සුජිත් හේවාජුලිගේ
බලශක්ති හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතාට ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව ඊයේ (26) නොතීසි බාර දුන්නේය.මෙසේ නොතිසි බාර දුන්නේ කොමිෂන් සභාවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව ඔහු එම කොමිසම හමුවේ ඊයේ පෙනී සිටි අවස්ථාවේදීය.
මේ අනුව ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට සතියක පමණ කාලයක් හිමිවන බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.යම් යම් සැක සහිත කරුණු නිරවුල් කර ගැනීමට කොමිසම එමගින් බලාපොරොත්තු වෙයි.ගල් අඟුරු අක්රමිකතා සම්බන්ධයෙන් නොතීසි ලත් පාර්ශ්වයට බලශක්ති හිටපු අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඇතුළු විසි දෙනෙක් ඇතුළත් වෙති.
මෙයින් 18 දෙනකු දැනටමත් නිදහසට කරුණු ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.බලශක්ති අමාත්යාංශයේ හිටපු ලේකම්වරයකු තවමත් නිදහසට කරුණු ඉදිරිපත් කර නැතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග ප්රකාශ කළේය.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.මෙම කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මෙම මස අග හෝ ලබන මස මුල හෝ ජනාධිපතිවරයාට බාර දීමට නියමිතය.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.