ශ්රීනාත් ප්රසන්න ජයසූරිය
මොරටුමුල්ල ප්රදේශයේ නිවෙසකට රාත්රී කාලයේ ජනේලයකින් පැන කාන්තාවක සිටි කාමරයක සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරි වැඩ පෙරේදා (27) සිට ක්රියාත්මක වන පරිදි තහනම් කර ඇත.අපකීර්තිමත් හැසිරීම යන චෝදනාව යටතේ මෙම කොස්තාපල්වරයාගේ රාජකාරි වැඩ තහනම් කර ඇති අතර, ඔහු විවාහකයකු බව කියයි.
ගල්කිස්ස කොට්ඨාසය බාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මොරටුමුල්ල පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරි වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ මොරටුව සහකාර පොලිස් අධිකාරී සී.බී.එම්. වික්රමසිංහ මහතා විසිනි. මොරටුමුල්ල පොලිසියේ රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා මොරටුමුල්ල ප්රදේශයේ පදිංචි කාන්තාවක සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇතැයි කියති.
මෙම කොස්තාපල්වරයා එම කාන්තාවගේ දැනුම් දීම මත ඉකුත් විසි හය වැනිදා රාත්රී කාලයේ ජනේලයකින් පැන ඇයගේ කාමරයට රිංගා ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි. කිසියම් ශබ්දයක් ඇසී දියණිය කාමරයේ විදුලි බුබුළු දල්වා බැලීමේදී මව සමග කාමරයේ සිටින්නේ මොරටුමුල්ල පොලිසියේ කොස්තාපල්වරයකු බවට හඳුනාගෙන, පසුව ඇය දෙදෙනාම සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.
දියණිය මොරටුමුල්ල පොලිසියට පැමිණ මේ බව පැමිණිලි කර ඇය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරගත් රූප රාමු ද පොලිසියට ඉදිරිපත් කර ඇතැයි කියයි.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.