එම පෝස්ටවේ මෙසේ ද සඳහන් විණි.“ෆේස් බුක් යාළුවන්නේ. මට පුංචි උදව්වක් ඕන්නේ. මගේ පාසල තිබෙන්නේ කොළොන්නාව නගරයේ මැද. කොළොන්නාවේ සමහර අයවත් දන්නේ නැහැ මෙහෙම පාසලක් තියෙනවා කියලා. මගේ පාසලේ ළමයි වැඩි පිරිසක් ඉතා දිළිඳුයි. ස්මාර්ට් ෆෝන් තියා බොත්තං ෆෝන් එකක්වත් නෑ. තියෙන එකම මෆෝන් එක තාත්තා වැඩට ගෙනියනවා. නැත්නම් ගෙදර තුන් හතර දෙනා ඉගෙන ගන්න පොර කනවා. මගේ දරුවෝ හරිම ආසයි ඉගෙන ගෙන හොඳ ගුණදම් ඇති මිනිසකු ලෙස රැකියාවක් කරන්න. ඒත් අද තියෙන තත්වය නිසා කොච්චර සිනල් තිබුණත් ස්මාර්ට් ෆෝන් එකක් කියන්නේ එයාලට සිහිනයක්. අලුතින් ස්මාර්ට් පොන් එකක් ගන්නවා කියන්නේ අපි කාට වුණත් දරාගන්න අමාරු දෙයක්. ඒත් මම මෙහෙම ඉල්ලීමක් කරන්නම්. ඔයාලා ළඟ පාවිච්චි කරන්නේ නැති වැඩිපුර ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම්, ඒක හදන්න ඕන නම්, කාට හරි දීලා ඒක හදලා, ඔයාගේ පෞද්ගලික තොරතුරු මකා දමලා ඒ දුරකතනය මට එවන. මම ඒක ස්මාර්ට් ෆෝන් එකක් නැති මගේ දරුවන්ට දෙන්නෙම්. ඒ දුරකතනයෙන් දරුවෝ ඉගෙන ගන්න හැටි බලලා ඔයාලට සතුටු වෙන්න පුළුවන්. අලුත් එකක් ඕන නැහැ. මොකද මේවා ඕනෑ වෙන්නේ වසංගත කාලේ විතරයි නේ. මේ උදව්වට ඔයාලා සංවේ දී වෙයි කියලා මම හිතනවා. ඔබට ස්තූතියි”

(නීමන්ති රණසිංහ) 

ඩෙල්ටා ආසාදිතයාගෙ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකගෙ රාජකාරියට බාධා කළැයි පැමිණිල්ලක්



ඩෙල්ටා වෛරස් ප්‍රභේද සහිත ආසාදිතයන් වාර්ත වූ පොල්ගස්ඕවිට පියලියගම ප්‍රදේශයට මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියකු ගිය අවස්ථාවේදී එම ප්‍රදේශයේ පුද්ගලයකු තම රාජකාරියට බාධා කළේ යැයි පවසා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියකු පැමිණිල්ලක් සිදුකර ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි. මෙම සිදුවීම ඉකුත් 27 වැනිදා රාත්‍රියේ සිදුව ඇති බවද පොලීසිය පවසයි. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පොල්ගස්ඕවිට ජයලියගම ප්‍රදේශයේ පුද්ගලයකුට ඩස්ථා වෛරසය ආසාදනය වී ඇති බවට කහතුඩුව සොඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පමරාජ් මහතාට ඉකුත් 27 වැනිදා රාත්‍රී දහයට පමණ වාර්ත වී තිබිණි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය දැනුවත් කොට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියා ප්‍රථමයෙන් එම ස්ථානයට ගොස් ඇති බව පැවසේ.


එම අවස්ථාවේදී ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක මංජුල ප්‍රභාත් මහතා තම මෝටර් රථයෙන් ජයලියගම ප්‍රදේශයේ ආසාදිතයාගේ නිවසට යන අවස්ථාවේදී අදාළ නිවසට යන මාර්ගය මෝටර් රථයකින් හරකොට පුද්ගලයන් කිහිපදෙනෙකු රැදී සිට ඇතැයි පැවසේ. එහිදී ආසාදිතයා වාර්තා වී ඇති නිවස පිළිබද එහි සිටි පුද්ගලයන්ගෙන් විපරම් කිරීමේදී එම ස්ථානයේ රැදී සිටි එක් පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇති කර ගෙන ඇති බව පොලීසිය පවසයි. එහෙත් මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියා ඒ පිළිබද තැකීමක් නොකොට පැමිණි රාජකාරිය සිදු කිරීමට උත්සාහ කළත් අවස්ථා කිඟිපයකදී ඊට බාධා කර ඇතැයි පැවසේ. පසුව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියා කහතුඩුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් සිද්ධිය දැනුවත් කිරීමත් සමග කලහකාරී හැසුරුණු පුද්ගලයා මෝටර් රථයද රැගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පැවසේ.


පසුව එම අවස්ථාවේදී ආසාදිතයා රෝහල්ගත කොට පසුදා එනම් 28 වැනිදා නැවත ආසාදිතයාගේ ආශ්‍රිතයන් සොයා පරීක්ෂණ සඳහා ගිය අවස්ථාවේදී එම පුද්ගලයා නැවත වරක් මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇති කර ගෙන ඇති බව පැවසේ. පසුව අවස්ථාවට සහභාගී වී සිටී පොලිසිය සහ ග්‍රාම නිලධාරිවරිය මැදිහත්වී සිද්ධිය සමථයකට පත් කිරීමට පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියා මෙසේ පොලීසිය පැමිණිල්ලක් සිදුකර ඇති බව කියයි. මේ අතර ආසාදිතයා වාර්තා වූ එම ප්‍රදේශය පුද්ගලයන් පී.සී.ආර් පරිමාණයකට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකාර පුද්ගලයාද පී.සී.ආර් පරික්ෂණයට ලක් කර ඇති බව පැවසේ. සිද්ධියට අදාළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පවසයි. කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පම්ක තුසිත වික්‍රමරත්න මහතා සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.


  -ශාන්ත පදිකුමාර කුලරත්න-


ගිනි නැවේ ප්ලාස්ටික් වලින් ගොඩට ආවේ සියයට 40යි : ඉතිරි සියයට 60ට සිදු වූ දෙයක් නෑ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික්වලින් ගොඩබිමට පැමිණියේ සියයට 40ක් පමණක් බවත් ඉතිරි සියයට 60ට සිදු වූ දෙයක් තවමත් වාර්තා වී නැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.ඒ සම්බන්ධව විමර්ශන අවසන් නොවුණත් එම ප්ලාස්ටික් ප්‍රමාණය ගිනිගෙන විනාශ වීමට හෝ දියරැළි සමග වෙනත් ප්‍රදේශවලට පාවී යන්නට ඇතැයි සැක කරන බව කී අමාත්‍යවරයා එසේ නැතිනම් මතස්‍යයගේ ශරිර තුළ ද රැදී තිබිය හැකි බව ද සඳහන් කළේය.අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යගයේ දී ඉකුත් දා පැවැති මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි. නෞකාවේ තිබූ භාණ්ඩවල ලැයිස්තුවක් තමා සතුව ඇති බවත්, එහි තිබී ඇති භාණ්ඩ වර්ග 190කට වැඩි ප්‍රමාණයෙන් බහුතරය ප්ලාස්ටික් බව ද කීවේය. ඒවා ශ්‍රී ලංකාවට පමණක් ගෙන ආ ඒ නොවන බව අමාත්‍යවරයා පැවසීය.මෙරට වෙරළට ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් සියල්ල බහාලුම් 44කට පුරවා වත්තල ප්‍රදේශයේ රඳවා ඇතැයි කී ඇමතිවරයා ඒවායේ ග්ලාස්ටික් ටොන් 1034ක් අන්තර්ගතව තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය තමාට දැනුම් දී ඇතැයි ද කීවේය.ලෝකයේ සාගරයට එක්වර වැඩිපුරම ප්ලාස්ටික් එක් වූ පළමු අවස්ථාව මෙය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ප්‍රකාශ කර ඇතැයි කී ඇමතිවරයා මේ වනවිට වෙරළට ගසාගෙන එන ඩොල්පින්, කැස්බෑවුන් වැනි සතුන්ගේ මළ සිරුරු නැව ගිනිගැනීම නිසා ඇති වූ ක්‍රියාවලියක අතුරු ප්‍රතිඵල බව ද සඳහන් කළේය. තමන් ධීවර අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කර ඇතැයි කී අමරවීර මහතා වාරකන් කාලවල දී මේ ආකාරයට මුහුදු ජීවින් මිය ගිය අවස්ථාවක් කිසි දිනෙක වාර්තා වී නොමැති බවත්, සත්ව සිරුරු වැඩිපුරම ගොඩ ගසා තිබෙන්නේ නැව ගිනි ගැනීම සිදු වූ බටහිර මුහුදු වෙරළ තීරයට බවත් කීය. මෙරටට ආනයනය කරන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනවල ප්‍රමාණය හා පරිසරයට මුදා හරින ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන් අමාත්‍යවරයා තහනම් කිරීමට යෝජීතව ඇති ග්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදනවලට විකල්ප වශයෙන් යොදා ගත හැකි නිෂ්පාදන පිළිබඳ ආයෝජකයන් දැනුම් වත් කිරීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස ද උපදෙස් දුන්නේය. මෙම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ඇතුළු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගි වූහ.

(ඩයනා උදයංගනී) 

ආණ්ඩුව රුපියල් බිලියන 1128ක් ඉක්මවා මුදල් අච්චු ගහනවා



වත්මන් ආණ්ඩුව පසුගිය 28 වැනිදා වනවිට රුපියල් බිලියන 1128ක් (1,128,000,000,000) ඉක්මවා මුදල් අච්චු ගසා ඇති බවත්, එය ආණ්ඩුවේ වාර්ෂික ආදායමට සමාන මුදලක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මෙලෙස ආණ්ඩුවේ වියදම් සියල්ල මුදල් අවු ගසා පියවීමට යැමෙන් සිම්බාබ්වේ වැනි මුදල්වල අගයක් නොමැති රටක් බවට ශ්‍රී ලංකාව පත්වන බවත්, ඒ අනුව රට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බංකොළොත් වීම සිදු වන බවත් පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු කීය. එමෙන්ම මේ ආකාරයෙන් වත්මන් ආණ්ඩුවට අවුරුදු 05 සම්පුර්ණ වන තෙක් ආණ්ඩුව කරගෙන යැමට නොහැකි වන බවද කී පාඨලී චම්පික රණවක මහතා,


"මේ ආණ්ඩුව පසුගිය ජුනි 28 වැනිදා වනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවලා මුදල් අච්චු ගහලා තිබෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව දින 592ක් ගත වනවිට සමස්තයක් ලෙස රුපියල් 1,128,000,000,000ක මුදල් අච්චු ගහලා තිබෙනවා. මේකේ තිබෙන භයානක තත්වය යහපාලන රජය 2019ට අච්චු ගැහුවේ බිලිනය 29යි. ඒත් මේ මාස ගාණට අඩු ගහලා තිබෙනව බිලියන 1,128ක්. ඒක හරියටම ආණ්ඩුවේ වාර්ෂික ආදායමට සමානයි. මේක සම්පුර්ණයෙන්ම මූල්‍ය විනයක්. පාලනයක් නැතිව, සිම්බාබ්වේ වගේ මුදල අගයක් නැති වෙනවා මේ විදියට රජයේ වියදම් සියල්ල මුදල් අච්චු ගගහා පියවන්න ගියොත්. දැනටම මේ බඩු මිල අහස උසට නැගලා තිබෙන්නේ, ආණ්ඩුව නම් කියන්නේ 10%කින් ඉහළ ගියා කියලා. නමුත් පාරට බැස්සම් තේරෙනවා කීයකින් ඉහළ ගිහින්ද කියලා. දැන් ඩොලර් නෑ. ඒ නිසා පිටරටින් බඩු ගෙන්වන්න විදියක් නැහැ, ඇත්ත කතාව ඒකයි. නැතුව මේ කාබනික පොහොර වන්ගේ ප්‍රශ්නයක් හෝ වෙනත් ප්‍රශ්නයක් නිසා නෙවෙයි.


තෙල් බිල ගෙවාගන්න විදියක් නැහැ. ඉතින් ආණ්ඩුව බලන්නේ රටේ වටිනාම සම්පත්, ගොඩනැගිලි ටික විකුණලා මුදල් සොයා ගන්න. නැත්නම් ඉතින් රටේ ගුවන් හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, විදේශ අමාත්‍යාංශය විකුණයිද වෙන ආණ්ඩුවක්. ඒ අනුව රාජපක්ෂවරුන්ට පොදුවේ මේකට වැඩපිළිවෙළක් නැහැ. රට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දෙකෙන්ම බංකොළොත් කිරිම තමයි මේ සිදු කරගෙන යන්නේ. මේක මේ යුද්ධය පෙන්න පෙන්න අතීත කතා කියලා හරියන්නේ නැහැ. යුද්ධය කරපු හැටි අපි හොඳට දන්නවා. මේකෙන් අන්තිමට වෙන්නේ භාණ්ඩ මිල ඉහළ යන එක. පඩි ගෙවන්න සල්ලි නෑ. පැන්ෂන් ගෙවන්න සල්ලි නෑ. සමෘධියට සල්ලි නෑ.



මේකට ප්‍රධාන හේත්තුව ගෝඨාභය. රාජපක්ෂ මහතා බලයට පත්වෙලා 2019 දෙසැම්බර් 01 වැනිදා ධනපතියන්ට ලබා දුන් බදු සහනය. මේ ආණ්ඩුව කොහොමත් අවුරුදු 05 අවසන් වෙනකන් යන්නෙ නෑ. දැනටමත් ඩොලර්වලින් බංකොළොත් ෂ්නාවෙලා ඉවරයිනේ. ඒ කියන්නේ පුද්ගලික සහ රාජ්‍ය බැංකුවලට ඩොලර් නැති ප්‍රශ්නයක් තිබෙන්නේ. ඊළඟට තිබෙන්නේ මහ බැංකුව ඩොලර්වලින් බංකොළොත් වීම. ඉන්පසුව තිබෙන්නේ රුපියල්වලින් බංකොළොත් වීම. ඉතින් දැනටමත් රුපියල්වලින් බංකොළොත් වන භාවයක් පෙනෙන්න තිබෙනවා මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය හරහා. මේ ආණ්ඩුවට තිබෙන්නේ තුනයි. පළමුවෙනි එක තමයි උද්දච්චකම. තමන් තීරණයක් ගත්තම ඒකේ හරි වැරැද්ද බලන්නේ නැතිව ක්‍රියාත්ම ක කීම. දෙවැනි එක මෝඩකම. ඒ කියන්නේ ඇත්තටම මේවා ගැන අවබෝධයක් නෑ. තුන්වැනි එක ධන තණ්හාව. හැමදෙයින්ම හම්බ කරන්න හදනවා. ඒ නිසා පැහැදිලිව කියනවා පසුගිය කාලයේ කළා වගේ දේවල් දැන් කරන්න බෑ. එහෙම තත්ත්වයක නෙවෙයි. රට තිබෙන්නේ" යනුවෙන්ද සඳහන් කළේය.


 -දිනේෂ් සමරකෝන්-



සොත්ති උපාලිගේ බාල පුතා අයිස් බොරැල්ලේදි මාට්ටු

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු වශයෙන් හැඳින්වුණු සොත්ති උපාලි නමැත්තාගේ බාල පුතා අයිස් මන්ද්‍රව්‍ය සමග බොරැල්ල කාසල් පාරේ නිවසක දී පෙරේදා (28) රාත්‍රියේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සැකකරු නිවසේ අයිස් මන්ද්‍රව්‍ය පැකට් කරන බවට ලද තොරතුරු අනුව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (1) ස්ථානාධිපති පොලිස් පරික්ෂක රන්ජන දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින් නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. මෙම විශේෂ කාර්ය බළකායේ පිරිස නිවස වටළන අවස්ථාවේ දී සැකකරු අයිස් මන්ද්‍රව්‍ය පැකට් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේ ඔහු සතුව ග්‍රෑම් දෙකක පමණ අයිස්ප්‍රමාණයක් තිබී නිලධාරීන් බාරයට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු හෙරොයින් ළග තබා ගැනීමේ චෝදනාවට මාස හයක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිට මීට මසකට පමණ පෙර ඇප මත පැමිණ ඇති බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.සැකකරු මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ ද නිරත වන බවත් මාකඳුරේ මධුෂ්, ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්වෙමින් ඔහු මන්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් සිට ඇති බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසියට බාර දී ඇත. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය මත, සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (1) හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජන දිසානායක, පොලිස් පරීක්ෂක බණ්ඩාර ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

(ඉන්දිකා රාමනායක) 

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සුමා හිරේ

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සුමා ට මාස 15ක සිර දඬුවම් නියම විය.හිටපු ජනාධිපතිවරයාට සිර දඬුවම් නියම කරනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ ඉහළම අධිකරණය වන ව්‍යවස්ථා අධිකරණය විසිනි. ජේකොබ් සූමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය 2018 වසර තෙක් හෙබවීය. සූමා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් (විශේෂ විමර්ශනයක් පැවැත්වෙන අතර ඊට ඉදිරිපත් වන්නැයි ව්‍යවස්ථා අධිකරණය දුන් නියෝගය නොසලකා හැරිම හේතුවෙන් ඔහුට මාස 15ක සිරදඬුවම් නියම කෙරුණි. අධිකරණ නියෝගය නොසලකා හැරීම,අධිකරණයට කළ අපහාසයක් යැයි විනිසුරුවරයා පෙන්වා දුන්නේය. පොලිසියට පැමිණ බාර වීමට හිටපු ජනාධිපතිවරයාට අධිකරණය දින 5ක කාලයක් ලබා දුන් අතර එසේ බාර නොවුණහොත් ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.79 හැවිරිදි සූමා, දකුණු අප්‍රිකාවේ 4 වැනිය ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයාය. අප්‍රිකා ජාතික කවුන්සිලයට නායකත්වය දෙමින් 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් සුමා 2018 පෙබරවාරි 14වැනිදා තෙක් ජනාධිපති ධුරය හෙබවීය. ජනාධිපතිධුරය හොබවද්දී බලතල අයථාලෙස භාවිත කළේ යැයි චෝදනා රැසක් සුමාට එල්ල වී ඇති අතර ඒ එක් එක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග පැවැත්වෙයි.

පිටෝරියාහිදීය (රොයිටර්)

කරාපිටියේ තරුණියක් හා මෝටර් රථයක් පැහැරගත් සැකකරු රිමාන්ඩ්


කරාපිටිය බැංකුවක් අසලදී තරුණියක්ද සමග මෝටර් රථයක් පැහැරගෙන ගොස් තරුණියගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කන ලද සැකකරු ජූලි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (29දා) නියෝග කළේය. මෙසේ බන්ධනාගාරගත කෙරුණේ, ගාල්ල, එලියට් පාර පදිංචි 40 තැනැත්තෙකි. මෙම සැකකරු මැද පෙරදිග රටක රියදුරු ලෙස වසර කිහිපයක් රැකියාව කර ඇති අතර, මෙරටට පැමිණිමෙන් පසු අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වි ඇති බවත් මේ වනවිටත් රන් මාල කොල්ල කෑම් යතුරු පැදි සොරකම් කිරීම් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු රැසක් විභාග වෙමින් පවතින බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.


දැනට රුසියාවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය හදාරන අක්මීමණ හියාර් ප්‍රදේශයේ පදිචි 26 හැවිරිදි තරුණියක් නැගණිය සමග පසුගිය 23 වැනිදා සවස කරාපිටිය බැංකුවකට පැමිණ ඇති අතර මෝටර් පදවාගෙන පැමිණි නැගණිය අක්කා මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිටියදී එන්ජිම පණ ගත්වා තිබියදීම බැංකුවට ගොස් ඇති බවත්, පසුව සැකකරු මෝටර් රථයට ඇතුළුවී මෝටර් රථය පණ ගන්වා වේගයෙන් ධාවනය කර ඇති බවත් පොලීසිය කරුණු දක්වමින් පවසා සිටියේය. සැකකරු රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ නතරකර ඇයගේ රුපියල් පනස් දහසක් වටිනා අත් පළදනාවද පසුම්බියේ තිබූ රුපියල් හැට දහසක මුදල්ද කොල්ලකා මෝටර් රථයේ රිමෝට් එක ඇය අතටදී මෝටර් රථය නතර කර ඇති තැනකට පැමිණි ගෙනයන ලෙස පවසා ඇය බිමට ඇද දමා පලාගොස් ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දන්වා සිටියේය.


එම ප්‍රදේශයේ සී.සී.ටී.වි.දර්ශනද පරික්ෂා කිරීමෙන් අනතුරුව පසුගිය කාලයේ රන්මාල කොල්ලකෑම් යතුරු පැදි සොරකම් කිරීම් සහ වෙනත් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු පරීක්ෂා කල පොලිසිය මෙම සැකකරුද අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම සඳහා එලියටි පාරේ නිවස අසල රැකවල්ලා සිටියදි හෙරොයින් රැගෙන යතුරු පැදියෙන් පැමිණි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



-රවිදු දියගහගේ-



පැතිර යන නව කෝවිඩ් ප්‍රභේද


ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දනකු ලංකාවෙන් වාර්ත වීමත් සමගම ඒ පිළිබඳව වැඩි අවධානයක් මෙරට සෞඛ්‍ය අංශ යොමුකර තිබෙනවා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මේ පිළිබඳව අවධානය යොමු කරමින් පසුගියදා (28දා) මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබූ අතර, එහිදී සඳහන් වූයේ තවත් සැක කටයුතු ලක්ෂණ සහිත රෝගීන් තුන්දෙනෙකු පිළිබඳ පර්යේෂණ වාර්තා ලැබීමට නියමිත බවයි. මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු කරුණුයි.


ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේද

ය ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් වෛරසයේ ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු පසුගිය සතියකදී ලංකාවෙන් සොයා ගත් බවට වාර්ත වුණා.


මෙය රටෙහි පවතින වසංගත තත්ත්වයට කෙසේ බලපායිද? කලින් සංසරණය වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද? මේ පිළිබඳ ලොව ප්‍රකට එන්නත් සම්බන්ධව කටයුතු කරන GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කරගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙලෙස තොරතුරු ඉදිරිපත් කරනු ලබනවා.

(https://www.gavi.org/vaccineswork/fivethings-we-know-about-delta-coronavirus-variant and-two-things-we-still-need)

මෙම කරුණු සාකච්ඡා කිරීමට පෙර, මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබාගන්නා ලද දත්ත බැවින්, මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් පැවසිය යුතුයි. ඕනෑම වෛරසයක් ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතාවයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. මේ අතරින් කලාතුරකින්, වෛරසය පැතිරීමට උදව් වන විකෘතිතාවයක් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිභවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිදුවෙනවා.


Covid-19 රෝගය මුලින් හඳුනා ගත් අවස්ථාවේ සිට මෙලෙස ප්‍රභේද කිහිපයක්ම අනෙක් රටවල මෙන්ම ලංකාව තුළත් සොයා ගැනීම අත්දකින්න ලැබුණා. මේ හේතුව නිසා මුලින්ම තරමක් අඩුවෙන් පැතිරී ගිය රෝගී තත්ත්වය ක්‍රමයෙන් වෙනස් ප්‍රභේද එකතු වීමත් සමග වෙනදාට වඩා තරමක් වේගයෙන් පැතිරී යාම බොහෝ රටවල නිරක්ෂණය කර තිබෙනවා. මීට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේදවලට වඩා පහසුවෙන් පුද්ගලයන් අතර පැතිර යෑමයි. මේ ආකාරයට දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා ශීඝ්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙටා (B.1.617.2) ප්‍රභේදය සොයා ගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ තිබෙනවා. කෙසේ නමුත් සම්පුර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තා මගින් පෙනී යමින් පවතිනවා.


කිසිදු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100%කින් අඩු කරන්නේ නැහැ. නමුත් දැනට ලංකාව තුළ සිදුකරගෙන යන එන්නත්කරණයෙන් පවතින ප්‍රභේද මෙන්ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ව සහ මරණ අවම කිර්මට යෝග්‍ය වනවා. මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණය වන්නේ කෝවිඩ් ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාළ වන බවයි. මෙතෙක් ලංකාවේ පැවැති ප්‍රභේදවලට වඩා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid වෛරසයේ පැතිරීම තීව්‍ර වීමේ අවදානමක් ඇතිවෙනවා. එසේ සිදු නොවීමට නම් අප අත්‍යවශ්‍යයෙන්ම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා.


1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන

2. ජනෙල් දොරවල් වසා ඇති වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ.

3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථානයට වැනි අවදානම් ස්ථාන හැකිතාක් මගහැරී යුතුයි.


යම්කිසි නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදුවුවහොත්, මෙතෙක් පිළිපැදී සියලු ආරක්ෂක සෞඛ්‍ය පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා. වාර්තා වන ප්‍රභේදය කුමක් වුවත්, ඒවායින් වැළකීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද වෙනස් වී නැහැ.


- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ රංජිත් බටුවන්තුඩාව-


මේ දිනවල අපි කෝවිඩ් මර්දන කටයුතුවලදී වැඩි අවදානයක් ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් දක්වනු ලබනවා. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතව මුලින් වාර්තා වූ රෝගීන් පස්දෙනාගෙන් පසුව අලුතෙන් රෝගීන් වාර්තා වී නැහැ. නමුත් රෝගීන් තිදෙනෙක් ගැන දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එම තිදෙනාගේ ඩී.එන්.ඒ. සීක්වෙන්සිං පර්යේෂණ වාර්තා තවම ද ලැබී නැහැ. ඒ නිසා කියන්න තිබෙන්නේ ලංකාවෙන් මේ වනතුරු වාර්තා වී ඇත්තේ ඩෙල්ටා වෛරසය ද ආසාදිත රෝගීන් පස්දෙනෙකු පමණක් බවයි. වාර්තා වන ප්‍රභේදය කුමක් වුවත් ඒවායින් වැළකීමට ද අනුගමනය කළ යුතු ක්‍රමවේද සියල්ල එකම ඒවායි. ද ඒවායේ වෙනස් වීමක් නැහැ.


දැනට තිබෙන දත්තවලට අනුව ඩෙල්ටා ප්‍රභේදය නිසා දරුණු අසනීපත් ඇතැම් ගහනවල ඇති වී තිබෙනවා.


වෙද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග 4 පිළිබද විශේෂඥ වෙද්‍ය ජූඩ් ජයමහ


වෛරසයක් සහජයෙන්ම ගුණනය ද වීමේදී, නැත්නම් වර්ධනය වීමේදී වෙනස්කම් කිහිපයක් දක්වනවා. මේ ලෙස වෙනස්කම් විශාල සංඛ්‍යාවක් සිදුවුණත් විකෘතිතාවයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ විකෘතිතා හෝ වෙනස් වීම් අලුත් ප්‍රභේදයක් ලෙස හඳුනාගැනීමට පුළුවන්. කෝවිඩ් 19 රෝගකාරකය වෛරසයක්. එය සාස් කෝවිඩ් වෛරස 2ලෙස හඳුන්වනවා. එය ආර්.එන්.ඒ වෛරස අනු කාණ්ඩයට අයත් වෙනවා. එනම් වෛරසයේ ජානමය සංඝට තමයි ආර්.එන්.ඒ. ලෙසින් හඳුන්වන්නේ. ආර්.එන්.ඒ. වෛරස, ඩී.එන්.ඒ වෙරසවලට වඩා විකෘතිතා හෝ වෙනස්කම් දක්වන්න තිබෙන සම්භාවිතාව වැඩියි. සාස් කෝවිඩ් වෛරසය පළමුවෙන්ම හඳුනාගත්තාට පසුව 2020 ජනවාරියේ සිට මේ දක්වා ගෝලීය වශයෙන් පැතිරෙන කොට විකෘතිතා දක්වා වර්ධනය වෙලා ප්‍රභේද වෙනකන් දැන් වැඩි වර්ධනය වෙලා තිබෙනවා. සුවිශේෂීම කාරණය තමයි මේ වෛරසය ශීඝ්‍ර වශයෙන් සමාජයක පැතිරෙනවා නම් ප්‍රභේද ඇතිවීමේ සම්භාවිතාව ඉතා ඉහළයි.


යම්කිසි රටක, පළාතක, අර්ධද්වීපයක විශාල වශයෙන් පැතිර යනවා නම්, නැත්නම් පැතිරීමේ ශීඝ්‍රතාවය ගොඩාක් වැඩි නම් ප්‍රභේද ඇතිවීමේ සම්භාවිතාව ඉහළයි. එනම් අලුත් ප්‍රභේද ඇති වී සම්භාවිතාවක් නැත්නම් අලුත් ප්‍රභේදයකට අත වැනීමක් බවට පත්වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සති කිහිපයකට පෙර මේ ප්‍රභේද නම් කරන්නට නව වර්ගීකරණයක් හඳුන්වා දුන්නා. මේ ප්‍රභේද යම්කිසි රටක නමක් අනුව නම් නොකර ග්‍රීක හෝඩියේ ඇල්ෆා වලින් පටන් ගෙන ග්‍රීක අකුරුවලින් හඳුන්වන්න තීරණය කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා දක්වා ප්‍රභේද හඳුනාගෙන තිබෙනවා. මේ ප්‍රභේදත් විශේෂ සැලකිල්ලක් දක්වන ප්‍රභේද හා විශේෂ උනන්දුවක් දක්වන ප්‍රභේද (variant of interest and variant of concern) විදියට කොටස් දෙකකට බෙදනවා. ඒ අනුව variant of concern කියන කොටසට අයිති ප්‍රධාන ප්‍රභේද හතර ගැන තමයි වැඩි අවධානයක් යොමු වෙන්නේ. ඒ අනුව මේ නිතර හමුවන ප්‍රභේද හතර තමයි අපි මාධ්‍ය තුළත් නිතර දකින්නේ. මින් ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ අවධානය දිනාගෙන තිබෙනවා.


මේ ඩෙල්ටා ප්‍රභේදය පළමුව ඉන්දියාවෙන් තමයි වාර්තා වුණේ. මෙය දැන් රටවල් 89ක පමණ පැතිරිලා තියෙනවා. ඒ වගේ මේ පැතිර ගිය රටවල ඉතා ශීඝ්‍රයෙන් මේ වෛරසය පැතිරිලා ගිහින් තිබෙනවා. ඇතැම් රටවල පළමු හා දෙවන රැලිවලින් පසුවත් ශීඝ්‍ර ලෙස මෙම ප්‍රභේදය පැතිර ගොස් තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය, ඇල්ෆා ප්‍රභේදයට (එංගලන්තයෙන් හඳුනාගත් ප්‍රභේදය) සාපේක්ෂව 60%කට වඩා සම්ප්‍රේෂණ ශීඝ්‍රතාවක් නැත්නම් ප්‍රබලතාව වැඩියි. ඒ වගේම දැනට තිබෙන දත්තවලට අනුව දරුණු අසනීපත් ඇතැම් ගහනවල ඇති වී තිබෙනවා. මේ ප්‍රභේදය ලංකාවෙත් දැන් වාර්තා වෙලා තියෙන නිසා ලංකාවේ සෞඛ්‍ය අංශයන්ගේ විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා. මීට අමතරව මේ ප්‍රභේදය වෙනස් වුණත්, කල්පිතයක් ලෙස ග්‍රීක හෝඩියේ අවසාන අකුර' ඔමේගා දක්වා අලුත් අලුත් ප්‍රභේද ආවත්, රෝග පැතිරීමේ ක්‍රම දැනට වෙනස් වෙලා නැහැ. මේ රෝගය කෙළ බිඳිති මගින් ශ්වසන මාර්ගයට ඇතුල් වීමයි සිදුවන්නේ. ඩෙංගු වගේ වාහකයෙක් මෙහි නැහැ. ඒ අනුව මෙහි පැතිරීමේ ක්‍රම එකම විදිහයි. ඒ නිසා කෝවිඩ් රෝගයට හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.


 -නදීශානි පතිරණ -


Tuesday, June 29, 2021

නවසීලන්තය යළිත් මුඛ ආවරණ අනිවාර්ය කරයි

නවසිලන්තය තුළ ව්‍යාප්ත විය හැකි COVID-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානම අවම කිරිමේ අරමුණින් එරට තුළ යළිත් වරක් මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කිරීමටත්, ජනතාවගේ ආශ්‍රිතයන් පහසුවෙන් හඳුනාගැනීම සදහා වත. QR කේතයට ස්කෑන් කිරීම අනිවාර්ය කිරීමටත් තීරණය කර ඇතැයි එරට අගමැතිනී ජෙන්ඩා ආඩම් පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අගමැතිනිය "ඩෙල්ටා ප්‍රබේදයේ ඉහළ යාමත් සමගින්ම රට තුළ අවදානම ඉහළ ගොස් තිබෙනවා, ඒ නිසා අපි හැකි උපරීමව කටයුතු කරමින් මේ තත්වය පාලනය කරමින් ව්‍යාප්තිය අඩු කර ගැනීමට කටයුතු කරනවා." යනුවෙන් පවසා ඇත.දැනටමත් නවසිලත්තයේ වෙලින්ටන් නුවර සඳහා පනවා අති අදියර 2 COVID-19 අවදානම් නිවේදනය තවදුරටත් දිගු කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇත. එම නගරයේ සංචාරය කළ ඔස්ට්‍රේලියානු ජාතික සංචාරකයෙකු යළිත් මවු රට බලා යැමෙන් අනතුරුව COVID-19 ආසාදිතයෙකු බවට පත්වීමත් සමග මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කෙරී තිබුණි. මේ අතර ඔස්ට්‍රේලියාව සමගනවසීලන්තය ක්‍රියාත්මක කළ ට්‍රැවල් බබ්ල් සංචරණ සංකල්පය තාවකාලිකව අත්හිටුවීමටත්  නවසීලන්තය පසුගියදා තීරණය කර අත.


සයිනොෆාම් එන්නත ලබාදෙන ස්ථානය වෙනස් කලැයි පැමිණිල්ලක්

සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන ස්ථානය වෙනස් කරමින් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය විසින් ජනතාව අපහසුතාවට පත් කළේ යැයි පවසමින් (ශ්‍රීපොපෙ) නාගරීක මන්ත්‍රී නිලංග සිල්වා මහතා විසින් මොරටුමුල්ල පොලීසියට පෙරේදා (27දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි මොරටුමුල්ල පොලීසිය පවසයි පළමු එන්නත් මාත්‍රාව මැයි මස විසිහත් වැනිදා මොරටුමුල්ල උතුර හා මෝල්පේ ග්‍රාම සේවා වසම්හි ජනතාවට ලබා දීමේ වැඩසටහන මොරටුමුල්ල මෙතෝදිස්ත දෙව් මැදුර ශාලාවේ දී සිදු කෙරුණු අතර එය මෙවර සොයිසාපුර සිදු කිරීමට සෞඛ්‍ය විද්‍යා නිලධාරිනිය විසින් පියවර ගෙන තිබිණි. මන්ත්‍රීවරයා සිදු කළ පැමිණිල්ල භාර ගැනීම සිය රාජකාරිය නිසා භාර ගත් බව සඳහන් කළ මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර මහතා මේ පිළිබඳ ඉහළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීම කරන ලෙස පැමිණිල්ල සිදු කළ මන්ත්‍රීවරයාට උපදෙස් ලබා දුන් බවද වැඩිදුරටත් පැවසීය. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සතු කාර්යභාරයක් බව ද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.නගරාධිපතිවරයා හා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය අතර මත ගැටුමක් ඇති වූයේ මෙකී පළමු එන්නත් මාත්‍රාව ලබා දීමට ගිය අවස්ථාවේ මෝගන් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෑමේදීය. මොරටුමුල්ල පොලිස් පරික්ෂක කමල් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)


කොවිඩ් රෝගීන්ට බෙහෙතක් - ඇමෙරිකා ඔෂධය මේහෙත්

 ‘කොවිඩ් 19වයිරසය ආසාදනය වූ රෝගීන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරමින්, වයිරසය අඩපණ කිරිම සඳහා ඇමෙරිකන් වෙද්‍ය පරියේෂකයන් නිපදවා ඇති "රිජෙන් කොව් 2" (REGNCOV 2) නමැති ඖෂධය හදිසි ප්‍රතිකාරයක් ලෙස භාවිතයට සුදුසු යැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිර්දේශ කර ඇත. 'කැසර්විමැබ් " සහ ඉඩෙවිමැබ්' යන ඖෂධ දෙකේ මිශ්‍රණයක් ලෙස 'REGN COV 2' ඖෂධය නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ‘ රිජෙනරොන්’ සහ ‘රොෂ්” නිෂ්පාදන සමාගම්වල එකමුතුවෙනි. ඇමෙරිකාව තුළ 'REGN COV 2' බෙදා හැරිම සිදු කරන්නේ ‘රිජෙනරොන්' සමාගම වන අතර, විදේශවලට ඖෂධය බෙදා හැරීම සිදු කරන්නේ "රොෂ්” ඖෂධ නිෂ්පාදන සමාගම හරහාය.


'REGN COV 2” ඖෂධය මෙරටට ආනයනය කිරිම සහ බෙදා හැරීම සිදුවනු ඇත්තේ “ස්ලිම් ෆාමසියුටිකල්” ඖෂධ සමාගම හරහා යැයි පැවැසෙයි. 'REGN COV 2 ඖෂධය මෙරටට ආනයනය කිරීමට නියමිත බවත්, සාමාන්‍ය සහ මධ්‍යස්ථ රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොරෝනා රෝගීන්ට එය ලබා දීමට කටයුතු කරන බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැහැදිලි කර තිබේ. නිදන්ගත රෝග, බෝ නොවන රෝග, පිළිකා සහ සිරුරේ ප්‍රතිශක්තිය අඩු රෝගවලින් පීඩා විඳින, කොරෝනා ආසාදනය වීමෙන් සංකූලතා ඇති වන අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බේරා ගැනීම සඳහාත් කොරෝනා නිසා සංකූලතා ඇතිවිය හැකි පුද්ගලයන් බේරා ගැනීමටත් 'REGN COV 2 ඖෂධයට හැකියාව ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි.


“සිදු කළ නවතම සායනික පර්යේෂණවලින් කැසර්විමැබ් සහ ඉඩෙවිමැබ් ඖෂධවල ගුණය පැහැදිලිව තහවුරු වී තිබෙනවා. කොවිඩ්ච් ආසාදනය වූ රෝගීන්ට ඉක්මනින් සුවය ලැබීමටත්, රෝහල්ගත වීම අඩු කර ගැනීමටත් මෙම ඖෂධ ඉවහල් වෙනවා. අපට අපේ රෝගීන් සුවපත් කර ගැනීමට මෙම ඖෂධය මහත් රුකුලක් වේවි” යැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය චින්තක ද සිල්වා පෙන්වා දෙයි. ඇමෙරිකාව, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, ජපානය, ඊශ්‍රායලය ද යුරෝපා රටවල් වන ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය, බෙල්ජියම, එස්ක්තෝනියාව, අයිස්ලන්තය, චෙක් ජනරජය ද කොරෝනා රෝගීන් සඳහා හදිසි භාවිතයට 'REGN COV 2' ඖෂධය සුදුසු බව නිර්දේශ කර ඇති අතර ඖෂධය ලබා දීම දිගටම සිදුවෙයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය, "REGN COV 2' හදිසි භාවිතයට සුදුසු යැයි අනුමැතිය ලබා දී ඇත්තේ ඇමෙරිකා ඖෂධ නියාමන අධිකාරියේත්, යුරෝපා ඖෂධ නියාමන අධිකාරියේත් දත්ත අධ්‍යයනය කිරිමෙන් පසුවය.



අවුරුදු 12 සහ ඊට අඩු කොරෝනා වයිරසයෙන් ජීවිත අවදානමක් ඇති දරුවන්ට පවා මෙම ඖෂධ ලබා දීම සිදුවෙයි. දෙවැනි කොරෝනා රැලෙන් දරුණු ලෙස බැටකන ඉන්දියාව, කොරෝනා රෝගීන්ට 'REGN COV 2" ලබා දෙමින්, මරණ සහ සංකූලතා ඇතිවීම වළක්වා ගෙන ඇති බව ද පැවැසෙයි. පසුගිය ඔක්තෝබර් මාසයේ, ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ‘කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු විය. 75 හැවිරිදි ජනාධිපතිවරයා කඩිනමින් හමුදා රෝහලකට යොමු කෙරුණු අතර, දින 3 ක් වැනි කෙටි කාලයක දී කොවිඩ් 19 වයිරසය පරාජය කරමින් ඔහු යළි ධවල මන්දිරයට පැමිණියේය.


ජනාධිපති ට්‍රම්ප් කඩිනමින් කොරෝනා වයිරසය පරාජය කළේ ඔහුගේ වෙදවරුන් ඔහුට ‘REGN COV 2' ඖෂධ මිශ්‍රණය ලබා දුන් නිසා යැයි පසුව අනාවරණය විය. කොරෝනා ආසාදියන් ලෙස තහවුරු වන රෝගීන්ට 'REGN COV 2" ලබා දීමෙන් ඔවුන්ට රෝහල්ගත වීමට ඇති ඉඩකඩ ඉතා අඩු යැයි ඇමෙරිකන් වෛද්‍යවරු පෙන්වා දෙති. ඇමෙරිකාවේ ‘කොවිඩ් 19' රෝගීන්ගේ දිවි සුරකින ඔසුව ලෙස මෙම ඖෂධය වෛද්‍යවරුන්ගේ පිළිගැනීමට ද ලක් වී අවසන් යැයි පැවැසෙයි.


බිරිඳ බිය වැද්දවීමට ඇය සිටි නිවසට ෆ්‍රෙන්ඩ් ලොන්චර් උණ්ඩයක් විසි කල සැමියා සොයා පර්යේෂණ

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් තම බිරිඳ බිය වැද්දීමට ඇගේ ලොකු අම්මාගේ නිවසේ මිදුලට ෆ්‍රෙන්ඩ් ලොන්චර් වර්ගයේ අවි සඳහා භාවිත කරන උණ්ඩයක් විසි කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පර්යේෂණ සිදු කරන බව අක්මීමන පොලීසිය පවසයි.පෙරේදා (27දා) රාත්‍රී මෙම උණ්ඩය විසිකොට ඇති අතර ඒ බව අක්මීමන කාසල්හිල්වත්ත නරාවල පදිංචි නිවෙස් හිමියා විසින් අක්මීමන පොලීසියට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇත. සැමියා සමග අමනාප වී  බිරිඳ ලොකු අම්මාගේ නිවසට පැමිණ සිටි බවට පොලීසිය පවසයි. මේ නිසා සැමියා විසින් මෙම උණ්ඩය විසි කරන්නට ඇති බවට සැකකරන අතර ජංගම මුර සංචාරයේ නිරත අක්මීමන පොලීසියේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් උණ්ඩය පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු හියාරේ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර යුද හමුදාවේ හිටපු අයෙකු බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.මෙම උණ්ඩය අලංකාරයට සැකකරුගේ නිවසේ තිබූ එකක් බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අක්මීමන පොලීසිය පරික්ෂණ පවත්වයි.

(ජිනේෂ් නානායක්කාර)


සිසුවියකගෙ කාමරයට ඇතුළු වූ තරුණයා මන්නා පහරින් මරුට



කොස්ගම පුවක්පිටිය ප්‍රදේශයේ නිවෙසක බාල වයස්කාර සිසුවියක සිටි කාමරයට මහ රැ ඇතුළු වූ තරුණයකු මන්නා පහරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අජිත් කුමාර නමැති 23 හැවිරිදි තරුණයෙකි. ඝාතනයට ලක් වූ තරුණයාත් සිසුවියත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවට මූලික පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. තම දියණියගේ කාමරයෙන් කිසියම් ශබ්දයක් ඇසී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී මිය ගිය තරුණයා දියණියගේ කාමරයේ සිටිනු දැක ඇති වූ ගැටුමකින් පසු තරුණයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.


සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා කොස්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි. මිය ගිය තරුණයාගේ සිරුර අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණෙය පැවැත්වීමට නියමිතය. කොස්ගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

හෙද ප්‍රශ්න විසඳෙන තුරු පී.සී.ආර් නෑ

හෙද සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. මෙම අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර මාසයකට අධික කාලයක් ගතවී තිබුණද, බලධාරීන් අදාළ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කර නොමැති බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය. සතියට දින හයක් සේවය කරන හෙද නිලධාරීන්ට සතියට දින පහක වැඩ කාලයක් ලබාදීම, හෙද සේවයට එක්වන පිරිසට වසර පහක සේවා කාලයකින් පසු පළමු උසස් වීම් ලබාදීම, මාණ්ඩලික සේවා තත්ත්වය ලබාදීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින බවද ඔහු පවසා සිටියේය. හෙද නිලධාරින් අදාළ පරික්ෂණ කටයුතුවලින් ඉවත් වීම නිසා රෝහල් තුළ සිදුකරන පීසීආර් ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

(එච්.අයි. තුෂාර)

කොවිඩ් තියෙද්දීත් වැඩ කරන්න සිංගප්පූරුව ඉඩදේයි


“කොවිඩ් 19" හෙවත් නව කොරෝනා වයිරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් සේ සලකා, දෙනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යැමට ජනතාව ඉඩ ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කර ඇත. කොවිඩ් 19 වසංගතය කිසිදා ලොවෙන් තුරන් නොවනු ඇති බැවින්, කළ යුතු වන්නේ ඊට අනුගත වෙමින් ජීවත්වීම යැයි ‘නව සාමාන්‍යකරණයක් සඳහා මාර්ගෝපදේශ හඳුන්වා දෙමින් සිංගප්පූරු 'කොවිඩ් 19' කාර්ය සාධක බළකාය පෙන්වා දී ඇත. ඒ අනුව, මින් ඉදිරියට සිංගප්පූරුවේ නිරෝධායන ක්‍රියාවලියක් සිදු නොවනු ඇති අතර, කාර්යාල කටයුතු, ව්‍යාපාර කටයුතු ඇතුළු සියලු දේ සාමාන්‍ය පරිදි පැවැත්වෙයි. ජනතාවට කිසිදු බාධාවකින් තොරව ඒකරාශීවීමට ද අවස්ථාව ලැබේ.



ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හුදෙකලා කිරීමක් හෝ දෙනිකව ආසාදියන් සහ මරණ වාර්තා කිරීමක් සිදු කරන්නේ ද නැත. ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව වේගයෙන් ක්‍රියාත්මක කිරීම දිගටම සිදුවන බවත්, ආසාදිතයන් සොයා සිදු කරන පරීක්ෂණ, ලබා දෙන ප්‍රතිකාර කිසිදු අඩුවක් නොමැතිව දිගටම සිදුවනු ඇති බවත් පැවැසෙයි. සිංගප්පූරු වෙළෙඳ අමාත්‍ය ගැම් කිම් යෝංග්, මුදල් අමාත්‍ය ලොරෙන්ස් වොංග් සහ සෞඛ්‍ය අමාත්‍ය ඔන්.ජේ. කොන් එක් වී සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම නව මාර්ගෝපදේශ සකස් කර ඇති අතර, අමාත්‍යවරුන් තිදෙනා ඇතුළු සිංගප්පූරු කොරෝනා කාර්ය සාධක බළකායේ සෙසු සාමාජිකයෝ එක් වී මාධ්‍ය හමුවක් පවත්වමින් එම මාර්ගෝපදේශ ජනතාවට හඳුන්වා දුන්හ.


‘වසංගතය ආරම්භ වෙලා මාස 18 කට වැඩියි. සිංගප්පුරු වැසියන් හැටියට අප කවුරුත් වයිරස වසංගතයට එරෙහි සටනින් දැඩි ලෙස හෙම්බත් වී සිටිනවා. කවුරුත් අහන්නේ එක ප්‍රශ්නයයි. මේ වසංගතය අවසන් වෙන්නේ කවදාද යන්නයි. අවාසනාවකට කොවිඩ් 19 වසංගතය අවසන් වෙන්නේ නැහැ. අවසානයක් ගැන බලාපොරොත්තු තබා ගන්නත් බැහැ. අප කළ යුත්තේ අප හඳුන්වාදෙන මෙම නව සාමාන්‍යකරණයට අනුව ජීවත්වීමයි. මෙම නව මාර්ගෝපදේශ අනුව ජීවත්වීමට නම් සිංගප්පූරු වැසියන් හැමෝම වගකීමෙන් යුතුව එකා මෙන් කටයුතු කළ යුතුයි" යැයි සිංගප්පූරු සෞඛ්‍ය ඇමැතිවරයා එම මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.


සිංගප්පූරුව තුළ සිංගප්පූරු වැසියන් නිරෝධායනයට යොමු නොකළත්, සිංගප්පූරු දේශසීමා ආරක්ෂාව තර කරමින්, සිංගප්පූරුවට පැමිණෙන විදේශිකයෝ පරික්ෂාවට ලක් කෙරෙති. ඒ, ඩෙල්ටා වැනි බිහිසුණු වයිරස විකෘති ප්‍රභේද හඳුනා ගැනීම සහ එවැනි ප්‍රභේද සිංගප්පූරුවට ඇතුළවීම වළක්වා ගැනීමටය. පී.සී.ආර්. පරීක්ෂණ හරහා ප්‍රතිඵල ලබා ගැනීමට පැය 48 ක් පමණ ගතවන බැවින්, ආසාදිතයන්ට ඉක්මනින් හඳුනා ගැනීමේ නව ක්‍රමවේද හඳුන්වා දෙන බවත් ගුවන්තොටුපොළ, නාවික තොටුපොළ, කාර්යාල ගොඩනැගිලි, පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන, සුපිරි වෙළෙඳ සංකීර්ණ, රෝහල් ආදියේ ආසාදිතයන් සෙවීමේ පහසු මෙන්ම වේගවත් පරික්ෂණ ක්‍රියාවට නංවන බව මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරු තිදෙනා වැඩිදුරටත් පැහැදිලි කළහ.


කොරෝනා ආසාදිතව අසාද්‍ය තත්වයෙන් රෝහල්ගත කරන සිංගප්පූරු වැසියන්ට, ඔවුන්ගේ සංකුලතා අනුව, අවශ්‍ය ඖෂධ ලබාදීම සිදු කරන බවත්, අවශ්‍ය ඖෂධ සෑම රෝහලකටම ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරු මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්හ. ආසියාවට අයත් සිංගප්පුරුවේ ජනගහනය 5,685,000 කි. සිංගප්පූරුවට අයත් ව න්නේ වර්ග කිලෝ මීටර් 728 ක භූමි ප්‍රදේශයකි. සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති පක්ෂ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවකි. ලී සියැං ලූන් අග්‍රාමාත්‍යධුරය හොබවන අතර ජනාධිපතිධුරය හොබවන්නේ හලීමා යාකොබ්ය.


සිංගප්පූරුවෙන් වාර්ත වී ඇති සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 62,544 ක් වන අතර සමස්ත මරණ වාර්තා වන්නේ 36 ක් ලෙසය. සිංගප්පූරුවේ මිලියන 5 කට එන්නත් ලබා දී ඇති අතර, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති ගණන මිලියන 2 කි. ප්‍රතිශතයක් වශයෙන් සිංගප්පුරුද්දේ සියයට 36.1 ක් සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැවෙයි. සිංගප්පූරුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ආරම්භ කළේ 2020 දෙසැම්බර් 30 වැනිදාය. ඇමෙරිකාවේ ‘ෆයිසර් එන්නත සහ මොඩර්නා' එන්නත සිංගප්පූරු වැසියන්ට ලබාදීම සිදුවෙයි. පෞද්ගලික රෝහල් හරහා ‘සිනොවැක් ඒන්නත ද ලබා ගැනීමට හැකිය. සිංගප්පූරුවේ අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන්ට ලබා දෙන්නේ ‘ෆයිසර්' එනතය.


මල්වතුහිරිපියේ තරුණයෝ ගමේ කොරෝනා ලෙඩ්ඩුන්ට හැදු ගිලන් රිය සෞඛ්‍ය අංශ ඩැහැගෙන

මල්වතුහිරිපිටිය ප්‍රදේශවාසීන් විසින් තම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් සකස් කළ ගිලන් රථයක් සෞඛ්‍ය අංශ මගින් ලබා ගැනීමෙන් සිය අපේක්ෂාවන් බිඳ වැටුණු බව මල්වතුහිරිපිටිය තරුණ සංවිධානය පවසයි. භාවිතයෙන් ඉවත් කොට තිබූ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතු ගිලන් රථයක් මල්වතුහිරිපිටිය ස්වශක්ති තරුණ සංවිධානය, ව්‍යාපාරිකයන් හා පොලිසියේ ද සහාය ඇතිව මුළුමනින්ම අලුත්වැඩියා කර ඉකුත් 8 වැනිදා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී බාර දී තිබුණි.පොලිසියෙහි ගාල් කර තිබූ එම ගිලන් රථය දිනකට පසුව සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් රැගෙන ගොස් ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව මල්වතුහිරිපිටිය ශක්ති තරුණ සංවිධානයේ සංවිධායක ප්‍රදීප් ඒකනායක මහතා සඳහන් කළේය. මහත් බලාපොරොත්තු සහිතව ප්‍රදේශයේ  ජනතාව වෙනුවෙන් සකස් කළ ගිලන්රථ සම්බන්ධයෙන් ප්‍රදීප් ඒකනායක මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි. "භාවිතයෙන් ඉවත් කර මල්වතුහිරිපිටිය රෝහල් භූමියේ ගාල්කර තිබූ ගිලන් රථයක් අපි ලබාගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතාගේ මැදිහත් වීම මත ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වාචික අනුමැතිය මතයි.අබලන්ව පැවති ගිලන් රථය, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ පොලිසියේ ද සහාය ඇතිව මුළුමනින්ම අලුත් වැඩියා කළා. අපේ බලාපොරොත්තුව වුණේ මේ රථය මල්වතුහිරිපිටිය පොලිස්ථානයේ, රෝහලේ හෝ ප්‍රාදේශීය සභා කාර්යාලයේ තබා කොරෝනා රෝගීන්ගේ කටයුතු සඳහා යෙදවීමටයි. ඒ සඳහා සුදුසු අන්දමින් රථය සකස් කිරීමට රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැය වුණා. ඒ සියල්ල පරිත්‍යාගශීලීන්ගේ ආධාරයි. පසුගිය 8 වැනිදා නාමල් රාජපක්ෂ, සහන් ප්‍රදීප් යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයක දී ප්‍රදේශයේ රෝගීන්ගේ කටයුතු සඳහා බාර කරමින් පොලිස් ස්ථානයේ රඳවා තිබිය දී සෞඛ්‍ය අංශයෙන් ලැබුණු උපදෙසක් මත පසුදින රෝහලේ තිබූ ගිලන් රථය ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට රැගෙන ගොස් තිබුණා. අපි මේ පිළිබඳව සහන් ප්‍රදීප් මන්ත්‍රීතුමාට දැනුම් දුන්නා. මොකද අපේ බලාපොරොත්තුව වුණේ රෝහලේ දැනට ඇති ගිලන් රථය සාමාන්‍ය රෝගී කටයුතු සඳහා තිබිය දී අලුත්වැඩියා කළ ගිලන් රථය කොරෝනා රෝග තත්ත්වය හමුවේ භාවිත කිරීමටයි.මේ වනවිට මල්වතුහිරිපිටිය රෝහලේ තිබුණු ගිලන් රථය රැගෙන ගොස් අපි අලුත්වැඩියා කළ ගිලන් රථය රෝහලට ලබා දී තිබෙනවා. මෙවන් තත්වයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. ඇති වූ තත්වය සම්බන්ධයෙන් සහන් ප්‍රදීප් විතාන මන්ත්‍රීවරයාගෙන්  පිළිතුරු දෙමින් පවසා සිටියේ, අලුත්වැඩියා කරන ලද ගිලන් රථය අදාළ කටයුත්ත සඳහා ලබා දීමට කටයුතු කරන බවය. භාවිතයෙන් ඉවත් කොට තිබූ ගිලන් රථයක් අලුත්වැඩියා කර කොරෝනා රෝගී කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කොට තිබිය දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට රැගෙන යාම සම්බන්ධයෙන්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගෙන් කළ විමසීමේ දී ප්‍රකාශ කොට සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ගිලන් රථයක් වෙනත් ස්ථානයක භාවිත කිරීම අවභාවිතයක් වන බැවින් රථය දෙපාර්තමේන්තුව යටතේ තිබිය යුතු බවය.

(ගම්පහ - තිලකරත්න දිසානායක) 


ඉන්දීය ඩෙල්ටා තවත් පුද්ගලයකු කහතුඩුවෙන් හමුවෙයි

 ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලියගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛය වෛද්‍ය නිලධාරී ධනුත් පද්මරාජ මහතා පැවැසීය. මේ අනුව ඔහු ජීවත්වූ ජයලියගම මාර්ගය ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය. මෙම ආසාදිතයා සොයා ගැනීමත් සමග මේ දක්වා මෙරටින් හමුවී ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අටක් දක්වා ඉහළ යනු ඇත. සැර කොරෝනාව ආසාදනයවූ, කහතුඩුවේ පුද්ගලයා 47 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක පෙදරේරුවකු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.


ආසාදිත පුද්ගලයා පොළොන්නරුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටින අතර ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. මේ ආසාදිතයා සොයා ගැනීමෙන් පසුව වසංගත රෝග විද්‍යා අංශයේ උපදෙස් අනුව ප්‍රදේශයේ පුද්ගලයන් සිය දෙනකු අහඹු ලෙස තෝරා ගෙන පී.සී.ආර්. පරික්ෂණවලට යොමු කිරිමට කටයුතු යොදා ඇති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.


ආසාදිත සේවකයාට ඔහු සේවය කරන ඉදිකිරීම් ආයතනයෙන් මෙම වයිරසය ශරිරගත වන්නට ඇතැයි විශ්වාස කරන බවද ආසාදිත පුද්ගලයා ප්‍රදේශවාසීන් සමග පසුගිය කාලයේ එතරම් සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති ආකාරයක් නොපෙනුණද ඔහුගෙන් වයිරසය පිටතට යෑම වැළැක්වීමට අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවැසුවේය. ඉන්දීය ඩෙල්ට සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෝ පස්දෙනෙක් දෙමටගොඩ ප්‍රදේශයෙන්ද දෙදෙනෙක් නිරෝධායනය මධ්‍යස්ථානවලින්ද සෞඛ්‍ය අංශ විසින් මෙයට පෙර සොයා ගනු ලැබූහ.


ඉන්දීය ඩෙල්ට සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙයට පෙර හමු වූ අනෙකුත් වයිරස ප්‍රභේදවලට සාපේක්ෂව පැතිරීමේ ශීඝ්‍රතාව සියයට 50කින් පමණ ඉහළ බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. එසේ මරණ ඇතිවීමද අනෙකුත් වයිරසවලට සාපේක්ෂව දෙගුණයකින් පමණ වැඩි යැයි සඳහන් වේ.


ඇඹුල්ගම කට්ටඩියා මරා කැළණි ගඟට දැමූ විශ්‍රාමික හමුදා සෙබළා අල්ලයි

පොලිස් නිලධාරින් යැයි පවසා හංවැල්ල ඇඹුල්ගම නිවසකට ගොස් එහි සිටි කට්ටඩියකුගේ දෙඅත් පිටුපසට කර දම්වැලකින් ගැටගසා ඉබි යතුරු දමා පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණි ගගට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික සෙබළකු ඇතුළු තිදෙනකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.පැහැර ගන්නා අවස්ථාවේදී කට්ටඩියා සමග මංගල ඇඹුල්ගම නිවසේ සිටි අනියම් බිරිඳ සහ සැකකාර විශ්‍රාමික නාවික සෙබළාගේ ඥාති සහෝදරයකු අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලිසිය කියයි. සැකකරුවන් පැහැර ගැනීමට යොදා ගත් බව කියන යතුරුපැදිය, හිසට පහරදීමට යොදා ගත් කුඩා කුළුගෙඩිය මෙන්ම දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ දම්වැල සහ ඉබි යතුර ද පොලිස් භාරයට ගෙන ඇත.නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.ඝාතනයට ලක්වූ හල්දුම්මුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වූ ගාමිණි හෙට්ටිආරච්චි (54) නැමැත්තා මීට වසරකට පමණ ඉහතදී අනියම් බිරිය සමග හංවැල්ල ඇඹුල්ගම නිවෙසට පැමිණ පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි. එම කාන්තාව ඇඹුල්ගම ප්‍රදේශයේ බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනයක සේවය සඳහා ගොස් ඇති අතර මීට මාස 6 කට පමණ ඉහතදී එම ආයතන වෙත හෝමාගම සිට සිමෙන්ති රැගෙන පැමිණි ලොරියේ රියැදුරු ලෙස සිටි විශ්‍රාමික නාවික සෙබළා හා අනියම් ඇසුරක් ගොඩනගාගෙන තිබුණ බව මූලික විමර්ශනවල දී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.ඔවුන් දෙදෙනාගේ ඇසුරට ඝාතනයට ලක්වූ කට්ටඩියා දැඩි බාධාවක්ව පවතින බැවින් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරිම සඳහා සැලසුම් කර ඒ සඳහා ඥාති සහෝදරයා ද සහභාගි කරගෙන තිබූ බව පොලිසිය කියයි.ඝාතනය සඳහා යොදා ගැනුණු කුඩා කුළුගෙඩිය සහ දම්වැල ප්‍රධාන සැකකරු සේයා කරන ලොරි රථයේ තිබී ඇති අතර ඉබි යතුර රනාල ප්‍රදේශයේ වෙළෙඳසලකින් මිලදී ගෙන තිබූ බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි. ඉකුත් (23) වැනිදා රාත්‍රියේ දී ආරක්ෂක වැසුම් පැළඳ යතුරුපැදියකින් එම නිවසට පැමිණි සැකකරුවන් දෙදෙනා කට්ටඬියා අමතා “අපි පොලිසියේ, අපරාධ විමර්ශන අංශයක නිලධාරීන්. තමුන්ට විරුද්ධව චෝදනා රැසක් තියෙනවා අපි සමග එනවා යන්න යැයි” පවසා ඔහුගේ දෙඅත් ඉදිරිපසට ගෙන දම්වැල් දමා අනතුරුව ඉබින් යතුරු ද දමා හැඳ සිටි සරම පිටින්ම නවතා තිබූ යතුරුපැදිය අසලට රැගෙන ගොස් එහි නංවාගෙන රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.අනතුරුව කඩුවෙල පාරේ විශාල පොල්වත්තකට යතුරුපැදිය මත තබාගෙනම කට්ටඩියා රැගෙන ගොස් යතුරුපැදියේ සඟවාගෙන තිබූ කුළුගෙඩියෙන් ඔහුගේ හිසට පහරවල් කිහිපයක් එල්ල කර පොල්වත්ත මායිමේ තිබෙන කැලණි ගඟට සිරුර විසිකර ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පිට වී ගොස් තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන විශ්‍රාමික නාවික සෙබළා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර අනෙක් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(බණ්ඩාරගම බිමල් ශ්‍යමන් ජයසිංහ)


බැසිල්ට එරෙහිව මල්වානෙ නඩුව ඔක්තෝම්බර් 14 විභාගයට



දොම්පේ මල්වාන ප්‍රදේශයෙන් අක්කර දාසයක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන දෙදෙනාට එරෙහිව නඩුව ලබනට ඔක්තෝම්බර් මස 14 සහ නොවැම්බර් මසෙ 01 වැනිදාට විභාගයට ගැනීමට එම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඊයේ (23) තීන්දු කළේ. එම නඩුව ඊයේ (28) කැඳවුණු අවස්ථාවේ නඩුවේ විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තිරුකුමාරන් නඩේෂන් යන දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිරෝධායනය සඳහා යොමු වී ඇති අතර තිරුකුමාරන් නඩේෂන් මහතා අසනීප තත්වයේ පසුවන බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම අධිකරණය හමුවේ සඳහන් කළේය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හාම තිරුකුමාරන් නඩේෂන් යන දෙදෙනා ඊළඟ නඩු දිනයේදී මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නීතිඥ කණ්ඩායම මහාධිකරණය හමුවේ පොරොන්දු වූ අතර එම නඩුවේ සාක්ෂිකරුවකු වන චමුදිත ජයකොඩි නමැත්තාට ඔක්තෝම්බර් මස 14 වැනි දිනට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද එහිදී නොතීසි නිකුත් කෙරිණ. විජේසිරි අඹගහවත්ත, ප්‍රේමචන්ද්‍ර ඈපා, තිස්ස ගුණවර්ධන, උදාර විජේසිංහ යන නීතිඥ කණ්ඩායම සමග ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී. වීරත්න මහතා බැසිල් රාජපක්ෂි මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර රජයේ නීතිඥ ඔල් පෙරේරා මහතා සමග රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සනිල් කුලරත්න මහතා පැමිණිල්ල මෙහෙය වීය.


-ටෝනි කරුණානායක-