දේශපාලනය දූෂණය සහ වංචාව
දූෂණය, වංචාව හමුවේ රජයේ නිලධාරීන්ගේ අකටයුතුකම් ගැන පැමිණිලි ඉදිරිපත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය '1905 දුරකථන අංකය සැප්තැම්බරයේ හඳුන්වා දුන්නේය.
නාමල්ගේ විවාහ මංගල්‍යයෙහි රුපියල් ලක්ෂ 26කට වැඩි බිල්පත ගෙවා නැතැයි චෝදනාව හමුවේ සනත් නිශාන්ත බිල්පත ගෙවා දැමීමද මෙම වසරේ කතාබහට එකතු වූ තවත් දේශපාලන මාතෘකාවකි. රාප්පක්ෂ පවුලේ කිහිපදෙනෙක් සහ හිතවාදීන් හත්දෙනක් රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බව නොවැම්බර් 14 දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. දූෂණ විරෝධී පනත සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක විය.
රුපියල් මිලියන 500ක් වැය කර 2023දී සවිකළ දුම්රිය සීනු සහ විදුලි පද්ධති 200න් 94ක් අක්‍රියව ඇතැයි විගණක වාර්තාවක් අනාවරණය කළේය. ඒ අතර සුනාමි අනතුරු අඟවන කුලුනු අක්‍රිය යැයි සුනාමි සමරු දිනයේ තවත් පුවතකි.
රුපියල් මිලයන 1200ක් වැය කර සැකසුණු අධ්‍යාපනයේ දත්ත පද්ධතිය ගැන සෑහීමකට පත්විය නොහැකි යැයි කෝපා සභාපතිවරයා ජූලි මාසයේ පැවසීය.
හොරපාරෙන් ආ සුපිරි ජීප් රථ 400ක් මහමග ධාවනයේ යොදවා ඇතැයි අගෝස්තු මාසයේ ඇසුණි. වාරිමාර්ගයට අයත් වාහන 650ක්
ලියාපදිංචිච තිබුණාද භාවිතයට ගන්නේ 306ක් බවත් ඒ අනුව ’වාහන 344ක් බහිරවයා ගිලලා’ යැයි පුවත් වාර්තා කළේය. ජනපති කාර්යාලයේ වාහන 51ට සිදුවූ දෙයක් නැතැයිද ඇසුණි.
අරගලකරුවන් ගෝල්ෆේස් පිටියට සිදුකර ඇති හානිවල අලාභය රු. 5,996,484ක් ලෙස ගණන් බලා ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල අගෝස්තු 10 දා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මත්පැන් සමාගම් 5ක බලපත් අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළේ නොවැම්බර් මාසයේදීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රෝහණ සුජිත් සහ ඩයනා අතර ගැටුම ජනතාවට හාස්‍ය ගෙන ආ තවත් රංගතයක් විය.
වෘත්තීය අයිතිවාසිකම්
හැමදේම විකුණා කෑමේ ආර්ථික න්‍යාය යටතේ මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘති සදහා යොදා ගන්නේ යැයි තැපැල් සේවකයෝ නොවැම්බර්යේ දීපව්‍යාප්ත වර්ජනයක යෙදුණාහ.
සුපුරුදු පරිදි වැඩබිමත්, රාජ්‍ය සේවය සහ වෛද්‍ය වෘත්තිකයන්ද, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ද වීදි බැස වෘත්තීය අරගල මෙහෙය වූහ. එයින්ද වැඩි ප්‍රමාණයක් ජල ප්‍රහාර, කදුළු ගෑස් සහ උසාවි නියෝග තුළින් යටපත් කෙරිණි.
EPF සහ ETF අරමුදලට රජ්‍ය අත පොවන්නේ යැයි අගෝස්තු මාසයේ සිට ටෙලිකොම්, රක්ෂණය,විදුලිය,ඉන්දන,බදු ප්‍රතිපත්ති,තැපෑල ,ගුරු සෞඛ්‍ය අංශ හරහා රට පුරා නිතර වර්ජන සංවිධානය විය.
සෞඛ්‍ය
අර්බුදගත එන්නතක් නිසා නුවර තරුණියක පේරාදෙණිය රෝහලේදී මියයාම ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් මෙම වසරේදී ඇසුණි. 2023 දී ලියාපදිංචි නැති ඖෂධ 500ක් ගෙන්වා ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීහු චෝදනා කළහ. රට පුරා බාල ඖෂධ විරෝධය සමග ඇමති කෙහෙළිය අත්අඩංගුවට ගන්නා ලෙස ආ විරෝධතා රැල්ල හමුවේ කෙහෙළියට සෞඛ්‍ය ඇමති ධුරය අහිමි විය. විපක්ෂය ඔහුට විරුද්ධව ගෙනා ආ විශ්වාසභංගයෙන් විපක්ෂය පරාජය විය. බාල ඖෂධ ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු නොවැම්බර් 01 දින රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. නළ දරු උපත් ක්‍රමය යටතේ පත්තලගෙදර මවකට සය නිවුන් දරු උපතක් වාර්තා විය. ඒ සමග මෙම ක්රමයේ ප්‍රමිතිය සහ ගුණාත්මක ක්‍රමවේද පිළිබඳ විධිමත් නියාමනයක අවශ්‍යතාව විද්වතුන් අතර සංවාදයක්ද විය.
කොවිඩ් පාලනයට ගෙන්වූ ෆයිසර් එන්නත් මිලියන 14.05 න් 87%ක් විනාශ කළ බවත් පාවිච්චියට ගෙන ඇත්තේ එයින් 13%ක් බවත් කෙහෙළිය පැවසීය.
පැවති අධික වර්ෂාව නිසා දෙසැම්බර් මාසය වන විට ඩෙංගු රෝගීන් 4,053ක් වාර්තා විය.
ආගම සහ සංස්කෘතිය
අමරපුර මහා නිකායේ හිටපු මහානායක හිමියෝ මැයි මාසයේදී අපවත් වූහ.
තවුහිද් ජමාත් ඇතුළු ආගමික සංවිධාන පහකට පනවා තිබූ තහනම ඉවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි මාසයේ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.
බෝමිරියේ විහාරස්ථානයක් තුළදී එහි විහාරාධිපති හිමිනමට සහ කාන්තාවන් දෙදෙනෙකුට ගම්වැසියන් පහර දුන්නේ ජූලි මාසයේදීය.
ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘති කර දේශනා කිරීමෙන් වළකින ලෙස මල්වතු මහනාහිමියන් පිටිදූවේ සිරිධම්ම හිමියන්ට දැඩි අවවාද කළහ. ගෙවුණු නොවැම්බර් මාසයේදී රාජාංගණයේ හාමුදුරුවන් ගැනද ජනතාව යමක් පැවසීමට අමතක නොකළහ.
අවුකන පිළිම වහන්සේට සිවුරු පෙරවීම ගැනද මෙවර කඨින පින්කම් සමයේ ජනතාව අතර ප්‍රබල චෝදනාවක් විය.
පවතින පුරාවිද්‍යාත්මක අගය සලකා අලුත් පූජා භුමි 6ක් නම් කිරීම සැප්තැම්බර් මාසයේ සිදුවිය.
ආර්ථිකය
රටේ ආර්ථිකය ප්‍රපාතයේ යැයි ජනතාව විලාප නගන විට 2024 වසර වෙනුවෙන් වූ අයවැය මුදල් ඇමතිවරයා නොවැම්බර් 13 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
කොවිඩ් වසංගතයේ පසු බලපෑම තුළ මෙරට ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාපාරවලින් 80%කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවක් මගින් නොවැම්බර් මාසයේ අනාවරණය කළේය.
ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මාස 6ට නතර වූ යාපනය - කොළඹ දුම්රිය සේවය ජූලි මාසයේ සිට නැවත ආරම්භ විය.
ඇමරිකන් ඩොලර් මිලියන 110ක් යොදවමින් ෂෙල් සමාගමෙන් පිරවුම්හල් 200ක් රට පුරා ආරම්භ කිරීමට පියවර ගන්නේ යැයි නොවැම්බර් මාසයේදී රජය අනාවරණය කර තිබුණි.
මෙරට ධාවනය වන වාහන ලක්ෂ 70 න් 30ක් කළු දුමාරය පිටකරන බවට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර
අරමුදල පෙන්වා දුන්නේය.
ධාවනයට නුසුදුසු බස් රථයක් ධාවනයේ යෙදුවීමෙන් වන මාරාන්තික අනතුර සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට වන්දි මුදල් ගෙවීමට
අධිකරණය දුන් තීන්දුව, දෙසැම්බර් මුල් සතියේ වාර්තාවකි. රියදුරුට වසර 12ක සිරදඬුවමක් සහ මරණකරුවන්ගේ ඥාතීන්ට ලක්ෂ 3ක් ගෙවන ලෙස නියම විය.
2023 වසරේ රිය අනතුරු 17,965කින් 1,800දෙනෙකු මරණයට පත්ව ඇත. එයින්ද පාසල් වියේ දරුවන් ගණන 200කි.
කෘෂිකර්මය සත්ත්ව පාලනය සහ පරිසරය
නියඟය, ගංවතුර සහ සේනා දළඹුවා නිසා ගොවිබිම් අක්කර 66,000ක් විනාශ වී යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කළ අනාවරණය නිසා 2024 යල කන්නයේ බරපතළ නියගයක පෙර නිමිත්තක් රජය අවධාරණය කළේය. වී අලෙවි මණ්ඩලයේ 2020 සහ 2021 වර්ෂවල මිලදී ගත් රුපියල් ලක්ෂ 1000ක වී අතුරුදන්ව ඇතැයිද වාර්තා විය.
පොල්මයිටාවන් නිසා පොල්ගස් 370,000ක් ඉවත් කිරීමට සිදුව ඇතැයි රජය නොවැම්බර් මාසයේ වාර්තා කළේය.
දුර්ලභ පඩු කරද ශාකයක් මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් රහසේ කපා වළදැමීමේ සිද්ධිය ජනතාව අතර තවත් සංවාදයකට අනුබල දුන්නේය.
මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 60%ක අඩුවක් ඇතැයි කෝපා කමිටුවේදී අනාවරණය විය. කිරිගව සොරකමට දඩය මිලියනය දක්වා ඉහළ නංවන බවත් වැඩිම කිරිහරක් හොරු ගම්පහෙන් වාර්තා වන බවත් අනාවරණය විය.
නීතිය සහ සාමය
අනුරාධපුර පොලීසියේ කොස්තාපල්වරයෙකුට විරුද්ධව ගංජා නඩුවක් පැවරීමේ සිද්ධියක නඩු තීන්දුව ජූලි මාසයේ ඇසුණු අතර කොස්තාපල්වරයාගෙන් පොලිස්පතිවරයා සමාව ගත් පුවතද කතාබහට ලක්විය.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ප්යසිංහ 2005 ජනාධිපතිවරණ සමයේ පුද්ගල ඝාතන සිදුවීමකදී රජ්‍ය ඇමති ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් කළැයි චෝදනා මත සිරභාරයට නියම විය.
පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ වදරට වැරදිකරු වූ වැඩබලන පොලිස්පති දේශබන්දු ඇතුළු පොලීසියේ 4කට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
බුවනෙක ගොඩනැගිල්ල කඩා දැමීමේ සිදුවීමේදී මන්ත්‍රී ජොනී ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. නමුත් නගරාධිපතිවරයා ඇතුළු රාජ්‍ය සේවකයන් හතරදෙනෙකුට අධිකරණයෙන් වසර තුනකට සිරදඬුවම් නියම විය.
පාස්කු ප්‍රහාරය සිදුවී වසර හතරක් මෙම වසරේ අප්‍රේල් මාසයට ගත වුවද සාධාරණය ඉටු නොවී යැයි කතෝලික පල්ලියෙන් බරපතළ චෝදනාවකි. රාජ්‍ය ආරක්ෂක ඇමති ටිරාන් දෙසැම්බර් මාසයේ විමර්ශන කටයුතුවලින් 90%ක් අවසන් බව පැවසූ අතර කාදිනල්තුමා පැවසුවේ විමර්ශන ගැන තමන් සෑහීමකට පත් නොවන බවයි. චැනල් ෆෝ වෙතින් තවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ මුසාවක් සැප්තැම්බර් මාසයේ ලොවට ප්‍රචාරය කළේය.
අධ්‍යාපනය සහ ළමා අයිතිවාසිකම්
පළමු ශ්‍රේණියේ සාධන මට්ටමට පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් පත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය කළ සමීක්ෂණයක වාර්තාව අගෝස්තු මාසයේ එළිදැක්විණි.මේ වනවිට ළමා මවුවරුන් 2,000ක් ලංකාවෙන් වාර්තා වී ඇතැයි පොලිස් ළමා කාන්තා අංශය ඉකුත්දා අනාවරණය කළේය.
දැරියන් 168ක් අපයෝජනයට ලක්වූ බවත් එයින් දරුවන් 22ක් ගැබ් අරගෙන ඇතැයිද මාධ්‍යයට අනාවරණය විය.
කොරෝනාව නැතත් පාසල් සිසුන් අතර ඇස්රෝගය පැතිර ගියේය. එහෙත් මහනුවර රෝහලේදී වසර අවසානයේ එක් කොරෝනා
රෝගියෙක් වාර්තා විය. ජනතාව ඇසුවේ මේ මැතිවරණ වසර ආ පස්සට ගැනීමේ අනතුරුක්දැයි හාස්‍ය දනවන පැනයකි.
දිළිඳුකම සහ ජනදිවිය
සමෘද්ධිය වෙනුවට අස්වැසුම ජනතාව කුපිත කළ තවත් එක් අර්බුදයකි. පවුල් ලක්ෂ අටකට අස්වැසුම පළමු වාරික ගෙවීම ජූලි මාසයේ ආරම්භ විය.
වසර දෙකක් ගතවුවද රජයේ හොර එල්පී ගෑස් නිසා ජීවිත අහිමිවූ සහ අනතුරට පත් ජනතාවට වන්දි නොලැබුණේ යැයි අගතියට පත් ජනතාව නොවැම්බර් මාසයේදීත් චෝදනා කළහ.
පාරිභෝගික අධිකාරිය විසින් අප්‍රේල් මාසයේ සිට ලංකාවේ පළමුවරට බර අනුව බිත්තර අලෙවි කිරීමේ අමුතු ක්‍රමයක් ජනගත කෙරිණි.
ජනවාරි මාසයේදී විදුලි බිල අඩු කරන බව රජය අවධාරණය කළේය.
කලාව සහ මාධ්‍ය
කලාකරුවන් අතර පවතින නිහඬතාව එසේම පැවති අතර, කලාකරුවන් කිහිපදෙනෙක් දැයෙන් සමුගත්හ.
දේශපාලනය සහ මහජන අයිතිය
මුදල් හා අරක්ෂාව නැති නිසා පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා පෙබරවාරි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
සෙංකෝලය ඇල්ලීමට උත්සාහ කිරීම නිසා මන්ත්‍රී මාන්නප්පෙරුමට සති 4ක් මැතිසබය තහනම් කිරීම ඔක්තෝබර් පාර්ලිමේන්තුවේදී සිදුවිය.
අපරාධ සහ මත්ද්‍රව්‍ය
2023 ආරම්භක මාස හය තුළ වෙඩිතැබීම් 37කින් 23ක් මියගිය බව පොලීසිය අනාවරණය කළේය. ‛යුක්තිය මෙහෙයුම' මත්ද්‍රව්‍ය සහ අපරාධවලට එරෙහිව දෙසැම්බර් 18 සිට ආරම්භ විය.
විවිධ
ඩිජිටල් උප්පැන්න ක්‍රමය දෙසම්බර් 5 දින කළුතරෙන් ආරම්භ විය.
සමාප්, ආර්ථික අර්බුද හේතුවෙන් පසුගිය වසර 3ක කාලය තුළ 9,700ක් දෙනා සියදිවි නසාගෙන ඇතැයි සැප්තැම්බරයේ ජනමාධ්‍ය වාර්තා පැවසීය. මුතුරාජා හස්තියා ආපසු තායිලන්තයට ගියේය. මන්ත්‍රී උද්දිකට ඔක්තෝබර් මාසයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
පරිවාස නිලධාරීන්ට නිල බලයෙන් සාමවිනිසුරු පදවි පිරිනැමුණි.
විදේශ ශ්‍රමිකයන් ලෙස යවන බව පවසා මුදල් වංචා කළ ආයතන 400ක් මේ වනවිට අත්හිටුවා ඇතැයිද තවත් 200ක බලපත් නවතා ඇතැයිද රජය ඉකත් දා වාර්තා කළේය.
ජනමතය
පසුගිය වසරේ පොදුවේ ජනමාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. ඒ වෙනුවට ලද පිළිතුර වූයේ වසරේ වැඩසටහන් වෙනුවෙන් මුදල් වෙන් නොකළ නිසා කළ දෙයක් නොමැති බව පමණි. ජනතාව පැවසුවේ ගෙවී ගිය වසර දේශපාලකයන් තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් කටට එන දේ පැවසූ නිකම්ම නිකම් වසරක් වශයෙනි.