චමිලා අල්විස්
හොරණ ඩිපෝවට අයත් ඉංගිරිය - කරදන ශ්රී ලංගම බස් රථයේ රියැදුරුට සහ කොන්දොස්තරවරයාට ඉංගිරිය කැටකෑල්ල ප්රදේශයේදී කළු තෙල් මිශ්ර අසූචි සහ ගල් ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක රියැදුරකු සහ එහි හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
මෙම සිද්ධිය ඉකුත් 27 වැනිදා රාත්රියේ සිදුව ඇති අතර, ප්රහාරයට සම්බන්ධ බව කියන පෞද්ගලික බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම බස් රථයේ හිමිකරු ඉංගිරිය පොලිසිය අසලට පැමිණ ඇත.එහිදී සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණ සිටි ශ්රී ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා සමඟ පෞද්ගලික බස් රථයේ හිමිකරු ගැටුමක් ඇති කරගෙන ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මැදිහත් වූ පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත බස් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇත. කළු තෙල් මිශ්ර අසූචි සහ ගල් ප්රහාරයෙන් තුවාල ලැබූ ලංගම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, කොන්දොස්තරවරයාගේ තත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා ඊයේ (28) හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.ඉංගිරිය පොලිස් ස්ථානාධිපති දර්ශන කොල්ලුරේ මහතාගේ ප්රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.