ටී.කේ.ජී. කපිල
රුපියල් හය කෝටි දෙලක්ෂ හැට පන් දහසක් වටිනා මත්ද්රව්ය තොගයක් ගුවන් තැපැල් පාර්සල් ඔස්සේ කොළඹ මධ්යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී ඊයේ (28) දින දහවල් රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාහු පිරිසක් අත්අඩංගුවට ගත්හ.
තායිලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්රී ලංකාවේ විවිධ ප්රදේශ වල ව්යාජ ලිපිනයන් වෙත කුෂ්, හෂීෂ්, කොකේන් සහ එටැසී යන මත්ද්රව්ය පාර්සල් නවයක් තුළ අසුරා එවා තිබුණි.
මෙම පාර්සල් භාර ගැනීමට කිසිවකු නොපැමිණීම නිසා එම ලිපිනයන් පිළිබද සොයා බැලීමේ දී, ඒවා ව්යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීම නිසා ඒවා ඊයේ ( 28 ) දහවල් පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්යම තැපැල් හුවමාරුවේ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට විවෘත කිරීම සිදු කෙරුණි.
මෙසේ අත්අඩංගුවට ගත් මෙම මත්ද්රව්ය තොගය, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගත්තේය.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.