මනෝප්රිය ගුණසේකර
සිය මවට ප්රතිකාර ගැනීම වෙනුවෙන් කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ගෙවිය යුතු රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවා වංචා කරන ලදැයි කියන දුවක ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිම්ය ඊයේ (29) නියම කළාය. සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජික් හීල්ලගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකාරිය රුපියල් ලක්ෂ 05 ක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැරීමට මහෙස්ත්රාත් වරිය නියම කළාය.
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නාවල ප්රදේශයේ එන්. එෆ්. රාජකරුණා නමැත්තියකි.2026 අගෝස්තු 27 වැනිදාත් ඔක්තෝබර් 11 වැනිදාත් අතර කාලයේ කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් ලබා ගන්නා ලද වෛද්ය සහ රෝහල් සේවා සඳහා ගෙවිය යුතු රුපියල් 2,24,06,313-ක සමස්ත මුදලින් රුපියල් 1.06.06.313 - ක මුදලක් ගෙවීම පැහැර හැර වංචනික ලෙස අයථා පරිහරණය කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ විත්තිකාරියට එරෙහිව නඩු පවරා ඇත.
බිල්පත් මුදලින් විත්තිකාරිය රුපියල් 1,18,00,000/- ක මුදලක් ගෙවා ඇති බවත් ඇයට රුපියල් ලක්ෂ 10 ක මුදලක් වට්ටම් වශයෙන් දී ඇති බවත් චෝදනා පත්රයේ සඳහන් කර ඇත. සෙන්ට්රල් ආයතනයේ කළමනාකාරිණි සමාලි චතුරිකා කරුණාරත්න මහත්මිය කළ පැමිණිල්ලකට අනුව අධිකරණයෙන් නිකුත් කර තිබූ සිතාසියකට අනුව නඩුව කැඳ වූ අවස්ථාවේ දී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජික් හිල්ලගේ මහතා කරුණු දක්වමින් පෞද්ගලික පැමිණිල්ලක දී සම්පූර්ණ කළ යුතු කරුණු තම සේවාදායිකාවට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ දී සම්පූර්ණ කර නොමැතිව නඩුව ඉදිරිපත් කර ඇති හෙයින් මූලික විරෝධතාවක් මතු කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි කීය.
පෞද්ගලික රෝහල හොස් පිටල් බිල්පත් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන බව කියන මූලික විරෝධතාවට පිළිතුරු දීමට තමන් අපේක්ෂා කරන්නේ යැයි කීය. කරුණු සලකා බැලීමෙන් අනතුරුව මූලික විරෝධතා ලිඛිතව කිරීමට ඉදිරිපත් විත්ති පාර්ශවයට නියම කළ මහේස්ත්රාත්වරිය නඩුව දෙසැම්බර් වැනිදා යළි කැඳවීමට ද නියම කළාය.
මෙම නඩුවට පාදක වූ රාජගිරිය නාවල පදිංචිව සිටි ලීලානි සුනේත්රා මහත්මිය දින දෙකකට පෙර කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලක දී මිය ගොස් ඇති අතර මවගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීම සඳහා තමන්ට බාර නොදී අදාළ පෞද්ගලික රෝහලේ තබාගෙන සිටින බව පවසමින් මියගිය කාන්තාවගේ දියණිය මරදාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ අනුව විමර්ශනයකින් අනතුරුව මිය ගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වහාම පශ්චාත් මරණ පරීක්ෂණයක්
පවත්වා දේහය දියණියට ලෙස බාරදෙන මීට පෙර අවස්ථාවක මාලිගාකන්ද වැඩබලන මහේස්ත්රාත් ප්රේමලාල් අතුකෝරල මහතා කොළඹ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරීවරයාට නියම කළේය.
මිය ගිය කාන්තාවගේ දියණිය මරදාන පොලිසියට පැමිණිල්ල පිළිබඳ අධිකරණයට දැනුම් දුන් මරදාන පොලිසියේ කොස්තාපල් ප්රසන්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කාන්තා ඔබ වෙනුවෙන් නිකුත් කළ මහේස්ත්රාත්වරයා සිද්ධිය මියගිය කාන්තාවගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමියේ සලකුණක් තැබූ ස්ථානයක භූමදානය කිරීමට ද නියම කළේය.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.