බිමල් ශ්යාමන් ජයසිංහ
මිත්තණිය භාරයේ සිටි 15 හැවිරිදි දැරියක් පෙරේදා (27) සවස ග්රෑන්ඩ්පාස් ලෙයාර්ඩ්ස් බ්රෝඩ්වේ නිවාස සංකීර්ණයේ තෙවැනි මහලින් පහළට ඇද වැටී මිය ගොස් ඇතැයි ග්රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කරයි. අනතුරින් මියගොස් ඇත්තේ එම්. රුෂ්ඪ රාධා නමැති දැරියයි.
දැරියගේ මව සහ පියා කටාර් රාජ්යයේ සේවය කරන අතර දැරිය මිත්තණිය භාරයේ හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.දැරිය අනතුරට පත්වන අවස්ථාවේදී මිත්තණිය නිවෙසේ සිට ඇති අතර ඇති වූ ශබ්දයක් සමගම විමසිලිමත් වීමේදී දැරිය තුවාල ලබා වැටී සිට ඇති අතර ඇය බොරැල්ල රිවේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මඳ වේලාවකදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
දැරියගේ මරණය සම්බන්ධයෙන් මිත්තණිය සහ එම නිවසේ පදිංචි බාප්පාගෙන් ඇතුළු තවත් කීපදෙනකුගෙන් ප්රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.දැරියගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතය.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.