Showing posts with label g3. Show all posts
Showing posts with label g3. Show all posts

Tuesday, January 21, 2020

ඊසාන මෝසමේ බලපෑමේන් ඉදිරි දිනවල වැසි




දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි දිනවලදී වැසි ඇතිවන බන් කාලගුණ විද්‍යා දෙපාරතම්මේන්තුව පවසයි. නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ  දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද හෙතෙම කීවේය. මන්නාරම, පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 පමණ දක්වා වැඩි විය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදැසන කාලයේදී මිදුම් තත්ත්වයක් අපේක්ෂා කරන බව ද එම ප්‍රකාශකයා පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට කොළඹ හරහා කළුතර දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවල නිරතවන්නන් විමසිලිමත්  විය යුතු බව ද කාලගුණ දෙපාර්තමේන්තූවේ එම
ප්‍රකාශකයා කීවේය.

මේ අතර ඊයේ (20) පෙරවරු 8.30න් අවසන් වූ  පැය 24ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමිටර 81.4ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රන්ටැඹේ ප්‍රදේශයෙනි.  දැනට පවතින ඊසානදිග මෝසමේ බලපෑමෙන් මෙම වැසි ඇතිවන බව ද හෙතෙම පැවසීය.

-ඩයනා උදයංගනී-

Wednesday, January 8, 2020

රට තුළ වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක්




මේ දිනවල රට තුළ බොහෝ ප්‍රදේශවල වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තලිමේන්තුව සදාහන් කරයි,  එමෙන්ම රට තුළ සුළං හමන රටාව සමග ඉදිරියේදී උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවිය හැකි බවත්, උදෑසන සහ රාත්‍රී කාලයේදී සීත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

නැගෙනහිර සහ ඌව පළාත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මඳ වැසි ඇති විය හැකි අතර, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ගාල්ල, මාතර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.අනෙකුත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු වීය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේය. දිනවල පවතින උණුසුම් කාලගුණ තත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එල්. චන්ද්‍රපාල මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ,

"පසුගිය වසරවලදී මේ කාලය වනවිට උදේ සහ රාත්‍රියේ ශීත කාලගුණික තත්ත්වයක් තිබෙනවා. උතුරු ඉන්දියාවේ සිට හමන සුළං ධාරාවක් නිසා ඒ තත්ත්වය ඇතිවෙනවා. නමුත් මෙවර ඒ සුළං ධාරාව මෙතෙක් සකස් වී නැහැ.  ඊසාන දිශාවෙන් හෝ නැගෙනහිර දිශාවෙන් දිවයිනට සුළං හමන රටාවක් තමයි දැන් තිබෙන්නේ. එවැනි කාලයකදී ජලවාෂ්ප වායුගෝලයේ තිබෙනවා. ජල වාෂ්ප තිබෙන නිසා ශරීරයට දාඩිය දැමිමත් පිටවෙන්නේ නැහැ. ඒ නිසා රස්නය දැනෙනවා.

මේ ජල වාෂ්පවලින් වැහි වලාකුළු ඇතිවන ප්‍රමාණයක් අවම වෙලා තිබෙනවා. ඒ නිසා හවස් කාලයේ දිවයිනේ නිරිතදිග කොටස් වර්ෂාපතනයක් තිබෙනවා. ඊට අමතරව නැගෙනහිර ඌව උතුරුමැද  උදෑසන කාලයේ සිහින් වර්ෂාපතනයක් වර්ධනය වෙනවා.  ඉදිරියේදී මේ තත්ත්වය සකස්වෙන්න පුළුවන්. ඒ අනුව ඉදිරියේදී උදෑසන සහ රාත්‍රී කාලයේ ශීත කාලගුණයක් ඇතිවෙන්න පුළුවන්. සුළං හමන රටාව සමග දැනට තිබෙන උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙන්න පුළුවන්” යනුවෙනි.


-චාමර සම්පත්-

Monday, July 22, 2019

වැස්ස සහ නියඟයෙන් 8ක් මරුට ලක්ෂ පහමාරකට පීඩා



දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තවත් 4දෙනකු අතුරුදන් වී ඇති බවත් ඒ හේතුවෙන් පවුල් 163,988ක පුද්ගලයන් 583,181ක් අවතැන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (21) නිකුත් කළ නවතම තත්ත්ව වාර්තවේ සඳහන් වේ.මේ අතරින් වර්ෂාව හේතුවෙන් පවුල් 1,314 අයත් පුද්ගලයන් 5,200 දෙනෙකු පීඩාවට පත්ව ඇති එම වාර්තවේ වැඩිදුරටත් සදහන් වේ.

එසේම තද සුළං සහ මුහුදේ රළු භාවය නිසා මන්නාරම සිට  පොතුවිල් දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. ඒ අනුව මෙම මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වූ තද සුළං ඇති විය හැකිය. එබැවින් මෙම මුහුදු කලාපයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ධීවර හා නාවුක ප්‍රජාවට අවවාද කර ඇත.

එමෙන්ම ධීවර කටයුතු සඳහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගිය ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 20ක සිටි ධීවරයන් 100කට අධික පිරිසක් අයහපත් කාලගුණයට මැදිව මාලදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටියදී මාලදිවයිනට ළගාවීමට අවසර  ලබා දී ඇත. එම යාත්‍රා 20න් 14ක් හලාවත ප්‍රදේශයෙන් ධීවර  කටයුතු සඳහා මුහුදු ගොස් ඇති අතර, තවත් බහුදින ධීවර යාත්‍රා 06ක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයට වාර්තා වී තිබේ.

මෙයට අමතරව ඉන්දියාවෙන්ද එවැනි අවසරයක් ග්‍රීලංකික ධීවරයන් වෙනුවෙන් ලබා ගැනීමට කටයුතු කෙරිණි. එසේම රූමස්සල කදුවැටිය අසලදී අධික සුළං තත්වය සහ මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් රූමස්සල කඳුවැටියේ ගැටී අනතුරට ලක්ව තිබේ. මුහුදේ පැවති රළු ස්වාභාවය හේතුවෙන් නෞකාව මුදා ගැනීමට නොහැකි වී ඇති අතර නෞකාවෙන් තෙල් වහනය වීම පාලනය කිරීම සඳහා එහි තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවති.

දිවයිනේ නිරිත දිග කොටසේ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ දැනට පවතින වැසි හා සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවත් මිලිමීටර් 50 ඉක්මවූ වර්ෂාවක් මෙම ප්‍රදේශ ආශ්‍රිතව බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කළු ගංගා ධාරා ප්‍රදේශයට මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.

පසුගිය පැය විසිහතරක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ලට මිලිමීටර් 50ක්ද, පලාබද්දල ප්‍රදේශයට මිලිමීටර් 99ක්ද, ගිලීමලේ ප්‍රදේශයට මිලිමීටර් 92ක් සහ කුඩා වැව ප්‍රදේශයට මිලිමීටර් 172ක වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත. පවතින අධික වැසි තත්වය මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත. එම අනතුරු ඇඟවීම්  කාලසීමාව තුළ නායයෑම් ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ  පිළිබද සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ වාන් දොරටු 02ක් විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු මහතා දැනුම් දුන්නේය.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පූර්ණ හානි වූ  නිවාස 55ද අර්ධ හානි වූ නිවාස 1,527ක්ද මේ වන විට වාර්තා වී තිබේ. ආපදාවේ ස්වරුපය ඇස්තමේන්තු කිරීමෙන්  අනතුරුව රුපියල් 10,000ක මූලික වන්දි මුදලක් ලබා දීමට  රජය තීරණය කර තිබේ. එසේම ආපදාව හේතුවෙන් විපතට පත් වූ පවුල් 108ක පුද්ගලයන් 443ක් ආරක්ෂිත ස්ථාන 15ක රදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

-දිනුක මලින්ද හේරත්-

Tuesday, June 11, 2019

අධිවේගයේ අනතුරු අවම කිරීමට විශේෂ ව්‍යාපෘතියක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වන වාහනවල ප්‍රධාන විදුලි ලාම්පු ආලෝකය හේතුවෙන් රියදුරන්ට සිදුවන අපහසුතා මගහැරවිම සඳහා එම මාර්ගය මැද කොටසේ දිප්ති ප්‍රතිරෝධක පුවරු සවිකිරීමට පියවර ගෙන ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවසිය. ගැලණිගම සහ දොඩන්ගොඩ අතර කොටසේ එය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

මෙලෙස එක් පසෙකින් ගමන් කරන වාහනවල ප්‍රධාන ලාම්පුවේ ආලෝකය අනෙක් පසින් ගමන් කරන වාහනවල රියදුරන්ට බාධාවක් වී ඇති බවට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති නිසා එය වළක්වා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මිලිමීටර් නවසියයක් පමණ උසින් සහ මීටර් 1.2 දෙකක පරතරයකින් පුවරු සවිකරනු ලබයි. කොළ පැහැයෙන් යුත් මෙම පුවරු පරිසරය සමග සංයුක්ත වී  රියදුරන්ගේ දෘෂ්ටි අපහසුතා මග හරින බවද ඒ මහතා පැවසීය. එසේම මෙම පුවරුවක යම් වාහනයක් වැදී අනතුරක් සිදු වූ විට පුවරුව කුඩා කැබලිවලට කැඩී යැම හේතුවෙන් අනතුරේ හානිය අවම වන බවද සදහන් කළේය.


-සුමන උදයන්ත-

Wednesday, April 24, 2019

මෝටර් රථයක් ගැරඬිඇල්ල ඔයට පෙරළී තුන්දෙනෙක් මියයයි



ගම්පොළ සිට කොත්මලේ නව නගරය වෙත ගිය තිදෙනකු රැගත් මෝටර් රථය ගැරඩිඇල්ල ඔයට පෙරළීමෙන් එම තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත. පල්ලම සහිත මාර්ගයේ වේගයෙන් ඇදී ගිය මෝටර් රථය හසුරුවා ගැනීමට නොහැකි වීමෙන් අනතුර වී ඇතැයි සැක කරන බව පරීක්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය පවසයි. කොත්මලේ නව නගරයේ ආයුර්වේද රෝහලට පිටු පසින් ඇති ඔයට පෙරේදා (22) සවස මෙම මෝටර් රථය වැටී තිබුණි. මියගොස් තිබුණේ ගම්පොළ ගලත කැකුලන්ද ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ ගෙදර අසේල රාජපක්ෂ (60) (බෑනා) කැකුලන්දේ පහළ ගෙදර අබේපාල (80) (මාමා ඇස්සැද්දුවේ ගෙදර සුමනාවතී                                                                                                    (නැන්දම්මා) යන තිදෙනායි.

මියගිය අසේල නමැත්තාගේ බිරිය රෝගී තත්වයක් නිසා කොත්මලේ ආයුර්වේද රෝහලේ නැවැත්වීම සඳහා ඔවුන් මෙසේ ගොස් තිබිණි.  ආයුර්වේද රෝහලට ගොස් නැවැත්වීමෙන් පසු නැවත ගම්පොළට පැමිණීම සඳහා මෝටර් රථයෙන් නව නගරය දෙසට ආ යුතු වුවත් ඔවුන් එසේ නොකොට මාර්ගයේ පහළට මෝටර් රථයෙන් ගොස් තිබේ.  මෙම මාර්ගය බැවුම් සහිත වන අතර එහි වේගයෙන් මෝටර් රථය ඇදී ගොස් තිබේ.

ඉදිරියෙන් ඇති වී හන්දියෙන් කුමන දිශාවකට හෝ හැරවිය යුතු වුවත් එම කාර්ය කිරීමට පෙර මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 72ක් පහළින් වූ ගැරඩිඇල්ල ඔයට වැටී තිබේ. වියළි කාලගුණය සහිත මෙහි එතරම් ජලය නොතිබුණද එහි තිබූ විශාල ගල් තුළට මෝටර් රථය වැටී ඇත. මෝටර් රථය මිය ගිය අසේලගේ ඥාති පුතකුගේය. විශ්වවිද්‍යාලයේ සිටින ඉන්දික නමැති ඔහු මෙම රෝගියා රෝහලට රැගෙන යැමට තම මාමා වන අසේල යන අයට මෝටර් රථය ලබාදී තිබිණි.

අනතුරෙන් මෙම මෝටර් රථය සම්පුර්ණයෙන් විනාශ වී තිබිණී. මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නාවලපිටිය රෝහල වෙත රැගෙන යමෙට කටයුතු යොදා තිබූ අතර එම පරීක්ෂණ කටයුතු ඊයේ (23දා) කිරීමට නියමිතව තිබිණි. 

-මාධව බණ්ඩාර-

Thursday, April 18, 2019

උත්සව සමයේ අධිවේගයේ අනතුරු වැඩි වීමට ප්‍රධාන හේතුව ෆොටෝ ගැහිල්ල




උත්සව සමයේ අධිවේගි මාර්ගවල අනතුරු වැඩිවීමට ප්‍රධානම හේතුව අනතුරකට ලක්වූ වාහනවල ඡායාරූප ගැනීම හා එය නැරඹීමට යාම නිසා බවට පරික්ෂණවලදී හෙළිවී තිබේ. ඉකුත් 14 වැනිදා අලුත් අවුරුදු දිනයේ එකම  මොහොතක වාහන 13ක් එකට ගැටීමට හේතුව මංතීරු දෙකේම වාහන නවතා අනතුර සිදුවූ
ස්ථානය ඡායාරූප ගත කිරීම බවද එහි නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා ඊයේ (17) පැවසීය.

මෙවර ඉකුත් වසරට සාපේක්ෂව අනතුරුවල සියයට 8 අඩුවීමක් ඇතැයි ද මෙවර සියලු අනතුරු සුළු අනතුරු බවද ඔහු කීය. පාලනය කිරීමට නොහැකි අධික වේගය, වාහන මාර්ගයේ තැන තැන නතර කිරීම, එකවරම තිරිංග ක්‍රියාත්මක කිරීම, යාන්ත්‍රික දෝෂවලට ලක්වූ වාහන යථා තත්ත්වයට පත්කිරීම මාර්ගයේ සිට අනතුරුදායක අන්දමින් සිදු කිරීම අනතුරුවලට තවත් ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම කාලය තුළ දිනකට වාහන 80ක් පමණ යාන්ත්‍රික දෝෂවලට ලක්වී ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

-ජයන්ත සමරකොන්-

Monday, April 1, 2019

STF නිලධාරීන් ගමන්ගත් කැබ් රථයක් අනතුරට ලක්වී 10ක් රෝහලේ



පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පිරිසක් ගමන්ගත් කැබ් රථයක් සියඹලාණ්ඩුව පොලිස් වසමේ ඉඳිගල්ල මංසන්දිය අසලදී පෙරේදා (30දා) රාත්‍රියේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 10ක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අම්පාර කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් ජීප් රථයකි. බණ්ඩාරවෙල පෙරහෙට්ටිය ප්‍රදේශයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ රාජකාරියකට ගොස් නැවත කලවංචිකුඩි කඳවුරට යමින් සිටියදි මෙසේ අනතුරට ලක්ව තිබේ.

අනතුරට හේතුව කැබ් රථයේ කාර්මික දෝෂයක් බව මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන සියඹලාණ්ඩුව පොලිසියේ ප්‍රකාශකයෝ පැවැසිය. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කැබ් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි කමල් කිරිඇල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත සියඹලාණ්ඩුවේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

-සංජීව බණ්ඩාර-

Thursday, March 21, 2019

මටත් දැන් ටිකක් වයසයි ඒත් මල්ලිලා ටිකත් එක්ක මැච් එක හොඳට කළා



සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු විස්සයි-20 තරගයේ දෙපිලේ ලකුණු සම වීමෙන් අනතුරුව “සුපිරි පන්දුවාරයක්” ක්‍රියාත්මක කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර එම සුපිරි පන්දුවාරයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරන්නට දකුණු අප්‍රිකානුවන් සමත් විය. කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව තරගය පිළිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පැවැසීය.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් මෙම අදහස් පළ කළ ශ්‍රී ලංකා නායකයා "විස්සයි-20 තරග ඉතාමත් සිත් ගන්නාසුලු තරග රටාවක්. ඒ වගේම මෙය හොඳ තරගයක් ලෙස මා දකින අතරම විස්සයි - 20 තරගයක තිබිය යුතු සියලු ගුණාංග එහි අන්තර්ගත වූ බව බව මා සිතනවා. නමුත් විස්සයි-20 තරගයකදී ලකුණු 130ක් යනු අභියෝගයක් එල්ල කළ හැකි ලකුණු සංඛ්‍යාවක් නොවුණද දඟ පන්දු යවන්නන් දෙදෙනකු යොදා ගැනීමේ උපක්‍රමය සාර්ථක වුණා. අපි කණ්ඩායමක් වශයෙන් අපට හැකි උපරිම අයුරින් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස අවසානයේ අපට ජයග්‍රහණය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.  කෙසේ වෙතත් කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා.” යනුවෙන් පැවැසීය.

තවද නවක ක්‍රීඩකයන්ට පිඩනය දරාගෙන ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් මෙම තරගයේදි හොඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකි වූ බවද පැවැසූ ලසිත් මාලිංග “මෙම පරාජය සම්බන්ධයෙන් කිසිම ක්‍රීඩකයකුට චෝදනා කළ නොහැකියි. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට පිඩනය දැඩිව දැනුණා. එමඟින් තරුණ ක්‍රීඩකයන්ට මෙවැනි තත්වයන් යටතේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් ලැබුණු බව මා සිතනවා. මෙම තරගයෙන් ඔවුන් බොහෝ දේ උගත් බව මගේ විශ්වාසයයි. මම මෙවැනි තත්වයන් සහ අවස්ථාවන් සඳහා හොඳින් පුහුණු වි තිබුණත් මා දැන් ටිකක් වයසයි.

සුපිරි පන්දුවාරයේදිත් විවිධත්වයක් සහිතව පන්දු යැවිමට මා උත්සාහ කළත් එම අවස්ථාවේදී එම උපක්‍රමය සාර්ථක වූයේ නැහැ. එහිදි ඩේවිඩ් මිලර් ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන්නා. මෙවැනි කෙටි ආකෘතියේ තරගයකදී පන්දු යැවීමේ විවිධත්වය, අවස්ථානුකූලව ක්‍රීඩා කිරීම, ආත්ම විශ්වාසය සහ ඉවසීම සම්බන්ධයෙන් නවක පන්දු යවන්නන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. මම සෑම විටම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම ක්‍රීඩකයකුට යම් අවස්ථාවකදී විශේෂ දෙයක් සිදුකළ හැකි බව. වරක් මම පන්දු 4කදී කඩුලු 4ක් ලබා ගත්තා. එවැනි විශේෂ දෙයක් ඕනෑම ක්‍රීඩකයකුගේ අතින් අප කිසිවකුත් නොසිතන අවස්ථාවක සිදුවිය හැකියි." යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Friday, March 15, 2019

වෑවිට දී වහන හතරක් එකිනෙක ගැටීලා-යතුරුපැදියේ ගිය දෙදෙනකුට බරපතළයි



වාහන හතරක් එකිනෙක ගැටි බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී අනතුරකින් ඥාති සහෝදරයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. තුවාල ලද එක් අයකු වන 26 හැවිරිදි තරුණයාගේ විවාහය ලියාපදිංචිය ඊයේ (14දා) දිනට යෙදී තිබිණ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුත්තක් කර ගැනීමට අම්බලන්ගොඩ සිට පිළියන්දල ඥාති සහෝදරයකුගේ නිවෙසට  යතුරුපැදියක යමින් සිටියදී  මෙම අනතුර වී ඇතැයි ෂරීක්ෂණවලදී හෙළිවී තිබේ.
               

තුවාලකරුවන් දෙදෙනා කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට යතුරුපැදියකින්  පැමිණෙමින් සිටියදී එම දිශාවටම පසුපසින් ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් අනතුර වී තිබේ. අනතුරට සමඟ යතුරුපැදිය මාර්ගයේ වම් අත දිශාවට ඇදීගොස් නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති අතර මෝටර් රථය දකුණු දිශාවට ඇදීගොස් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරියක පිටුපස රෝදයේ ගැටී නතර වී ඇත. අනතුරින් පාදවලට බරපතළ තුවාල ලද යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා බණ්ඩාරගම දිසා රෝහල වෙත යොමුකළ බව ප්‍රදේශවාසීහු පැවැසූහ. මෝටර් රථය පැද වූ කොරලඉම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මත්පැන් පානය කර සිට ඇතැයි වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

-එම්.සී.පෙරේරා-

Thursday, March 14, 2019

බිරිය බලන්න රෝහලට යද්දී රුහුණු කුමාරි දුමුරියේ මෝටර් රථය ගැටී තිදරු පියා අවසන් ගමන් යයි


ඊයේ උදෑසන 06.05ට  පමණ මාතර සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ මෝටර් රථයක්  ගැටීමෙන් අයකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මෙම අනතුර වෙලේගොඩ දුම්රිය හරස් මාර්ගයේදී සිදුවිය. අනතුරෙන්  ජීවිතක්ෂයට පත්ව ඇත්තේ‍ මාතර වෙලේගොඩ පදිංචි ධම්මික (48) තිදරු පියෙකි.  කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය බිරිය බැලීමට ඊයේ නිවසින් පිට තිබේ. මාතර රාහුල මාර්ගය හරහා අධිවේගී මාර්ගයට යෑමට තිබුණද මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට ආපසු හැරී මෙම වෙලේගොඩ මාර්ගය හරහා පඹුරණ ඉන්ධන පිරවුම්හලට යාමට පැමිණ ඇත.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියට එන මෝටර් රථය දැක යතුරුපැදියක පැමිණී තරුණියන් දෙදෙනකු කෑගසා දුම්රිය එන බව කීවද මෝටර් රථයේ රියැදුරුට ඇසී නැත. පසුව එම තරුණයන් අතින් එන්න එපා කියා කියනවාත් සමඟ මෝටර් රථය රේල් පාර මතට පැමිණ තිබේ. ඒ සැණින්ම දුම්රියේ ගැටී මීටර් විස්සක් පමණ දුරට විසිවී ඇත. එම අනතුරෙන් මෝටර් රථය පැදවූ ධම්මික කුමරප්පෙරුම යන අය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ. වාහනයේ පැමිණි ඔහුගේ දියණිය සහ බිරියගේ  අක්කාගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබයි.  මෙම ස්ථානයේ අනාරක්ෂිත
ස්ථානයක් බැවින් අදාළ වගකිවයුතු කිසිවකු එකොළොස්වන අනතුර සිදුව ඇති මේ මොහොතේත් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක්  ලබා දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.


-උදය කුමාර රණවීර-

Monday, March 4, 2019

බීමත් කථිකාචාර්යවරයෙක් කතකට මරු කැඳවා පලා යද්දි තවත් අනතඅරු තුනක් කරලා



මහරගම - පිළියන්දල බස් මාර්ගයේ ඇරැව්වල ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු පැදවූ සුබෝපභෝගී ජීප් රථයක් ඉකුත් (01) දින රාත්‍රී 8.30ට පමණ පාරේ ගමන් කරමින් සිටි පදිකයන් කාන්තාවක් යට කර පලා යැමට උත්සාහ කළ අවස්ථාවේ අසල නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකක ගැටී පිළියන්දල දෙස සිට මහරගම දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයකුද අනතුරට ලක්කර අසල පිහිටා ඇති කුඹුරකට පෙරළී ඇතැයි මහරගම පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ වයස  අවුරුදු 66ක් වූ ඇරැව්වල ශ්‍රී විජය මාවත, රන්කේත පෙදෙසහි පදිංචි දන්වත්ත ලියනගේ පොඩිනෝනා නමැති වයෝවෘද්ධ කාන්තාවකි. ආචාර්යවරයා අනතුර වන අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත් පොලිසිය පැවැසීය.  මහරගම සිට පිළියන්දල දෙසට  ධාවනය වෙමින් තිබූ සුපිරි ජීප් රිය පළ මුව කාන්තාව අනතුරට ලක්කර අසල නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකක ගැටී රෝද දෙකක් උඩ අතට හැර් පාර මැද පෙරළී ගොස් ඇත.  පසුව පිළියන්දල දෙස සිට පැමිණි යතුරුපැදියේ ගැටී අසල පිහිටි බොක්කුව සිරිවීමත් සමඟ යකුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා ජලය ගලා යන ඇළ මාර්ගයට විසි වී වැටුණු බවත් ඒ සමඟ පෙරළී ඇදිගිය ජීප් රථය වෙලට වැටී වතර වුණු බවත් සිද්ධිය දුටු ප්‍රදේශවාසීහු පැවසුහ.

යතුරුපැදියේ පැමිණි පුද්ගලයා සහ ජීප් රියට යට වූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන විටත් කාත්තාව මියගොස් සිටි බව පොලිසිය පැවසීය. යතුරුපැදිකරුගේ පාදයකට හා කොඳු ඇටපෙළට බරපතළ තුවාල වී ඇති බැවින් රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. මෙම අනතුර වීමත් සමඟ මහරගම - පිළියන්දල ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබිණි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහරගම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් කථිකාචාර්යවරයා මත්පැන් පානය කර සිටි බව වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වූ බවත් ඔහු ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානියකු හා ප්‍රධාන කථිකාචාර්යවරයා ලෙස සේවය කරන බවත් පොලිසිය පැවැසීයඅනතුරින් යතුරුපැදියට හා එක් ත්‍රිරෝද රථයකට බරපතළ හානි වී තිබූ අතර අයිනක් ත්‍රිරෝද රථට සුළු අලාභ වී ඇති බවත් පොලිසිය පැවැසීය. සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-හෂාන් පුෂ්පික-

Wednesday, February 13, 2019

මුහුද පැත්තේ සිටි අයෙක් පාර මාරුවුණා- ම ළං වන විට ඔහු පාර මැද නතර වුණා




"මුහුද පැත්තේ සිට අනෙක් පැත්තට පාර මාරු වුණා. මා ළං වන විට ඔහු පාර මැද නතර වුණා.  මා තිරිංග තද කළා. ඔහු නැවතුණු  නිසා මම නැවත යන්න ගියා. එවිට  මා පැදවූ ලොරි රථයේ දකුණු පැත්තේ කණාඩියේ ඔහුගේ මුහුණ වැදුණා" යැයි ලොරි රථයක ගැටීමෙන් මියගිය අයකුගේ හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්කි දෙමින්  අනතුරට අදාළ ලොරි රථයේ රියැදුරු වන උපුල් අරුණ ශාන්ත ලියනගේ (51) නමැත්තා එසේ කීවේය.   ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම ප්‍රදේශයේදී වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රත්ගම පාර බුස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වර්ණකුල තිලක් (55) නමැති අවිවාහකයෙකි.

මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරීක්‍ෂණය කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී ගාල්ල නාගරික හදිසි මරණ පරික්‍ෂක වෛද්‍ය ඩී.පී.එන්. කරුණාතිලක මහතා විසින් කරනු ලැබීය. එහිදී සාක්ෂිකරු තවදුරටත් සාක්කි දෙමින් මෙසේ ද කීවේය.

 "මට රියැදුරු බලපත්‍රයක් තියනවා. මා පැදවූ ලොරි රථය මහරගම පිහිටි පෞද්ගලික සමාගමකට අයත් එකක්. එහි ආදායම් බලපත්‍රය හා රක්‍ෂණ සහතිකය තියෙනවා. ලොරි රථයෙන් නොයෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කරනවා. ඉකුත් 05 වැනි දින මහරගම සිට මාතර කඹුරුපිටියට යන්න එදින හවස. 4.00ට පමණ මහරගමින් පිටත් වුණා. රත්ගම හන්දිය පසුකරන විට රාත්‍රි 8.30ට පමණ ඇති. මා පැයට කිලෝමීටර් 40-50ක වේගයකින්
ලොරි රථය ධාවනය කළා.

රත්ගම හන්දිය පසුකොට ඉදිරියට එන විට මුහුද පැත්තේ සිටි අයෙක් අනෙක් පැත්තට පාර මාරු වුණා. මා ළං වන විට ඔහු පාර මැද නතර වුණා. මා තිරිංග තද කළා. ඔහු නැවතුණු නිසා මම නැවත යන්න ගියා. එවිට මොහු නැවත හෙමින් හෙමින් අඩි දෙකකක් පමණ ඉදිරියට ආවා. එකපාරටම මොහුගේ කකුල පැටලී වැටුණා වගේ මතකයි. එවිට මා පැදවූ ලොරි රථයේ දකුණු පැතේ කණාඩියේ ඔහුගේ මුහුණ වැදුණා. මිනිසුන් වටවුණා. ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කළා. මා පොලිසියට ගියා. එහිදී  දැනගන්නට ලැබුණා මොහු මියගිය බව. මියගිය අයගේ සහෝදරියක් වන වර්ණකුල ලීලා කුසුමලතා (66)  මහත්මිය සාක්කි දෙමින් මෙසේ  කීවාය.

"මල්ලීගේ වයස අවුරුදු 55යි.  මල්ලී අවිවාහකයි. ඔහු පින්තාරු වැඩ කළා. මා වැඩට ගොස් ගෙදර එන විට මලී හිටියේ නැහැ. එදින රාත්‍රි 8.15ට විතර අසල්වැසි අයකු කීවා මල්ලී වාහනයක හැපිලා වැටිලා ඉන්නවා කියලා. මා එම  ස්ථානයට ගියා. මල්ලී පාර අයින්නේ වැටී සිටියා. ඔහු කතා කළේ නැහැ. ඔහු ත්‍රිරෝද රථයකින් කරාපිටිය රෝහලට රැගෙන ගියා. රෝහලේදී මල්ලී මියගියා."

-රසික සෙනවිරත්න-

Tuesday, February 5, 2019

සිසුවියක් ජංගම දුරකථනය කනේ ගහගෙන වැරදි බසයට නැගලා මඟදී බස් රථයෙන් පැනලා




පාසල නිමවීමෙන් අනතුරුව ජංගම දුරකථනයෙන් කතා බස්කරමින් නිවසට යා යුතු බස් රථය වෙනුවට වෙනත් බස් රථයකට නැඟ පසුව ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් පැනීම නිසා තුවාල ලැබූ පාසල් සිසුවියක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරෙන් මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක තුවාල ලබා තිබේ. ඇය පාසල නිමවී නිවෙසට යාම සඳහා භාවිත කරන බස් රථය වෙනුවට අනුරාධපුර හරහා ගම්බිරිස්වැව ප්‍රදේශයට ධාවනය වූ බස් රථයට නැගීම නිසා අකරතැබ්බයට මුහුණ පා තිබේ.

සිසුවිය ඇය සන්තකයේ තිබූ ජංගම දුරකථනයෙන් කිසිවකු සමඟ කතාබස් කරමින් සිට ඇත. ඒ අවස්ථාවේ ගම්බිරිස්වැව ප්‍රදේශයට ධාවනය වූ ලංගම බස් රථය බස් නැවතුමට ළඟා වී තිබේ. ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමේ සිහියෙන් සිටි පාසල් සිසුවිය එහි ගමනාන්තය පිළිබඳව අවධානයට නොගෙන බස් රට ගොඩවී ඇත. බස් රථයට ගොඩ වී ස්වල්ප දුරක් ඉදිරියට යද්දී බස් රථ විලච්චිය ප්‍රදේශයට ධාවනය වන බස් රථය නොවන බව දැනගත් ඈ අනුරාධපුර ඩී.එස්. වටරවුමේදී බසයෙන් පිටතට පැන තිබේ.

වසනාවකට මෙන් ඇය කරේ එල්ලා ගෙන සිටි පාසල් බෑගය මාර්ගයේ මුලින්ම ගැටීම නිසා ඇයට අනතුරක් වී නැත. සුළු තුවාල ලැබූ සිසුවිය රෝහල් ගත කර තිබිණි. පාසල් සිසුවිය අනතුරට ලක්වීම සම්බන්ධයෙන් අනුරාධපුර ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ රියැදුරාගෙන් හා කොන්දොස්තරගෙන් අනුරාධපුර මුලස්ථාන පොලිසියේ  රථවාහන අංශය ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.


-මහේෂ් විජේසුරිය-

Tuesday, January 22, 2019

නයිනමඩමේ අනතුරෙන් එළියට ආ පිස්තෝලය ගැන විමර්ශන



වෙන්නප්පුව - නයිනමඩම පාලම අසලදී සිදු වූ මාරක රිය අනතුරින් පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලය සහ උණ්ඩ අට සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා වෙන්නප්පුව පොලිසිය මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

විවාහ මංගල උත්සවයකට සහභාගි වී නැවත එමින් සිටි නව දෙනකු ගමන් ගත් මෝටර් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර පෙරේදා (20දා) අලුයම සිදුවූ අතර ඉන් පුද්ගලයෝ හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෝටර් රථයේ ගමන් ගත් පිරිස සම්බන්ධයෙන් පසු විපරමක් පොලිසිය විසින් සිදු කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ තැනැත්තාට මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාවක් ඇති බවය. කෙසේ වෙතත් එම රියැදුරු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් විය.

අනතුරෙන් තුවාල ලැබූ තිදෙනා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් මීට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවටද පොලිසිය පවසයි. මෙම මෝටර් රථයේ ගමන් කළ වැඩිදෙනා වැලි ව්‍යාපාරයට සම්බන්ධ අය බවද පොලිසිය කියා සිටී. කෙසේ වෙතත් මෙම පිස්තෝලයේ භාරකාරිත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසයි.

වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රී නික ජයකොඩි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.


-චාමර අමරසූරිය-

Thursday, January 17, 2019

මාස 2 1/2ක බිලිඳා යතුරුපැදි - කාර් අනතුරින් මරුට



පාදුක්ක ගොඩගම මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය අසල මාර්ගයේදී බීමත් රියැදුරකු පැදවූ මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් වූ අනතුරින් යතුරුපැදිය ගමන්ගත් මාස 2 දින 15 වයසැති  බිලිඳකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවලට ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. අනතුරට පත් යතුරුපැදිය ගමන්ගත් බිළිඳාගේ පියා සුළු තුවාල ලබා ඇති අතර මවගේ තත්ත්වය බරපතල බවද පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දාම්පේ සමනල උයනේ අංක 145/140 හි පදිංචි ඉමේෂ් දම්සර වටගොඩ නමැති                                                                                          මාස 2  1/2 බිලිඳකු බව පොලිසිය පවසයි.

අනතුර පෙරේදා (15) සවස 5.30 පමණ වී ඇති අතර අනතුරට පත් යතුරුපැදිය සහ මෝටර් රථය පාදුක්ක දෙස සිට මීගොඩ දෙසට ධාවනය වීමේදී වටරැක දුම්රිය ස්ථානය පසුකරනවාත් සමඟ පසුපසින් පැමිණි මෝටර් රථය ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදිය ගැටී මෙම අනතුර වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

අනතුර වීමත් සමඟ මවගේ ඇකයේ සිටි බිලිඳා ඇයගේ ග්‍රහණයෙන් මිදී කාපට් මාර්ගයට විසි වී හිස මාර්ගයේ වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි පැවසේ. අනතුරට පත් මව - පියා සහ බිලිඳා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී බිලිඳා මියගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුර කළ මෝටර් රථයේ රියැදුරු අධික ලෙස බීමත්ව සිට ඇති අතර ඔහු ඊයේ (16) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


-චම්පා ජීවන්ති-

Wednesday, January 16, 2019

අධිවේගයේ බිත්තර ලොරියක් පෙරළිලා


බිත්තර ගෙන ගිය ලොරියක්  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 7.8 වෙනිවැල්කොළ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇති අයුරු නැරැඹීමට යෑමෙන් මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී මෙක්සිකෝ ජාතික තරුණියක ඇතුළු දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලීසිය කියයි..  සුඛෝපභෝගී මෝටර් රථයක රියැදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය  කියයි. එම මෝටර් රථ දෙකට බරපතළ අලාභ හානි වී ඇතැයිද  පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බීත්තර තොගයක් පටවාගෙන කුලියාපිටියේ සිට හොරණ කරා යමින් තිබූ ලොරිය කඩවත අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී ගැලනිගම පිටවීමේ පිවිසුම කරා එමින් සිටියදී එහි පිටුපස වම්පස රෝදයක් පිපිරීමෙන් ලොරිය පෙරළී ඇතැයි පොලිස් නිලධාරියෙක් කීය.  ගාල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකට අයත් සුපිරි මෝටර් රථයක් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී අනතුර දැක මෝටර් රථයේ වේගය අඩුකර රියැදුරු එදෙස බලා සිට ඇත. ඒ සමඟම කටුනායක ගුවන්තොටුපොළ කරා යමින් සිටි මෙක්සිකෝ ජාතික තරුණිය රැගත් මෝටර් රථය මෙම මෝටර් රථයේ ගැටී තිබේ.  අනතුරින් තුවාල ලද මෙක්සිකෝ ජාතික තරුණිය හා ඇය රැගෙන යමින් සිටි මෝටර් රථයේ රියැදුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වහා එම ස්ථානයට පැමිණ හෝමාගම මූලික රෝහලට තුවාලකරුවන් ඇතුළත් කර ඇත.

රියැදුරුගේ පසු ප්‍රදේශයේ සුක්කානම වැදීම නිසා ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කළ බව හෝමාගම රෝහලේ ප්‍රකාශකයක් පැවැසීය. බිත්තර ලොරිය පෙරළීමෙන් අධිවේගී මාර්ගයේ දේපළවලට හෝ ලොරියේ ගමන් ගත් කිසිවකුට තුවාල වී නැතැයි පොලිසිය කියයි. අනතුර නැරැඹීමට වේගය අඩු කළ  මෝටර් රථයේ පසුපසට හා විදේශීය කාන්තාව ගමන් ගත් මෝටර් රථයේ ඉදිරිපසට බරපතළ අලාභ වී තිබේ. අධිවේගී මාර්ගයේ වු මෙම අනතුර නැරැඹීමට යෑමෙන් වූ මෙම සිද්ධිය අධිවේගයේ යන එන රියැදුරන්ට හා මගීන්ට පාඩමක් යැයිද උසස් පොලිස් නිලධාරීනයක් පැවැසීය. අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් රියැදුරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-එම්.සී.පෙරේරා-

Monday, January 14, 2019

හයමස් ගැබිනිය හා සැමියා ගමන්ගත් යතුරුපැදිය හප්පා පලාගිය සුපිරි රථ රියැදුරා මාට්ටු



හයමස් ගැබිනියක හා ඇගේ සැමියා ගමන්ගත් යතුරුපැදියේ සුපිරි ජීප් රථයක් හප්පා අනතුරක් කර තවත් වාහන තුනක්ද හප්පා පලායද්දී එම  වාහනය පිටුපසින් හඹාගිය ප්‍රදේශවාසීන් එම වාහනයේ රියැදුරු අල්ලා පහර දී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ගැබිනි කාන්තාව හා ඇයගේ සැමියා කළුබෝවිල ශික්ෂණ රෝහල් ප්‍රතිකාර ලබයි. පිළියන්දල සිට මඩපාත දෙසට ගමන් කරමින් තිබු යතුරුපැදියට පිටුපසින් එම දිශාවට ගමන් ගත් ජීප් රථය ගැටඹුවාන හන්දියේදී  යතුරුපැදියේ ගැටී ඇත.

අඹු - සැමි යුවළ යතුරුපැදියෙන් ඉවතට විසි වී මාර්ගයේ වැටී සිට ඇත. ජීප් රථයේ රියැදුරු පලා යෑමත් සමඟ ඉදිරීයෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථ දෙකකට හා කුඩා ලොරියක ගැටී ඇතැයිද පොලීසිය කියයි. අනතුරත් සමඟ කුපිත වූ ප්‍රදේශවාසීන් ජීප් රථය පසුපස හඹාගොස් බටකැත්තර විහාරස්ථානය ඉදිරිපිටදී ජීප් රථයට මඟ හරස් කර නවතා රියැදුරුට පහරදී ඇතැයි පොලිසිය කියයි. මෝටර් රථ දෙකට හා කුඩා ලොරියයේ පිටුසප පෙදෙස්වලට මෙන්ම යතුරුපැදියට බරපතළ අලාභ හානි වී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මඩපාත ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයක හිමිකාරිනියගේ සැමියා බවත්  ඔහු අනතුර වන අවස්ථාවේ  අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයිද පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-එම්.සී.පෙරේරා-

Tuesday, January 1, 2019

කොට්ටාව ධර්මපාල විද්‍යාලය ළඟ වෑන්-යතුරුපැදි අනතුරින් 11 හැවිරිදි සිසුවිය මරුට



කොට්ටාව -හොරණ පාරේ වූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් මව, පියා හා දියණිය රෝහල් ගත කිරීමෙන් පසුව දියණිය මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.  මියගොස් ඇත්තේ කොට්ටාව, කුලසෙවණ පාර, අංක 672/1හි පදිංචි සකුණි සංකල්පනී 11 හැවිරිදි පාසල් දැරියක් බව පොලිසිය කියයි. මියගිය දියණියගේ පාසලේ පැවැති ශ්‍රමදානයක් සඳහා 30 වැනිදා උදෑසන 9ට පමණ යතුරුපැදියකින් පියා, මව සමඟ මියගිය දියණියද ගොස් ඇතැයි පොලිසිය පවසයි.

                         
එසේ යමින් සිටියදී කොට්ටාව හොරණ පාරේ ධමපාල විද්‍යාලයට මිටර් 200ක් පමණ තිබියදී මත්තේගොඩ දෙස සිට කොට්ටාව දෙසට එමින් සිටි වෑන් රථයක යතුරුපැදිය ගැටී වෑන් රථයේ වම්පස රෝදයට යතුරුපැදිය යටවී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි. අනතුරින් පසුව පියා, මව හා දියණියට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයේ සිටි පාසල් දැරිය ශල්‍යකර්මයකට භාජන කිරීමට යමේදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. දැරිය උපතින්ම ශ්වසන ආබාධයක් හේතුවෙන් කෘත්‍රිම ශ්වසනයකින් හුස්ම ගැනීම කළ අයකු බව පැවැසේ.

අනතුරින් තුවාල ලැබූ පියා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්වය සාමාන්‍ය බව පැවැසේ. අනතුරින් පසුව රියැදුරු පලා යෑමට සැරසෙද්දී අවට  සිටි පිරිස අල්ලාගෙන පොලිසියට භාර දී ඇත. රියැදුරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය හෝමාගම හදිසි මරණ පරික්‍ෂක සාමනිසුරු බී.එච්.කේ. චින්තක උදය කුමාර මහතාට කිරීමට නියමිතව තිබිණි.


-හෂානි පුෂ්පික-

Friday, December 28, 2018

අධිවේගයේ සිදු වූ අනතුරින් දහස් ගණනක් දරු දැරියන්ට නැණ පහන් දැල්වූ නිර්මලා සදහටම නිහඬ වුවාය


තිදරු මවක වූ නිර්මලා හෙට්ටිආරච්චි මහත්මිය ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සේවය කළාය. ඈ නිහඬ චරිතයකි. වැඩි කතා බහක් නැත. එහෙත් ඇය තම රාජකාරිය දේව කාරියක් ලෙස සැලකුවාය. දහස් ගණනක් වූ සිසු දරු දැරියගේ දෑස් පෑදවීමට මේ ගුරු මාතාව කටයුතු කළාය. ඇය පාසල් කාලය තුළ පමණක් දැයේ දරු දැරියන්ට තම දැනුම බෙදා දුන් ගුරුවරියක් නොවූවාය. ඈ පාසල් වෙලාවෙන් පසුවද අමතර පත්ති පවත්වමින් සිසු දරු දැරියන්ගේ නැණ නුවණ පෑදීම සඳහා කටයුතු කළාය. ජනාධිපති බාලිකාවේ සිසු දැන් ඇය හැදින්වූයේ නිර්මලා ටිචර් යනුවෙනි.  නොඑසේ නම් නිර්මලා ගුරුතුමිය කියාය.

ඈ ජනාධිපති බාලිකාවේ සිසු දැරියන්ගේ පමණක් නොව ගුරු මණ්ඩලයේ පමණක් නොව අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද සිත දිනාගෙන කටයුතු කළ ගුරු මාතාවකි. නිර්මලා ගුරු මාතාවගේ උපන් ගම කරන්දෙණියයි. ඇය ඉගෙනුම ලැබුවේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. ක්‍රියාශීලී ගුරු මාතාවක වූ නිර්මලා මහත්මිය එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකාවක වූවාය. ඇය තමන් අකුරු කළ පාසලටද දැක්වූයේ දැඩි ආදරයකි. නිර්මලා ගුරු මාතාවගේ සැමියා ආනන්ද ලාල්ය. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය.

මෙම යුවළගේ වැඩිමහල් දියණිය රුහුණ විශ්වවිද්‍යාලයේ අවසන් වර්ෂයේ ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල සිසුවියකි. පුතු පෞද්ගලික ආයතනයක සේවය කළේය. බාල දියණිය මෙතුලි දහම්සා (13) ජනාධිපති බාලිකා විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබන්නීය. නිර්මලා ගුරු මාතාව තම අනික් දරුවන්ට මෙන්ම තම දරු තිදෙනාට මෙන්ම සැමියාටද දැක්වූයේ දැඩි ආදරයකි. සෙනෙහසකි. නිරතුරුව දරුවන් ගැන සොයා බැලුවාය.

නිර්මලා ගුරු මාතාවගේ සැමියා එක් අවස්ථාවකදී හදවත් රෝගී තත්ත්වයකින් පෙළුණාය. මේ නිසා ඔහුට හදවත් සැත්කමක් කිරීමට අවශ්‍ය වූයේය. ඒ අවස්ථාවේ ඇය තම සැමියා වෙනුවෙන් සෙවණැල්ලක් මෙන් පෙනී සිටියාය. ඒ සියලු අභියෝගයන්ට දිරිය ගැහැනියක ලෙස ඇය මුහුණ දුන්නාය.  සැමියා වෙනුවෙන් සිය යුතුකම් කොටස මනා ලෙස ඉටු කළාය. දරු තිදෙනාගේ අනාගතය සැපවත් කිරීම මේ ගුරු මාතාවගේ එකම බලාපොරොත්තුව වූවාය. 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවසන් දින කිහිපය ගෙවී යමින් පැවතුණි.

නිර්මලා ගුරු මාතාව පවුලේ අය සමඟ දළඳා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා නුවර යාමට සූදානම් කරගත්ත. මීට මාස 6-7කට පමණ පෙර නිර්මලා ගුරු මාතාවගේ නිවෙසට අලුතෙන් වෑන් රථයක්ද ගෙනැවිත් තිබිණි. නිර්මලා ගුරු මාතාවගේ සහෝදරීයක් පදිංචිව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේය. ඇය පදිංචිව සිටියේ අක්මීමන වළහන්දුව සේනානායක මාවතේය. මොවුන් පදිංචි නිවෙසේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව මුරපොළ පිහිටා ඇත්තේ  අතේ දුරිනි. නිර්මලා ගුරු මාතාව ඇතුළු පවුලේ අය අලුතෙන් මිලදී ගත් වෑන් රථයෙන් මුලින්ම පිළියන්දල ප්‍රදේශයේ පිහිටි තම නැගණියගේ නිවෙසට ගියේය.

ඉන්පසු නැඟණියගේ පවුලේ අය සමඟ නුවර බලා පිටත්ව ගියහ. එදින අලුයම කාලයේ මොවුන් නුවර සිට පිළියන්දල ප්‍රදේශයේ නැගණියගේ නිවසට පැමිණියේය. ඒ වනතෙක් වෑන් රථය පදවාගෙන එනු ලැබුවේ නිර්මලා ගුරු මාතාවගේ නැඟණියගේ සැමියා විසිනි. ඔහු රියැදුරු අසුන නිර්මලාගේ පුතුට ලබා දුන්නේය. පුතා ප්‍රවේශමෙන් යන්න ඔහු කීවේය. නිර්මලා ගුරු මාතාව තම පවුලේ අය සමඟ යළි ගාල්ල බලා ඒමට පිටත් වූහ. වැන් රථය පැදවූයේ නිර්මලාගේ පුතුය. ඉදිරිපස අසුනේ නිමලාගේ සැමියා අසුන්ගෙන සිටියේය. දියණියන් දෙදෙනා හා නිර්මලා ගුරු මාතාව වෑන් රථයේ පසුපස අසුන්ගෙන සිටියහ.

එහෙත් සිදුවුයේ කිසිවකුත් බලාපොරොත්තුව  නොවූ සිද්ධියකි. මොවුන් ගමන් ගත් වෑන් රථය අධිවේගී මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටුණේය.  අනතුරෙන් නිර්මා ගුරු මාතාව මිය ගියේය. දරු තිදෙනා හා සැමියා බරපතළ තුවාලය ලැබූහ. නිර්මලා ගුරු මාතාව මිය යන විට 49 හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ සැමියා පුතු හා එක් දියණියක් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති. බාල දියණිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.  මේ ඛේදවාචකයෙන් අක්මීමන වලහන්දුව ප්‍රදේශය ශෝකයෙන් ඇලළී ගොස් ඇත්තේය.

නිර්මලා ගුරු මාතාවගේ හදිසි වියෝවෙන් ජානාධිපති බාලිකා විද්‍යාලයේ සිසුන දැරියන් ආචාර්ය මණ්ඩලය හා ගම්වාසීහු දැඩි  ශෝකයට පත්ව සිටිති. "අනේ මම නිසා අම්මා යන්න ගියා. අම්මා අපිව දාලා ගියා" පුතු නාගොඩ රෝහලේදී ඔහු බැලීමට ගිය හිතවතුන් සමඟ කීවේය. දහස් ගණනක්වූ දරු දැරියන්ට නැණ පහන් දැල්වූ ඒ මිණිපහන අකාලයේ මිලින වී ගොසිනි. නිමලා හෙට්ටිආරච්චි ගුරු මාතාවන්ගේ දේහය පෙරේදා (26දා) රාත්‍රි වලහන්දුව සේනානායක මාවතේ පිහිටි ඇයගේ නිවෙසට රැගෙන එනු ලැබීය.

ඒ වන විටත් මෙම දුක්මුසු පුවත අසා ජනාධිපති බාලිකාවේ ගුරු භවතුන් හිතවතුන් ඥාතීහු ඇතුළු විශාල පිරිසක් නිමලා ගුරු මාතාවගේ නිවෙසට පැමිණ සිටියහ. එහෙත් මවගේ දේහය දකින්නට සැමියා හා දරු තිදෙනා නිවෙසේ නැත. ඔවුන් මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි බැවිනි. නිර්මලා ගුරු මාතාවගේ අඩුව දැනෙන්නේ දරු තිදෙනාට හා සැමියාට පමණක් නොවේ. ඇය විසින් අකුරු කියා දුන් දහස් ගණනක් වූ සිසු දරු දැරියන්ට නිර්මලා ගුරු මාතාවගේ අඩුව පිරිමැසිය නොහැකිය. ගුරු පරපුරේ තාරකාවියක් බඳු වූ ඒ පහන නිවී ගොස් ඇත්තේය.


Thursday, December 27, 2018

දකුණු අධිවේගයේ මාරක රිය අනතුරක්



එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී (කිලෝ මීටර් තිස් තුනයි දශම හයේදී) ඊයේ (26දා) අලුයම නාම පුවරුවක කොන්ක්‍රීට් කණුවේ ගැටීමෙන් මව මියගොස් පියා හා දරු තිදෙනා බරපතළ තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ අක්මීමණ ජනාධිපති විදුහලේ ගුරුවරියක වූ ගාල්ල වලහන්දූව - සේනානායක මාවතේ පදිංචිව සිටි නිර්මලා කුමුදුනී හෙට්ටිආරච්චි (48) නම් තිදරු මවකි.

ඇයගේ සැමියා වූ ගාල්ල දුම්රිය ආරක්‍ෂක අංශයේ සැරයන් ආනන්ද ලාල් මහතාත්, රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය (22), ගාල්ල පෞද්ගලික සමාගමක සහකාර කළමනාකරුවකු වූ පුතා (25) හා අක්මීමණ ජනාධිපති විදුහලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දියණියත් අනතුරින් බරපතළ තුවාල ලැබූවන් බව පොලිසිය කියයි. මියගිය ගුරුවරියගේ ඥාතීන් කිහිපදෙනකු සමඟ පෙරේදා (25දා) මහනුවර දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට ගොස් යළි ඥාතීත්ව බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවෙසට ඇරලවා නැවත ගාල්ල වලහන්දුව නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් නිලධාරීයෙක් පැවැසීය.

                     
අනතුර වන අවස්ථාවේ මියගිය ගුරුවරීයගේ පුතා වෑන් රථය පදවා ඇති අතර සැමියා ඉදිරිපස අසුනෙත් ගුරුවරිය හා වැඩිමහල් දියණිය වෑන් රථයේ ඉදිරිපස අසුනට පිටුපස අසුනෙත් බාලම දියණිය පිටුපසම අසුනේත් සිට ඇති අතර ඇය නින්දේ පසුවී ඇති බව පොලිසිය කියයි. කහතුඩුව අධිවේගී පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට වෑන් රථය යොමු කර ගාල්ල නිවෙස බලා පැමිණෙමින් සිටියදී දොඩංගොඩ පිටවීමේ පිවිසුමට ඇති දුර සඳහන්ව තිබෙන නාම පුවරුවක කොන්ක්‍රීට් කණුවේ වෑන් රථය ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය
සිදු කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුරක් සිදු වූ බැව් වාර්තා වූ වහාම එම ස්ථානයට පැමිණි ගැලනිගම අධිවේගී රථ වාහන පොලිසියේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී අනතුරින් සුන්බුන් ගොඩක් බවට පත් වී තිබූ වෑන් රථයේ සිටි මව හා දියණියන් දෙදෙනා දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගෙන බාල දියණිය හොරණ මූලික රෝහලටත් මව හා වැඩිමහල් දියණිය කළුතර නාගොඩ රෝහලටත්, ඇතුළත් කිරීමට පියවර ගනු ලැබූ බව, පොලිස් නිලධාරීයෙක් පැවැසීය.

වෑන් රථයේ ඉදිරිපස කොටස් නාම පුවරුවේ කොන්ක්‍රීට් කණුවට සිර වී තිබීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සෙසු නිලධාරීන්ගේ සහාය ඇතිව පැය එකහමාරකට අධික කාලයක් අධි පීඩන යන්ත්‍ර ආධාරයෙන් වෑන් රථයේ තහඩු කපා බරපතළ තුවාල ලබා ඒ තුළ සිර වී සිටි පිය පුතු දෙපළ දැඩි වෙහෙසක් දරා ඉවතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. අනතුරින් ලැබූ බරපතළ තුවාල සහිතව රෝහල් ගත කළ මව වූ ගුරුවරිය මඳ වේලාවකට පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

කහතුඩුව අධිවේගී මාර්ගයෙන් වෑන් රථය අධිවේගී පිවිසුමට යොමු කර මඳ වේලාවකට පසු රියැදුරු ලෙස කටයුතු කළ පුතු අමතා ඇති පියා නිදිමත නම් ගැලනිගම පිවිසුමෙන් වෑන් රථය පිටතට ගෙන විවේක ගන්නා යැයි පවසා තිබූ බවත්, පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

-එම්.සී.පෙරේරා-