අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
කොළඹ සිට කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයකට මොරටුවේදී නංවා නොගත්තැයිඋරණවී යතුරුපැදි දෙකකින් පැමිණ එහි රියැදුරුට හා කොන්දොස්තරවරයාට පහර දුන් බව කියන සැකකරුවන් 06 දෙනකු උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්දූව, වස්කඩුව, නුගගොඩ, හා මොරොන්තුඩුව යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 21, 23, 24, 25 සහ 42 යන වයස්වල පසු වන 06 දෙනෙකි. පහරකෑමට ලක්වූ දෙදෙනා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර, බස් රථයේ කොන්දොස්තරවරයා වන පානදුර, නිව්සාවේ පදිංචි වන්නකුවත්ත වඩුගේ විල්පේ අජිත් ප්රනාන්දු යන අය විසින් පොලිසියට කර තිබූ පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබුණි.
ඉකුත් 26 වැනිදා රාත්රී 7.00 ට පමණ බස් රථය කොළඹින් පිටත් වී එමින් සිටියදී මොරටුව ආලෝක සංඥා කුළුණ අසල නතර කළ විට පුද්ගලයකු ගොඩ වූ බවත්, ඔහුව ඊළඟ නැවතුමෙන් බවා පැමිණි බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
බස් රථය රාත්රී 8.00 ට පමණ කළුතරට පැමිණි අතර, රාත්රී 8.30 ට පමණ එය ගාල් කිරීම සඳහා පානදුරට ගෙන යමින් සිටියදී යතුරු පැදි දෙකකින් පැමිණි 06 දෙනකු උතුරු කළුතර නාගය්හංදියේදී බස් රථය හරස් කර නවතා පහර දුන් බව ඔහු කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.මේ හේතුව නිසා ඉකුත් 28 වැනිදා කළුතර - කොළඹ, කළුතර - පානදුර පෞද්ගලික බස් රථ වර්ජනයක්ද ක්රියාත්මක විය.
බස් රථයේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කළ පොලිසිය සැකකරුවන් හා ඔවුන් පැමිණි යතුරු පැදි අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් ඊයේ (29) කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.