Showing posts with label local 1. Show all posts
Showing posts with label local 1. Show all posts

Friday, June 7, 2019

කුසල් පෙරේරාගේ ස්ථානය හිසරදයක්

|
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර ආරම්භ වුයේ සත්කාරක එංගලන්ත කණ්ඩාම ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ ක්‍රිකට් විශාරදයන් අනුමාන කරන ලද පරිසරය සිටය. මෙවර ලෝක කුසලාස ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි මා විසින් අනුමාන කරන ලැයිස්තුවේ සිටින ඉහළම කන්ඩායම් හතරෙන් එකක් වන ද වන එංගලන්තය එම ස්ථානයේ  සිටින්නේ කවර හේතුවක් නිසාද යන්න දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රදර්ශනය කළ අතිදක්ෂ ක්‍රීඩා රටාවෙන්  දැකගත හැකිවිය .


දකුණු අප්‍රිකාව යනු දුර්වල කණ්ඩායමක් නෙවෙයි . ඇත්ත වශයෙන්ම , තරග ජයග්‍රහණය කිරීමට හැකියාවක් තියෙන නියම ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්නවා . එහෙත් මේ ලෝක කුසලාන තරගාවලියේ සිටින සමහර කණ්ඩායම් අති දක්ෂ කණ්ඩායම් කණ්ඩායමේ සෑම ස්ථානයක්ම උපරිම දක්ෂතාවයන් දක්වන ඉහළම පෙළේ තුන් ඉරියව්වෙන් අංග සම්පූර්ණ ක්‍රීඩකයන්  සන්නද්ධ නැති ඕනෑම කණ්ඩායමකට එම කණ්ඩායම් දැඩි අභියෝගයක් වෙනවා .

ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මගේ හදවත ටිකක් විතර කලබලයි . සාමුහික උත්සහයකින් යුතුව අපේ කණ්ඩායම ශක්තියක් ගොඩ නගා ගනු ඇතැයි මා ප්‍රාර්ථනා කරනවා . ඒත් මේ තරගාවලිය ආරම්භයේදී ඉහළම දක්ෂතා දක්වනු ඇතැයි මට අපේක්ෂා කළ හැකි කණ්ඩායම් හතර වන්නේ එංගලන්තය , ඉන්දියාව , ඔස්ට්‍රේලියාව  හා නවසීලන්තය හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පමණයි .

කොදෙව්වන් ක්‍රීඩා කරන විලාශය අපි සිකුරාදා දැක්කා . ඔවුන් ආරම්භ කළේ ඔවුන්ගේ වේග පන්දු යවන්න්ගේ අධික වේගය ආක්‍රණයෙන් යුත් සිත් ඇදගන්නා ක්‍රීඩාවකින් . ඔන්ඩ්‍රි රසල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී නැවත වතාවක් ඔවුන් සමඟ එක්ව සිටින අයුරු දැක ගැනීමට හැකි විමත් සතුටට කරුණක් . ඔහු සම්පූර්ණ ශරීර යෝග්‍යාතාවෙන් සිටියොත් මේ ලෝක කුසලාන තරගාවලිය  පිත්තෙන් හා  පන්දුවෙන් ආලෝකවත් කිරීමේ හැකියාව ඔහු සතුව තිබේ .

ශ්‍රී ලංකාව ඔවුන්ගේ පෙරහුරු තරගවලදී ප්‍රදර්ශනය කරනු ලැබුවේ සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවක් . එය නරක නොවුණත් දැන් තියෙන එක්දින තරග රටාව අනුව හොඳ ක්‍රීඩා විලාසයක් නම් නෙවෙයි.

ඔවුන්ගේ පිතිකරණයේ ස්ථිරබවක් පෙනෙන්නට  තිබුණා . විශේෂයෙන්  දිමුතු ( කරුණාරත්න ) ලකුණු ලබා ගන්නා අයුරු දැක ගැනීමට ලැබීම සකුට ගෙන දෙන කරුණක් වුණා . මෑත අතීතයේ ඉතාමත් අඩු ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් පළපුරුදක් තිබෙන නව නායකයෙක් වශයෙන් ඔහු ආරම්භයේ දී පිත්තෙන් පෙරමුණ ගත්තා වගේ පන්දු රකින් අවස්ථාවන්වලදීත් පෙරමුණ ගනිමින් උපායශීලීව සහ කඩිසර විය යුතු වීම අවශ්‍ය වෙනවා
කුසල් මෙන්ඩිස් , ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා කියන්නේ බලාපොරොත්තු  තැබිය ඉනිම ක්‍රීඩා කරල තියෙන ක්‍රීඩකයන් . පාලනයක් සහිත ඇත්ම විශ්වාසක් ඉසුරු උදානගෙන් දිස්ව  තිබෙන අතර නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් යන දෙදෙනාම නව පන්දුවෙන් භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි ක්‍රීඩකයන් බවට පත්ව සිටිනවා .
 ලොකුම හිසරදයක් ලෙසින් මම දකින්නේ කුසල් පෙරේරා පන්දුවට පහර දීමට පැමිණෙන අංක 3 ස්ථානයයි . මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ කුසල් පෙරේරා අංක තුන ස්ථානයේ ක්‍රීඩා නොකළ යුතුය යන්නයි .

එංගලන්තය වෙනුවෙන් අංක 5 ස්ථානයෙන් පැමිණ තරගයේ ස්වභාවය අනුව ක්‍රීඩා කරන ජොස් බට්ලර් වගේ කුසලුත් අංක 5 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පිවිසෙනු දැකීමට මා වඩාත් ප්‍රිය කරනවා . කණ්ඩායමක් තුළ උවමනාවට  වැඩියෙන් කිසිවක් කපා කොටා වෙනස් කළ නොහැකිවාසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය මේ කරුණ පිළිබඳව ඉක්මන් තීරණයකට පිවිසීමට අවශ්‍යයි .
අපේ කණ්ඩායමේ සැලකිලිමත් විය යුතු තවත් අංශයක් වනුවේ දඟ පන්දු යැවීමයි . ජීවන් මෙන්ඩිස්ගේ ස්ථාවරබවක් දිස්ව තිබෙන නමුදු ජෙෆ්රි වැන්ඩයේ කළමනාකාරීත්වය බලාපොරොත්තු වන දක්ෂතා අහලකටවත් පැමිණිලා නැහැ . මෙය දැඩි කණස්සල්ල දනවන කාරණාවක් බවට පත්වන්නේ වර්තමාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී වේගයෙන් පන්දුවට පඑර දිය හැකි පිතිකරුවන් නතර කළ හැකි එක ක්‍රමයක් වන්නේ දඟ පන්දු යවන්නන්  විසින්  පිතිකරුවන් දවා ගැනීමට සමත් වීම නිසයි . ඒ නිසා දඟ පන්දු යවන්නන් ඒ කාර්යය ඉටු කළ යුතුයි .

අවාසනාවකට වගේ මේ  තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී අපි ඉතාමත් දුර්වල ක්‍රීඩා  විලාශයක් පෙන්නුම් කළා . අධිෂ්ඨානශීලී ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කළ දිමුත් හැරුණු විට  අපේ පන්දුවට පහර දුන් අනෙක් පිතිකරුවන්ගේ විලාශය ගැන මා ඉතාමත් කලකිරීමට පත් වුණා .

ඒ වගේම නවසීලන්තය තරගය සඳහා හොඳින් සංවිධානය වී සිටන බවත් ඔවුන්ගේ පන්දු ප්‍රහාරය ශක්තිමත් බවත් අප දැන සිටියා . නමුත් මීට වඩා හොදින් පන්දුවට පහර දීලා ලකුණු 250කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් කරා යාවී කියල මං හිතුවේ .

ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගය ජයගත්තත් බංගලාදේශය සමග තරගය ඇතුළුව ඉතිරි තරග සියල් අපිට ලේසි වෙන්නේ නැහැ . බංගලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගිය ඉරිදා ඔව්ල් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී අපූරු ක්‍රීඩාවක නිරත වුණා . ඔවුන් දැන් ඉතාමත් තැන්පත් හා පළපුරුදු කන්ඩායමක් බවට පත්ව සිටිනවා .

මෙතනදී වැදගත් වන්නේ කණ්ඩායමක් විදිහට  නැවත එකමුතු වී තරගයෙන් තරගයට සැලසුම් සකස් කරගෙන යෑමයි .  ඊළඟ තරගයේ දී තරගයේ දී ජයග්‍රහණයක් අත්කර ගත්තොත් අපේ විශ්වාසය ගොඩනගා ගන්න එය අපිට ගොඩක් උපකාර වේවි .

ඉන්දියාව අසාමාන්‍ය ලෙසින් ශක්තිමත්ව සහ හොඳින් සමබරව සිටින කණ්ඩායමක් .  ඔවුන්ගේ ලොකුම වාසිය වී තිබෙන්නේ ජස්ප්‍රිට් බුමිරාගේ මෙහෙයවීමෙන් යුත් වේග පන්දු බල ඇණියයි . අද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිටන හොදම වේග පන්දු යවන්නා බුමිරා යි .  හර්දික් පාන්ඩ්‍යාගේ වේගය , පන්දු දෝලනය සහ  තුන් ඉරියවේ හැකියාවද ඔවුන්ට ආශිර්වාදයක් වී  තිබෙනවා .

පළමු පෙරහුරු තරගය හැරෙන්නට ඔවුන්ගේ පිතිහරඹය විශිෂ්ට පළපුරුද්දෙක් ශක්තිමත්ව තිබෙනවා . මහේන්ද්‍ර සිං ද්‍රෝනි හා කේ . එල් රාහුල් ඇතුළු සියළු දෙනාම ඒ සඳහා දායක වී තිබෙනවා .
ප්‍රතිවාදී කණ්ඩායමක් විසින් පැහැදිලිවම  රෝහිත් ෂර්මාව සහ විරාට්ව ( කෝලි)  දවා ගැනීම සඳහා  ප්‍රධාන සැලසුම් සකසාවි . එතැනදී විරාට් ( කෝලි ) එරෙහිව ඔවුන් ස්ලිප් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා “ ගලී “ ක්‍රීඩකයෙකු යෙදවා ගෙන පිට ඉන්නට මදක් ඈතින් පන්දු යවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා . මොකද පන්දුවට පහර දීමේ දී ඒ අංශයෙන් පොඩි දුර්වලතාවයක් කෝලිගෙන් ප්‍රදර්ශනය වී තිබෙන නිසා . ඒත් කෝලි ඉතාමත් දක්ෂ හා  නුවණක්කාර    පිතිකරුවෙක් . මේ කරුණු නිසා ඔහු මේ තත්ත්වයට සුදුසු වනසේ සකස් වී ශක්තිමත්ව සිටීවි.

- කුමාරසංගක්කාර -




Thursday, June 6, 2019

කොළඹ මහ පාසලක් ළඟ ඇවිදින මත්පෙති ගබඩාවක්




පාසල් සිසුන්ට අලෙවි කිරීම සඳහා ඖෂධ පෙති 2180 ක් ළග තබාගෙන සිටී පුද්ගලයකු කොළඹ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ ගැවසමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

මෙම ස්නායු රෝගීන්ට ලබාදෙන ඖෂධ පෙති සැකකරු ළඟ තිබී ඇති අතර ඒවා ලබාගත් විට මත්වන බවද එක් පෙත්තක් රුපියල් 50 කට විකුණන බවද සැකකරු ප්‍රකෘශ කර තිබේ.
මෙම ඖෂධ පෙති හෙරොයින් වැනි මන්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද භාවිත කරන බවට තොරතුරු ලැබි තිබෙන බවද කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පී.එන්. හේමරත්න මහතා පැවසීය.

වෛද්‍ය නිර්දේශයකින් ගෞරව මෙම ඖෂධය ලබාදිය නොහැකි අතර අවශ්‍ය පමණට වඩා මෙම ඖෂධ ලබාදිම විවිධ සංකුලතාවන්ට හේතු වනු ඇතැයි සෙඛ්‍ය අංශ පෙන්වා දෙසි.
මෙම  මත්පෙති හා සැකකරු ඉදිරි විමර්ශන සඳහා ආහාර හා ඖශධ පාලන නියාමන අධිකාරිය වෙත භාරදී ඇති අතර වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

- ජයන්ත සමරකෝන් -

Tuesday, May 28, 2019

රුපියල් 1,122 ක් වටිනා ඖෂධ කල් ඉකුත්වීම නිසා අයින් කරල




ඖෂධ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුත නොකිරීම  නිසා 2015 හා 2016, 2017 යත වසර තුන තුළදී රුපියල් මිලියන එක්දහස් එකසිය විසිදෙකක ඖෂධ කල් ඉකුත්වීම හේත්තුවෙන් ඉවත් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේම 2015 වසරේදී හා 2016 වසරේදී ඖෂධ මිලදී ගැනීමේදී හා අලුතින් ඖෂධ ලියාපදිංචි කිරීමේදී බරපතළ විෂමතාවක් සිදු වී තිබෙන බවට මේ වනවිට නිකුත් කර තිබෙන විගණන වාර්තාවකින් හෙළි වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. මේ නිසා වහාම මේ පිළිබඳ පරීක්ෂණයක්පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.

අලුතින් ඖෂධ ලියාපදිංචි කිරීම යටතේ 2016 වසරේදී අලුතින් ඖෂධ වර්ග තුන්දහසක් නව සමාගම හරහා ලියාපදිංචි කර තිබෙන බවත්,
මෙය ඉතිහාසයේ එක් වසරක් තුළ ලියාපදිංචි කළ වැඩිම ඖෂධ ප්‍රමාණය බවත් ලේකම්වරයා පවසා සිටියේය.

2015 වසරේදී ඔෂධ හිඟයක් නිර්මාණය කර රුපියල් මිලියන 4,310ක හා 2016 වසරේදී රුපියල්ලි යන 4,065ක, ඖෂධ ක්ෂණිකව මිලදී ගැනීම යටතේ මිලදී ගෙන තිබෙන
මේ සියලු දේවල් පිළිබඳ විගණන වාර්තාව තුළත් එළිදක්වා තිබෙන බවද හරි අලුන්ගේ මහතා සඳහන් කළේය.

- එච්.අයි. කුමාර-

බේරුවල සෝදිසි මෙහෙයුමකින් 10ක් අත්අඩංගුවට



බේරුවල පොලිස් බලප්‍රදේශයට අයත් වෙමිරාප්පුර, මත, මාලිගා , මිලාගාධ, හයිඩාගොඩ, පැලස් පාක්, කෝපියාවත සහගොරකාදුව යන ප්‍රදේශ කිහිපයක සිඳුකළ සෝදිසි මෙහෙයුමේදී ඊයේ (27)  සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
යුද හමුදා, ගුවන් හමූදාව හා පොලීසිය ඒකාබද්ධව සිදුකළ  මෙම  මෙහෙයුම්වලදී  නිවාස කිහිපයක තිබි යුද හමුදා නිල ඇදුම්වලට  සමාන ඇදුම් තොගයක්, කඩු දෙකක්, දුරදක්න  දෙකත්, හැඳුනුම්පත් කිහිපයක් අත්අඩංගුවට ගෙන්න තිබීණ.
 මේ අතර වෙස්ටිරොප්පුර ප්‍රදේශයේ අක්කර ගණනාවක්  ආරක්ෂෂක කඳවුරක් ආකාරයෙන් ආරක්ෂක බාධක සහිත කම්බි රෝල් යොදා තිබූ භූමියක් සහිත පරිශ්‍රයක්  දැඩි පරික්ෂාවට ලක් කළ අතර, විමර්ශනවලින් අනතුරුව අනාවරණය වූයේ විදේශිකයෙකුට අයත් සංචාරක නිකේතනයක් බවත්, එහි මාස කිහිපයකට පෙර විදෙස් සංචාරකයන් පිරිසක්  ලැගුම් ගෙන සිටි බවත්ය.

ආරක්ෂක හමුදා එම  පර්ශ්‍රයට ගිය අවස්ථාවේ එහි  සිටි පුද්ගලයන් තිදෙනකුගෙන් තොරතුරු සටහන් කරගෙන එම පරිශ්‍රය  පොලීසිය විසින් මුදා තබා ඇත. එමෙලෙස මුද්‍රා තැබූ පරිශ්‍රය  අද (28දා) දින නැවත  පරීක්ෂා කරන බවද පොලීසිය සඳහන් කරයි.

-ඒ අලුගෝව - කුමාර ද සිල්වා-

රටේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් විදෙස් තානාපතිවරුන්ට සහතිකයක්



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (27) උදෑසන ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ත්‍රස්ත අභියෝගයට එරෙහි  සාර්ථක මෙහෙයුම්  පිළිබඳ එහිදී ජනාධිපතිවරයා  දැනුවත් කළ ජනාධිපතිවරයා මේ වන විට රටේ වත්මන් තත්ත්වය සියයට අනූවක් වහපත් බවට තමන්ට සහතික විය හැකි බව පවසා සිටියේය‍.

ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් සිදු කරන ලද සාර්ථක මෙහෙයුම් ඊට හේතු වු බව සඳහන් කළ ජනාධිපතිවරයා , විදෙස් බුද්ධි අංහවලින්ද මෙරට ආරක්ෂක අංශ වෙත ලැබුණු  සහය ඇගයීමට ලක් කළේය .

සංවර්ධනය සඳහා ලබාදෙන සහයද අඛණ්ඩවම අපේක්ෂා කරන බව බව සඳහනස් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා සිදුවීමත් සමඟින් සංචාරකයන් සඳහා පනවා  ඇති බාධක කඩිනමින් ඉවත් කර ගැනීමට සහය වන ලෙස තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය .

 රටේ වත්මන් ආරක්ෂක තත්ත්වයට අදාළ කරුණු පැහැදිලි කිරීම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළකළ තානාපතිවරුන් , ශ්‍රී ලංකාවට පැමිණීමේ දී තම රටවල සංචාරකයන් සඳහා ඇති බාධා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද පැවසුවා .

හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම පියවර ගත්තද , නැවත වරක් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය .

ආරක්ෂක මෙහෙයුම් පිලිබඳව එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වු ජනාධිපතිවරයා පුද්ගලයන් , පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ අත්අඩංගුවට ගැනීම පිළිබඳව විස්තර කළේය .

මෙවැනි සාහසික ප්‍රහාර යළි ඇති නොවීම සහතික කිරීම සඳහා ආරක්ෂක සේවාවල ප්‍රතිසංවිධානයක් සිදු කරමින් පවතින බවත් , නව නීති සම්ප්‍රදානය සහ නව ආයතන ව්‍යුහයක් ස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ .

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර් . සෙනෙවිරත්න , විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ , ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ .