ශ්රීනාත් ප්රසන්න ජයසූරිය
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්තුව සිටින පුද්ගලයකු සොරකමේ යන බව පවසමින් පිරිසක් විසින් අල්ලා පහරදී පොල් ගසක ගැට ගසා තිබියදී එම පුද්ගලයා මුදාගෙන නිකවැරටිය රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියයෑමේ සිද්ධියට අදාළව පුද්ගලයින් සිව් දෙනෙක් නිකවැරටිය, කොබෙයිගනේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.මෙසේ මියගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයාගේ මව මිය ගොස් ඇති අතර ප්රදේශවාසීන්ට සිදුවන හිරිහැර නිසා පියා විසින් මෙම නිවසින් පුද්ගලයා පන්නා දමා ඇති බව කියන නිසා ඉන්න හිටින්න තැනක් නොමැතිව තැන් තැන්වල ජීවත් වූ අයකු බව කියති.බද්දේගම ප්රදේශයේ පිහිටි ගෙවත්තක ඇති පොල් ගසක පුද්ගලයකු ගැට ගසා තිබෙන බවට කොබෙයිගනේ පොලිසියට ලද තොරතුරක් මත පොලිස් සැරයන් සෙනරත් (25232) මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි ගොස් එම පුද්ගලයා මුදාගෙන ඇත.
මෙම පුද්ගලයා ඇඳ සිටි ඇඳුම් වල අධික ලෙස මඩ තැවරී අපිරිසිදු තුවාල ද සහිතව සිට ඇති නිසා පොලිස් නිලධාරීන් එහි සිටි පිරිසගෙන් කළ ඉල්ලීමක් අනුව ඔහු නහවා පිරිසිදු කර තිබේ.නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණය මගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්ද නිකුත් කර තිබූ අයකු බව පොලිසිය කීය.
මෙම පුද්ගලයා පොලිස් සිර මැදිරියේ රඳවා තබා සිටින අතරවාරයේ හදිසියේ ඇති වූ අසනීප තත්වයක් මත පොලිස් නිලධාරීන් කඩිනමින් ඔහු නිකවැරටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යවා පසුව යළි නිකවැරටිය රෝහලට රැගෙන ඇවිත් ප්රතිකාර ලබමින් සිටියදී පෙරේදා මිය ගිය බව පොලිසිය කියයි.
පහරදී මනුෂ්ය ඝාතනයක් සිදු කළේ යැයි කියමින් මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අවුරුදු 25, 23 සහ 31 හැවිරිදි වියේ පසුවන අය වෙති.මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නිකවැරටිය රෝහලේදී ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබිණි.
කොබෙයිගනේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා ඔවුන් නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.