ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලෙමින් තිබූ බාල වයස්කාර පාසල් සිසුවියකගේ මළ සිරුරක් පෙරේදා (02) දහවල් ගාල්ල පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම සිසුවිය පල්ලෙබැද්ද ගල්පාය බඹරගල ප්රදේශයේ පදිංචිකාරියක් බවත් ඇය පල්ලේබැද්ද ධර්මපාල විදුහලේ අට වැනි ශ්රේණියේ ඉගෙනුම ලබමින් සිටි බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මළ සිරුර අසල තිබී ජාතික හැඳුනුම්පතක් සොයාගෙන ඇති අතර එය ඇයගේ අක්කාගේ හැඳුනුම්පත බව ද පොලිසිය පවසයි.
ඇය බාල වයස්කාරියක් නිසා මෙසේ අක්කාගේ හැඳුනුම්පත සොරකම් කරගෙන පැමිණ ඇති බවද එසේ සොරකම් කර ගෙන එන්නට ඇත්තේ තරුණයෙකු සමග හෝටලයකට යෑමේ අරමුණින් විය හැකි බවද පොලිසිය පවසයි.
ගාල්ල මහෙස්ත්රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත යැවීමට නියමිතව ඇත.
ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
-අහංගම සුගතපාල දීයගහගේ-