Showing posts with label local .. Show all posts
Showing posts with label local .. Show all posts

Wednesday, July 24, 2019

විදෙස් වෛද්‍ය උපාධිය ගත් සිසුන් දින 30ක් තුළ ලියාපදිංචි කරන්න වෛද්‍ය සභාවට නියෝගයක්



ලංකා වෛද්‍ය සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පැවැත්වෙන කඩඉම් විභාගයෙන් සමත් වන පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලයගෙන් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් දින 30 ඇතුළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඊයේ (23) නියෝග කළේය.

ඒ පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගත් 16 දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය. ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ලබා දුන්නේය. පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබියදී තමන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවට පෙත්සම්කරුවන්ගේ චෝදනාව විය.

මේ නිසා තම මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්  තමන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් එම වෛද්‍ය උපාධිධාරීන් පිරිස මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

Wednesday, May 22, 2019

දෙහිවල වෙසක් කළාපයට ලැබුණු ලක්ෂ ගණනක මුදල් වංචා කරලාලු








දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් පවත්වන ලද පාරමිතා වෙසක් කලාපයට ලැබුණු රුපියල් 275,000ක ආධාර මුදලක් වංචා කර තිබීම සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානයට පැණිලි කළ බව එම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යමිත නලින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙම වෙසක් කලාපය පැවැත්වීම සඳහා පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලින් ලැබුණු චෙක්පත් තුනක් නගරාධිපති අරමුදලට බැර නොකර පෞද්ගලිකව මාරු කර අයථා පරිහරණයට යොදාගෙන ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අදාළ චෙක්පත් පෞද්ගලික බැංකු දෙකක් හා රාජ්‍ය බැංකුවක් මගින් මාරු කරගෙන තිබෙන බවත්, මෙම සිද්ධියට නාගරික මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වී සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මම මුදල් වංචාවේ සියලු තොරතුරු අනාවරණය වී තිබෙන බැවින් තමන් මේ සම්බන්ධව මහා සභාවේ සහ නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතාගේ අවධානයට යොමුකළ බවද යමිත නලින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

-අමිත් මධුරංග-

Friday, May 3, 2019

සයින්දමරුදුවල මැරුණු ත්‍රස්තයන්ට ආගමික වතාවත් නෑ



කල්මුණේ, සයින්දමරුදු, නිවෙසක් තුළදි මරාගෙන මැරුණු දසදෙනකුගේ භූමදාන කටයුතු ආගමික වතාවත්වලින් තොරව ඊයේ (02දා) දින සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. එසේම එම පිපිරීමෙන් මිය ගිය කුඩා දරුවන් හයදෙනාගේ භූමදාන කටයුතු ඉස්ලාම් ආගමික වතාවත්වලින් අනතුරුව සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

කල්මුණේ ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ සහ ආගමික සංවිධානවල උපදෙස් මත ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ දසදෙනාගේ අවසන් කටයුතු මෙලෙස ආගමික වතාවත්වලින් තොරව සිදු කළ බවද හෙතෙම කියා සිටියේය. පාස්කු ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ පියා, සහෝදරයන් දෙදෙනා සහ එම ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුද මෙම පිපිරීමෙන් මියගියහ.

-චාමර අමරසුරිය-

සුදු පැහැති සාය 60ක් සමග මුස්ලිම් ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට-වෙළඳාමට ගෙනාපුවලු

කාන්තාවන් භාවිතා කරන සුදු පැහැති සායන් 60ක් පමණක් අළෙවියට රැගෙනගිය බව කියන විදේශයක සිට මේ රටට පැමිණි මුස්ලිම් ජාතිකයකු හා තවත් අයෙකු සුදු සායන් හැටක ප්‍රමාණයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පෙරේදා (01දා) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිස් රථවාහන අංශය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සදහා අපරාධ විමර්ශන අංශයට භාරදී තිබේ.

කළු පැහැති වෑන් රථයක් අනුරාධපුර නගරය දෙසට ධාවනය වෙමින් තිබියදී අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට රථවාහන රාජකාරීයේ නිරතවූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට රථ පිළිබඳව සැක සිතී පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ එහි තිබී විනිවිද පෙනෙන ඇසුරුම් හතරක  බහා තිබු සුදු පැහැති කාන්තා සායවල් සහ රථය අත්අඩංගුවට ගෙන පොලිස්ථානයට රැගෙන විත් තිබුණි.

තවුහීද් ජමාත් ත්‍රස්ත සංවිධානය බෞද්ධ විහාරස්ථානවලට ප්‍රහාරයක් එල්ලකිරීමට සුදානම්ව ඇති බවට පසුගිය සති කිහිපයේ තොරතුරු අනාවරණ‍ය වීම හා බුර්කාවෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවන් පිරිසක් සුදු පැහැති ඇඳුම් විශාල ප්‍රමාණයක් එක්වර මිලදී ගැනීමේ සිද්ධිය පොලීසියට අනාවරණය වීමත් සමග වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිස් නිලධාරියාට දැඩි සැකයක් ඇතිවී තිබුණි.

සැකකරුවන් පැමිණි වැන් රථය, පුපුරන ද්‍රව්‍ය සෙවීම සඳහා පුහුණු පුරුදුකර සිටින නිල සුනඛයාගේ සහාය ඇතිව පොලිස්ථානය තුළදී පරීක්ෂාවට ලක්කළද එහි වෙනත් කිසිදු සැකකටයුතු ද්‍රව්‍යක් හමුනොවු බව පොලීසිය සදහන් කරයි.

අනුරාධපුර නගරයේ රෙදිපිළි අලෙවි සැලට දැමූ නිමි ඇඳුම්වල මුදල් එක්කාසු කිරීමට පැමිණි අවස්ථාවේ සායන් අලෙවියට රැගෙන ආ බවත් පොලීසියට පවසා තිබේ.

මුස්ලිම් ජාතිකයන් දෙදෙනා සත්තකයේ තිබී රුපියල් හාර ලක්ෂයක පමණ චෙක්පත් තිබී හමුවූ බවත් ඔවුන් නිමි ඇඳුම් අලෙවි කළ බව කියන මුස්ලිම් කඩ කිහිපයක හිමිකරුවන් පොලීසියට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් නිමි ඇඳුම් වෙළඳුන් බව පවසා තිබේ.

සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.