ශ්රීනාත් ප්රසන්න ජයසූරිය
රැකබලා ගැනීම සදහා සුනඛ සුරැකුම් මධ්යස්ථානයකට බාර දී සිටි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ තුනක් පමණ වන ඇමෙරිකන් ධූලි වර්ගයේ සුනඛයකු සවලකින් පහරදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනඛ සුරැකුම් මධ්යස්ථානයේ සේවකයෙක් කටාන පොලිසියේ නිලධාර්න් කණ්ඩායමක් විසින් ඊයේ (27) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සුනඛයාගේ අයිතිකරු විදේශීය නැවක සේවය සඳහා යන විට සුනඛයා රැකබලා ගැනීම වෙනුවෙන් මාසයකට රුපියල් 45,000ක මුදලක් ගෙවා සුනඛයන් රැකබලා ගන්නා මධ්යස්ථානයකට බාරදී ගොස් ඇතැයි පොලිසිය කියයි.සුනඛයා රැකබලා ගැනීමට යැයි කියා මුදල් ලබා ගෙන සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් එම සුනඛ සුරැකුම් මධ්යස්ථානයේ හිමිකරු ද මේ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඇමෙරිකන් බූලි වර්ගයේ මෙම සුනඛයාට සවලකින් පුද්ගලයකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්යයේ ද සංසරණය වී ඇති අතර දසුන් දුටු සත්ව සංවිධානයක් විසින් මේ බව කටාන පොලිසියට පැමිණිලි කර තිබිණි. මෙම සුනඛයාගේ අයිතිකරුගේ මව්පියෝ ද මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළහ. ලැබී ඇති මෙම පැමිණිලි අනුව කටාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශන පවත්වා සුනඛ සුරැකුම් මධ්යස්ථානය පවත්වාගෙන යන එහි හිමිකරු සහ සුනඛයාට සවලකින් පහර දුන්නේ යැයි කියන සේවකයාද අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පැවසීය.
ඇමෙරිකන් බූලි වර්ගයේ මෙම සුනඛයා එම සුරැකුම් මධ්යස්ථානයේ රැකවරණය ලබමින් සිටි කුඩා බලු පැටවකු සපා කෑම නිසා සුනඛ පැටවා මුදා ගැනීමට මෙවැනි පහරදීමක් සිදු කළ බව සැකකාර සේවකයා පොලිසියට පවසා ඇතැයි කියති.
පහර කෑමට ලක්ව දින අටකට පසු ඇමෙරිකන් බූලි වර්ගයේ මෙම සුනඛයා මියගොස් ඇති බවද පොලිසිය කීය.පහර කෑමට ලක් වූ සුනඛයා ලක්ෂ තුනක් පමණ වටිනා බව හෙළි වී ඇති අතර එම සුනඛයා පහර කෑමට ලක්වීමෙන් පසු පශු වෛද්යවරයකු වෙත රැගෙන ගොස් ප්රතිකාර කර තිබෙන බවටද අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
සුනඛයාට ප්රතිකාර කළේ යැයි කියන පශු වෛද්යවරයාගෙන්ද මෙම සිද්ධියට අදාළව ප්රකාශයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.අත්අඩංගුවට ගත් දෙදෙනා මීගමුව මහේස්ත්රාත් අධිකරණය හමුවට අද (28) ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
කටාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගාමිණී වික්රමසිංහ මහතා සහ පොලිස් සැරයන් ෆොන්සේකා (33442) මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.