කේ. බුද්ධික කුමාරසිරි
මත්ද්රව්ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා ගෙන සිටි තරුණයකුට අමානුෂික ලෙස පහරදීමෙන් මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්රාත් රජින්ද්රා ජයසූරිය මහත්මිය ඊයේ (29) දින නියෝග කළාය.
එමෙන්ම එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ
ස්ථානාධිපති වරයාය. සුළු තුවාල සහ බරපතළ තුවාල සිදු කිරීම, අයුතු සිරගත කිරීම, අසත්ය සටහන් යෙදීම ආදි චෝදනා පහක් යටතේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මගින් සැකකරු අධිකරණය වෙත ඉදිපත් කරන ලදී.
එහිදී අදාළ සැකකරු බන්ධනාගාර ගත කරන ලෙසත් සැකකරුට ඇප ලැබී පිටතට ගියහොත් සැකකරුගේ ජීවිතයට බලපෑමක් විය හැකි බවද මහජන කැලඹීමක් ඇති විය හැකි බවද සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූහ.
එහිදී විත්ති පාර්ශවයෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු දක්වමින් මියගිය පුද්ගලයා අදාළ සිද්ධිය වූ දිනට පෙර දින ද විවාහ උත්සවයකදී සිදු වූ ගුටි බැට හුවමාරුවක් නිසා රෝහල් ගතව සිට ඇති බවත් මියගිය පුද්ගලයාගේ ශරීරයේ තිබූ තුවාල පැරණි සිද්ධිවලට අදාළ තුවාල බවද පැවසීය.කිරිවත්තුඩුව මූණ මලේ වත්ත 17 වන පටුමග පදිංචි ෆැන්සිස් දුරගේ ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි එක්දරු පියකු අදාළ සිද්ධියෙන් මිය ගොස් තිබුණි.නොවැම්බර් මස 12 දින ඉදිරි නඩු විභාගය සිදු කිරීමට නියමිතව වේ.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.