Showing posts with label mudrerg3. Show all posts
Showing posts with label mudrerg3. Show all posts

Friday, August 1, 2025

වසන්ති චතුරානි හෙවත් සුද්දී නමැති රූමත් කාන්තාවගේ ඝාතනය

  ගයාන් සූරියආරච්චි


මැදනාත්තන්ඩිය ප්‍රදේශයේදී පසුගිය 22 වැනිදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන එදිරිසිංහ ආරච්චිලාගේ වසන්ති චතුරානි හෙවත් සුද්දී නමැති රූමත් කාන්තාවගේ ඝාතනයට අදාළව කරන ලද පරීක්‍ෂණවලදී හෙළි වූ තොරතුරු මත තරුණයෝ දෙදෙනෙක් පොලිසියේ දංකොටුව නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට  ගැනුණේ ප්‍රදේශයේ ඉරට්ටකුලම තාවකාලිකව පදිංචිව සිටින  ආරච්චිකට්ටුව, කෝට්ටපිටිය ස්ථීර පදිංචිකරුවකු වන විසි හය හැවිරිදි තරුණයකු සහ ඉරටන්කුලම ප්‍රදේශයේ විසි තුන් හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.


ආරච්චිකට්ටුව, කෝට්ටපිටිය ප්‍රදේශයේ 26 තරුණයාගේ සහෝදරියක විවාහ වී ඉරට් කුලම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර 26 හැවිරිදි තරුණයා ද එම සහෝදරියගේ නිවෙසේ තාවකාලිකව පදිංචිව සිට ඇත. වසන්ති චතුරානි හෙවත් සුද්දී නමැති කාන්තාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව එම යතුරුපැදිය පදවාගෙන ගිය බව කියන යුද හමුදාවේ හිටපු සෙබළා එම යතුරුපැදිය විනාශ කිරීම සඳහා මෙම සැකකරුට ලබා දී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කෝට්ටපිටිය ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවකු වන තරුණයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී එම කාන්තාව ඝාතනය කිරීම සඳහා යාමට යොදාගත්තේ යැයි කියන යතුරුපැදිය සිය සහෝදරිය පදිංචිව සිටින නිවෙස පිටුපස ඇති වැසිකිළි වළට දමා ඇති බවට තොරතුරු හෙළිවිණි යැයි ද පොලිසිය පවසයි. සැකකාර තරුණයා හෙළි කළ   තොරතුරු අනුව වෙන්නප්පුව දංකොටුව පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම වැසිකිළි වළ ඊයේ සෝදිසියට ලක් කර සඟවා තිබූ යතුරුපැදිය ගොඩ ගනු ලැබීය.


මත්ද්‍රව්‍ය ඡාවාරම්කාරියක බව කියන වසන්ති චතුරානි හෙවත් සුද්දී නමැත්තිය ඝාතනය කළ බව කියන පාතාල වෙඩික්කරුවකු යැයි පැවැසෙන පුද්ගලයා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කිරීම සහ එම ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය වත්තල ප්‍රදේශය දක්වා රැගෙන ගිය බවට පැවැසෙන ඉරට්ටකුලම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු ද මේ සමග අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම කාන්තාව ඝාතනය කිරීම සඳහා යොදාගත් බව පැවසෙන වැසිකිළි වළක සගවා තිබියදී සොයා ගත් යතුරුපැදියේ අයිතිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉරට්ටකුලම ප්‍රදේශයේ පදිංචි මේ වන විට ඉතාලියේ රැකියාවක නිරතව සිටින බලු සෙහාන් යන නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන සුද්දී නැමැත්තිය අතර මත්ද්‍රව්‍ය මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අවුලක් තිබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.


එම මුදල් ආරවුල මත ඉතාලියේ පදිංචිච්ච සිටින බලු ෂෙහාන් නැමැත්තා ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක වී ඇති බව ද පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. ජාත්‍යන්තර සහාය ඇතිව පොලිසියේ ඉදිරියේදී මෙම කාන්තාව ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව බාර දුන් බව කියන ඉතාලියේ පදිංචි ලාංකිකයා අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියට වෙඩි තැබූ පාතාල වෙඩික්කරු සහ වෙඩි තැබීමට යතුරුපැදිය පදවාගෙන ගිය ඉරට්ටකුලමේ පදිංචි හිටපු හමුදා සෙබළා ද අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පුළුල් පරීක්ෂණ පවත්වා ගෙන යයි.


යතුරුපැදිය පදවාගෙන ගියේ යැයි කියන හිටපු හමුදා සෙබළාගේ තොරතුරු හෙළි වී ඇති නිසා ඔහු රටින් පලායෑම වැළැක්වීම සඳහා සියලු තොරතුරු අධිකරණ නියෝගයක් අනුව කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළට දැනුම් දී තිබෙන බව ද පොලිසිය කියයි.


Wednesday, October 6, 2021

ග්‍රාම නිලධාරී ඝාතනය ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුවක්




අඹන්පොළ ග්‍රාම නිලධාරී කේ.පී. සිටුකුමාර මහනා කපා කොටා ඝාතනය කිරීමට රුපියල් ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව කියන  ගල්ගමුව දුම්රිය ස්ථානයේ (පුහුණු) දුම්රිය ස්ථානාධිපතිවරයෙක් අඹන්පොළ පොලිසිය විසින් පෙරේදා (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබීය.  ගල්ගමුවේ පදිංචි පුද්ගලයකුට එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් ඒ අනුව එම පුද්ගලයා මිතුරන් දෙදෙනකු සමග එක්ව පෙරේදා (04) උදෑසන ග්‍රාම නිලධාරියාට පහර දී කපා කොටා ඝාතනය කර ඇති බවත් තොරතුරු අනාවරණය වන බව පොලීසිය සඳහන් කරයි. 




කොන්ත්‍රාත්තුව ගත්  පුද්ගලයා හික්කඩුවේ අයකු වන අතර ඔහු ගල්ගමුවේ කාන්තාවක සමග විවාහ වී ගල්ගමුවේම පදිංචිව සිටින බව ද වාර්තා වේ.  තමා භුක්ති විඳින රජයේ ඉඩමක බලහත්කාරයෙන් රැදී සිටින වෙනත් පුද්ගලයෙකුට එය ලබා දීමට මරණයට පත්වූ ග්‍රාම නිලධාරියා පියවර ගනිමින් සිටින බැවින් ඔහු බිය ගැන්වීම සඳහා පහර දීමක් සිදු කිරීමට පමණක් තමන් මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් බව සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.  ග්‍රාම නිලධාරයා බිය වැද්දීමට පහරදීමක් සිදුකරන ලෙසට තමන් දැනුම් දුන්නත් ඔහු මරා දැමීමේ කිසිදු වුවමනාවක් නොතිබුණු බව ද මෙම සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන්  කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සැකකරුවන්ට අත්තිකාරම් මුදලක් වශයෙන් රුපියල් 70,000ක මුදලක් මුලින් ලබා දී ඇති බවත්, ඉතිරි මුදල සැලැස්මෙන් පසු ලබා දීමට පොරොන්දු වී ඇති බවත් පරික්ෂණවල දී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.  ඝාතකයන් වැන් රථයකින් ගොස් ග්‍රාම නිලධාරියා ඝාතනය කර ඇති බවත් එම වෑන් රථයේ අංකයට අනුව සිදුකළ පරීක්ෂණයෙන් පසු එම රථය ද ගල්ගමුව පොලීසිය විසින් සොයාගනු ලැබු බවත් පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.  එම වෑන් රථය ලියාපදිංචි වී ඇත්තේ නිකවැරටිය පොලිස් අධිකාරි කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන පොලිස් නිලධාරියකුගේ නමින් බවත්, එම රථය සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා කුලි පදනම මත ලබාගෙන තිබූ එකක් බවත් අනාවරණය වන බව ද එම නිලධාරියා  සඳහන් කළේය.



ග්‍රාම නිලධාරියා ඝාතනය කිරීමෙන් පසු ඝාතකයන් ගල්ගමුව ප්‍රදේශයේ හෝටලයකට ගොස් මත්පැන් සාදයක් පවත්වා ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.  ඝාතකයන් අල්ලා ගැනීම සඳහා අඹන්පොළ පොලීසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ද නිකවැරටිය සහකාර පොලිස් අධිකාරී සාලින්ද සමරකෝන් මහතා විසින් පත්කරනු ලැබ සිටිති.  සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා මහව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා ඊයේ (05) නියෝග කර ඇත.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගල්ගමුවේ පදිංචි චානක තිලාන් කුමාර නමැත්තෙකි.  දේශීය වී වගාව පිළිබඳ පර්යේෂකයකු මෙන්ම සංරක්ෂකයකු වූ අඹන්පොළ ග්‍රාම නිලධාරී කේ.පී. සපුකුමාර මහතා පෙරේදා (04) උදැසන රාජකාරියට යමින් සිටිය දී නාඳුනන පිරිසක් විසින් කපා කොටා ඝාතනය කරනු ලැබ සිටියේය.


 ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය



Tuesday, September 28, 2021

ඇඹිලිපිටියේ කතක් පාර මැද වෙඩි තබා මරා දාලා




ඇඹිලිපිටිය රෝහල අසල පස්වැනි පටුමගේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ කාන්තාවකට වෙඩි තබා ඉකුත් 26 වැනිදා රාත්‍රියේ මරා දමා ඇතැයි ඇඹිලිපිටිය පොලිසිය කියයි.  වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ තිස් පස් හැවිරිදි දෙදරු මවක බවත් එම ඝාතනයට සැකපිට මියගිය කාන්තාවගේ හතළිස් හැවිරිදි සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති  බවත් පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අබේසිංහ කම්කානංගේ ඉන්ද්‍රා මල්කාන්ති නමැත්තියක බව පොලිසිය කියයි.  වෙඩි තැබීමට යොදාගත් බව කියන මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක්. බෝර දොළහේ තුවක්කුවලට යොදන හිස් පතරොම් කොපුවක් තම බාරයට ගත් බවත් පොලිසිය පවසයි.  පවුල් ආරවුලක් මත සිදුවූ බහින්බස් වීමක්  දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇතැයිද පොලිසිය සැක කරයි. 



එදින රාත්‍රී 7.30 ට පමණ මෙම දෙදෙනා  අතර යම් ආරවුලක් ඇතිවීමෙන් අනතුරුව  මියගිය කාන්තාව තම වසරක් වයසැති සිගිති දරුවා සමග තම පදිංචි නිවෙසින් පිටතට  පැමිණ මියගිය කාන්තාවගේ මහගෙදර යාමට පිටත්වීමට යාමේදී මාර්ගය මැදදී වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි. එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ බාල සහෝදරයාද එම  ස්ථානයේ සිට ඇති අතර වෙඩි වැදුණු කාන්තාව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල  වෙත රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මල්ශාලවක හිමිකරුවකු වන සැකකරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත් එම තැනැත්තා මීට පෙර විවාහයක් කරගත් තැනැත්තකු බවත් පොලිසිය සඳහන් කළාය. සිදුවීම වූ ස්ථානය අසළ නිවසක හා මියගිය කාන්තාව පදිංචි නිවසේ සීසීටීවී කැමරා පද්ධති සවිකර තිබූ බවත් මියගිය කාන්තාවන්ගේ නිවෙසේ තිබූ කැමරා පද්ධති පරීක්ෂා කිරීම සඳහා තම බාරයට ගත් බව පොලිසිය පවසයි.  මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ඇඹිලිපිටිය අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් එදින පස්වරුවේ පවත්වනු ලැබීය. එම මළ සිරුර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.


 රෝහණ සමරවීර 

Wednesday, August 26, 2020

බියගම එක්දරු මවක් නිදියහනේදීම මරා දාලා



බියගම පේරගස්හන්දිය මල්වත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි එක්දරු මවකට නිදියහනේදී පිහියෙන් ඇන ගෙල කපා පෙරේදා (24) ඝාතනය කර ඇතැයි බියගම පොලිසිය කියයි. මෙසේ ඝාතනය කර ඇත්තේ නදීකා කුමාරි රත්නායක (39) නැමැති එක්දරු මවකි. ඇය පෙරේදා (24) පෙරවරුවේ සිය එකොලොස් හැවිරිදි දරුවා පාසල වෙත ඇරලවා පැමිණ නිවසේ තනිව සිට ඇති අතර ඇගේ ස්වාමියාද රැකියාවන් සඳහා පිටත්ව ගොස් ඇති බව පැවසේ. ඝාතනයට ලක්වූ කාන්තාවගේ දරුවා පාසල නිමවී නිවසට පැමිණි විට මව ඇඳ මත ඝාතනය කර තිබූ අයුරු දැක අසල්වැසියන් මාර්ගයෙන් පොලීසියට දැනුම් දී ඇත.

ඝාතනය සිදු වූ ස්ථානයට පෙරේදා (24) සවස පැමිණි මහර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නිමල් පතිරණ මහතා මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූ අතර, රාගම රෝහලේ සහකාර අධිකරණ  වෛද්‍යවරුන් වන තනුශාන් මුතුලින්ගම්,  නිරංග සේනාරත්න හා මලීෂ ජයසුන්දර මහත්වරු ඝාතනය වූ ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ කටයුතු සිදු කළහ. මහේස්ත්‍රාත්වරයාගේ නියමයෙන් දේහය පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ  කටයුතු සඳහා රාගම රෝහලට රැගෙන යන ලදී.

-සුදත් පුබුදු කිර්ති-