අංජුල මහික වීරරත්න
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය නියෝජ්ය අමාත්ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.අපරාධ එකිනෙකට සම්බන්ධ බව කී නියෝජ්ය අමාත්යවරයා මත්ද්රව්ය සමඟ අවි ජාවාරමත් අවි ජාවාරම සමග පාතාලයත් පාතාලය සමග කප්පම් ගැනීමත් සම්බන්ධ බව සඳහන් කළේය.
මේවා සියල්ල සිද්ධ වන්නේ සංවිධානාත්මකව බැවින් ඒවා ආවරණය වන පරිදි නීති සම්පූර්ණ කර ගැනීමට රජයට හැකියාව ලැබී තිබෙන බව සුනිල් වටගල මහතා කීය.සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතක් අවශ්ය වන්නේ ඒ සඳහා බවද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය. “එකිනෙකාගේ මුහුණ බලා නීතිය ක්රියාත්මක කරනවා වෙනුවට හරි නීතියක් ක්රියාත්මක කරන බව මැතිවරණයට පෙරම අප පොරොන්දු දුන්නා.ඒ හරි නීතිය ක්රියාත්මක වන විට අපරාධ ජාලා සියල්ල අඩපණ වෙමින් පවතිනවා.
අප දැන් කළ යුත්තේ යාන්ත්රණය බල ගැන්වීමයි. මත්ද්රව්ය සපයන, ජාවාරමේ යෙදෙන, එයට ගොදුරු වන සියලුම දෙනා එකම යාන්ත්රණයකට හසුවන ලෙස රටම එකට මෙහෙයුම ක්රියාත්මක වෙනවා.අපරාධයකින් උත්පාදිත ධනය ප්රශ්න කිරීම සඳහා පනතක් මීට මාස පහකට පෙර අප ගෙන ආවා. මත්ද්රව්ය ජාලයේ සිටින අය වැඩිය වෙහෙස මහන්සි නොවී අසීමිත ධනයක් උපයමින් සිටිනවා. ඒ නිසා ලැබෙන පැමිණිලි පදනම් කරගෙන මත්ද්රව්ය ජාවාරමෙන් මතුවන ධනය පනත ප්රකාරව ප්රශ්න කර තාවකාලිකව දේපළ රාජ සන්තක කරන්නත් ඒ දේපළ රජය සතු කරගන්නත් අප පනතක් සම්මත කර ගත්තා '' යනුවෙන් ද නියෝජ්ය අමාත්යවරයා කීය.මහරගම ප්රාදේශීය කමිටු රැස්වීමට සහභාගී වෙමින් නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා මේ බව පැවසීය.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.