Showing posts with label g5. Show all posts
Showing posts with label g5. Show all posts

Thursday, January 21, 2021

කොරෝනා සමාජගත වෙලා

කොවිඩ් වයිරසය සමාජගත වී අවසන් යැයි කෑගලු දිස්ත්‍රික් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් මහතා පැවැසීය.

කොවිඩ් දෙවැනි රැලේදී ආසාදිතයන් හමුවීම හා මියයන කොවිඩ් ආසාදිතයන් පිරිස සැලකිල්ලට ගැනීමේදී වයිරසය කොපමණ ස්ථීර ප්‍රමාණයකට පැතිර ඇත්දැයි පෙන්නුම් කෙරෙන බව කී අබේකෝන් මහතා කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් ඇත්තේ වයිරසය සමාජ ගත වීම නිසා බව ප්‍රකාශ කළේය.

වෛද්‍ය මුදිත අබේකෝන් මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් සමාජගත වෙලා කියන එක අපි පිළිගන්න ඕනෑ. කොහෙන්ද හමුවුණේ කියලා හොයා ගන්න බැරි විදියට රෝගීන් හමුවෙනවා. ඒ කියන්නේ වයිරසය සමාජගත වෙලා අවසන්. ඒක තමයි යථාර්ථය. ඒක කියන්න අපි බිය විය යුතු නැහැ. ඒක ලැජ්ජා වෙනත් කාරණයක් නොවෙයි. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව වැනි අපට වඩා දියුණු රටවලත් කොඩිඩ් සමාජගත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් කොවිඩ් සමාජගත වෙලා කියන්න ලැජ්ජා විය යුතු නැහැ. මොකද ලෝකයේ දියුණු රටවලත් මේක පාලනය කර ගන්න බැරිවෙලා තියෙනවා.


- සුජිත් හේවාජුලිගේ -

Wednesday, December 9, 2020

බේරුවලින් කොරෝනා රෝගීහු 153ක්

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අලුත්ගම ,බේරුවල, පයාගල යන පොලිස් බල ප්‍රදේශ තුනෙහි මේ වන විට කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයන් ගණන 153 දෙනකු වන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා ඊයේ (08) පැවැසීය.

මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසවලින් වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ මග්ගොන, මරදාන, දර්ගා නගරය සහ පයාගල යන ප්‍රදේශවලිනි.

මෙලෙස හමු වූ ආසාදිතයින් අතරින් මග්ගොන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත පුද්ගල මරණයක් වාර්තා වී ඇති බවත්, මේ වන විට සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් හමු වූ සියලුම රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි. දර්ගා නගරයේ ඇඟලුම් හලකින් කොවිඩ් ආසාදිත සේවිකාවන් තිදෙනකු ද, මග්ගොන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලකින් කොවිඩ් ආසාදිත සේවිකාවක් ද හමු වීම හේතුවෙන් එම ආයතන වසා දමා තිබෙන බවත්, දර්ගා නගරයේ කොවිඩ් ආසාදිත පුද්ගලයකු අසළ වෙළඳ සැල් 6කට ගොස් තිබීම හේතුවෙන් එම වෙළදසැල් 6 ද මේ වන විට වසා දමා තිබෙන බවත් පැවැසේ. පයාගල ප්‍රදේශයේ කොරෝනා පාලනයට මහත් අවදානමක් තිබූ රා පොළක් සෞඛ්‍ය අංශ සහ පයාගල පොලීසිය මැදිහත් වී වසා දමා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් සහ ඒ ප්‍රදේශ බාර කොවිඩ්-19 වැළැක්වීමේ පොලිස් නිලධාරිහු පැවසූහ. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසූවේ මේ වන විට සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් හඳුනාගෙන ඔවුන්ගේ ආශ්‍රිතයන් ද ඇතුළු පුද්ගලයන් 5000ක් පමණ නිරෝධායනට යොමු කර සිටින බවය.

- තුසිත කුමාර ද සිල්වා -