ශ්රීනාත් ප්රසන්න ජයසූරිය
වැටලීම්වල දී පොලිස් භාරයට ගන්නා මත්ද්රව්යවලින් කොටසක් මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුට අලෙවි කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් පෙරේදා (25) ඝවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කඩවත පොලිසියේ දූෂණ මර්දන අංශයේ රාජකාරී කරන කොස්තාපල්වරයෙකි. අයිස් මත්ද්රව්ය ග්රෑම් දහයයි මිලිග්රෑම් 340 ක් සහ කූෂ් මත්ද්රව්ය මිලිග්රෑම් 420ක් සමඟ කඩවත බියන් විල ප්රදේශයේ පදිංචි ' දතා '' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙක් වැලිවේරිය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් ඉකුත් 20 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගත් දතා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ඔහුට මෙම මත්ද්රව්ය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ප්රශ්න කිරීමේ දී මෙම පොලිස් කොස්තාපල්වරයා ගැන තොරතුරු අනාවරණය විණි යැයි පොලිසිය කියයි.අයිස් සහ කුෂ් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන තිබූ අතර එම ජංගම දුරකතනයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථන අංකය ද තිබී ඇත. ඔවුන් දෙදෙනා දුරකථන ඇමතුම්ද ලබාගෙන තිබෙන බව පරීක්ෂණ වලින් හෙළිවිණ යැයි පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.
බස්නාහිර උතුරු දිසා දිසාබාර නියෝජ්ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනන කටයුතු බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබුණි.පරීක්ෂණවල දී හෙළි වූ තොරතුරු මත මෙම පොලිස් කොස්තාපල්වරයා පෙරේදා සවස සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පැවසීය.
මෙම පොලිස් කොස්තාපල්වරයා වැටලීම් වල දී පොලිස් භාරයට ගන්නා මත්ද්රව්ය වලින් කොටසක් සොරාගෙන ඒවා දතා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මත්ද්රව්ය ජාවාරම්කරුට වරින් වර අලෙවි කර තිබෙන බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි ඇතැයි ද එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අලුත්කඩේ අංක පහ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඊයේ ( 26 ) ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2023 වසරේ පොලිස් සේවයට බැඳී ඇති අතර ඔහු හලාවත ආරච්චිකට්ටුව පොලිස් වසමට අයත් විල්පත ප්රදේශයේ පදිංචි අයෙකි.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.