Showing posts with label international g3. Show all posts
Showing posts with label international g3. Show all posts

Tuesday, September 22, 2026

ලන්ඩනයේ වෙම්බ්ලි ඇරීනා හි ප්‍රධාන සංගීත ප්‍රසංගයක සීතාගේ චරිතය රඟපෑමට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති රංගන ශිල්පිනියක් තේරී පත්වෙයි

 


ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත භවිත‍්‍රා ගණනාථන් නම් 19 හැවිරිදි රංගන ශිල්පිනිය, ලන්ඩනයේ OVO Arena Wembley හි පැවැත්වීමට නියමිත "Diwali Story: The Journey of Ram - A Musical" දැවැන්ත රංග සංදර්ශනයේ සීතාගේ චරිතය නිරූපණය කරමින් සිය වෘත්තීය රංගන දිවිය ආරම්භ කිරීමට සූදානම් වෙයි. 2026 සැප්තැම්බර් 27 වන ඉරිදා පැවැත්වෙන මෙම ප්‍රසංගයේදී රාම්ගේ චරිතය රඟදක්වන කිරන් කානන් සමඟ ඇය ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් එක්වන අතර, වෘත්තීය රංගන ශිල්පීන්ට අමතරව සියයකට ආසන්න ප්‍රජා රංගන ශිල්පීන් පිරිසක් ද මෙයට දායක වෙති. නොවැම්බර් මස රෝයල් ඇල්බට් හෝල් හි පැවැති සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වූ සාර්ථක දැක්මෙන් පසුව සංවිධානය වන මෙම නව නිෂ්පාදනයට නව අංග සහ තනු ඇතුළත් වේ.   ලේඛිකාවක මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ද වන භවිත‍්‍රා, වයස අවුරුදු පහේදී 'The Little Mermaid' නිෂ්පාදනයක උර්සුලාගේ චරිතය නිරූපණය කරමින් රංගනයට පිවිසියා ය. 


පසුව වසර 14 ක කාලයක් පුරා ජාතික යොවුන් රංගපීඨය සහ රෝස් රංගපීඨය වැනි ආයතන හරහා පුහුණුව ලැබූ ඇය, දැනට Collective Acting Studio හි පුහුණුව ලබන අතර 2024 දී National Iris Breuer Writing සම්මානය ද දිනා ගත්තා ය. අවුරුදු හතේ සිට සිය නැන්දණිය වන මීනා ඉලංකුමාරන් යටතේ භරතනාට්‍යම් හැදෑරූ ඇය 2025 මාර්තු මාසයේදී සිය අරංගේත්‍රම් රංගනය අවසන් කළ අතර, වයස අවුරුදු 12 සිට කර්නාටක සංගීතය ද හදාරා ඇත.   සීතාගේ චරිතය සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධය පිළිබඳව අදහස් දක්වමින් භවිත‍්‍රා සඳහන් කළේ, රාමායණ කතාවේ වැදගත් කොටසක් ශ්‍රී ලංකාව හා සබැඳෙන බැවින් මෙම චරිතය නිරූපණය කිරීම තමාට විශේෂ අර්ථයක් ගෙන දෙන බවයි. එමගින් දිවයිනේ භූ දර්ශනය, ඉතිහාසය සහ සම්ප්‍රදායන් සමඟ ඇති ප්‍රබල සබඳතාව ගවේෂණය කරමින් මෙම කාලානුරූපී කතාව අලුත් පරම්පරාවකට දායාද කිරීමට අවස්ථාව ලැබෙන බව ඇය පැවසුවා ය.   


මෙම සංගීතමය නාට්‍යය ආරම්භ වන්නේ නූතන බ්‍රිතාන්‍ය පවුලක ලව් නමැති යොවුන් තරුණයාට ඔහුගේ සීයා සහ මිත්තණිය විසින් රාම් සහ සීතාගේ කතාවේ ගැඹුරු අර්ථය පැහැදිලි කරදීමත් සමඟ ය. විවිධ පරම්පරාවල ප්‍රේක්ෂකයින් ආකර්ෂණය වන පරිදි සකස් කර ඇති මෙම නිෂ්පාදනය මගින් පිටුවහල් කිරීම, කැපකිරීම්, යුතුකම සහ දුෂ්කර තීරණ පිළිබඳව ප්‍රේක්ෂකයා හමුවේ තබයි.   ඉන්දීය සංගීත නිර්මාණක රාහුල් රනඩේගේ මුල් තනු සහ සංගීතය ඇතුළත් වන මෙම ප්‍රසංගයට ප්‍රකට ගායිකා පද්මශ්‍රී කවිතා ක්‍රිෂ්ණමූර්ති ද නව සංගීත තනුවලින් දායක වේ. මෙහි අලුතින් එකතු කරන ලද තෙවන කොටස මගින් දීපාවලි උත්සවයේ දින පහ සහ නූතන පවුල් සම්ප්‍රදායන් කෙරෙහි රාමායණයේ සදූපදේශයන්හි බලපෑම ගවේෂණය කෙරේ. සාමීර් භම්රාගේ අධ්‍යක්ෂණයෙන් සහ සහ-ලේඛනයෙන් නිර්මාණය වන මෙම ප්‍රසංගය Sanatan Events Ltd ආයතනය විසින් The Palan Foundation සහ Golden Tours සමඟ එක්ව සංවිධානය කරනු ලබයි.   


Monday, June 22, 2026

පකිස්තානය තෙල් මිලේ වාසිය ජනතාවට දෙයි

 

 විමුක්ති එස්. රුද්‍රිගු


ගෝලීය බොර තෙල් වෙළෙඳපොළේ අඛණ්ඩව පහළ යෑමේ සහනය ජනතාවට ලබාදීම සඳහා පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 74කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් පහළ දමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් පසුගියදා ප්‍රකාශ කළේය.


කෙසේ නමුත් ඒ පිළිබඳ නිල නිවේදනය පෙරේදා (20) රාත්‍රිය වන තෙක් නිකුත් වී නොතිබිණි. නිල නිවේදනය නිකුත් වූ වහාම රුපියල් 373.78 ක්වූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 299.78ක් දක්වාත්, රුපියල් 378.78ක්වූ ඩීසල් ලීටරයක මිල රුපියල් 311.78 ක් දක්වාත් පහළ යනු ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ගෝලීය බොර තෙල් වෙළෙඳපොළේ බොර තෙල් මිල අඛණ්ඩව පහළ යෑමේ සහ කලාපීය ආර්ථිකය ධනාත්මකව වර්ධනය වීමේ වාසිය ජනතාවට ලබාදී තිබෙන බවයි.


හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනා ගමනය සම්පූර්ණයෙන් යථාතත්වයට පත් වූ පසු සහ ඇමෙරිකාව ඉරානය අතර සාම ගිවිසුම සම්පුර්ණයෙන් බලාත්මක වූ පසු පෙට්‍රල්, ඩීසල් මිල ජනතාවට දැනෙන අයුරින් පහළ දැමීමට රජය බලාපොරොත්තු වන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.ජනතාව මුහුණ දෙන අසීරුතා තමන්ට හොඳින් වැටහෙන බවත් සියල්ලටම අසීරු මෙම අවස්ථාවේ ජනතාව ඉතාමත් ඉවසිලිවන්තව ඔරොත්තු දෙමින් කටයුතු කළ බවත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.අසීරු කාලයේ සිය රජය සමග සිටි ජනතාවට ස්තූතිය පිරිනමන බව ද පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරිෆ් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.


Friday, June 19, 2026

ඉතාලියේ අතුරුදන් ලාංකිකයාගේ මළ සිරුර ඇළක

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


අබිරහස් ලෙස අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකිකයකුගේ මළ සිරුරක් මිලානෝහි කොර සෝනෝ ඇළේ පාවෙමින් තිබිය දී ඉකුත් දාසය වැනිදා සොයාගත් බව ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇත.ඉතාලි මාධ්‍ය වාර්තාකර ඇති ආකාරයට මියගොස් ඇත්තේ ශාන් හේමාල් ගෝමිස් නමැති තිස් අට හැවිරිදි ලාංකිකයෙකි. රැකියාවට පිටත්ව යන බව පවසා ඔහු පදිංචි නිවෙසින් පසුගිය සඳුදා පිටත්ව ගොස් ඇති අතර නැවත නිවෙසට පැමිණ නැති බව ඉතාලියෙන් ලැබෙන ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.


මිලානෝ පොලිසිය මළ සිරුර සොයා ගැනීමෙන් අනතුරුව මොහු මියගිය ආකාරය ගැන කරුණු අනාවරණය කර ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යන බව ද එරට මාධ්‍ය තවදුරටත් වාර්තා කර තිබේ. තවමත් මෙම ලාංකිකයාගේ මරණය වූ ආකාරය ගැන වැදගත් තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බව ද එම රටෙන් ලැබෙන ආරංචි මාර්ගය සඳහන් කළේය.මෙම ලාංකිකයාගේ මරණය ඇළේ වැටී මියයාමක් ද එසේ නොමැති නම් අපරාධමය ක්‍රියාවක් ද යන්න ගැන අනාවරණය කර ගැනීම සඳහා එරට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Tuesday, May 26, 2026

මියා සෙඩ් (Mia Z) ආන්දෝලනය සහ ශ්‍රී ලාංකේය ඩිජිටල් මාධ්‍ය කතිකාවත

 

 


2026 මැයි මස මුලදී, ජාත්‍යන්තර වැඩිහිටි අන්තර්ගත නිර්මාණකාරිනියක වන මියා සෙඩ් (Mia Z) ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ මෙරට සමාජය තුළ දැඩි මතවාදී ගැටුමක් නිර්මාණය විය. දේශීය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අශේන් සේනාරත්නගේ ‘මචං’ නමැති පොඩ්කාස්ට් වැඩසටහනට සහ තවත් ප්‍රකට අන්තර්ගත නිර්මාණකරුවෙකු වන දිනෙල් වයිපෝලා සමඟ එක්ව ඇය ජීවන රටා වීඩියෝ නිර්මාණවලට දායක වීම මෙම ආන්දෝලනයට ප්‍රධාන හේතුව විය. මෙම සිදුවීමත් සමඟ සාම්ප්‍රදායික දකුණු ආසියානු වටිනාකම් සහ සීමාවන් නොමැති අන්තර්ජාල සංස්කෘතිය අතර පවතින ගැටුම මනාව ඉස්මතු වූ අතර එය පුළුල් සමාජ විවේචනයකට ද ලක් විය.


වැඩිහිටි කර්මාන්තය නියෝජනය කරන චරිතයකට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වේදිකාවක් ලබා දීමේ සදාචාරාත්මක පසුබිම පිළිබඳව විචාරකයින් දැඩි ලෙස ප්‍රශ්න කරනු ලැබීය. විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැති සමාජයක් තුළ මෙවැනි පුද්ගලයින්ට ඉහළ ප්‍රසිද්ධියක් ලබා දීමෙන් සිදුවිය හැකි සමාජීය බලපෑම ඔවුන්ගේ කනස්සල්ලට හේතු විය. එමෙන්ම, විද්‍යාව, ක්‍රීඩාව හෝ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලින් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගත් ශ්‍රී ලාංකිකයින්ට වඩා මෙවැනි චරිතයකට අවධානයක් ලබා දීම පිළිබඳව ද බොහෝ දෙනා චෝදනා කළහ. කෙසේ වෙතත්, මෙම විවේචන හමුවේ ඇයට සහය දක්වන්නන් පෙන්වා දුන්නේ, මියා සෙඩ් විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන, දේශීය ආහාර සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කරමින් මෙරට සංචාරක කර්මාන්තයට ධනාත්මක දායකත්වයක් ලබා දුන් බවයි.


මෙම සිදුවීම හරහා ශ්‍රී ලාංකේය සමාජයේ පවතින දෙබිඩි පිළිවෙතක් ද අනාවරණය විය. දේශීය කාන්තාවකගේ පෞද්ගලික ඡායාරූප හෝ ලිංගික අන්තර්ගතයන් ප්‍රසිද්ධියට පත්වූයේ නම් ඇයට දැඩි සමාජීය දෝෂදර්ශනයකට සහ අපකීර්තියකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත්, විදේශීය කාන්තාවක් වූ මියා සෙඩ් කෙරෙහි සමාජය දක්වන ඉවසීම සහ ඇයට හිමි වූ 'සදාචාරාත්මක සමාව' තුළින් පෙනී යන්නේ දේශීය සහ විදේශීය කාන්තාවන් කෙරෙහි සමාජය දක්වන ආකල්පවල පවතින පරස්පරතාවයයි. දේශීය කාන්තාවන්ගෙන් දැඩි සදාචාරයක් බලාපොරොත්තු වන සමාජය, වැඩිහිටි කර්මාන්තය විවේචනය කරන අතරම ඒ ආශ්‍රිත අන්තර්ගතයන් විදේශීය ආවරණයක් සහිතව පැමිණි විට එය කුතුහලයෙන් යුතුව වැළඳගැනීම මෙහිදී කැපී පෙනුණි.


නීතිමය වශයෙන් ගත් කල, මියා සෙඩ් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි කාලය තුළ රටේ නීති රාමුවට යටත්ව ක්‍රියා කර ඇති අතර කිසිදු අසභ්‍ය අන්තර්ගතයක් මෙරටදී නිර්මාණය කර නොමැත. ඇය තමා 'නීතිගරුක' පුද්ගලයෙකු ලෙස හඳුන්වා දුන් අතර, ඇයගේ පෞද්ගලික ස්වභාවය සහ වෘත්තිය සම්පූර්ණයෙන්ම වෙන් කළ නොහැකි වුවද ඇයගේ ක්‍රියාකාරකම් නීති විරෝධී නොවීය. නමුත් මෙය ඩිජිටල් යුගය තුළ ලිංගිකත්වය සහ අන්තර්ජාල නියාමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කළ අවස්ථාවකි. භෞතික දේශසීමා මත පදනම් වූ නීති රීතිවලට, අන්තර්ජාලය හරහා ගොඩනැගෙන ගෝලීය කීර්තිය සහ ඩිජිටල් අවකාශය පාලනය කළ නොහැකි බව මෙමගින් සනාථ විය.


මෙම ආන්දෝලනාත්මක වීඩියෝ දර්ශන විශාල පිරිසක් විසින් නරඹා, හුවමාරු කරගෙන තිබීමෙන් පෙනී යන්නේ ප්‍රසිද්ධියේ ඊට එරෙහිව කෑගසන සමාජය පෞද්ගලිකව එම අන්තර්ගතයන් පරිභෝජනය කරන බවයි. අන්තර්ජාල ඇල්ගොරිතමයන් විසින් සමාජයට වැඩදායී පුද්ගලයින්ට වඩා මෙවැනි ආන්දෝලනාත්මක චරිත ඉස්මතු කර පෙන්වීම ද මෙහිදී සමාජ විවාදයට ලක් විය. ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක ආකර්ෂණය සහ ඩිජිටල් අවධානය අපේක්ෂා කළද, ඒ හරහා රට තුළට ගලා එන පෙරහන් නොකළ ගෝලීය සංස්කෘතික ප්‍රවණතාවන්ට මුහුණ දීමට තවමත් සූදානම් නොමැති බව මියා සෙඩ්ගේ සංචාරය හරහා ශ්‍රී ලාංකේය සමාජයට කැඩපතක් සේ පරාවර්තනය විය.


ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය සෙවීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියෙන් ශ්‍රී ලංකා පොලිසියට සහය

 

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහය ශ්‍රී ලංකා පොලිසිය වෙත හිමිව තිබේ. සයිබර් ප්‍රහාරකයින් විසින් මෙලෙස සොරකම් කර ඇත්තේ ණය සේවාකරණයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවීමට නියමිතව තිබූ මුදලක් බව නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා වේ.


මෙම විමර්ශන කටයුතු සඳහා දැනට කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය අනුයුක්තව සේවය කරන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන් සක්‍රීයව දායකත්වය සපයමින් සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර පවතින විධිමත් එකඟතාවලට අනුකූලව ශ්‍රී ලංකා පොලිසිය වෙත මෙම සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවයි.


Tuesday, May 12, 2026

ලාංකික තරුණිය ඉතාලි පොලිසියක ලොක්කා වෙයි

 



 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 


ශ්‍රී ලාංකික තරුණියක ඉතාලි පොලිසියක  (කැරිබිනේරි)  ස්ථානාධිපති   තනතුරට එරට පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට පත් වී ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. මෙසේ පොලිස්  ස්ථානාධිපතිනියක ලෙස පත් වී ඇත්තේ භාග්‍යා සෝලංග ආරච්චි නැමති 23 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියකි.ඉතාලි විශ්ව විද්‍යාලයකින් වාණිජවේදි උපාධිය හදාරා ඇති භාග්‍ය මෙනවිය සිංහල ඉංග්‍රීසි සහ ඉතාලි යන භාෂාවලට අමතරව තවත් භාෂා කිහිපයක්ම චතුර ලෙස කතා කළ හැකි තරුණයකි. 


ඇයගේ පියා වන හෙන්රි සෝලංගආරච්චි මහතා  සහ මව වෙන්නප්පුව ශාන්ත ආනා මාවතේ පදිංචිව සිටියදී 1982 වසරේ ඉතාලියේ රැකියා සඳහා ඉතාලියට ගොස් ඇත. භාග්‍ය, ඇයගේ මව සහ පියා සමග මිලානෝහි පදිංචිව සිටී. උපාධිධාරී තරුණියක ලෙස එරට පොලිසියේ ඉහළම නිලයකට අයදුම්කර   ඒ  වෙනුවෙන්    පැවති විභාග කීපයකින් සහ බුද්ධි  පරීක්ෂණ වලින් ඉහළින්ම සමත් වී ඇති බව ඉතාලි මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.


පොලිස් නිලධාරිනියක ලෙස පුහුණුවීම් ලබන අතරවාරයේද පැවැති සෑම පරීක්ෂණයකදීම සුවිශේෂී දක්ෂතා පෙන්වා ඇති භාග්‍ය, ඒ නිසාම පුහුණුවීම් අවසානයේ එරට කැරි බිනේරි පොලිසියේ ස්ථානාධිපතිනියක ලෙස පත්කර ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබෙන බව එ රට රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයෝ කිහිප දෙනෙක් ලංකාදීපයට පැවසූහ.


පොලිස් පුහුණු වීම්වලට අමතරව ඇය අතිශය දුෂ්කර යුද පුහුණුවීම් ද ලබා සිටින්නීය. ඉතාලි මාධ්‍ය වාර්තාකර ඇති ආකාරයට ඇය අඩි හයක පමණ උස තරුණියකි.

 

Wednesday, April 29, 2026

ඇමෙරිකාවට ගෙවූ තැපෑලේ කෝටි විස්සකුත් ආගිය අතක් නෑ

 

රංජන් කස්තුරි


ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඇමෙරිකාවේ තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවූ ඇමරිකානු ඩොලර් හය ලක්ෂ විසිපන්දහසක මුදලක් හෙවත් රුපියල් කෝටි 20 ක පමණ මුදලක් ලැබී නැතැයි ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.



කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (28) පැවැති අවස්ථාවේ විශේෂ හෙළිදරව්වක් කරමින් ඇමතිවරයා ඒ බව සඳහන් කළේය.එම මුදලට කුමක් සිදුවූයේ දැයි සොයා බැලීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහ අපරාධ දෙපාර්තමේන්තුවෙන් වෙන වෙන නම පරීක්ෂණ  පැවැත්වෙන බව ද නලින් ද ජයතිස්ස මහතා කීවේය.


මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී තැපැල්පති රුවන් සත් කුමාර මහතා පැවසුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන තැපැල් භාණ්ඩ හුවමාරු සඳහා අවස්ථා දෙකකදී ගෙවූ එම මුදල ලැබී නැතැයි එරට තැපැල් දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මාසයේ දී දැනුම් දුන් බවය.එහෙත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉකුත් 2025 වසරේ පෙබරවාරි සහ එම වසරේ ඔක්තෝබර් මාසයේදී වශයෙන් අවස්ථා දෙකකදී එම මුදල ගෙවා තිබෙන බව ද තැපැල්පතිවරයා කීවේය.


මීට පෙර ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවූ ඩොලර් ලක්ෂයක මුදල නිසි පරිදි ලැබි තිබිණැයි ද සත් කුමාර මහතා පැවසීය.එහෙත් පසුව ගිණුම් අංකය වෙනස් කරමින් විද්‍යුත් පණිවුඩයක් ලැබී තිබුණු අතර ඒ අනුව නව ගිණුම් අංකයට බැර කළ මුදල ඇමරිකාවට ලැබී නැතැයිද හෙතෙම සඳහන් කළේය.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට දැනුම් දුන් නමුත් ඔවුන්ගෙන් තවම ප්‍රතිචාර යක් නැතැයි ද රුවන් සත්කුමාර මහතා කීය.


මේ අතර ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යූහගතකරණය කළ ණය වලින් ඔස්ට්‍රේලියාවට  ඉකුත් වසරේ ගෙවා තිබු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක මුදලක් සයිබර් හැකර්වරුන් වංචනිකව ලබාගෙන ඇතැයි හෙළිවිය.එම සිද්ධිය පිළිබඳව රට පුරා මහත් ආන්දෝලනාත්මකව තත්වයක් හටගෙන තිබෙන අතරතුර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී තවත් එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විශේෂත්වයකි.



මේ අතර රජයේ වෙනත්  ආයතන වල සුරක්ෂිතතාව  සම්බන්ධයෙන්ද රජයේ දැඩි අවධානය යොමු වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිරන්තර සොයා බැලීමේ කටයුතු ආරම්භ වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Tuesday, April 28, 2026

විදෙස් ලාංකිකයන්ට ඡන්දය දෙන්න පුළුවන්ද?

 

 රංජන් කස්තුරි


විදේශගතව සිටින ලක්ෂ 15කට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව, එම කමිටුව විසින් ඊයේ (27) රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය.


වාර්තාව බාර ගනිමින් අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සපයන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට රටේ පාලනය තීරණය කිරීමට අවස්ථාව නොදීම අසාධාරණ බවය.මෙය ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 16 ක පමණ අදහස් මෙයට ඇතුළත් බවද ඇමැතිවරයා කීය.


මෙම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට රජය සූදානම් බවද හෙතෙම කීය.එම වාර්තාව පිළිබඳව අදහස් දැක් වූ කමිටු සභාපති අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ එල්.ඒ.පී.කේ. කුලරත්න මහතා සඳහන් කළේ වාර්තාව සකස් කිරීමේ දී විදේශගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් ලෙස පුද්ගලයන් කාණ්ඩ හතරකට හඳුනාගෙන තිබෙන බවය.


මෙම ක්‍රියාවලිය ප්‍රධාන අංශ 04 ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බව ද ඔහු කීය. විදේශගත ශ්‍රමිකයන්, සිසුන් සහ ද්විත්ව පුරවැසියන් විධිමත් ලෙස ලියාපදිංචි කිරීමේ සිටින ක්‍රම වේද විදේශවල ඡන්දදායකයන් සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සහ මැතිවරණ වියදම් නියාමන පනතේ බලපෑම. තානාපති කාර්යාල හරහා තැපැල් මගින් හෝ ආරක්ෂිත මාර්ගගත (Online) ක්‍රමවේද භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඇති හැකියාව පිළිබඳව වාර්තාව මගින් යෝජනා ඉදිරිපත්කර තිබෙන බව ද හෙතෙම පැවසීය.


වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වු ඓතිහාසික මෙම පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 2025 දෙසැම්බර් මාසයේ දී මෙම කමිටුව පත් කරන ලදී.අපේක්ෂිත කාලයට පෙර, මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසා මෙම වාර්තාව සකස් කිරීම විශේෂත්වයකි.


විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසකට ඡන්ද අයිතිය ලබාදීම සඳහා මෙවැනි විධිමත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වන අතර 90 දශකයේ සිට මේ පිළිබඳව සංවාද පැවතුණ ද ඒ සඳහා ක්‍රමවත් වාර්තාවක් ඉදිරිපත් වූයේ ප්‍රථම වතාවටය.මෙම වාර්තාව සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ, ස්වාධීන සංවිධාන, විදේශගත පුද්ගලයන් සහ සංවිධාන වලින් කරුණු සහ අදහස් ලබා ගෙන ඇත.


විදේශගත පුද්ගලයන්ට අමතරව, මෙරට අත්‍යවශ්‍ය සේවාවල නිරත වෛද්‍යවරුන්, රේගු නිලධාරීන් ආදී නිලධාරීන් මෙන්ම ධීවරයන්, සිරකරුවන් සහ රෝගාතුරව සිටින පුද්ගලයන් සඳහා ද පූර්ව ඡන්දය (Advanced voting) හෝ ජංගම ඡන්ද (Mobile voting) ක්‍රම හඳුන්වා දීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව මෙහිදී සාකච්ඡාවට ලක් විය.මෙම වාර්තාවේ නිර්දේශ ඉදිරියේ දී මහජන සංවාදයට විවෘත කිරීමට නියමිත අතර එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය වඩාත් ශක්තිමත් කරනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.


Thursday, April 9, 2026

ට්‍රම්ප්​ගේ සටන් විරාමයට ඊශ්‍රායලයේත් සහාය

 


 ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


ඉරානයට එරෙහි ප්‍රහාර සති දෙකකට අත්හිටුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තීරණයට ඊශ්‍රායලයේ සහාය හිමි වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (8) පැවැසීය.ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර සති දෙකකට අත්හිටුවීමට තීරණය කර ඇත්තේ නෙදන්යාහු සමග දුරකතනයෙන් සාකච්ඡා කිරීමෙන් ද පසුව යැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. ඒ, ඊශ්‍රායලය ද හවුල් කරගනිමිනි. 


ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සතුටු කිරීමේ අරමුණෙන්, ඉරානයට පහරදෙනවා යැයි බොහෝ දෙනෙක් චෝදනා නගන්නට වූහ.හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් එකගතාවක් ඇති කර නොගන්නේ නම්, පහරදී ඉරාන ශිෂ්ටාචාරය මුළුමනින්ම විනාශ කර දමන බවට ට්‍රම්ප් දිගින් දිගටම තර්ජනය කළේ පෙරේදා (7) දිනයේය. කෙසේ නමුත්, පාකිස්තානයේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති කරගැනීමට හැකි විය.


ඒ, ඇමෙරිකාව සහ ඉරානය යන දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කොන්දේසි අනුවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සටන් විරාමය සම්බන්ධයෙන් සුබවාදිව අදහස් පළ කර ඇති නමුත්, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයට කිසිදු සටන් විරාමයක් නොමැති බවය. ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට පහර දෙන්නේ හිස්බුල්ලා සටන්කාමින්ට ඉරානයේ සහාය සහ අනුග්‍රහය ලැබෙන බැවිනි.


ඇමෙරිකා - ඉරාන සටන් විරාමය ලෙබනනයට අදාළ නොවන බව අග්‍රාමාත්‍ය නෙදන්යාහු මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

Tuesday, April 7, 2026

ඇමෙරිකාවටත් ඊශ්‍රායලයටත් කිසිදාක හෝමුස් අරින්නේ නෑ

 


 තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


යළි කිසි දිනෙක, හෝමුස් සමුද්‍ර සන්ධිය ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත නොවන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය ඊයේ (6) පැවැසීය.ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය මෙසේ පැවැසුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කරන්නැයි බල කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පරුෂ වචනයෙන් බැණ වදිමින්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ ඔස්සේ ඉරානයට තර්ජනය කිරීමත් සමගය.



එකඟතාවක් ඇති කර ගනිමින් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්නැයි ට්‍රම්ප් ඉරානයට බල කර ඇති අතර ඉරානය ඊට කන් දෙන්නේ නැත. හෝ හෝමූස් හරහා යාත්‍රා කෙරෙන නෞකාවලින් ප්‍රවාහන ගාස්තු අය කිරීම සඳහා නව නීති කෙටුම්පත් කිරීමට ඉරාන පාර්ලිමේන්තුවේ අදාළ කෙටුම්පතට අනුව ඉරානයේ රියාල් මුදල් ඒකකයෙන් අදාළ ගාස්තු ගෙවිය යුතු බවත්, ඉරානයට සම්බාධක පනවා ඇති රටවල නාවික ගමනගමනය සීමා කෙරෙන බවත්, ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට හෝමුස් හරහා ගමනාගමනය තහනම් කෙරෙන බවත් ඉරානය අවධාරණය හෝමූස් සමුද්‍ර සන්ධියේ අනෙක් සීමාවේ පිහිටි ඕමානය සමග සම්බන්ධීකරණය වී, එය පාලනය කිරීමට ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බවක් ඉරාන විප්ලවීය බළකාය ඊයේ (6) පැහැදිලි කළේය.


පෙබරවාරි 28 වැනිදාට පෙර පැවැති නාවික ගමනාගමනයට සාපේක්ෂව සියයට 90ක පහළ යාමකි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ කළේ පෙබරවාරි 28 වැනිදාය.


Tuesday, March 31, 2026

රටවල් 6 කින් නෑයො 800 ක් ඇවිත් ඉන්දු පකිස්තාන් මගුලක්

 


සනත් ගමගේ 


ඉන්දියන් තරුණියක පාකිස්තාන් තරුණයකු සමග අතිනත ගැනීමේ විවාහ මංගල උත්සවයක් හම්බන්තොට ෂැන්ගිලා හෝටල් පරිශ්‍රයේ දී පසුගියදා දින හතරක් පුරා පැවැත්විණි.පාකිස්තානු ජාතික ව්‍යවසායක මුස්තබා ෂෙයිකානි මහතා මුම්බාහි සුප්‍රසිද්ධ ඉන්දියන් ජාතික සෞන්දර්ය වෛද්‍ය විශේෂඥ හෆ්සා මර්චන්ට් මෙනෙවිය සමඟ අතිනත ගැනීමේ විවාහ උත්සවය මෙසේ පැවැත්විණි. දෙපාර්ශ්වයේම ඥාතීහු 800 කට ආසන්න පිරිසක් හෝටලයට පැමිණ සිටියහ.


මුල්තබා ෂෙයිකානි ජාත්‍යන්තර වෙළෙඳපොළේ පරිවාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන අතර වෛද්‍ය හෆ්සා සෞන්දර්ය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී වෛද්‍යවරියකි.එක්සත් ආරබි එමිර් රාජ්‍යය, ඉන්දියාව, පාකිස්තානය, එක්සත් රාජධානිය, යන රටවලින් පැමිණි අමුත්තන් දින හතරක දෙරටේ චාරිත්‍රානුකූලව විවිධ සැමරුම් අවස්ථා සිදු කරමින් උත්සවය පැවැත්විණි.


විවාහ මංගල්‍ය උත්සවයේ අවසන් දිනය වන පෙරේදා (29) රාත්‍රියේ විදේශ කටයුතු පිළිබඳ හා විදේශීය රැකියා, සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර ඔහු මේ පිළිබඳව මෙසේ පැවැසීය.


“ඉන්දියාව සහ පාකිස්තානය දෙරට අතර ඇතිවූ මෙම විවාහ මංගල්‍යය හම්බන්තොට පැන්ගිලා හෝටලයේ සිදු කිරීම අරුම පුදුම විවාහයක්. ලෝකයේ රටවල් හයක ඥාතීන් මෙම විවාහ උත්සවයට එක් වී සිටියා. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙය මහත් ඉවහල් වෙනවා.


මනමාලිය ඉන්දියාවේ මනමාලයා පාකිස්තානයේ. පාකිස්තානය සහ ඉන්දියාව එකතු කරන සාම මෙහෙවරක් තමයි හම්බන්තොට දී සිදු කෙරුණේ. අපට ලොකු ගෞරවයක් හම්බන්තොට දී මෙම විවාහ උත්සවය පැවැත්වීම. ලෝකයේ අය විවාහ උත්සව ගැනීමට අපේ රට දැන් තෝරාගෙන තිබෙනවා. ඉන්දියාව පාකිස්තානය පමණක් නොවෙයි රටවල් හයක් මෙම විවාහයට එකතු වී සිටිනවා. සංචාරක කර්මාන්තය දියුණු කිරිමට මෙය හොඳ පණිවිඩයක් ලෙස සලකනවා." ලංකාව ආරක්ෂිත රටක් බවට ලෝකය පිළිගෙන සිටින බවට මෙය හොඳ සාක්ෂියක් බව ද ඔහු වැඩිදුරටත් කීය.


දෙපාර්ශ්වයේ පවුලේ ඥාතීන්ද අදහස් දක්වමින් කියා සිටියේ හම්බන්තොට ෂැන්ඩ්‍රිලා හෝටලය ඉතාම හොඳයි, අප ඉතාම සතුටින් මෙම විවාහ මංගල්‍යය සඳහා එක් වූ බවයි.

Monday, March 23, 2026

රුසියාවෙන් බොරතෙල්

 



විමුක්ති එස් රුද්‍රිගු


රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා මෙම සතියේදී නිල සංචාරයක් සදහා මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු ආරංචි මාර්ග ඊයේ (22) ප්‍රකාශ කළේය.නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බවත්, එහිදී රුසියාවෙන් බොර තෙල් මිලදී ගැනීමට ගිවිසුම් ගත වීම සඳහා වන සාකච්ඡා අවසන් කරනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


එලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රුසියාවේ පළමු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය පවෙල් සොරකින් බවත්, ඔහු එළැඹෙන 25 වැනිදා බොහෝ දුරට මෙරටට පැමිණෙනු ඇති බවත් ආරංචි මාර්ග පැවසුවේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා දින තිහක කාලයක් මුහුදේ ඇති රුසියානු බොර තෙල්වලට පනවා තිබූ සම්බාධක ලිහිල් කළේය.


ඒ සමග ශ්‍රී ලංකාවට රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා තිබෙන හැකියාව සොයා බැලීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, මෙරට රුසියානු තානාපති ලෙවාන් සෙගරායන් මහතා මුණගැසී සාකච්ඡා කළේය. එහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට පොරොන්දු වූ රුසියානු තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ඉල්ලීම සහිත ලිපිය ඉතාමත් ඉක්මණින් මොස්කව් වෙත යොමු කර තිබිණි.

ගහන හැටි වීඩියෝ කරන්න ගිහින් : ඊශ්‍රායලයේ ලාංකික 4 කට තුවාල

 

 


විමුක්ති එස්. රුද්‍රිගු


ඉරානය, ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන් ලාංකිකයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.ඩිමෝනා නගරයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරය එල්ල වන අයුරු වීඩියෝ කිරීමට ගොස් ඔවුන් තුවාල ලබා ඇතැයි තානාපතිවරයා පැවැසුවේය.


මියිසල ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක උපදෙස් නොසලකමින් ඔවුන් විවෘත ප්‍රදේශයක සිට ඇති බවත් ඔවුන් එලෙස සිට ඇත්තේ මිසයිල ප්‍රහාරය වීඩියෝ කිරීමට බවත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.එහිදී මිසයිල ප්‍රහාරය හේතුවෙන් හානි වූ ගොඩනැගිලිවල වීදුරු කැබැලි එම ලාංකිකයන්ගේ හිසට සහ ශරීරයට වැටීමෙන් ඔවුන් තුවාල ලබා ඇතැයි ඔහු පැවැසුවේය. ඔවුන් කළ වීඩියෝ පටිගත කිරීමේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව පෙනෙන්නට ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. 


එම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකගේ නිවෙසට ද හානි සිදුව තිබූ නමුත් ඇයට තුවාලයක් සිදුව නොතිබූ බව ද තානාපතිවරයා පෙන්වා දුන්නේය.මිසයිල ප්‍රහාරයක් එල්ල වීමට විනාඩි 3 කට පෙර සයිරන් හඬ නාද වෙද්දී ආරක්‍ෂිත ස්ථානයකට ගොස් රැකවරණය ලබා ගන්නා ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවැසුවේය.ඩිමෝනා සහ ඇරැබ් නගරවලට පෙරේදා (21) එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

Monday, March 16, 2026

ඉරාන නැවියන් 239 ගැන හෙට-අනිද්දා තීරණයක් ගන්නවා

 

සුජිත් හේවාජුලිගේ


අයිරිස් ඬේනා සහ අයිරිස් බුෂරි යන ඉරාන නෞකාවල සිට බේරා ගනු ලැබූ නාවිකයන් සම්බන්ධයෙන් හෙට අනිද්දා තීරණයක් ගනු ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය. විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරාන තානාපතිවරයා සහ ඉරාන රජය සමග සාකච්ඡා වට ගණනාවක් පසුගිය දිනවල පැවැත්වුණු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නාවිකයන්ගේ මළ සිරුරු සියල්ල ඉරානයට යවා අවසන් කෙරුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.


අයිරිස් ඩේනා නැවේ සිටි තිස් දෙදෙනකුද, අයිරිස් බුෂර් නැවේ සිටි දෙසීය හත් දෙනකුද බේරාගෙන වැලිසර සහ කොග්ගල ආරක්ෂක කඳවුරුවල රඳවා සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.අයිරිස් ඩේනා නොකාවේ සිටි නාවිකයන් 84 දෙදෙනකුගේ මළ සිරුරු විශේෂ ගුවන් යානයකින් පසුගිය 13 වැනිදා ඉරානයට යවනු ලැබීය.අයිරිස් ඩේනා නෞකාව ඇමරිකානු සබ්මැරින් ප්‍රහාරයකින් ගාල්ලට ඈත මුහුදේදී පසුගිය 4වැනිදා විනාශයට පත්විය. අයිරිස් බුෂරේ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ත්‍රිකුණාමලය වරායට රැගෙන යනු ලැබීය.

Friday, March 13, 2026

මැද පෙරදිග දරුවෝ දහසක් යුද්ධයට බිලි

  

 


ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව අනුගමනය කරන හමුදා ක්‍රියා මාර්ගයත්, ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග හටගත් යුදමය තත්වය හේතුවෙන්, මැද පෙරදිග කලාපයේ කුඩා දරුවන් දහසකට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.


යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ඉරානයේ සහ ලෙබනනයේ පමණක් දරුවන් 291 දෙනකු මියගොස් ඇති බවය. ඒ අතර, ඉරානයේ දරුවන් 200 දෙනකු ද ලෙබනනයේ දරුවන් 91 දෙනකු ද සිටින බව පැවැසෙයි.ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය 28 වනිදාය. ඉරානයේ බාලිකා පාසලක් ද ඇමෙරිකන් ප්‍රහාරයකින් විනාශ වුණු අතර එම ප්‍රහාරයෙන් මියගිය ගණන 117 කි. ඔවුන්ගෙන් වැඩි දෙනා ද බාලිකාවන් බවට ඉරානය චෝදනා නගයි.


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉරාන හමුදාව ඉලක්කය වැරැදීමකින් එම බාලිකා පාසලට පහර දෙන්න ඇතැයි කියාය. ඊශ්‍රායලය ලෙබනනයට පහර දෙන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සහාය දෙන්නේ ඉරානය බැවිනි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනන් වැසියන් 50,000 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද වාර්තා වේ. ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වෙමින් පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට විනාශකාරී" වටපිටාවක් නිර්මාණය කර ඇති බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.මැදපෙරදිග කලාපයේ රටවල මිලියන 200 ක් දරුවන් වාසය කරන බවත්, ඔවුන් ගැන සිතා කටයුතු කිරීමට ඇමෙරිකාව, ඊශ්‍රායලය මෙන්ම ඉරානය ද වගබලා ගත යුතු නොවේදැයි යුනිසෙෆ් සංවිධානය විමසා ඇත.

 

Thursday, March 12, 2026

ඊ නිවුස් වෙබ් කර්තෘ එංගලන්තයෙන් එද්දී කටුනායකින් අත්අඩංගුවට

 

ටී.කේ.ජී. කපිල


ලංකා ඊ.නිවුස් වෙබ් අඩවියේ කර්තෘ දොන් ප්‍රදීප් සදරුවන් සේනාධීර, එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී, ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත ඊයේ (11) පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත බාර දී ඇත.


මොහු එංගලන්තයේ මෙන්ම තලංගම උතුර, තලංගම යන ලිපිනයෙහි ද පදිංචි, ද්විත්ව පුරවැසිභාවය හිමි 64 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ (11) පස්වරු 1.25 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.


ඔහුට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන 294/9 දරන නඩුවට අදාළව ගුවන් ගමන් තහනමක් පනවා තිබිණි. කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ රඳවා ඇති මොහු, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ, කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් චෙත භාර දීමට නියමිතය.

හෝමුස් නැව් පාර වැහිල්ලෙන් ලෝකයේම කෑම මිලත් ඉහළට

 

විමුක්ති එස්. රුද්‍රිගු


ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනා ගමනය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාම අඩපණ වීමේ විශාල අවදානමක් ඇති හෙයින් ඒ තත්වය මත ලෝකයේ ආහාර මිල ඉහළ යාමට සහ ජීවන වියදමට පීඩනයක් එල්ල විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව පසුගිය ද අනතුරු ඇගවීය.


ඇමෙරිකාව - ඊශ්‍රායලය, ඉරානයට පහර දීමට සතියකට පෙර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර තිබූ නෞකාවලින් සියයට 38 ක් බොර තෙල් බවත් සියයට 29ක් එල්.පී ගෑස් බවත් එම සමුළුව පෙන්වා දුන්නේය. එසේම සියයට 19ක් එල්.එන්. ගෑස් බවත් තවත් සියයට 13ක් පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව ප්‍රකාශ කළේය.


තවත් සියයට 2.8 ක් බහාලුම් රැගෙන යන නෞකා බවත් ඉතිරි සියයට 2.4ක් වියළි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකා බවත් එම සමුළුව පැවැසුවේය. යුද්ධය ආරම්භ වීමට පෙර පසුගිය පෙබරවාරි 1 සිට 27 වැනිදා දක්වා කාලයේදී දිනකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා 129 ක් ගමන් කර ඇතත් යුද්ධය ආරම්භ වීමෙන් පසු මාර්තු මාසයේදී හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ දිනකට නැව් 6ත් 4ත් අතර ප්‍රමාණයක් පමණක් යැයි ද එම සමුළුව පෙන්වා දුන්නේය.


ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනා ගමනයට දැනටමත් බාධා එල්ල වී ඇතැයි මෙම දත්ත වලින් පෙනී යන බව ද එම සමුළුව ප්‍රකාශ කළේය.යුද්ධය දිගින් දිගටම පැවැතියහොත් බලශක්ති සැපයුමට බාධා එල්ලවිය හැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නෞකා ප්‍රවාහන ගාස්තු, පොහොර මිල සහ බලශක්ති නිෂ්පාදන මිල ඉහළ යා හැකි බවත් එම සමුළුව අනතුරු ඇඟවූවේය. ඒ හේතුවෙන් ලෝක ආහාර මිල ඉහළ යා හැකි බවත් ජීවන වියදම ද ඉහළ යා හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ හා සංවර්ධන සමුළුළු පෙන්වා දුන්නේය.

Thursday, March 5, 2026

ලාංකිකයෝ ලක්ෂ 10ක් මැදපෙරදිග

 

 අංජුල මහික වීරරත්න


ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දහයක පමණ පිරිසක් මැදපෙරදිග රැකියාවල නියුක්තව සිටින බවත්, කරදරයට අවදානමට ලක්ව සිටින ජනතාව ගෙන්වා ගැනීම සදහා ගුවන් යානා යොමු කිරීමට මැදිහත් වෙමින් සිටින බවත්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) පැවැසීය.ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරන බව ද ඔහු කීය විජිත හේරත් මහතා මෙසේ ද කීය.


"මැදපෙරදිග ගැටුම්කාරී තත්වය වේගයෙන් උත්සන්න වීම ගැන ශ්‍රී ලංකා රජය කනස්සල්ල පළ කරනවා. මේ තත්වය කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට ඛරපතළ තර්ජනයක්. තත්වය සමනය කිරීම සඳහා උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසත්, ගැටුම්කාරී තත්වයට ක්ෂණික හා තීරණාත්මක පියවර ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාව මෙයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරනවා. බරපතළ මානුෂීය ආර්ථික බලපෑම් සහිත පුළුල් කලාපීය ගැටුමක අවදානම වැළැක්වීම සදහා සියලු පාර්ශ්වයන් තවදුරටත් ප්‍රකෝපකාරී පියවරයන්ගෙන් වැළකී සිටිය යුතුයි. ඒක තමයි අපේ ස්ථාවරය.


යුදමය තත්වය වළක්වා ගැනීම සඳහා සාකච්ඡාමය – පියවරකට ගමන් කිරීම අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධයෙන් අප විවිධ රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරලා තියෙනවා. ඊයේ රාත්‍රියේත් ජනාධිපතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළා. අද හවසත් රාජ්‍ය නායකයන් සහ විදේශ අමාත්‍යවරුන් කිහිපදෙනකු සමඟ දුරකතනයෙන් සාකච්ඡා කරනවා. ලෝක සාමය වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වෙනවා. ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දහයක පිරිසක් මැදපෙරදිග රැකියාවල නියුක්තව සිටිනවා. කුවේටි 322,427ක්, සෞදි 242,593ක්, කටාරි 203,182ක්, එක්සත් අරාබි එමීරි රාජ්‍යයේ 170,468ක්, ඕමාන් 36,812ක්, ඊශ්‍රායලයේ 27,472ක්, ජෝර්දාන් 24,182ක්, බහරේන් 14,374ක්, ලෙඛනනයේ 7,925ක්, ඉරාකයේ 641ක්, යේමනයේ 16ක්, සිරියා හතක්, ඉරානයේ දහයක් ඉන්නවා. ගුවන්තොටුපොළ කිහිපයක් දැන් විවෘත කරලා තියෙනවා. ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරනවා. ඉක්මනින් ගුවන් යානා යොමු කිරීමට මැදිහත් වෙමින් සිටිනවා.


හෝලූස් සමුදු සන්ධිය වසා දැමීම අපේ තෙල් ආනයනයට බාධාවක් නෑ. අපිට තෙල් එන්නේ වෙන පැත්තකින්. හෝෆූස් සමුදු සන්ධිය වසා දැමීමෙන් පොදුවේ තෙල් සැපයුමට බාධා වෙන බව ඇත්ත. යුද්ධය දිගටම ගියොත් තෙල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්. දැනට ප්‍රශ්නයක් නැහැ. මේක අනපේක්ෂිත රටේ තත්වයක්. සියලුම   තානාපති කාර්යාලවල ආරක්ෂාව තහවුරු කර තිඛෙනවා."

Tuesday, March 3, 2026

මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ ලාංකික කතකට තුවාල

 


 


විමුක්ති එස් රුද්‍රිගු


ඊශ්‍රායලයේ බියර්ෂෙබා නේවාසික ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක කොටස් නිවෙසක් මතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඊයේ (02) ප්‍රකාශ කළේය.බියර්ෂෙබා ප්‍රදේශයට ඉරානය එල්ල කළ මිසයිලයක් ඊශ්‍රාල ගුවන් ආරක්ෂණ පද්ධතිය සාර්ථකව විනාශ කර දමා ඇති බවත් එහි සුන්බුන් ශ්‍රී ලාංකික කාන්තාව සේවය කළ නිවෙස මතට වැටී ඇති බවත් බණ්ඩාර මහතා පැවසුවේය.


තුවාල ලැබූ ශ්‍රී ලාංකික කාන්තාව එම නිවෙසේ රැකබලා ගන්නකු ලෙස සේවය කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.ශ්‍රී ලාංකික කාන්තාව තුවාල ලැබීමෙන් අනතුරුව සොරකා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කළ බවත් සුළු තුවාල ලබා සිටි ඇය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව නිවෙස බලා පිටත්ව ගොස් ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය. ඇයගේ තත්වය බරපතළ නොවන බවද ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

Tuesday, January 6, 2026

වෙනිසියුලා සිද්ධිය: කොමියුනිස්ට් පක්ෂයත් හෙළා දකී



වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ එක්සත් ජනපදය විසින් පැහැර ගනු ලැබීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියයි.එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අස්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.


එක්සත් ජනපදයේ මෙම ජාත්‍යන්තර මංකොල්ලකාරි ක්‍රියාව හයිටි ජනාධිපති ජීන්- බර්ට්‍රන්ඩ් ඇරිස්ටයිඩ් පැහැර ගැනීම සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගමැති පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කිරිම සමඟ සමපාත වේ. මෙම ක්‍රියාව මගින්, ඇමෙරිකා එක්සත් ජනපදය ගෝලීය ත්‍රස්තවාදී තක්කඩි රාජ්‍යයක් ලෙස එහි සැබෑ වර්ණය නැවත වරක් හෙළි කර තිබේ.


වෙනිසියුලාවේ සිවිල් යටිතල පහසුකම්වලට හිතාමතා බෝම්බ හෙළීම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හෙළා දකී. එවැනි ක්‍රියා 2003 ආක්‍රමණයට පෙර ඉරාකයේ සිදු කරන ලද සිවිල් යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීමට සමානකම් දක්වයි. සිවිල් පහසුකම් හිතාමතා ඉලක්ක කිරීම ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරිමක් වන අතර ස්ථාපිත ගෝලීය සම්මතයන් යටතේ යුද අපරාධයක නිර්වචනය සපුරාලයි.මෙම ආක්‍රමණය එක්සත් ජනපදය විසින් ඓතිහාසිකව අනුගමනය කරන ලද පුළුල් අධිරාජ්‍යවාදී අරමුණු වලින් වෙන් කළ නොහැකියි.


 

ලෝකයේ විශාලතම, තහවුරු කරන ලද,තෙල් සංචිත වෙනිසියුලාවට ඇති අතර, එය දිගු කලක් තිස්සේ උපායමාර්ගික බලශක්ති සම්පත් පාලනය කිරිමට උත්සාහ කරන බාහිර බලවතුන්ගේ අවධානයට ලක්ව තිබූ කරුණකි. තෙල් ප්‍රවේශය, භූ දේශපාලනික ආධිපත්‍යය සහ එක්සත් ජනපද අවශ්‍යතාවලට හිතකර ගෝලීය මූල්‍ය රටාව සංරක්ෂණය කරගැනීම ඇතුළුව ඉරාක ආක්‍රමණයට සමාන අභිප්‍රේරණයන් පාදක වී ඇති බවට විශ්ලේෂකයෝ තර්ක කරති. වර්තමාන අවස්ථාවේ දී ව්‍යාජ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් වටා සකස් කරන ලද වාචාල කතා, වෙනිසියුලාවට එරෙහි ප්‍රහාර සඳහා මැදිහත්වීමට කඩතුරාවක් ලෙස භාවිතා කරමින් ඇත.