යොහාන් භාසුර
කොළඹ තැපැල් හුවමාරුව හරහා විදේශගත කිරීමට සූදානම් කර තිබූ පාර්සල් කීපයක තිබී සොයාගත් මැණික් තොගයේ වටිනාකම තක්සේරු කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කළ බව රේගු මාධ්ය ප්රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා ඊයේ (28) පැවැසීය.
එම පාර්සල් වල විවිධ ප්රමාණයේ සහ වර්ගවල මැණික් විශාල ප්රමාණයක් තිබුණේ යැයි දැනුවත් කර ඇති බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඒවා යොමු කර දින කීපයක් ගත වුවද මේ දක්වා ඒවායේ වටිනාකම ලැබී නොමැති බවත් පුංචිහේවා මහතා කීය.
රුපියල් කෝටි ගණනක වටිනාකමක් ඇතැයි උපකල්පනය කළ හැකි මැණික් තොගයක් මෙරටින් පිට කිරීමට සුදානම්ව තිබියදී කොළඹ තැපැල් හුවමාරුවේදී ඉකුත් 14 වැනිදා නතර කරගෙන එම මැණික් අඩංගු පාර්සල් මෙම වැනිදා විවෘත කර පරීක්ෂා කළේය.
අදාළ මැණික් අඩංගු පාර්සල් හතර සෙල්ලම් බඩු, බිස්කට් සහ ස්ටිකර් යැයි සඳහන් කරමින් ජපානය, ප්රංශය සහ ජර්මනිය යන රටවල් වලට තැපැල් මාර්ගයෙන් යොමු කිරීමට සුදානම්ව සිටි අතර රේගු නිලධාරීන් කළ ස්කෑන් පරීක්ෂණයේදී එම පාර්සල්වල මැණික් ඇතැයි හඳුනා ගෙන තිබුණි.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.